මාතර පැත්තට දිව යන පෞද්ගලික බසයකි. නවීන විලාසිතාවෙන් සැරසී සිටි තරුණියක් බසයෙන් බැසීම සඳහා සීනුව නාද කළ අතර බසයේ වේගය අඩු විය.
බසයෙන් බැසීමට ආ ඇය දුටුවේ ඉදිරි අසුනක තම සමීප ඥාතිවරියක සිටින බවය. ඇයට පණිවුඩයක් දීමට සිතුණු හෙයින් මඳක් නැවතී ඇය සමඟ කතාවට වැටුණාය. බසය නැවැත්වූ රියැදුරු තැන ඉදිරිපස කණ්ණාඩියෙන් ඇය දෙස රවා බැලූවත් කතාවේ නිමක් නොවීය. ”කතාව නවත්තල බහිනවා.”
කොන්දොස්තරද කෑ ගැසීය. ඒත් කතාවේ ඉවරයක් නැත. කොන්දොස්තරට යකා වැහිණ. බසයද යළි අද්දන්නට සූදානම් විය. ”ඉක්මනට බහිනවකො හලෝ” කී කොන්දොස්තර තවත් මොනවාදෝ කීවේ කෝපයෙනි.
”අර කොන්දා මොනවද කුටු කුටු ගානවා” ඇය ඥාතිවරියට කියත්ම එය ඇසුණු කොන්දොස්තර දැඩි කෝපයෙන් ඇයට පහර දීමට මෙන් එතැනට ආවත් ඇය වේගයයෙන් දිව ගොස් බසයෙන් බැස මග දිගේ දිව ගියේ මගීන්ගේ හිනා හඬ මැදය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපවතියේ, කට හින්දයි මාළුවා නහින්නේ. ඉපදුන රටට ගරහන්න එපා (නි)
රින්සෝ බාල්දියක් ඉවරවෙනකම්ම සෝදලා. ඔන්න අපේ කාන්තාවෝ, තැනක් නොතැනක් බලනවද. (ර)
පවු අනේ අදනම් කට්ටියට බයිට් එකක් නැහැ වගේ නේද ? (ර)
ජයා, බයිට් නැත්නම් හදලා ගේමුකො කාටත් සහයෝගයෙන් රස විදින්න. (ර)
ඇයි ජයෝ රුපවතී බිත්තරයක් බැදලාම ගෙනත් තියෙන්නේ මදිද ? (බ)
ලංකාවේ මිනිස්සු හොඳ නැහැ කියමින් ඒ අස්සටමනේ අන්තිමට රිංගලා තියෙන්නේ. (ර)
අනේ අම්මේ අර පිට බැද්දරජයා වගේ උගතෙක්. මොලේ තෙමා ගන්ඩ එපා. (බ)
පෝය ලග නිසාද මන්දා ජයා සොයුරා නිවුණු ගතියක් පෙන්නුම් කරලා තියෙන්නේ, මෙතන බයිට් වෙන එකත් වෙනස්ම ෆන් එකක් නේද ජයෝ... (ර)
බෙල් එක ගැසුවේ බහිනා තැන ලග හින්දා.., ඩිංගක් පහු උනේ නෑදෑයෙක් උන් හින්දා.., නෑයයි වේයයි දෙන්නම එක හින්දා.., ගුටි නොකා බේරුනේ දෙපයේ විරිය හින්දා. (ර)
නවීන විලාසිතාවෙන් සැරසී, නිමක් නැති කතාවට පැටලී සිටියොත් අනෙක් අය ඇයගේ කතාව ඉවරවෙන තෙක් ඉවසා වදාරා සිටිය යුතුද....? මම මේ දන්නේ නැති නිසයි ඇහුවේ. (නි)
සුරනි, කවුද රූපවතීද? ඒ ගොල්ලෝ දැන් සුද්දියෝනේ (නි)
මම දැක්කා ඔය ලංකාවට බනින කෙනා, එංගලන්තේ යුධ ආම්පන්න ගබඩා කළ රටක ඉන්නේ කියලා බොහොම උජාරුවෙන් කියනවා. ඒකෙන්ම තේරෙනවානෙ මානසිකත්වය. (නි)
පිටරට ගිය අයට එසේ මෙසේ පොෂ් උණක් නෙවෙයි තියෙන්නේ. කවදාවත් බස් එකේ ගිහිල්ලත් නැහැ වගේ (බ)
රංග, කට්ට අව්වේ පොත් මිටියත් තුරුළු කරගෙන පාසල් ගිය හැටි, බස් වල තෙරපීගෙන දහඩිය වගුරමින් වැඩට ගිය හැටි කෙසේ අමතක කරන්නද? අම්මා උයාදුන් දුප්පත් කෑම වේල ගැන කඳුළු පිරි නෙතින් සිහිකරමින් අපි මෙහෙ හිටියාට හිත තිබෙන්නේ ලංකාවේ. දුප්පත් සිසුන් ඉටිකොළවල බිම හිඳගෙන අකුරු කරන හැටි පුවත්පතින් දුටු අප කෙතරම් කම්පා වුණාද...? ඇයි ඒ..? අපි ශ්‍රී ලාංකිකයින් නිසාමයි. (නි)
අපේ කාලේ නම් ගමේ ගොඩේ බවලතුන්ගේ "චර - බරේ" තිබුනේ ගමේ ලිඳ ළඟ. දැන් එක බස් එකටත් ඇවිල්ල වගෙයි. මෙහෙම ළමිස්සියන් නිසා බස් වල යන අනිත් මගීන්ට දෙයියන්ගේම පිහිටයි.....(බ)
රූපවති, ආවට ගියාට අදහස් දමන්න එපා. ලංකාවේ අය එහෙම වෙන්නේ කොහොමද? (නි)
කොල්ලෝ වෙලා අපි ඔය වැඩ කළා නම් එහෙම ඉඳලා ඉවරයි. අපිට පයින් ගහලා එළියට දායි. (නි)
බසයේ රියදුරු පිටබැද්දර ගමේ කෙනෙක් වද්ද? (බ)
තරුණියට කියන්න තිබුනේ “මට වැරදිමක් වුණේ, සොරි අනේ" කියලා. (නි)
රූපවති, සෙවණ දුන් ගසේ අතු සිඳලන්න එපා. වැදු මවටත් හැදු රටටත් ගරහන්න එපා. (නි)
හැම රටේම අඩුලුහුඬුකම් තිබෙනවා. ඒත් ලංකාවේ බස් කොන්දොස්තරගේ සිට තමන්ගේ ගමේ මිනිස්සු දක්වාම පහත් කරනවා නම් ඒක ආකල්පමය ප්‍රශ්නයක්. (නි)
අනේ හැබෑට මෙහෙමත් ගැහැණු! (නි)
සීනුව ගැසුවේය බසයෙන් පිටවෙන්න... සිතුවේ තමන් දන්නා අය අමතන්න... කොන්දා නිසා බැරිවිය මට පවසන්න... ගුටියක් නොකා දිව්වෙමි පණ රැකගන්න... (නි)
අනිවාර්යයෙන්ම එයා රජයේ සේවිකාවක්. කතාවට වැටුනහම උන්හිටි තැන් අමතකවෙනවා. (නි)
රුපවති, මොකෝ ඔච්චර තරහ හෙළයන් සමග. (ස)
එක්කෙනෙක්ට බවලතුන්ව පේන්න බෑ..අනික් කෙනාට ලංකාවෙම මිනිස්සු පේන්න බෑ..හරියට තමුන් ලංකාවෙ හිටියෙ නැති කෙනෙක් වගේ. (බ)
පව් අනේ ලස්සන කෙල්ල. කොන්දොස්තර වයසක කෙනෙක් වෙන්ට ඇති මගේ හිතේ! (බ)
අපෝ ලංකාවේ මිනිසුන්ද? ඕපාදූප, අනුන්ගේ හැලි උදේ ඉදන් ගමවටේ කාලේ නාස්ති කරනවා ඒත් වෙලාවට වැඩ කරන වැදගත් පුරුදු නම් අබරලා ගුලි කරලා නැවත හැදුවත් ඇති කරන්න අමාරුයි ...
සීනුව නාද කලානම් බසයෙන් බැසිය යුතුයි එහෙම නැතිව මිනිසුන් රස්තියාදු කිරීම බුද්ධිමත් කෙනෙක් නම් කරන්නේ නැත (ම)
චාරු,බස් කොන්දොස්තර ඩුබායි තිලක්ගේ ගමේ කෙනෙක්? (බ)
පුදුමයි මේ උදවිය තරුණ පහේ හැඩකාර තරුණියන්ට මෙහෙම බැන්නා කිව්වාම. සාමාන්‍යයෙන් පිටට අත තියලා බොහොම ආදරෙන් කරුණාවෙන් බහින්න නගින්න සලස්සන්නේ (ම).
සීනුව ගැහුවේ ඇය බසයෙන් බැසගන්නයි.. එය වැලකුනේ නෑදෑකම් ලොකු හින්දයි.. බැනුම් ඇසුවේ ඇය කාලය කෑ හන්දයි.. රියදුරු මෙන්ම සහයකගේත් කට සද්දයි..(ම)
චාරු මෙතන ආයෙත් අච්චාරු කරන්න වගේ හදන්නේ. (බ)