අලූතින් විවාපත්වූ තරුණයෙකි. ඔහුට මිතුරකුගේ විවාහෝත්සවයක් සඳහා ඇරයුමක් ලැබිණි. හෝටලයක පැවැත්වූ උත්සවයට තරුණ සැමියා සහ බිරිය සහභාගි වූහ. විවාහ උත්සවයට සංගීතය සැපයුවේ දිවයිනේ ජනප‍්‍රිය සංගීත කණ්ඩායමකි. තරුණ සැමියාද ගීත කිහිපයක් මියුරු හඬින් ගායනා කළ අතර බොහෝදෙනා ඔහුව වර්ණනා කරන්නට වූහ. රුවැති ළඳක්ද සුබ පතමින් ඔහුගේ අතගෙන සෙලවූවාය. මෙය ඔහුගේ බිරියට ඇල්ලූවේ නැත. ඇය බුම්බාගෙන සිටියාය. සංගීත කණ්ඩායමේ නොනවතින ගීතවලට සැවොම නටන්නට වූහ. තරුණ යුවළද රංගනයේ යෙදුණි. එතැනට පැමිණි පෙර පැවසූ කාන්තාවද රංගනයේ යෙදුනාය. සුළු වේලාවකින් ”ඔය ඇති දැන් කන්න යමු” තරුණ බිරිය සැමියාට පැවසුවාය. ඔවුහු ආහාර අනුභව කරන්නට වූහ.
පෙරකී කාන්තාවද ආහාර පිඟාන අතැතිව තරුණ සැමියා පෙනෙන මානයේ වාඩිවූවාය. ඇය වරින් වර ඔහු දෙස බැලූම් හෙලනු දුටු තරුණ බිරිය කෝපාවිෂ්ට වී සැමියාට රවන්නට වූවාය. ආහාර ගැනීමෙන් පසු අතුරුපස බෙදා ගැනීමේදී එතැනට පැමිණි කාන්තාව තරුණ සැමියා අමතා ඩෙසර්ට් එකට මොනාද තියෙන්නේ යැයි විමසුවාය. කාන්තාව තම සැමියා සමග කථා කරනු දුටු භාර්යාව සැමියාව කොනිත්තා ”අර ගෑනි මොනාද කීවේ” යැයි ඇසුවාය. ”ඩෙසට් එකට මොනාද තියෙන්නේ කියලා ඇහුවා?” ඔහු පැවසූ විට ”ඇයි ගෑනිගේ ඇස් පේන්නේ නැද්ද? එනවා යන්න” යැයි බිරිය පැවසුවාය. සැමියා සහ බිරිය මනාල යුවළට සුබපතා පිටත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිමි සහ ගැහැණු සිතන සහ ක්‍රියාකරන ආකාරය වෙනස්. එය දෙපාර්ශවයම තේරුම්ගත යුතුයි. සැමියා කාන්තාව සමඟ කතා කිරීමේදී බිරිඳවත් එකතුකර ගත්තා නම් සමහරවිට තත්වය වෙනස් වන්නට තිබුණි. (නි)
ට්කක් කියලා දෙන්නම් මානවට. මේ කියන සැමියට ලස්සනට සින්දු කියන්න පුවළුන්. ඒක නිසා තරුනියෝ සැමියත් එක්ක කතා කරනවය කියලා “ තමුසේ මිට පස්සෙ පාටි වල සිංදු එහෙම කියන්නේ නැහැ“ කිව්වොත් බිරිඳක් ඒක නිදහස නැති කිරීමක්. තැනකට ගියාම කාත් එක්කත් සුහදව කතා කරන්න, තමන් කැමති කෑමක් බිමක් කන්න බොන්න, නටන්න, ගයන්න,වගේම දෙමව්පිය සහෝදරයින්ට උදව් කරන්න කාටත් නිදහසක් තියෙන්න ඕනේ. කසාදයක් කරගත්තයි කියලා ඒවා නැති කරනවා නම් ඒවා තමයි නිදහස අහුරන, මානව හිමිකම් උල්ලංඝනය කිරිම්.(නදී)
සමාජය ගැන අවබෝධයක් නැති පටු විදියට ට හිතන ගැහැනු බැඳගත් පිරිමි හැමදාම ඉන්නේ පීඩනයෙන්. පුංචිකාලේ ඉඳන් එකට හැදුනු ඥාති සහෝදරියක් එක්ක කතා කරන්නවත් බයයි. බැඳගත්තු බවලති සැක කරයි කියලා. ඇත්තටම මෙහෙම ජීවත් වන පිරිමි ළමයි අද සමාජයේ ඕන තරම් ඉන්නවා. ඇත්තටම පවි.(නදී)
කසාද ජිවිතය කියන්නේ ඇඳ පැළඳගෙන සැමියත් ඉස්සර කරගෙන ෂොපින් යන එක නෙමෙයි කියලා අදකාලේ තරුනියන් තේරුම් ගත යුතුයි. අනික මේ 21 වන සියවස. තරුනියක් එකක් කතා නොකර තමන්ගෙ බිරිඳ එක්ක විතරක් කතා කරන්න බැහැ සැමියට. නමුත් ඇඟට එනවා නම් අයින් වෙන්න සැමියා දැන ගන්න ඕනේ. එහෙම නැතුව මඟුල් ගෙදරින් කෑමත් නොකා සැමියට ඇදගෙන ගෙදර ඇවිත් රන්ඩු අල්ලලා හරියන්නේ නැහැ. එතකොට තමයි සැමියට තමන්ගෙ ගෑණිව එපා වෙන්නේ. මේ මොන මල සමයමක්ද කියලා.(නදී)
තිලාන්, ඉතින් ඔයා දන්නා දේවල් කියා දෙන්නකෝ මේ නොදන්නා අනුවන අයට. චතුගේ ප්‍රතිචාරය කියෙව්වම තේරෙනවා එයා කියන නිදහස මොකක්ද කියලා. (නදී)
අපේ ලංකාවෝ බහුතර අනුවන දනන් හිතන්නේ නිදහස භුක්ති විඳිනවයි කියන්නේ කාත් එක්ක හරි ඉන්නවා කියන එක කියලයි. ඊට වඩා පුළුල් අරුතක් නිදහස කියන දෙයෙහි තියෙනවා. ඒක තේරුම් නොගැනිමි කනගාටුවට කරුනක්. (නදී)
මගේ මල්ලිව අහු වුනෙත් ඔය හතර අතේ සැක කරන උඩරට මැණිකේ කෙනෙකුට. මල්ලි වැඩ කරන්නේ පුද්ගලික බැංකුවක ඉතින් එතන නොයෙක් තරාතිරමේ බවලතුන් වැඩ කරන විවිධ සමාජ මට්ටම් වල ගනුදෙනුකාර කාන්තාවන් ගැවසෙන කාර්යාලයක් නේ. අපි කිව්වා යන්තම් හරි රැකියාවක් කරන කෙනෙක් බැඳ ගන්න කියලා. ගෙදර ඉන්න කෙනෙක් හොඳයි කියල බැඳ ගත්තා. දැන් ඉතින් පුද්ගලික අංශයේ වැඩ කරන කොට රැයක් දවාලක් නැති වැඩ කරනවා කාර්යාල වැඩ වලට සමහර විට කාර්ය මණ්ඩල සාමාජික බවලතුන් දුරකතනයෙන් ගෙදරට කතා කරනවා කියලා නෑනාට කිසිම වැටහීමක් නැහැ. කොච්චර සැක කරනවාද කිව්වොත් දැන් බැංකුවේ වැඩ කරන එයා ගේ යාලුවෙකුගේ ඥාතියෙකුට මල්ලි ගැන ඔත්තු බලන්න කියලා. (නදී)
චතු, මට ඔයා යන වෙඩින් එකක් තියෙන දවස කියනවද? මට ආසයි පොඩ්ඩක් ඔයාව මුණගැහිලා ඔයාගේ නිදහස විඳින්න උදවු කරන්න....! (නි)
ඔහොම අවිශ්වාස කරනකොට ඒ ගෑනි පස්සේ යන්න හිතෙනවා (නදී)
සමහර කාන්තාවෝ හරිම අශීලාචාරයි.ඇහැට කණට පෙනෙන පිරිමියෙක් දැක්කොත් පෙම්වතියක් ඉන්නවද,බැඳලද බලන්නේ නැහැ.අල්ලගන්න බලන්නේ.මේ කාන්තාවෝ එන්නේ ආදරේට කියලා හිතන පිරිමියා අමාරුවේ වැටෙනවා.මෙවැනි ගතිගුණ තියෙන කාන්තාවෝ කිසිම දෙයකින් සෑහීමකට පත්වෙන අය නොවේ.හරිම හිතුවක්කාර ආත්මාර්ථකාමී උදවිය.බැන්දග් පිරිමියාට ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ ඉන්න වෙනවා. (නි)
ගොඩක් වෙලාවට ඔය සක්කරවට්ටම් වලට අහුවෙන පිරිමින්ගේ ජීවිත අසාර්ථකයි.කරුමෙටම තමයි පැටළෙන්නේ.නරකම දෙය අමාරුවේ වැටෙනකම්ම කරුමය නොපෙනීමයි. (නි)
අර සින්දුවක් තියෙන්නේ ගෙදර වැඩ නොදත් එකී ගත්තු මිනිහා අමාරුවේ කියලා.ගොඩක් අම්මලා හිතාගෙන ඉන්නේ පිරිමි කසාද බඳින්නේ බෝනික්කියෝ නලවන්න කියලා. (නි)
චම්පිකාගේ මල්ලිට අබ සරණයි.(නදී)
මඟුල් ගෙදරක ගියත් වයසක අයගේ පිටට තුරුලුවෙන කාන්තාවන් ඉන්නවා. හරියට කොළඹ පරණ තුරඟ තරඟ පිට්ටනියේ ගොඩනැගිලි වල කවුළු වසා ඇති දැන්වීම් පුවරු වගේ. (නි)
මම නම් කරන්නේ ඔය වගේ උස්සවයකට ගියහම මගේ මහත්තයට නිදහසේ ඕන කෙනක් එක්ක කතා කරන්න බලන්න නිදහස දෙනවා මමත් නිදහස උපරිමයෙන් විදිනවා. හැබැයි ඒක දොරෙන් එලියට එද්දී අමතක කරනවා . ගෙදරට ගේන්නේ නැහැ. (ර)
ගොඩක් වෙලාවට තරුණ කෙල්ලෝ මැදිවියේ සහ සල්ලි තියෙන පාට පිරිමින්ව අල්ලනවා ගසා කන්න. මම ඉස්කෝලෙදි දන්නා අගලවත්තේ කෙල්ලෙක් පසු කලක එයාගේ මහප්පාගේ දුවගේ මහත්තයාට රිංගන්න ගියා ඔස්ට්‍ර්ලියන් විසා එක සහ සල්ලි නිසා. කෙල්ල කියලා අක්කව දික්කසාද කරලා එයාව ගෙනියන්න කියල. ඒක පරක්කු වෙනකොට කෙල්ල ඉන්ටනෙට් එකෙන් ඇමරිකන් කාරයෙක්ව හොයන් යන්න ගියා. හැබැයි අර අක්කගේ ජීවිතයත් කාල. අක්කගේ වැරැද්ද වුනේ නංගි තරම් බාල වයසක් නොවිමලු. දැන් මහත්තයට යන්න තැනක් හෝ කෙනෙක් නැති නිසා පවු කියල බලනවලු. මහත්තය නෝනට වැඩිය ගොඩක් වයසලු. නංගි නම් අපි කවුරුත් දන්නා වස්තුවක් තමයි ඒ කාලේ. ඒකිට පිට රටක් කිව්වම කයිට්ස් වුනත් යාවි මුදෙන් එහා නිසා. ඒ වගේම තමයි කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් දැක්කොත් ඒ කොල්ලට පනිනවා. ඒක නිසා කතාව ඇහුවම අපි පුදුම වුනේ නැහැ. පුදුම වුනේ අර අක්ක මුන් දෙන්නටම කොස්ස නොගත්ත එකට. (බ)
ඔය තරුණ කානත්වන්ගේ විවාහයෙන් පසුව ඇති දුර්වලකම බොහොමයකට ඒගොල්ලන්ගේ අම්මල ඇතුළු ගෙදර වැඩිහිටි කාන්තාවන් වග කියන්න ඕනා. සමහර ගෙවල් වල පවුලේ බාලයා , එකම ගැණු ළමයා කියල හුරතල් කරනවා. ඉතින් බැන්දාම සැමියාට ඔක්කොම වැඩ පැත්තකට දමල නෝනාගේ වටේ කැරකි කැරකි ඉන්න ඕන කියල බලාපොරොත්තු වෙනවා. සැමියාට කැමති කෑමක් හදලා දෙන්න , ඉඳල හිටලා හරි ඇඳුම් සෝදලා දෙන්න, හම්බ කරන මුදලින් ගෙදර වියදම පිරිමසා ගන්න අවශ්‍ය බව මේ අම්මල බඳින්න කලින් දුවලව දැනුවත් කරන්නේ නැහැ. සමහරු හිතන්නේ බඳිනවා කියන්නේ උදේ 10 ට ව්තර නැගිටලා ගෙදර කෙනෙක් උයපු දෙයක් ගිලලා ෆේෂල් එකක් දමාගෙන දවස ගෙවල හවසට ජැන්ඩි පහට ඇඳගෙන සැමියා එක්ක ෂොපින් යන එක කියලා. (නදී)
අපෝ මං නම් කියන්නේ උයන්න බැරි ගෑනු කෙනෙක් නම් බඳින්න එපා. පවුලේ බාලයා කියල හුරතල් වෙලා උදේ තේ එකත් ඇඳට ලැබුණු නෝනා කෙනෙක් ලැබුන මගේ මල්ලි විඳවන වින්දවිල්ල කාටවත් වෙන්න එපා. (නදී)
සමහර නෝනලා හමුදා නිතියෙන් තමයි සැමියව පාලනය කරන්න යන්නේ. කන්න උයලා දෙන්නෙ නැහැ. රෙද්දක් සෝදලා දෙන්නේ නැහැ. හැබැයි සැමියගෙ වගකිමි 100% ක් බලාපොරොත්තු වෙනවා. ඒ අතරෙම වෙන කාත් එක්කවත් කතා කිරිමත් තහනම්.(නදී)
අපරාදේ. ඩෙසට් නොගෙනම ගෙදර ඇවිත්. (නදී)
සමහර නෝනලා උයන්න පිහන්න හරිම කම්මැලියි. උදෙන් නැගිටලා එළවලු දෙකක් එක්ක වැඩට යන සැමියාට දෙන්න ඒගොල්ලන්ට හරි අමාරුයි. සැමියා උදේට දවල්ට කැන්ටිමෙන් කාල ආයෙත් රෑටත් කොහෙන් හරි පිටින් කෑම අරන් එනවා. ඔහොම ගිහින් හොඳ රහට උයන කාර්යාලයේ බවලතියක් අනේ යහපාල ඔයා හැමදාම කඩෙන් නේද කන්නේ මම ගේන්නම් හෙට ඉඳල ඔයාට බත් එකක් කියනවා. ඔන්න ඉතින් ටෙලි නාට්‍යයේ මුල ! (නදී)
17 න්ම තව මොකද මෙලනි. මම දන්න තනියෙන් ඉන්න ගෑණියෙක් ඉන්නවා 50 ට කිට්ටුයි. සල්ලි තියෙන පිරිමියෙක් ලඟින් ගියත් ඇති දැලේ දාගන්නමයි බලන්නේ. හොඳට තියෙන පවුල් කඩන්නමයි දත කන්නේ. එයාගෙ තත්වෙට අනෙක් ගැහැනුන්වත් ගන්නයි එයාට ඕනේ. (නදී)
මේ කියන තරුන බිරිඳ හරියන්නේ හමුදාවට අණ දෙන්න. කොන්ද පන නැති පිරිමියෙක්. රවන්න බනින්න ගත්තම දෙකක් කිව්ව නම් “ මට මොකටද බනින්නේ? මම මොකකද් කල වරද කියලා“ ආයේ පාටි වලට ගිහින් ඔය වගේ වැඩ කරන්නේ නැහැ බිරිඳ. වැරැද්ද අර කියපු ස්ත්‍රියගේ මිස සැමියගේ නෙමෙයිනේ.(නදී)
මගේ ඥාති අක්ක කෙනෙක් බඳින්න දිනත් නියම කරගෙන සිටිය අයියාව රවට්ට ගත්තේ ඒ අයියා ටියුෂන් දෙන්න ගිය ගෙදර අවුරදු 17 ක ලාබාල මායම් කාරියක්. මේ තරුණිය දවසක් නුවර ටවුමේදී ඒ අයියාගේ මෝටර් සයිකලයේ ඉතා නොහොබිනා ඇඳුමකිනුත් සැරසී ගිය බව දැක මම ප්‍රශ්න ඇති කර ගන්නේ නැතිව සොයා බලන්න කිව්වත් ඒ අක්කා මම කියපු දෙයට වඩා අර අයියාව විශ්වාස කළා. අන්තිමේ වහ බොන්න ගිහින් අපි බේරා ගත්තේ බොහොම අමාරුවෙන් (නදී)
තරණ බිරින්දෑවරුන්ව නලවන කොන්ද පන නැති පිරිමි නිසා තමයි බිරියන් තව තව වැරදි කරන්නේ. උයන එක ගැනියෙක් උනාම කල යුතුයි. කවුරුවත් කරලා බත් එක අතට දෙනකම් ඉන්න ගැහැණු අයගේ ජිවිත හරිම අසාර්ථකයි. (ර)
මම කාලෙකින් ලංකාවට ගියාම මටත් තේරුණා පොඩි කෙල්ලෝ උනත් ඉස්සරට වඩා අසංවරයි කියලා. මගේ අතේ මගුල් මුද්ද තියලත් කෙල්ලෝ මනමාල විදියට බලන එක ප්‍රශ්නයක් උනා.සමාජය මේ විදියට යන එක හරි නෑ.ළමයි එක පාරටම ගැහැණු වෙලා වගේ. මේ ගැන පුළුල් කතිකාවතක් ඇති කර සමාජයට වින කරන දේවල් සහමුලින් ඉවත් කල යුතුයි.(නදී)
සිල්වියා, මෙයා තාම බැඳලා නැත. (බ)
චතු, හරි කියලා මාත් කියනවා. තව කෙනෙක්ගේ හැසිරීම නවත්වන්න බැහැ.තමන් පරිස්සම් වෙන්න තමන් දැන ගත්තම හරි. (ම)
ගැහැණු පිරිමි කාටත් තියෙන ලෙඩක් මේක දැන් ඒ වගේම කාටත් තියෙන ලොකු ප්‍රශ්නයක් මේක. පිරිමින්ට වඩා ගැහැණුන්ට, තවත් කෙනෙක් හැරෙන කොටම කියන්න පිළිවන් ගතිය (ඉව) තියෙනවා. ඒ අයට එක බැල්මෙන් වචනයෙන් දැනෙනවා වෙන දේ. " අද ඉන්නේ කවුරුද වරදෙහි නොබැඳෙන "(ම)
ලංකාවේ ගොඩක් පිරිමින්ට ටිකක් පෙනුම තිබෙන කාන්තාවක් දැක්කහම මතක නැහැ තමන් විවාහක කෙනක් කියලා. ඉතින් අර කාන්තාව කපටි කෙනෙක් නම් කරන්නේ අර පවුලත් කඩලා මනුස්සයාගේ තිබෙන සේසතම අරගන්න එක. මේකට වගකියන්න ඕනෑ පිරිමියා මිසක් ගැහැණිය නෙමෙයි (නි)
ඩේවිඩ්, මම නිදහස කිව්වේ ඔයා හිතනවා වගේ කැත අදහසකින් නෙමෙයි. උත්සව අවස්ථාවකට ගියාම ගැහැණියක් පිරිමියෙක් සමඟ කතාකිරීම සහ සිනහවීම, අලුත් යාලුවෝ හඳුනාගැනීම ගැන කොහොමද කැත විදිහට බලන්නේ? ඒකට තමා නිදහස කියන්නේ. අනික හැම විවාහයකම කෙනෙක්ම තමන් විවාහක කෙනෙක් කියලා හිතේ තියාගෙන ඉන්නවා නම් කවුරු මොන අඟර දඟර දැම්මත් අහුනොවී ඉන්න පුළුවන්. (නි)
අපිත් මඟුල් ගෙවල් වල යනවා. ඒත් මේ වගේ වාසනාවන් ලැබෙන්නේ නැහැනේ. අපිට සල්ලිත් තියෙනවා, වාහනත් තියෙනවා, වැඩිපුර ගෙවලුත් තියෙනවා. අපේම අවාසනාව තමා (නි)
මේකට දාපු අදහස් ප්‍රමාණය දැක්කහම පුදුම හිතුනා. (නි)
ගෑණු ඕනවට වැඩිය දඟලන්න යනකොට සම්පත් කිව්වා වගේ පිරිමියා කරන්නේ ඒ වගේ තැන් වලට වයිෆ්ව රැගෙන යන එක නවත්වන එක. ඕක කරගන්න තමයි ගැහැණූ බොරුවට දඟලන්නේ මේ වගේ පොඩි දේවල් වලට. (ර)
ගැහැණු අයට ගැහැණ අය සමඟ පමණක් සහ පිරිමි අයට පිරිමි අය සමඟ පමණක් කතා කර මෙලොව ජිවත් විය නොහැකිය. මේක නොදන්නා පටු අදහස් ඇති ගැහැණු පිරිමි නිකරුනේ කුලල් කාගෙන පවුල් කඩා ගනිති. (ර)
අතුරුපස දෙන්නද කොහෙද අර සැමියගෙන් මොනවද තියෙන්නේ කියලා අර බවලති අහලා තියෙන්නේ. මෙහෙමත් ගෑණූ අප්පා.(ම)
"රුවැති ළඳක්ද සුබ පතමින් ඔහුගේ අතගෙන සෙලවූවාය. මෙය ඔහුගේ බිරියට ඇල්ලූවේ නැත. " පැහැදිලි ඉරිසියාව. වෙන මොනවත්ම නෙමෙයි. එතරම් ලස්සන ගැහැනියක් අත නෙමෙයි මොකක් කලත් කේන්ති ගන්නේ නැහැ.(නදී)
ලොකුලියන ඔයා දන්න කෙනා හොඳ ඇති. මම දන්න කෙනා අරහෙමයි. හොඳ අයත් ඉන්නවා. නරක අයත් ඉන්නවා. අපිට පොදුවේ කතා කරන්න බැහැ. අසවල් රස්සාව කරන අය හොඳයි. අසවල් රැකියාව කරන අය නරකයි කියලා. (ර)
ඔය උයන්න බැරි බවලත්තු බිහිවෙන්නේ මේ ටෙලි නාට්‍ය නිළියන්ගේ ජීවන රටාව අනුගමනය කරන්න ගිහින්. මොකද එගොල්ලා උදේ 10 වෙනකන් නිදි. ඊටපස්සේ අම්මි තමයි බෙඩ් ටි එක සහ ෆ්රුට් ජුස් හදලා දෙන්නේ. ඉතින් අපේ තරුණියන් හිතන්නේ බැන්දාට පසුව නැන්දම්මා ඒ ටික කරලා දෙවි කියා. නිළියන්ට ගෙදර අත් උදව්වට උයන්න කට්ටිය ඉන්න නිසා අපේ තරුණියන් හිතන්නේ අපිත් බැන්දාට පසුව කොහොමද එළවලු කහට නියපොතු වල ගාගන්නේ කියලා. (ර)
සමන්ත, ජානකි දැන් ඉන්න බොහොමයක් තරුණ බවලතුන්ට එළවලු දෙකකුයි බතකුයි උයාගන්න බැහැ. මෙයට වගකිව යුත්තේ ඒ අයගේ මව්වරුන්. දැන් ඉන්න තරුණ බවලතුන් බලාපොරොත්තු වෙන්නේ පවුල් වෙලා එක්කෝ කඩෙන් කන්න නැත්නම් සැමියාට කියා උයවා ගන්න. අම්මලා මේ දුවරු කාට දීග දෙන්න හිතාගෙන හදනවද මන්දා (නධී)
මාධවි මම නම් පෙර පාසැල් ගුරුවරියන්ට හරි කැමැතියි. ඒ ගොල්ලෝ ශිෂ්‍යයෙකුට කිසියම් දෙයක් මුල් වතාවේ බැරි උනත් "කමක් නෑ, අධෛර්යමත් වෙන්න එපා අපි නැවත උත්සාහ කරමු" කියා කියනවා.(නදී)
ඔන්න ඕක නිසා තමයි ඔය තැන් වලට වයිෆ්ලා එක්ක යන්න එපා කියන්නේ. (ර)
"”ඔය ඇති දැන් කන්න යමු” තරුණ බිරිය සැමියාට පැවසුවාය. ". "සැමියාව කොනිත්තා ”අර ගෑනි මොනාද කීවේ” යැයි ඇසුවාය." "එනවා යන්න” යැයි බිරිය පැවසුවාය."....බලන්න මේ බිරිඳ මොන තරම් ඒකාධිපතිනියක්ද කියලා. කන ප්‍රමාණය, එතන කොච්චර වෙලාවක් ඉන්නවද යන දේවල් පවා තිරණය කරන්නේ එයයි. (ම)
මට වෙලා තියෙන්නේ කාටවත් නැති කරුමයක්. අපේ නෝනා හොඳයි, ඒ වුණාට නෝනාගේ අවිවාහක ලොකු අක්කා නංගිට උගන්වන්නේ පිරිමි කියන්නේ සත පහකට විශ්වාස කරන්න බැරි නිතරම ඇහැ ගහ ගෙන ඉන්න ඕන ජාතියක් විදියට . නිතරම අපේ ගෙදරට කඩා පාත් වේවි නෝනාට මගේ ගැන සැක කරන හැටි විමසිල්ලෙන් ඉන්න හැටි උගන්වනවා. (ම)
මේ කියන බිරිඳ එක්කත් ලස්සන තරුණෙයක් කතා කරන්න ආවා නම් මේ තරම් නටන එකක් නැහැ. සැමියා ගැන ඊර්ෂියා හිතිලා තියෙන්නේ. අර පරණ චිත්‍රපටියකුත් තිබුණේ“අභිමාන්“ කියලා අඹුසැමි ඊර්ෂියා ගැන.(ම)
හුඟක් ගැහැනු ආදරය කරන්නේ යාළු වෙලා ඉන්න කාලේ විතරයි. බැන්ද ගමන් කරන්නේ “සැක“ විතරයි. විවාහ නිකන්ම දෙදරා යනවා. අර සැක ඇති මොකක්ද එකටමයි හෙන ගහන්නේ කියලා කතාවකුත් තියෙනවනේ. (නදී)
සමහර බවලතියෝ මස් කන්නේ නැහැ. හැබැයි මාළු, බිත්තර ලොරි ගනන් කනවා කියලා හිතන්නකෝ. බැඳපු මහත්තයා එදා ඉඳලා රහට කාපු බිපු පොරක් නම්, බැන්දට පස්සේ අර බවලති තමන් නොකන නිසා මස් උයන්නේ නැත්නම් එතන සැමියට කරන්නෙ අසාධාරණයක්. තමන් ගැන විතරක් හිතන්න හොඳ නැහැ. එතන ආදරයක් නැහැ. ආත්මාර්ථය පමණයි තියෙන්නේ.(නදී)
"නොහඩන් ළඳුනේ නොහඩන් ළඳුනේ සුරා පොදක් මා තොල ගෑ පමණින් සුරා සොඩෙකු වේදෝ. ඇය අත ගෙන රැගුමක් පැ පමණින් මා සලලෙකු වේදෝ" (නදී)
මටත් ඔහොම දෙයක් වුණා. මං දැන් ඉන්නේ අලුත් එක්කෙනත් එක්ක. මොනවා වුණත් ලස්සන කෙල්ල (නි)
ඕනවට වඩා තමන්ගේ ස්වාමියව රකින්න යන කොටත් මෙහෙම දේවල් වෙනවා. බැන්දයි කියලා වෙන ගැහැනියක් දිහා බලන්න තහනම්, තමන් එක්ක විතරක් කතා කරන්න කියන ගැහැනු ඉන්නවා. ඒක වැරදියි. එතකොටයි මේක වැඩි වෙන්නේ. (බ)
ප්‍රමලි කියන කතා සහතික ඇත්ත. අද කාලේ සැමියත් එක්ක ගමනක් ගියත් අපේ සමහර ගැහැණු කන්න වගේ බලාගෙන ඉන්නේ. ඇහැට කනට පේන ටිකක් සල්ලි තියෙන කොල්ලෙක් දැක්කම අපේ කාන්තාවන්ට එයා කසාද බැදපු කෙනෙක් උනත් කමක් නැහැ. (නදී)
ඕකත් ඉරිසියාව කියන භයානක ලෙඩේ තවත් ප්‍රභේදයක්. ඕක වැඩි හරියක් වැල දෙන්නෙත් ගැහැණු පාර්ස්වයටමයි. (නදී)
ප්‍රේමරත්න සහෝදරට මම කියන්න හිතුව දේ සදුන් සුරියහෙට්ටි ලියල (බ)
මේ වගේ කතා අහද්දී ගැහැණු වුණ අපිටමයි ලැජ්ජා හිතෙන්නේ ඉස්සර අපේ කාලේ කොල්ලෝ තමයි බොරුවක් ගොතා ගෙන කෙල්ලොත් එක්ක කතාවට එන්නේ මෙන්න ඒකටත් එක්ක දැන් ඉන්න උදවිය...? (ම)
අයි ප්‍රේමරත්න කලින් කෙනාව ඇත ඇරියේ? මොනවා උනත් එක මහා ජරා වැඩක්. (නදී)
දැන් ගැණු අය තමා පිරිමින්ව නරක් කරන්නේ. සමාජය වෙනස් වෙලා. පව් අර අසරණ මනුස්සය නිකන් බැනුම් අහලානේ. (නදී)
මට නම් මේ පවුල් කඩන බවලතුන්ව පේන්න බැහැ. අර එක කලා කාරියක් එහෙම සොයාගත්ත පිරිමියා එක්ක එක ගෙදර ඉන්න ගමන් ලජ්ජා නැතිව පත්තරේට කියනවා මනාලියක් වෙලා පෝරුවට නගින්න ආසාවෙන්ලු ඉන්නේ. මම දෙයියන්ට කියන්නේ අනේ ඔය පෝරුව එදාට බිමටම කඩා ගෙන වැටෙන්න කියලා. (නදී)
මේ වගේ කාන්තාවන් මුළු කාන්තා පරපුරම අපහසුතාවයට පත් කරවනවා .(ම)
ඉතාම ගුණ යහපත් බිරියක් වුන මගේ එකම අක්කගේ සැමියාව මේ වගේ උඩැක්කියක් උදුරා ගත්තා. අක්කගේ තිබුන එකම අඩු පාඩුව ඔය දැන් ඉන්න සමහර සක්කරවට්ටම් වගේ මේකප් දමාගෙන කොටට ඇඳගෙන විලාසිතාගාරයක් වගේ සැමියා ඉදිරියේ පෙනී නොහිටීම. හැබැයි අර මිනිහාට දෙවියෝ දඬුවම දුන්නා. දරුවත් මිනිහව දමලා වෙනත් සල්ලිකාරයෙක් එක්ක අර ගැහැණිය පැනල ගිහින්. දැන් මගේ අක්කාගේ හොඳ කියමින් එයාව සොයනවා. කලකිරුන අක්කා දසසිල් වෙන්න කළුතර පැත්තේ ආරාමයක පිළිවෙත් පුරනවා. අදත් ඉඳහිට අපි බලන්න ගියාම මට කියන්නේ හිතේ වයිරය නැති කර ගන්න කියලා. එ්ත් තාම ඒක කරගනන් බැරි වුනා. (නදී)
මට නම් ප්‍රේමරත්න ලියපු දෙය ගැන කියන්න වචන නැහැ. (ම)
සමහර ගැහැණු යකින්නියෝ වගේ. අපිරිසිදු කමේ උල්ලපත. උදේ සිට රෑ වෙනකම් නැතිවාදමමයි. ඉතිං ටිකක් තොදොල් වෙන ලස්සනට ඉන්න කාන්තාවක් දැක්කම පිරිමි වහ වැටෙනවා. ඇයි ඉතිං අපේ විවාහක කාන්තාවන්ටත් බැරි ටිකක් තොදොලෙට ඉන්න. (නදී)
අද එක පිරිමියෙකුට කාන්තාවන් දෙක බැගින්වත් ඉන්න ඕනෑ, ජන අනුපාතයට අනුව! (නි)
සමහර තරුණ නැට්ටුක්කාරියන් ජීවත්වෙන්නෙම මේ විවාහක පිරිමින්ගේ පොකට්ටුවේ පිහිටෙන්. බහුතරයක් උත්සාහ කරන්නේ නෝනලා දරුවන්ගේ කටයුතු වලට හිරවුණ මැදිවියේ විවාහක පිරිමින්ව දැලේ දාගන්න. එම නිසා විවාහක කාන්තාවන් තමන්ගේ විවාහක යුතුකම් අතර සැමියාට අවධානය සැළකිල්ල දැක්වීමත් කරන්න ඕනෑ. (නි)
තමන්ගේ මහත්තයා ගැන විශ්වාසයෙන් ඉන්න එක හුඟක් වැදගත්. ඒ මොකද මේ කෛරාටික ගැහැණු කොට්ඨාශය මුලින්ම කරන්නේ අඹු සැමියන් අතර විශ්වාසය පලුදු කිරීම. ඒක තමයි පළමු පියවර. ඉතින් ගෙදර නෝනා අනිවාර්තයේ තමන්ව සැකකරමින් රණ්ඩු කරනකොට සැමියාට නිකම්ම එයාව එපාවෙනවා. එතකොට අර 'තේ උඩිච්චිය' කරන්නේ අනේ ඔයාව ඇයි අනේ ඔහොම නෝනා සැකකරන්නේ කියාගෙන යාලුවෙක් වගේ දුක සැප විමසන්න පටන් ගන්නවා. අපේ නෝනලා බොහොම ප්‍රවේශම් වෙන්න ඕනෑ ඔතන. ඉවසීම සහ නිකරුනේ සැමියාව සැක නොකිරීම හරිම වැදගත්. (නි)
සැමියා බේරාගන්න බිරිඳ හොද සටනක් නේ දීල තියෙන්නේ.ගෙදර ගිහින් කියන්න ඇති "මිට පස්සේ ඔය වගේ තැන්වල සින්දු එහෙම කියන්න යන්නේ නැහැ". කියල. (නදී)
තරුණ වෙන්න ඕනෑ නැහැ. මේ මැදිවියේ ඉන්න අපේ මහත්තයාටත් ඇහැගහපු නැට්ටුක්කාර අවුරුදු 20 ක බෝඩිම්කාරියෙක් අල්ලපු ගෙදර හිටියා. හොඳ වෙලාවට ඒ ගෙදර තරුණ පුතාටත් කොකම් පාන්න ඇවිල්ලා අහුවෙලා ඒ නෝනා එයාව ගෙදරින් එළියට දැම්මා. (නි)
ඉස්සර කාලයේ බිරිඳ හෝ පෙම්වතිය ළඟ නැතිකොට විතරක් පිරිමින්ගේ ඇඟේ හැපෙන්න ආ මේ ලැජ්ජා නැති බවලතුන් ඊයේ පෙරේදා සිට නෝනලා ඉස්සරහා පිරිමින්ට උකුළු මුකුළු කරන රැල්ලක් ඇතිවෙලා. මගේ මිතුරියකට ඔය ටික වෙලා. එයා නිකන් ඉඳලා නැහැ. වයින් වීදුරුවක් අරගෙන වැරදීමකින් වගේ අර විලිලැජ්ජා නැති බවලතිගේ යන්තම් විලිවැසුන ඇඳුම තෙමෙන්න හලලා හැමෝටම ඇහෙන්න අනේ සොරි අනේ කියලා. මනමාලකම එතැනින්ම ඉවරවෙලා. (නි)
නොහඬන් ළඳුනේ ,නොහඬන් ළඳුනේ... (නි)
නෝනාට කේන්ති ගන්න මෙතන සැමියාගේ වැරද්දක් නැහැනේ. අද කාලයේ කවුරුහරි පිරිමි කෙනෙකුගේ ඇඟට හේත්තු වෙන්න හැම තිස්සෙම මාන බලාගෙන ඉන්න එක්තරා කාන්තා කොට්ඨාශයක් ඉන්නවා. කලකට පෙර හිතවතෙකුගේ ගෙට ගෙවදීමක් මාලඹේ තිබුනා. අපි එහි ගිය දවසේ අඟර දඟර දමාගෙන අප වෙත පැමිණි එක්තරා තරුණ කලාකාරියක් නිවාස ණයක් සමබන්ධයෙන් කතා කරන්න කියලා මගේ සැමියාගේ ජංගම දුරකථනය අංකය ඉල්ලුවා. ඔහු කාර්යාල අංකය දුන්නා. කොහොමහරි එතනින් සැමියාගේ ජංගම දුරකථනය සොයාගත් මේ කාන්තාව දිගට හරහට බොරුවට නිවාස ණය ගැන කතාකරමින් මහා රෑට පවා කතාකරන්න ගත්තා. අන්තිමට ඉතා තදින් කතාකර රාජකාරි මට්ටමෙන් කාර්යාලයේදී පමණක් තමන් අමතන ලෙස කියපු පසුවයි සෙල්ලම නැවැත්තුවේ. හැබැයි ඒ කෙනා ඉන් නැවතුනේ නැහැ. මගේ සැමියා ඉතාම තදින් ගනුදෙනුකාරයන්ට කතාකරනවා කියල ඉහළට පැමිණිලි කළා. ඕවා ඔහොම තමයි. (නි)
ගැහැණියෙක් ගැන දන්නේ තවත් ගැහැණියෙක් කියා කතාවක් තියෙනවනේ!අනික ඉතින් හමන හුළඟ බලලා කියන්න පුළුවන්නේ වහිනවද නැද්ද කියලා. කෝකටත් වැඩේ දුර දිග යන්න කලින් මනුස්සයත් අරන් යන එක ඇඟට ගුණයි කියලා ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කිරීම හොඳ වැඩක්. අද කාලේ ජෝඩුව එකට සිටියදී ඔහොමනම් හිතන්නකෝ පිරිමි අපි තනියෙන් ගමනක් බිමනක් යනකොට මොනතරම් සෙනඟක් අපේ පස්සෙන් එනවද? අපි මොනතරම් උත්සාහ කරලද බේරිලා ගෙදරට පය ගහන්නේ කියලා හිතන්න .. මේක ගැහැණු කෙනෙක් තුලින්ම මතුවුණ කතාවක් නිසා පිරිමි අපිට හරි වැදගත් (නි)
ඇයි දෙයියනේ ඒ මනුස්සයා මොනවා කරන්නද? (නි)
මේ වගේ වසංගත දෙපාර්ශවයේම ඉන්නවා. විවාහක උදවිය තම තමන්ගේ පවුල් ජීවිත සිහිනුවණින් ආරක්ෂා කරගන්න වෙනවා. (නි)
ප්‍රේමරත්න නම් ගොඩගියා නේද? (නදී)
මගේ අක්කගේ දුව යන පෙර පාසැල් ගුරුවරිය තාත්තලාට එන්න කියනවා වෙසක් කුඩු හදන්න, එක එක උත්සව තියෙන කොට සරසන්න වගේ දේවල් වලට. ඒ යනකොට එයා ඇඳගෙන එන්නේ ලෙගින්ස්, කොට කලිසම් වගේ ඒවා. අම්මලාට කතා කරන්නේ “අම්මි“ කියලා. තාත්තලාට විතරක් නම කියලා කතා කරන්නේ. (ම)
දුලානි ඔය වගේ කතා හැම තැනම තියෙනවා. මම දන්න බවලතියකුත් ඔය වැඩේම කලා. පොඩි කොල්ලෙක් බැඳගත්තා. එයානම් පාඩමක් ඉගෙන ගත්තා. දැන් ඉන්නවා තට්ට අකුලගෙන තනියම. තමන්ට සුදුසු කෙනෙක් බැඳ නොගත්තම ඕක වෙනවා. (නදී)
අපෝ ඔව්. සමහරු ඉතා සතුටින් හිටපු පිරිමි මේ වගේ ගෑණු බැඳගත්තම මුළු ජිවිතේම විඳෝනවා. මේ නිසා තමයි අද ලංකාවේ දික්කසාද ප්‍රතිශතය 65% කොහේද වෙලා තියෙන්නේ. සමහර ගැහැනු සැමියා ලස්සනට අදිනවටවත් කැමති නැහැ. උන් දිහාම බලාගෙන ඉන්න කියලයි කියන්නේ. කාත් එක්කවත් කතා කරන්න දෙන්නේ නැහැ. අම්මා තාත්තා බලන්න යන්නවත් දෙන්නෙ නැහැ තනියම. (නදී)
අද කාලේ තරුන බිරින්දෑවරුන්ගේ කතාව අඟහරු ලෝකේ පදිංචි වෙන්න වගේ. ටැබ් එක අතේමයි. ගූගල් සරිච් කරලයි කෑම උයන්නෙත්. හැබැයි මේ වගේ ප්‍රශ්නෙකදි “රාමා සිතා “ වෙන්න හදනවා. පිස්සු බිරිදක්. ඕක ඔච්චර ගන්න ගන්න දෙයක්ද? අර සැමියගේ මුළු සතුටම නැති කරලනේ මේ බිරිඳ. උත්සව යකට සල්ලි වියදම් කරගෙන යන්නේ සතුටු වෙන්න. මේ වගේ ගෑණූ කරන්නේ සල්ලිත් දිලා රන්ඩුවකුත් අරගෙන ගෙදර එන එක.(නදී)
මම දන්නා කාන්තාවක් ඉන්නවා. බෝඩිමේ ගෙදර උසස් පෙළ කල තරුණ පුතාව රවට්ටගෙන බැඳ ගත්තේ. ඒ උදවියට උඩරට තේ වතු ඇතුළු ලොකු බුදලයක් මේ පිරිමි ළමයාට අයිති වෙන බව දැනගෙන. මෙයාට වැඩිය කාන්තාව අවුරුදු 4ක් වැඩිමල්. දැන් දුවල තුන් දෙනෙක් ඉන්නවා . නමුත් සැමියා යන යන තැන ඉන්න ලාබාල තරුණියන් ගැන සැකයි. තමන්ගේ මල්ලිල්ලාගේ නෝනලා වුනත් සැමියා එක්ක නෑදෑ කමටවත් කතා කරනවා වාට කැමති නැහැ. තමන්ගේ වැඩි වයස හංගන්න නොකරන රුපලාවන්‍ය සත්කාරයක් නැහැ. ඒත් ඉතින් අර මනුස්සයා කොයි බවලති එක්ක කතා කරත් හැමතිස්සෙම සැකයි. (නදී)
“වරින් වර ඔහු දෙස බැලූම් හෙලනු දුටු තරුණ බිරිය කෝපාවිෂ්ට වී සැමියාට රවන්නට වූවාය. “ මේක තමයි වැරැද්ද/ ඇයි දෙයියනේ තමන්ගේ සැමියට රවන්න ගත්තේ. වැරැද්ද කලේ සැමියා නෙමෙයිනේ. ඕකෙන් තමයි ගෑණුන්නව එපා වෙන්නේ අපේ පිරිමින්ට (නදී)
රෙජි-සිඩ්නි, එ්ක සැමියගේ මානව හිමි කම් කඩ කිරිමක්නේ? කසාදයක් කරගත්තයි කියලා තමන්ගේ දක්ෂ කමකින් ප්‍රයෝජනයක් ගන්න එක නවත්වන්න ඕනෙද? තමන්ගේ විනෝදංශ නවත්වනන ඕනෙද? ඔහොම උනාම තමයි කියන්නේ “ කසාදෙ හරි තිත්ත බෙහෙතකි“ කියලා. බැලන්ස් කරගෙන දෙන්න දෙමහල්ලන්ගෙම නිදහස රැකගෙන සතුටින් ඉන්න කවුරු කවුරුත් දැනගන්න ඕනේ. (නදී)
සමහර ගැහැනු මේකප් එකෙන් තමයි දිස්නෙ ගගහා ඉන්නේ. ඔය කට්ටිය ඉන්නෙම සැලෝන් වලයි. මිනිහෙක් දැක්කොත් ඉවරයි. 64 මායම දාලා අඟර දඟර දාලා අල්ලා ගන්නමයි බලන්නේ. (නදී)
මගේ පුතා යන පෙර පාසැලේ ගුරුවරියගෙන් මගේ සැමියව බේරගත්තේ 99 න් මම. තාත්තා කෙනෙක් ගියාම හුරතල් වෙවි ඇඟෙ ඇලි ඇලි කතාව. මහා ජරා ගැහැනුත් අපේ රටේ වසංගතයක් වෙලා තියෙන්නේ. (නදී)
මේකෙ කියන ගැහැනු දෙන්නටම පිස්සු. දෙන්නටම බෙහෙත් අරන් දෙන්න වෙනවා. (නදී)
පවුල් කෑමත් කලාවකි. එය නෙට්බොල් ගහන කරම් ලේසි නැත. එකී කලාව නොදන්නෝ දික්කසාදයෙන් කෙලවර කර ගනිති. උසාවි වල රස්තියාදු වෙති. (නදී)
අලුත බැඳපු තරුණ බිරියගේ වරදක් පෙනෙන්නට නැහැ.සමහර ගැහැණු ඉන්නවා ඇහැට කණට පෙනෙන පිරිමි උදවියව බලන්නේ කන්න වාගේ.මටත් මෙහෙම දෙයක් වුණ නිසා මම දන්නවා එයින් ඇතිවුණ අපහසුව. (නි)
ඔහොම තව කී කාලයක් රකින්ද? සැමියව කඩේකටවත් යවන්න බැහැනේ ඔයාට ඔය විධියට බැලුවොත්. ඔහොම පවුල් කන්න නම් ටිකක් අමාරුයි. (ර)
තමන්ට වඩා ලස්සන බාල පිරිමි බැඳ ගත්තු ගැහැනුන්ට මේ ප්‍රශ්නෙ වැඩියෙන් තියෙනවා. (ර)
මහ හොද නැති ගැහැනුත් අද රටේ ඉන්නවා. පොඩි කොල්ලෙක් බෙිරගන්න බැහැ උන්ගෙන්. කොන්ඩෙ කෙලින් කරගන්නවා. කලිසමක් ඇඳ ගන්නවා. මේකප් එකක් දාගන්නවා. 18 කෙල්ලො වෙන්න දඟලන්නේ මේ කට්ටිය තමයි. (ර)
මම අද්දැකිමෙන් කියන්නෙ මේ කාන්තාව වැඩිකල් පවුල රැකගන්නෙ නැහැ. බැඳපු අළුත කතාව ඔහොමනම් පහු වෙනකොට කොහොම කතා කරයිද? මම දන්න අක්කා කෙනෙකුත් ඔහොම රැක රැක හිටියා බැඳපු අයියව. ඒ අයිය නරක කෙනෙක් නෙමෙයි. හැබැයි කාත් එක්කවත් කතා කරනවට අර අක්කා කැමති නැහැ. පස්සෙ පස්සේ රන්ඩු වෙලා වෙලා අන්න දැන් අයියා දික්කසාද නඩුවක් දාලා “ බිරිද හැම විටම බනිනවා. රස්සාව කරගන්නත් බැහැ. මානසික සුවය නැතිවෙලා අයියා ලෙඩෙක් වෙියි තවදුරටත් මේ කසාදෙ තිබුනොත්“ කියලා. (ර)
සඳුන් සුරියහෙට්ටි, ඔයා කොහොමද කියන්නෙ කලින් කෙනාව ඇත ඇරිය එක මහා ජරා වැඩක් කියලා. කලින් කෙනා ගැන ඔයා මොනව දැනගෙනද ඔහොම කතාවක් කිව්වේ. (නදී)
ඉරිසියාව කියන භයානක ලෙඩේ වෙන්න බොහෝවිට ඉඩ තියෙනවා. “ඔතෙලෝ“ කියලා ලෙඩකුත් තියනවා. බොරුවට සැක කරන. නැත්නම් ඕක මහාලොකු දෙයක්ද? එහෙනම් ඉතිං සැමියව රස්සාවටත් නොයවා ගෙදර තියාගන්නයි වෙන්නේ. ඔය තරම් සැකනම් ඇයි බැඳගත්තේ ? (බ)
මැදිවියේ කාන්තාවන්ගෙන් 18-20 ළමයි රැකගන්න එක තමයි ලොකුම අමාරුව. (ම)
ප්‍රේමරත්නට සතුටින් ඉන්නවා වාගේ. එයාට හොඳනම් අපිට මොකෑ. සමහර විට දෙවැනි එක්කෙනා හොඳ ඇති පළමු තේරිමට වැඩිය. අපි දන්නේ නැහැනේ මොන වැරදි තිබුණද කියලා.(ම)
“ කාන්තාව තම සැමියා සමඟ කථා කරනු දුටු භාර්යාව සැමියාව කොනිත්තා ”අර ගෑනි මොනාද කීවේ” යැයි ඇසුවාය.“ බලන්න මේ විවාහක බිරිද කතා කරලා තියෙන කැත. අහිංසක සැමියව පාටියෙදිම අපහසුතාවයට පත් කරලානේ. මෙහෙම වුණාම හොඳට ඉන්න මිනිසුසුත් වැරදි පාරවල් වල යනවා. ඕක සාමාන්‍ය දෙයක් වගේ මඟ ඇරලා හිටියනම් එතනි්න්ම අමතක වෙන්නත් පුළුවන්. කාන්තාවො වුණාම අපි ටිකක් ඉවසිය යුතුයි වෙනන් ඕනේ. නැත්නම් අමාරුවේ වැටෙනවාමයි.(ම)
මේ කතාවේ හිටියට පිරිමි කෙනොගේ වැරැද්දක් නැහැ. එයා ටිකක් ආකර්ෂණය කෙනෙක් නිසා ගැහැනු අය පැන පැන කතා කරනවා ඇති. පැනලා දුන්නු කාන්තාව නම් වැරදියි ඇත්තටම.(ම)