සූදුපොළක් පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට යැවූ උපාය දූතයකු ග‍්‍රාම නිලධාරියාටද කොකා පෙන්වා මාරුවී යාමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ කඳුකරය ආශ‍්‍රිත ප‍්‍රදේශයකිනි.
තම ප‍්‍රදේශයේ නිවෙසක විශාල පරිමාණයෙන් පවත්වාගෙන යන සූදුපොළක් පිළිබඳව ආරංචියක් ලද ග‍්‍රාම නිලධාරියකු එය තම ඥාති නිවෙසක් නිසා නිවැරදි තොරතුරු දැන ගැනීම සඳහා ගමේම හිතවත් අයකුට රුපියල් පන්සියයක් දී සූදු පොළ ක‍්‍රියාත්මක වන ආකාරය රහසේ බලා ගැනීමට එහි උපාය දූතයකු ලෙස යැවීය.
ඔහු ගොස් පැය ගණනාවක් ගතවුවත් කිසිදු ආරංචියක් නොලැබීමෙන් කෝපයට පත් ග‍්‍රාමනිලධාරියා ඒ ගැන සෙවූ විට දැනගන්නට ලැබී ඇත්තේ ග‍්‍රාම නිලධාරී දුන් මුදලින් සුදු ක‍්‍රීඩා කොට විශාල මුදලක් දිනාගෙන ඒ ගෙදර අයටද ග‍්‍රාමනිලධාරී කියූ දේවල් පවසා මාරුවී ඇති බවලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න මිනිස්සු. ග්‍රාම සේවක නම් ගමේ ඉදල ඉවරයි. (ස)
පාවා දෙන ගතිය, අපේ අයට හොදට තිබෙනවා (නි)
දෙයියෝ සාක්කි කෙසේ වෙතත් ග්‍රාමසේවක මහත්තයා සාක්කි දෙයි (නි)
වම දකුණ වම. . වම දකුණ වම. . වම දකුණ වම. . ඉදිරියටම යා.. (දී)
දකුණේ පුවත් කොහොමත් මෙහෙම විනෝදයි තමයි අනේ (නි)
ලොක්කන්ගේ දේවලින් සමහර පොඩ්ඩෝ ප්‍රයෝජන ගන්නවා.ඕවා ඔහොම තමයි. (නි)
චන්දා!! අදනම් ඔයා මාව හිනැස්සුව ..!!! එකනේ කියන්නේ අපිට වමයි, දකුණයි..,දෙකම නැතුව බැහැ නේද ...?නියමයි චන්දා (දී)
දෙයියෝ සාක්කි, මේ ලඟදි තමයි ගෑනු හත්දෙනෙක් සූදු කෙලලා අහු උනේ වුනේ, අදනම් ගෑනුද පිරිමිද කියලා සඳහන් නොකලාට දෙගොල්ලන්ම ඉන්න ඇති, (දී)
ඉදිරියේදී සුදු පොළවල්,ගණිකා නිවාස නීතිගත කිරීමට අදහසක් තිබෙන නිසා ප්‍රශ්නයක් නැහැ. (නි)
ගැහැනු ලඳුන් ගහන්නේ බූරුවා...මේ වටලලා තියෙන්නේ සූදූ පිටියක් නේද? (නි)
ග්‍රාමසේවක සාක්කි! (නි)