ඌව පළාතේ එක්තරා ගමක තරුණයෙක් අසල්වැසි ගමකින් මනාලියක් කැන්දාගෙන ආවේය. එම මංගල්‍යය ජයටම පැවැත්විණි. ඒ අනුව මනාලිය නිවෙසට කැන්ඳාගෙන පැමිණි මනාලියගේ පිරිස වෙනුවෙන් මධුවිතෙන්ද සංග‍්‍රහ කෙරිණි.
මත්පැනට ලොල් පුද්ගලයකු වූ මනාලියගේ පියාද සිත්සේ මත් පැන් පානය කර, දිවා ආහාරයට එක් වූයේය. නමුත් අධික බීමතින් සිටි ඔහු කෑම ගැන උනන්දුවක් දැක්වූයේ නැත.
‘‘බත් නං කන්න බැහැ... ඒත් කිරි හැන්දක් නං කන්න පුළුවන්’’ එසේ කී ඔහු කිරි කෑමට සූදානම් වූයේ කිරි කෑමට ලොල් අයෙක් නිසාමය.
‘‘අනේ මේ පුංචි කප් එකකට කාල මොකටද..?’’ එසේ කී ඔහු වට පිට බලද්දී දුටුවේ අසල කැබිනෙට්ටුව මත යම් බඳුනක් ඇති අයුරුයි.
‘‘ආ... මේ ලොකු කිරි කප් එකකුත් තියෙන්නේ...’’ එසේ කියා එම බඳුනට කිරි හැඳි කිිහිපයක්ම දමා කෑමට සූදානම් වෙද්දී මනාලයාගේ ඥාතීන් මහත් විමතියෙන් බලා සිටියත්, මනාලියගේ ඥාතීන් මහත් ලැජ්ජාවට පත් වූයේ ඔහු එසේ කිරි කෑමට රැුගෙන තිබුණේ මනාලයාට ක‍්‍රීඩා තරගයක ජයග‍්‍රහණය වෙනුවෙන් ලැබී තිබූ කුසලානයක් වීම හේතුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බේබද්දෝ බොහෝ ලජ්ජා නැති වැඩ කරන්නෝය. එහෙත් උන්ගේ ලජ්ජා නැති කමට යලි යලිත් මත් පැන් බොති. යලි යලිත් ලජ්ජා නැති වැඩ ම කරත්. එහෙත් උන් අනුකරණය කරමින් මත්පැන් බොන්නන් මිස උන්ගේ ගොන්කම් දැක මත් පැන් අත් හරින්නන් ගැන අසන්නට නැත. මෙවැනි කතා වලින් වත් හැදෙන්න හිතන්න. (ස)
ඇත්තටම කුසලානයේ ඉතිහාසය බැලුවොත් කුසලානය දුන්නේ වයින් බොන්න. ඇත අතීතයේ කුසලානය දිනු තැනැත්තා කුසලානය පුරවා වයින් බීව. ඉතින් කුසලානයෙන් කිරිකෑම මහදෙයක් නොවෙයි එයා දිනපු කුසලානයක් නම්. අනුන්ගේ කුසලානයෙන් කිරිකෑවනම් එක හොදමදී (දී)
තාත්ත අපහු ගෙදර යාවි. මනමාලිට තමයි ලැජ්ජාව. බේබදුකම නිසා ස්ත්‍රීන්, කුඩා ළමුන් ලජ්ජාවට අපහසුතාවයට පත් වෙනවා. (අ)
ඇත්තටම හිනා ගියා ඒ සිදුවීමට (නි)
සුපිරි වැඩක්නේ! (නි)
මිනිස්සු බීලා කරන විකාර දැක්කම මේවා මොනවද කියලත් වෙලාවකට හිතෙනවා (නි)
අපොයි ඕක මොකක්ද දැලි පිහියෙනුත් කිරි කන්නේ. (ස)
මම සිතුව දේම දිසා ලියලා. දැන් ඉතින් මේ මනමාලිට මේ ගෙදර ගෙවන්න වෙන ජීවිතය දැලි පිහියෙන් කිරි කනවා වගේ නම් වෙන්න එපා. (නි)
දැන් ඒ මනමාලිට මොනවා වෙලාද දන්නෙ නැහැ (නි)
"දැන් ඒ මනමාලිට මොනවා වෙලාද දන්නෙ නැහැ" මනමාලිට මුකුත් වෙන්නේ නැහැ එයාගේ මහත්තයත් බොනවා නම්. (ස)
ආ ඕක මොකක්ද ? අරයා විසි හතර පැයේම වෙරි මර ගාතේ වගේනේ වැඩ කරන්නේ (නදී)