(රත්ගම විශේෂ. - ධර්මදාස සිරිවර්ධන)
හදිසියේ ලැබුණු වාසියකින් යුතුකම් ඉටුකිරීමට ගොස් අමාරුවේ වැටුණු පුද්ගලයකු ගැන දකුණේ පිටිසරබද ගමකින් අසන්නට ලැබුණි. හදා වඩාගත් තම ආච්චිට සැපක් ගැනීමට කතා කළ මුණුබුරෙකු විසින් වචන පටලවා ගැනීමෙන් සිදුවන්නට ගිය විපතක් අනූනවයෙන් බේරී ගොස් ඇත්තේ තම මවගේ කුනු බැනුම් මධ්‍යයේය. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
වයස අවුරුදු 23ක් පමණ වන සුළු රැකියාවක් කළ ඔහු හැඩකාර පෙනුමක් ඇති අවිවාහක තරුණයෙකි.
ඔහු තමා හදා වඩා ගත් ආච්චිට මවටත් වඩා ආදරය කළේය. ඇය වැඩිහිටි සමිතියේ ද කැපීපෙනෙන චරිතයක් විය. එයට හේතුවක් වූයේ වයස නොපෙනෙන, තරමක් උගත් මෙන්ම මහත් සේ විනෝදකාමී චරිතයක් ඇති කාන්තාවක වූවාය. එමෙන්ම හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයකින් යුත් කාන්තාවකි. කෙසේ වුවද මේ වන විට ඇය තරමක් දුර්වල තත්ත්වයේ පසු වූවාය. එහෙත් ඇයගේ හිතේ හය්ය නම් අඩුවක් නොවීය.
මෙම සිද්ධියට අදාළ මුනුපුරාට පසුගිය දිනෙක අහම්බෙන් මෙන් රේස් කොළ කෑල්ලක් වැඩ කළේය. ඒ ගැන ඔහු මහත්සේ සතුටු වූ අතර මේ මුදලින් අලුත් දෙයක් කිරීමට සිතුවේය.
දිනක් මුණුබුරා කල්පනා කළේ වාහනයක් රැගෙන විත් තම ආච්චි හොඳ හෝටලයකට කැඳවාගෙන ගොස් හොඳින් කෑම බීම ලබාදී සංග්‍රහ කර චිත්‍රපටයක් ද පෙන්වා ආපසු නිවසට කැන්දාගෙන ඒමටය. සිද්ධිය සිත්හි තබාගත් ඔහු බාර් එකට ගොස් සප්පායම් වී නිවෙසට අවශ්‍ය බඩු ද රැගෙන නිවෙසට පැමිණියේය.
මඳ පමණින් සප්පායම් වූ ඔහු නිවසට පැමිණෙන විට ආච්චි සාලයේ රූපවාහිනිය නරඹමින් සිටියාය. බඩු මුට්ටු සාලයේ තැබූ ඔහු සාලයට පැමිණ ආච්චියේ අද අපි හොඳ හෝටලයකට ගිහින් හොඳට කාලා චිත්‍රපටියකුත් බලලා සැපක් ගනිමු’යි කීවේ බමන ගතියෙනි.
ආච්චි කිසිත් නොකියා තම කාමරයට ගොස් ඔහුට කතා කළේය. බමන මතින් කාමරයට ගිය ඔහුට ආච්චි දිගට හරහට කොස්සෙන් තඩි බෑවාය.
පසුව ඔහු මෙම අලකලංචිය තම මවට කීවාය. ඉන් පසුව කාමරයට ගිය ඔහුගේ මව තම මෑණියන් වූ ඇයට කරුණු පැහැදිලි කළාය.
ආච්චිට මහත් දුකක් ඇතිවිය. සිදුවූ දෙයට සමාව ගැනීමට ඇය ඔහු සොයන විට ඔහු නිවසින් පිටව ගොසිනි.
සිද්ධිය පිළිබඳ එහි සිටි මිතුරකුට පැවසීම නිසා මේ සිද්ධිය ගැන ගමේ මෙන්ම සේවය කරන ස්ථානයේ මිතුරන්ටද සැල වූ අතර ඒ ගැන අසන විටම ඔහුට කේන්ති ආවද ඒ බවක් නොපෙන්වා ”ඕව බීමේ විපාක බං” යනුවෙන් සිනාමුසු මුහුණින් පවසා මාරුවන්නේ කේන්ති ගියහොත් මේ ගැන විමසීම් දෙගුණ තෙගුණ වන බව ඔහු අත්දැකීමෙන් දන්නා නිසාලු.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සැපක් ගන්න කතා කළ ආච්චිගෙන් මුණුබුරාට කොහුමිටි සංග්‍රහයක්
beau Monday, 18 January 2021 11:12 PM
අනේ පව්..!!!