නව අවුරුදු සාදයකින් පසු සූදු පිටියක් පවත්වාගෙන යාම නිසා පොලිසිය එතැනට කඩා වැදුණේ කිසිවකුගේ දුරකතන ඇමතුමක් නිසාය. ඒ සමගම විදුලිය ද ක‍්‍රියාවිරහිත වූයෙන් පිරිස පැන ගියත්, අඳුරේම තරුණයකු අල්ලාගත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තවකකු හඹා ගියේය. එවර අත්අඩංගුවට ගත්තේ වියපත් කෙනෙකි. ඔහු ලජ්ජාව නිසා තුවායකින් මුහුණ වසා ගෙන සිටියේය.
අත්අඩංගුවට පත් තරුණයා පොලිස් රාලහාමිට තම දුක්ගැනවිල්ල කීවේය. ”අපි බීපු එක ඇත්ත සර්. ඒත් බූරුව ගැහුවෙ නෑ. නැද්ද මචං” කී තරුණයා තම සගයා දෙස ද බැලීය. එහෙත් සගයා කතාවක් නැත.
”සූදුව කළේ වෙනත් අය. අපි නිකං අල්ලගත්තේ නේද මචං” කී ඔහු නැවත සගයා දෙස සැලකිල්ලෙන් බැලූ විට ඒ තම පියා බව හැඳින ගත්තෙන් ඔහුට තරු පෙනුණලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් දියුණු වීම සදහා අලුත්ම ක්‍රමය. "පිය පුතු" නැගුම. ගම නැගුම, මග නැගුම, ගැමිදිරිය.... වගේම එකක්. (නි)
තාත්තලා පුතාලා එකට මංකොල්ල කනවා,එකට ස්ත්‍රී දුෂණ කරනවා.එකට අපයෝජන කරනවා.ඉතින් බුරු ගැහුවට මොකද වෙන්නේ? එහෙම නම් අර ලැයිසොන් අරගෙන කොළඹ රේස් ඔට්ටු අල්ලන තැන්වල තාත්තලා පුතාලා එකට ඉන්නේ ඕනෑ තරම්. (නි)
ඇයි අප්පේ! එහෙනම් ලැජ්ජා නැතුව තාත්තලා පුතාලා එකට මහජන දේපොළ සූරාකැම් කරන්නේ! (අ)
ඕක මොකද්ද ? ඔයිට කලින් තාත්තයි පුතයි මාරුවෙන් මාරුවට හොරෙන් ගේකට රිංගලා, පස්සේ වැරදිලා දෙන්නම එක දවසේ රිංගලා, දෙන්නගේ හොරේ දෙන්නටම අහුවුණා කියලා දෙයියෝ සක්කි වල දාලා තිබ්බේ? මතකද? (නි)
තාත්තා වුණත් පුතා වුණත් මේ ඔක්කොම මිනිස්සු . මෙය වචනයේ පරිසමාර්ථයෙන්ම පියවරුන්ට සහ පුතුන්ට කරන අගෞරවයක් (නි)
ඉතාම සුළු දෙයක්. මේවද දැන් ලංකාවේ වෙන්නේ? (නි)
ඇමතිලා පුතාලා එකට ඉඳගෙන සූදු කෙලිනකොට වෙනම නීතියක්ද? ඔහොම යන් ඔහොම යන්.පොඩි උන්ම අල්ලන්න. (නි)
නීත්‍යනුකුලව බුරු ගහන්න ඕනෑ නම් යන්නකෝ කැසිනෝ ක්ලබ් එකකට (නි)
දෙන් කැසිනොත් එවි ළඟදීම.. අපේ අය ඒකට සහයෝගය දීල ඉවරයි.(ස)
ඔක්කොම කුණු බේරුවල බොක්කටලු.අම්මයි දුවයි මොකද කලේ කියලත් කිව්වා නම් .මමත් .......අමාරුවේ නේද මචෝ.(අ)
කොහෙද මට නම මතක නැති රටක ඇමති කෙනෙක් පුතත් එක්ක පොලිසියටත් ගහලා තියෙන නිසා මේවා සුළු වැඩනේ. (නි)