සූදු කෙළියේ නිරත වූ සිවු දෙනෙකු බඩුත් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන කූඩුවට දැමීය.
මධ්‍යම රාත‍්‍රියේ මුරට සිටි පොලිස් භටයාට ඇසුණේ සිර මැදිරිය තුළ කිසියම් ක‍්‍රියාවලියක් සිදුවන බවයි. සිර මැදිරිය අසලට ගොස් වඩාත් පරීක්ෂාකාරී වනවිට ඔහුට තරු පෙනුණේ මේ සිවුදෙනා සිර මැදිරිය තුළත් බූරුවා ගසන බව පෙනී ගිය හෙයිනි.
ඔවුන් බැලීමට පොලිසියට ආ ඥාති හිතවතුන්ගෙන් කාඞ් කුට්ටමක් සහ මුදල් ලබාගෙන ඇති බව මෙහිදී අනාවරණය වීම නිසා මේ පිළිබඳව ස්ථානාධිපතිවරයාට කීවිට මොවුන්ට විරුද්ධව මුදලට සූදු ක‍්‍රීඩාවේ නිරත වූ බවට චෝදනා දෙකක් ඉදිරිපත්කොට නඩු දෙකක්ම දැමීමට කීවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කෙල්ලේ මම ඉඹුල් වලට ආස නෑ. වෙන මොකක් හරි පුලුවන්නම් හොයල දියන්. (ස)
මටනම් බැහැ..මැම්බර් ලගේ දිහාවේ යන්න රෑට නිදියගන්න ..? ඔය ප්‍රාදේශීය සභාවල කට්ටිය ගැන දන්නවනේ. අනික මටයි චන්දි නංගිටයි එන්න වෙන්නේ නැහැ ...ගෙනෙන්න යන මෙට්ටවලින් දෙකක්ම අඩුකරන්න ...?ජාපාල වලට වැඩියෙන් මම මැම්බර්ට බයයි ..විශ්වාස නැති මිනිස්සු ...? (නදී)
චන්දී ඔයා එහෙම නම් හිතන්නේ නාවට කමක් නැහැ. අපි හරි අසරණ මිනිස්සු, ඇයි ඔහොම දඩබ්බර විදියට හිතන්නේ?(නදී)
මට නම් හිතා ගන්න බැහැ මේ බූරුවා ගැහීම කියන එකට මේ විදිහට සලකන්නේ ඇයි කියලා, මට පෙන්නේ ඒක විනෝදයත් සමග මුදල් උපයා ගැනීමේ හෝ තියෙන මුදල් නැති කර ගැනීමේ ක්‍රීඩාවක් විදිහටයි, මේකෙන් කෙනෙක් තව කෙනෙකුට හානියක් කරනවා නම් මත්පැන් සහ මත් ද්‍රව්‍ය පාවිච්චි කරන සහ ගණිකා සේවයට ඇබ්බැහි උන අය කරන්නෙත් ඒ ටිකම තමයි, ඒවා ඇත්තෙන්ම ඊට වඩා බරපතලයි. රටේ මීට වඩා අපරාධ වෙනවා. අර කියනවා වගේ කැසිනෝ හොඳයි නම් මේ අහිංසක බූරුවා ගැසීම නරක් වෙන්නේ කොහොමද ? මම කියන්නේ බොරුද?(නදී)
සමහරවිට රාජකාරියේ යෙදිල ඉන්න අයගේ සහයෝගය ඇතිව තමයි වැඩේ කෙරෙන්න ඇත්තේ.(නදී)
"මේ අහිංසක බූරුවා ගැසීම නරක් වෙන්නේ කොහොමද ? මම කියන්නේ බොරුද?" අහිංසක තවත් සතෙක් අඩනවා..උන් බෑ උන් බෑ උන් බෑ ..මන් හා..මන් හා...(නදී)
අනේ මගේ පැංචි, මාව මැරුවත් කමක් නැහැ. මගේ චරිතය නම විනාශ කරන්න එපා. මගේ නම සංජීව නෙමෙයි. "සුජීව " ඉතින් බලු වැඩ කරනකොට බල්ලට උපමා කරන්නේ නැතුව "හාවට "උපමා කරන්නද ඔයා කියන්නේ . (නි)
ඉන්දු මෙල්බර්න් ඔබ සමඟ මම එකඟයි. (ස)
චන්දි, බය වෙන්න එපා මම ගැන. (ස)
අනේ මගේ සුජීව, මම දැනගෙන හිටියේ නෑ මේ අර අය බලන මහත්තයාත් ලියනවා කියලා (නි)
මෙතැන සුදු ගහපු එක්කෙනෙක් පොලිසියේම කෙනෙක්වද්ද? (නි)
ස්තුතියි සමදරා, අර ශෙටීට මොළෙත් නැහැ. හදවතත් නැහැ. (ස)
මොළෙත් නැහැ. හදවතත් නැහැ. කිව්වට අනේ යසට තියෙනවා ..දෙමලෙන් සිංහලෙන් .. අරාබි වලින් නෙවේ.. (ස)
ජංජාලයයි..මෙන්න ශාන්ති නන්දා අන්තර්ජාලෙන් නරකාදී යන්න අහනවෝ.මගේ දෙයියෝ මම කෝමද මගේ රත්තරන් නැන්දාට අපායේ යන හැටි කියලා දෙන්නේ..මට බැරියෝ...නැන්දේ ඔයා හදන්නේ කටු ඉඹුලේ නගින්නද? සමදරා නැන්දා සුවර් එකටම උදව් කරාවි...(නදී)
අපේ ගමේ ඔය ගොයම් කැපුවට පස්සේ එහෙම බූරවා ගහනවා, කාටවත් එච්චර වරදක් නැහැ. හැබැයි ඔය කැසිනෝ සෙල්ලමින් අපේ රට නැති වෙනවා. ගම් වල කෙල්ලෙක් තියාගන්න බැරිවෙනවා. ඒ තරමට ගණිකාවෝ ඕන වෙනවා. (ස)
ඔයා මැරී කරලා නෑ කියන්නේ., බොරු නේද ..? (ස)
මට නම් මේක දැක්කම හිනා ගියා. හිරේ ගියත් මාර ෆන් එකේ ඉන්නවනේ කියලා. ඒත් සුදුව අනුමත කරන්නේ නෑ. සුදුව තමන්ටත් තමන්ගේ පවුලේ අයටත් හානියක් සිදු කරන නිසා. මේවට ගොඩක් වෙලාවට යොමු වෙන්නෙ දුප්පත් එදා වේල හම්බකරන් කන මිනිස්සු. හම්බ කරන තුට්ටු දෙක බූරුවා ගැහැව්වම දරුමල්ලෝ බඩගින්නෙ. එනිසා හිරේ දාන එකේ වරදක් නැ. (ස)
පැංචි මේකේ තේරුම මොකද්ද " මම දැනගෙන හිටියේ නෑ මේ අර අය බලන මහත්තයාත් ලියනවා කියලා" (ස)
බුරුවා ගැහීම තහනමට හේතු තියනවා. මට මතකයි පොඩි කාලේ ගමේ බුරු ගහන ඈයෝ අහල පහල වතු වලින් කොස් පොල් හිටන් කඩාගෙන යනවා. දබර කෝලාහල ඇති කර ගන්නවා. නමුත් කැසිනෝ වල ආදීනව මහ පරිමානයෙන්. ඒවා වැදගත් ඇති ඒකයි පනත් ගෙනැල්ල නීති ගත කරන්න හදන්නේ. (ස)
ඉන්දික ගමේ හොර පොල්,කුරුම්බා කඩන්න බුරුවා ගහන අයම ඉන්න ඕන නැහැ. ඒවාට වෙනම හොරු ජාතියක් ඉන්නවා. ඔය පනත් ගෙනල්ලා කරන්නේ කැසිනෝ තවත් ස්ථාපිත කරන එක, පවුල් පිටින් නැති බංගස්තාන වෙලා යන වැඩක්. සුද්ද ලාභේ අරන් උගේ රටට යයි. (ස)
මොකක්ද අනේ මේ කැසිනෝ? (නි)
කැසිනෝ-කාසි නෝ (නි)
මොකට බුරුවා ගහනවද අප්පා මෙච්චර? (නි)
සිරියලතා,ඇයි ඔයා මෙහෙම අහන්නේ?බුරුවා ගැහුවම ඩිනාර් කාසි ලැබෙනවා.ඒවායින් මත්පැන් බොනවා, ඊටපස්සේ ගංජා ගහනවා,ඔක්කොම ඉවරවෙනකොට ඕනෑවෙනවා කාන්තා පහස. (නි)
බලා ගෙනයි මගේ මලේ - අපට එහෙම ඕවා හරාම් මලේ... (නදී)
චන්දි, අවසරලත් තැබැරුමෙන් අරගෙන බිව්වට අල්ලන්නේ නැහැ. කෙහෙල් පඳුරට මුවා වෙලා සිරාගේ හොර පොළෙන් බිව්වොත් අල්ලනවා. ඒ වගේ තමයි කැසිනෝ සහ බූරුවා අතර වෙනස. (නි)
ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි. (ස)
පොලීසියෙන් අල්ලන විට අග-මුල දමමින් ඉන්න ඇති.නිමක් නොවුණ ගනුදෙනුව බේරගන්න පොලිසිය ඇතුලෙදි ඉතිරි හරිය කරන්න ඇති. (ස)
අනේ මන්දා.මේ වගේ මිනිස්සු ගැන මොනවා කියන්නද කියලා.ලැජ්ජා නැතිකමද? පුරුද්දද? මෝඩකමද? එහෙමත් නැත්නම් අපේ පොලිස් සේවයේ තියන දුර්වලකමක්ද? (නි)
දැන් ඔය කැසිනෝ යන අයත් අල්ලනවද...?අල්ලලා හිරේ දානවද....? (නි)
බල්ලාගේ වලිගය 7 අවුරුද්දක් උණ පුරුකේ දැම්මත් ඒක කෙලින් වෙන්නේ නෑ කියනවනේ නේද?? ඔය අප්පුහමිලත් ඒ ගොඩට දාන්න පුළුවන්. (ස)
කූඩුව ඇතුලේ පැය ගණනක් නිකම් ඉන්න බැරි නිසා වෙන්න ඇති. ටී. වී. එකක් පොලිස් කූඩුවේ සවි කරන්න කියල මම යෝජනා කරනවා.(දිල්)
චන්දි අක්ක හරි ....කැස්නෝ යන කට්ටිය දිහා කවුරුත් බලන් නෑ...ලොකු ලොක්කොනේ ඒවාට යන්නේ .....දුප්පත් නොවුනා නම් මේ දෙන්නටත් කවුරුත් මුකුත් කියන එකක් නෑ,,,මොනා උනත් මේ සෙල්ලම වැරදි, තේරුමක් නැති වැඩක් ..ඒක තේරුම් ගන්න පුළුවන් කෙනා දිනුම්. (ස)
මගෙ දුම්මලේ, ඔයා තාම ඉන්න එක මට ලොකු හයියක් (නි)
චන්දිට රූපත් එක්ක එක කාමරේ ඉන්න පුළුවන්, මාත් එක්ක බැහැ! මළ සමයං (නි)
ඉස්සර පොලිසියට බයෙන් කළ දේ දැන් පොලිස් ආරක්ෂාව ඇතුව කරනවා (නි)
ඕකේ ප්‍රශ්නේ මේකනේ.කැසිනෝ වලින් රජයට බදු එනවනේ.මුදල් වලට සුදු ක්‍රීඩා කරන්න තහනම් බදු ගෙවන්නේ නැතුව.කැසිනෝ වුණත් මුදල් ඔට්ටුවට ගෙදර ගැහුවොත් පොලිසියෙන් අරන් යයි.. (නි)
ජම්මෙට වැඩිය පුරද්ද ලොකුයි කියන්නේ නිකන්ද...? .(නදී)
අනේ අපොයි උණ පුරුක සංජීව මාමේ! වෙන මොකුත් තියෙන්න නැතුව ඇති.පව් අසරණ බල්ලාගේ වලිගේ. (නි)
ඔන්න සූදු අන්තුවෙක්ගේ පුතා බූරු පොලක බූරු ගහනවා. මේක තාත්තට ආරංචි වුණා. කෝටුවකුත් කඩාගෙන තාත්තා ගිහින් කොල්ලව අල්ලාගෙන තෝත් මේ ජරා වැඩේට පුරුදු වුණාද කියලා හොඳටෝම බැනලා දෙකක් ගහලා ගෙදර පැන්නුවා. ඊට පස්සේ කෝ මේ කොල්ලා අල්ලපු ඔට්ටුව කියලා අනිත් බූරුවන්ගෙන් ඇහුවා. උන් ඒක පෙන්නුවම අල්ලපු ඔට්ටුවක් ආපහු ගන්න එක හොඳ නැහැනේ කියලා තාත්තා එතනින් වාඩි වෙලා සෙල්ලම කරගෙන ගියා. (නි)
අපායෙත් ශාඛාවත් පටන් ගන්නවා ෂුවර්. පුදුම ඇබ්බැහියාවක්. (නි)
ඕක වන්නි තිලක්ගේ කතාවද කොහෙද? (නි)
ඔන්න තව්තිසාවෙත් එකක් පටන් ගන්නවලු. දෙය්යන්ට විතරලු. (ස)
සමදරා, මං බය මට නින්ද ගියාම ඔයා මගේ බෙල්ල මිරිකයි කියලා. දැන් අවුලක් නැහැ, මොකද මට දෙසැම්බර් 21 එන්න වෙන්නෙත් නැහැනේ..! (නි)
අලුතින් පටන්ගන්න ඒවාට ඇප්ලිකේෂන් බාර ගන්නේ කවදා ද ?
අවීචි මහා නරකාදියේ නම් හෙට රෑ දොළහට කලින් ඉල්ලුම් කරන්න. (නි)
අපොයි දිසෝ ඔයා දන්නවා එහෙනම්. අනේ වෙන කාටවත් කියන්න එපා හොඳේ. (නි)
අපේ ගමේ හිටියා බොහොම ලස්සන කතා කියන සීයා කෙනෙක්. එයා දවසක් කියපු කතාවක් මේ. " ඔන්න හේන කොටලා ගිනිතියලා ඇට ජාති ඉන්දුවා. මේ අළු ගොඩේ තම්පලා ගහක් හැදුනා, කොහොමද දන්නවද? දහ දෙනෙකුට බදන්න බැරි තරම්. මේ ගහ හැදෙන හැටියට කඩා වැටුනොත් මහා විනාශයක් වෙයි කියලා මම අල්ලපු හේන් දෙක තුනක පස් දෙනෙකුට එන්න කියලා උදෙන්ම කපන්න පටන් ගත්තා. විශ්වාස කරපල්ලා ළමයිනේ උදේ වරුවම පොරෝ පහකින් කොටලත් මද්දහන් වෙනකොට යන්තම් ගහේ එක අලුවයි කපාගන්න හැකිවුණේ. ඔන්න බොලේ දවල්ට ගෙනිච්ච බත් ගෙඩිය ලිහාගන්නකොටම දෙන්න තියාගත්තේ නැද්ද මහා මුරුගසං වර්ෂාවක්. යන්න තැනක් නැති නිසා අපි ඔක්කොම රිංගුවා ගහේ කපාපු අලුව අස්සට. අනේ අම්මපල්ලා ගල් ගේකට රිංගුවා වගේ හිරිපොදක්වත් එන්නේ නැහැ. ඔන්න එතකොටම මෙතනින් යන්න ආපු කළු බණ්ඩාත් රිංගුවා ඇතුලට. ඒක ඉතින් බූරු කප්පිත්තා. මේකා ඔඩොක්කුවේ තිබිලා කුට්ටමක් ඇදලා අරන් වැස්ස පායනකල් ඕමී අතක් බලමු කිව්වා . හවස් වෙනකම් වැස්ස පැව්වේ නැහැ.අපි අගේට සෙල්ලම් කළා." උන්දෑ මේවා කියලා පොඩ්ඩක්වත් හිනා වුණේ නම් නැහැ අපේ අදහස් දාන අය වගේ (නි)
පැන්චියේ,මට අන්තර්ජාලයෙන් ඉල්ලුම් කරන්න පුලුවන්ද? අනේ කියලා දීපන් මගේ පැන්චියේ (නි)