(කොටපොල - කේ. ප‍්‍රදීප් නිරෝෂන්)
ඔහු වයස්ගත පුද්ගලයෙකි. මිල මුදල් යහමින් ඇති බැවින් විනෝදවීමට ඉතා කැමැත්තක් දක්වයි. නැටුමට ගැයුමට ප‍්‍රියතාවක් දක්වන නිසා නිතර සැඳෑ සාදයන්ට සහභාගී වෙයි.
පසුගිය දිනෙක හෝටලයක සැඳෑ සාදයක් පැවැත්විණි. ඔහුට ද ඇරියුම් ලැබිණි. ඔහු සාදය සඳහා ගමන් ගත්තේ රතුපාට ට‍්‍රක් රථයකිනි. රථය හෝටල් රථ ගාලේ නැවැත්වූ ඔහු සිනාමුසු මුහුණින් සාදයට එක් වී මධුවිත තොල ගාන්නට විය. ඔහුගේ රථයේ වර්ගයේම කොළ පාට ට‍්‍රක් රථයක් හෝටල් රථගාලේ ඔහුගේ රථය අසලම නවතා තිබිණි.
පැමිණි සිටි සියලූදෙනා සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් මධුවිත පානය කළ ඔහුට නැටුමට සිත්විය. ඔහු ගැන හොඳින් දැන සිටි බිරිය සහ පුතා දුරකතන ඇමැතුමක්දී ‘‘දැන් බිව්වා ඇති ගෙදර එන්න’’ යයි පැවසූහ. එහෙත් ඔහු නැටුම නැවැත්වූයේ නැත. තවදුරටත් නිවෙසින් දුරකතන ඇමැතුම් ගලා එන්නට විය. බේරුමක් නැති තැන හොඳට සූර් වී සිටි ඔහු නිවෙසට යාම සඳහා රථයට ගොඩ විය. ඔහුට තමා පැමිණි රථය ද අමතක වී අසල නවතා තිබූ කොළ පාට ට‍්‍රක් රථයෙන් ගෙදර ගියේ යතුර ද එහිම තිබූ බැවිනි.
නිවෙසට ළඟා වූ පසු පුතා ගේට්ටුව විවර කරන විට දක්නට ලැබුණේ පියා වෙනත් වාහනයකින් පැමිණ ඇති බවයි. ‘‘කෝ අපේ වාහනේ. ඒක කාටද දුන්නේ? මේක මොකටද ගෙනාවේ? යනුවෙන් අසනතෙක් තමා පැමිණියේ වෙනත් වාහනයක බව ඔහු දැන සිටියේ නැත. සිය පුතා ද සමඟ ආපසු වාහනයට නැගුණු ඔහු තමාගේ වාහනය රැුගෙන ඒම සඳහා හෝටලය වෙත නැවත පැමිණෙන තෙක් සාදයේ සිටි අය ද ඒ බව දැන සිටියේ නැත. ඔවුන් නැවත පැමිණි පසු සූර් වී වාහනය මාරු වී ඇති බව සියලූ දෙනා දැන ගත්හ. පැමිණ සිටි අය අතරින් කිහිප දෙනකු හූ හඬ දී සිනාසෙන විට ඔහුට වගේම පුතාට ද ලජ්ජාව ඉවසාගත නොහැකිව දෙවියන් සිහි වුණාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලැජ්ජාව සුලු කාලයකට විතරයි. අියෙත් බීපුවම සේරම ඉවරයි. එදාට මාරු වෙන්නේ වාහනේ නෙමෙයි තමන්ගේ ගෙදර (නදී)
අල්ලපු ගෙදර අන්කල් රෑ වෙලා ඇවිල්ල පාරේ ගෝරියක්. ත්‍රිවිල් මල්ලි 250 ඇති කියනවා, අන්කල් නෑ නෑ හැමදාම මම එන්නේ 300 ට කියල 300 දෙන්නම හදනවා. ත්‍රිවිල් මල්ලි හොඳ එකා නිසා වැඩිපුර ගන්න කැමති ත් නෑ කරදරේ බැරි නිසා දිපූ ගාන අරගෙනම ගියා (අ)
රුවන්, එළවනකොට වෙනස තේරෙන තරමට සිහිය තිබුනා නම් අනුන්ගේ වාහනයක් අරන් යන්නේ නැහැනේ (නදී)
බොරු කියන්න එපා. අපේ රටේ බීලා යනකොට පොලිසියෙන් අල්ලනවානේ. (නදී)
මෙයාගේ නෝනා හොඳ වෙලාවට එතන නොහිටියේ. නැත්තම් එහෙම නෝනවත් මාරු කරගෙන වෙන කාගේ හරි නෝනෙක්ව ගෙදර අරන් යයි.(හේ)
අනේ අපි නොදන්නා බොරු ! (නදී)
මොහු කොහොමද දන්නෙ නැහැ අනතුරක් නොවී ගියේ? (නි)
පුදුම මිනිස්සු! (නි)
මෙයාව හොයලා නඩු දාන්න.මෙහෙම අය නිසා අනතුරු වැඩිවෙනවා. (නි)
මේ ලංකාවේම තවත් සමාජ පන්තියක් තියෙනවා. එයාලා නම් මේ වගේ සැඳෑ සාද වලට ගිහින් මාරුකරගන්නේ වාහන නෙමෙයි (නි)
මට නම් හිතාගන්නත් අමාරුයි (නි)
කොහොමද අනිත් කාර් එකේ යතුර හම්බවුණේ.(හේ)
කවුද වාහනයේ යතුර වාහනයේම තියලා ගියේ? අනුන්ගේ වාහනයක් පදිනකොට රියදුරාට වෙනස තේරුනේවත් නැද්ද? (නි)
මේ කතාව ටිකක් විශ්වාස කරන්න අමාරුයි වගේ. (හේ)
ඒ කියන්නේ හොඳටම බොන්න ඇති.(හේ)
මට පේන්නේ කොළ පාට රථයෙන් ආපු කෙනා එතනට ඇවිල්ල තියෙන්නෙත් සූර් පිටද කොහෙද .! නැතිනම් යතුර ඔහොමත් දාලා යාවිද ?(හේ)
අනේ මේ, මේක නම් පට්ට පල් බොරුවක්. කතාව හරියට ගොතලා නෑ.(හේ)
වාහන දෙකේම දෙන්නා යතුරු වාහනේම තියලා ගිහිල්ලා. නැත්නම් කොහොමද එහෙම වෙන්නේ අනේ මන්දා (නදී)
මේක බොරුවක් ද මන්දා (නදී)
මේක බොරු කතාවක් වගේ පේන්නේ. (නදී)
මේ තරමටම වෙරිද මෙයාට? (නි)
මට පුදුම ඔයතරම් වෙරිමතේ හිටි ඔහු කොහොමද වාහනය පදවාගෙන ගියේ කියන එකයි. (නි)
මඟදි සුදු ඉරි කට්ටිය එහෙම වාහනය නැවැත්තුවා නම් මොහුට හූ හඬ කෙසේවෙතත් උතුර දකුණත් මාරුවෙයි. (නි)