සුනාමියක් පැමිණෙතැයි බියක් ඇතිවූ දා සිදුවූ අපූරු සිදුවීමකි. සුනාමි බිය පැවැති සවස් යාමයේ කොළඹින් හෝමාගම පෞද්ගලික බසයකට ගොඩවූ තරුණියන් දෙදෙනෙකි. බසය මගීන්ගෙන් පිරී තිබුණු අතර ඔවුන් දෙදෙනාද බසයට නැග ගත්තේ ඉතාමත් අසීරුවෙනි. කොන්දොස්තර තැන එදා ටිකට් පත් නිකුත් නොකළ අතර මුදල් ලබාගත්තේ මගීන් බිමට බැසීමෙන් පසුවය. තරුණියෝ දෙදෙනාද තම ගමනාන්තයට පැමිණීමෙන් පසු බසයේ ඉදිරිපස දොරටුවෙන් බිමට බැසගත්හ. වහා පසුපස දොරටුවේ සිට දුවගෙන ආ කොන්දොස්තර, රුපියල් පන්සීයක් දෙන්නැයි තරුණියන් හට කීය. පුදුමයට පත් එක් තරුණියක් ”කොළඹ ඉඳන් මෙතන්ට එක්කෙනකුට රුපියල් විසි හතරයිනේ” යැයි පැවසුවාය. එවිට කොන්දොස්තර ”මිස්ලව සුනාමියෙන් බේරගත්තට තමයි රුපියල් පන්සීයක් ඉල්ලූවේ” යැයි ඇඟට පතට නොදැනී පැවසීය. රුපියල් පනහක් තම මුදල් පසුම්බියෙන් ගත් තරුණිය එය බසය තුළට විසිකර ”ඔහොමත් ගසාකාලා මුහුද පැත්තෙන් නම් යන්න එපා. සුනාමියක් ඇවිත් අරගෙන යාවි” යැයි කියමින් මිතුරියද සමගින් පිටවූවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කොන්දොස්තර කොලුව විහලුවක් කොරල තියෙන්නේ. ඒකට ඒ නංගිල දෙන්නට තද වෙලා.හෙහ් හෙහ් හෙහ්
එල කොල්ලෙක් නේ.
නියමයි නංගි
රුපියල් 500ක් දුන්න නම් යසට ගනීවි
නියම විහිළුව
එහෙම කියන්න අපා මල්ලී දොස්තර විභාගෙන් පාස් වෙන්න බැරුව කොන්............ වුනාට, සුනාමියක් නෙවෙයි පුංචි ගංවතුරෙත් ගිහින්.
කොන් දොස් තර මහත්තයෝ ලොකු ගස් යටින් නම් තනියම යන්න එපා. වැහි නැති හෙන පහත් වේවි.
කුඩයක් සෙරෙප්පුවක් තිබුණෙ නැද්ද නංගී
නියමයි, ඔතන හිටියනම් 500 ක් 1000 ක් දෙනවා.
කාරුණික ඉල්ලීමක්,.... කොන්දොස්‌තර,රියදුරු,මහත්වරුනි.මෙවැනි අවස්‌ථාවක හෝ තම ස්‌වාමියාගෙන් බැනුම් ඇහුවත්,එක ගමන් වාරයක් හෝ මිනිසුන් රැගෙන ගමනාන්තයට ගොස් ඇරලවන්න.නැවතත් ඔබලාගේ බසයේ යන්න එනවාමයි,දීර්ග කාලීන ලාභයක්.බැන්නත් වාහනයේ අයිති කරුටත් ඇස් ඇරෙන දෙයක් වේවි,ස්‌තුතියි
සුනාමිතයත් විකුණල හරි සල්ලි ගන්න තමයි උත්සාහ කරන්නේ. මෙහෙමත් මිනිස්සු