රැකියාවට යන පියා තම කුඩාපුතා පාසලට හැරලීම සිරිතක් විය. දිනක් පුතා සමඟ යනවිට ඔහුට දුරකතන ඇමතුමක් ලැබුණේ බිරිඳගෙනි. දුරකතනය අතටගත් හෙතෙම පිළිතුරු දීම සඳහා පුතාට දී යතුරුපැදිය පදවන්නට විය. පුතා ඇමතූ මව “පුතේ වතුර බෝතලේ දාලා ගිහින් කඩෙන් වතුර බෝතලයක් ගන්න කියලා තාත්තට කියන්නැයි” පැවසුවාය.
පුතා පියාට කතාකොට “තාත්තේ අම්මා, කිව්වා මගේ වතුර බෝතලේ ගෙදරලු. කඩෙන් වතුර බෝතලයක් ගන්න කීවායයි පැවසීය. “අදට විතරක් ඉස්කෝලේ වතුර බොන්නැයි” පියා කීවිට “අපෝ තාත්තේ ඉස්කෝලේ වතුර කිවුලයි.” පුතා පැවසීය. පාසල අසල වෙළඳසැලකින් වතුර බෝතලයක් මිලදී ගත් පියා එය පුතාට දී සේවා ස්ථානයට පැමිණියේය.
දිවා ආහාරයේදී තම කෑම පාර්සලය සහ වතුර බෝතලය ගැනීමට සැමියා බෑගයට අත දැමීමේදී සොයාගත හැකිවූයේ කෑම පාර්සලය පමණි. බිරියට ඇමතුමක් ගත් සැමියා “කෝ වතුර බෝතලේ” යනුවෙන් විමසීය.
ඒක තමයි මම පුතාට කිව්වේ ඔයාගේ වතුර බෝතලේ ගෙදර. කඩෙන් එකක් ගන්න කියලා” යැයි බිරිය පිළිතුරු දුන්නාය. එවිට සැමියා, “ඔයාගෙයි පුතාගෙයි කොමිනියුනිකේෂන් එක අවුල් වුණ නිසා පුතාට වතුර බෝතල් දෙකක්ම ලැබුණා” යැයි පවසා ආහාර ගැනීමෙන් පසු වතුර කරාමයේ පිහිට පැතීය
ක්‍රිස්ටෝපර් සීපියන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විදිහේ සුළු අතපසුවීම් වෙන්න පුළුවන්. එක සාමාන්‍ය දෙයක්. (ම)
ඔය වගේ දේවල් වෙනවා හදිසියට.(හේ)
ඕක පොඩි දෙයක්නේ. තාම අපේ රටේ ගොඩක් දෙනෙක් බොන්න පාවිච්චි කරන්නේ නල ජලය තමා.බෝතල් කරලා එන ඒවත් 100 % පිරිසිදුයි කියල කාටද කියන්න පුළුවන් (අ)
කොහොම වුණත් දරුවට ටැප් වතුර බොන්න කියපු පියාටම ටැප් වතුර බොන්න වෙච්ච එක නියමයි. බැලුවම දරුවා වාසනාවන්තයි. එ්ත් ඉතින් සමහර බෝතල් වතුර වලට වඩා ටැප් වතුර හොඳයි (නි)
ඒ කියන්නේ අපේ ටැප් වතුර බොන්න තරම් හොද නැද්ද? ඔය කඩවල් වලට ගියාම දෙන්නේ මොන වතුරද? වතුර පිරිසිදු නම් නරකක් වෙන එකක් නැහැ. (නි)
ඒකත් ඉතින් නරකම නැහැ. හොඳ පාඩමක් (නි)