හිඟුරානේ නවරත්න සමරතුංග
සුහද හමුවකට ඇරියුම්කොට කට වරද්දාගත් මිතුරන් දෙදෙනෙකුට පොල්ලක් අරන් එළවා දැමූ පුවතක් අම්පාරේ ඈත එපිට එක් හේන් යායකින් වාර්තා වේ.
හේනක් පවත්වාගෙන යන එම ඉඩමේ පිහිටි පැලේ මැදි වියේ අඹුසැමි යුවළක් නතරවී සිටි අතර, යාබද හේනේ තරුණයෝ දෙදෙනෙක් සිය වගා කටයුතු කරගෙන ගියහ.
යාබද ඉඩමේ කාන්තාව තරමක් හැඩකාරියකි. තරුණයින් දෙදෙනාගේ ඇල්මබැල්ම ඇයට නිතර යොමුවූ අතර එම කාන්තාවද සැමියාට හොරෙන් ඔවුන්ට ප්‍රතිචාර දැක්වූවාය.
මේ අතර ඇයගේ සැමියා කුරක්කන් වගාවට එන වල් හාවුන්ට මදු ගසා තිබුණ බැවින් එහි හාවකු පැටලී මැරී සිටියේය.
ඔහු එම හාවා මස් කරමින් සිටියදී යාබද හේනේ තරුණයින් දෙදෙනාට ඇරියුම් කොට රාත්‍රි කෑම වේලක් දීමට බිරිඳ යෝජනා කළේය.
මෙය සුහද හමුවක් වූ අතර බිරිය කටගැස්මක් තනා තිබුණ බැවින් තරුණයන් දෙදෙනාද සවස වැඩ ඇරී කසිප්පු බෝතලයක්ද රැගෙන පැමිණ තිබේ.
කෑමට පෙර සැමියාට සහ තරුණයින් දෙදෙනාට කටගැස්ම පිළිගැන්වූ ඇය රාත්‍රි කෑම පිළියල කරමින් සිටියාය.
සුළු වෙලාවක් ගත වන්නට පෙර මධුවිත සප්පායම් වූ තරුණයෝ දෙදෙනා උන්හිටි තැන් අමතකව ගොස් දොඩමළු වෙමින් නොයෙක් දේ කියන්නට වූහ.
මේ අතර එක් අයෙක් බිරිඳගේ ගතිගුණ වර්ණනා කරද්දී අනෙකා ජනප්‍රිය ගීතවල වචනවලට අලුතින් වචන යොදා ගායනා කළේය.
‘කොමඩු හේනේ වැඩ කෙරුවේ අපි එකට, මෝලෙ කඩේ වී කෙටුවේ අපි එකට, ඇයි මස්සිනේ පෙම් කලෙ අපි මේ ළඳට’ යනුවෙන් ඔහු පුල පුලා කියන්නට වූයෙන් සැමියා තුළ සැකයක් ඇතිවිය.
ඔහු එය ඉවසා සිටිද්දී එක් අයෙක් ‘කවුරුත් නැති වෙලාවෙ උඹ මේ පැලටත් රිංගුවා...සිද්ධ වෙච්චි ඔක්කොම මට හැංගුවා....’ යැයි හඬනගා කියන්නට වූයෙන් සැමියා බිරිය ළඟට ගොස් මොනවාද අර පිස්සො දෙන්නා කියන්නේ? යැයි ප්‍රශ්න කළේය.
‘මංදන්නේ නෑ කාපු බීපු වෙලාවට ඔය කියවනවා ඇති’ යැයි බිරිය ගානකට නොගෙන කීවාය.
ඒ සමඟම ඇතිවූ කිසියම් ආරවුලත් සමඟ කෝපවූ සැමියා පොල්ලක් අතට ගෙන ‘මං ඕවට කැමති නෑ.. බැහැපල්ලා එළියට යැයි’ කියමින් තරුණයින් දෙන්නා පන්නා දැමූ බව කියති.
‘අපි හා මස් කෑවෙත් නෑ...අපිට ඕව කැපකුත් නෑ..’ කියමින් වෙරිවූ මිතුරන් දෙන්නා කළුවරේම තම පැලට ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 04
769
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
459
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සාදයට ඇවිත් බිරියට බැල්ම දැමූ තරුණයන් දෙදෙනාට වැඩ වරදී