සිය සැමියා වෙනත් කාමරයක නිදාසිටි අවස්ථාවක නිදන කාමරයේ හුදෙකලාව නිදාසිටි කාන්තාවක් අසලට අඩ නිරුවතින් ආ පුද්ගලයකුට නිවසේ සිටි සැමියා ඇතුළු පිරිසක් පහරදීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු කළ පාපෝච්චාරණය නිසා ඔවුන් අන්දමන්දවීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතෙනි. කමිසය ඉරීගොස් කලිසමේ බොත්තම් ද ගලවා ගෙන සිටි නිසා මේ තැනැත්තා කාන්තාවට අතවර කිරීමට පැමිණියකු ලෙස සැක කළත් ඒ නිවෙසට පහළින් වූ ආපනශාලාවක රාත‍්‍රී සාදයකදී ඇති වූ ගුටිබැට හුවමාරුවක දී හොඳටම ගුටිකා හෙම්බත්ව සිටි ඔහු ඒ වනවිටත් මෙහි විවෘතව තිබූ දොරෙන් ගෙට ඇතුළු වූයේ හොඳ කමිසයක් ඉල්ලා ගැනීමට බව පසුව පවසා තිබේ.
මේ පැමිණිල්ල විභාග කිරීමට ආ පොලිස් නිලධාරීන්ට මේ ප‍්‍රකාශය සත්‍ය බව පෙනී ගියත් ඒ වනවිටත් දැඩි බීමතින් පසුවූ නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට සිදුවූ බව එම පළාතේ පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාත්‍රියේ නිවසේ දොරවල් විවෘර්ත කර තබා නින්දට ගිහින් තිබෙන්නේ අඹු සැමි යුවලත් ඩෝප් මරගාතයෙන් ද කොහෙද (නදී)
තමන්ගේ ඇඳුම් ඉරිලා කියලා තේරෙනවා නම් , ඒවා ඇඳගෙන යන්න ලැජ්ජා හිතෙන තරමට සිහිය හොඳනම් දැඩි බීමතින් කියලා කියන්නේ කොහොමද?? පැමිණිල්ල විභාගෙට ගිහිල්ල හිස් අතින් එනවාට වඩා නඩුවකුත් අරගෙන එන එක හොඳයි කියලා හිතෙන්න ඇති. (නදී)
ගෙදර දොරත් ඇරගෙන ජෝඩුව කාමර දෙකක වෙන වෙනම නිදාගත්ත එකත් ප්‍රශ්නයක්! (නි)
බලන්න මිනිස්සු අසරණ වෙන විදිහ මෙවැනි අවස්තාවල අපිත් මිනිසුන් හැටියට අසරණයට උදව් කිරීම යුතුකමක්. මොකද අපිටත් කවද හරි මෙහෙම උදව් ඉල්ලන්න වෙන අවස්ථාවක් උදා වෙන්න පුළුවන්. හදිස්සියේ ගං වතුරකවත් ගහගෙන ගිහිල්ල ඇඳුම් ටික නැති උනොත් අපිට වෙන්නෙත් මේ ටිකමයි නේද. (නදී)
ප්‍රසිද්ධ ස්ථාන වල බීමතින් හැසිරීම දඩුවම් ලැබිය හැකි වරදක්. එහෙමයි නීති පොතේ තියෙන්නේ. එ්ත් මේ නීතිය සමහරුන්ට පමණයි. ඒකයි අත්අඩංගුවට පත් වෙන්නේ. හැමෝටම මේක අදාළ වෙන්නේ නැහැ.(නදී)
ගහෙන් වැටුන එකාට ගොනා ඇන්න වගේ. (නදී)
පව් මෙයාලා.! (නදී)
නොගහ ඉදිද (දී)