වට්ටක්කා කිලෝව කිලෝ අනූ එකක් ලෙස සටහන් කර ඊට රුපියල් හයදහස් හාරසීයක මුදලක් අය කර ගැනීමේ සිද්ධියක් ඉකුත් සෙනසුරාදා (26) පස්වරුවේ පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළෙඳසලකින් වාර්තාවේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ජනවාරි මාසය සඳහා වැටුප ලැබීමෙන් පසු එළැඹෙන ඉදිරි මාසය සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගැනිමට පැමිණි පුද්ගලයකු එම ද්‍රව්‍ය මිලදී ගැනීමෙන් පසු මුදල් ගෙවා ඇත.
මුදල් ගෙවීමෙන් පසු ලැබුණු බිල් පත පරීක්ෂා කළ ඔහුට වෙනදාට වඩා රුපියල් හයදහසක පමණ වැඩිවීමක් පෙන්නුම්කර ඇති නිසා ඒ බව වෙළෙඳ සේවිකාවට පවසා ඇත.
එහෙත් එය ගණනකට නොගත් සේවිකාව ”හරි හරි බිල්පත දශමයට හරි” යැයි පවසා ඇත.
අනතුරුව ඔහු රුපියල් 19883ක මුදලක් ගෙවා බඩු මුට්ටු රැගෙන යන අතරතුර වාහනයේදී සිය දියණියට බිල්පත පෙන්වා නැවත එය එකින් එක පරීක්ෂා කරන ලෙස දන්වා ඇත. එහිදී වට්ටක්කා කිලෝ 91ක් සඳහා රුපියල් 6400ක මුදලක් සටහන් කර ඇති බව හෙළි වී තිබේ. එය ඇසූ ක්ෂණයකින් දැඩි කෝපයකට හා ආවේගශීලිත්වයට පත් වී යළි වෙළෙඳසල කරා ගිය ගනුදෙනුකරු තමන්ට සිදු වූ අසාධාරණය පිළිබඳ පවසා ඇත.
එපමණකින් නොනැවතුණු ඔහු එදින එම වෙළෙඳසලෙන් මිලදී ගත් සියලූම බඩු මුට්ටු ආපසු භාර දී ඒ සඳහා ගෙවූ මුදල ආපසු ලබා ගැනීමට පියවර ගෙන ඇත.
එසේ නොකරන ලෙස කළමනාකරු ඇතුළු වෙළෙඳ සේවකයන් කිහිප දෙනකු ඇවිටිලි කර ඇතත් වට්ටක්කා කිලෝවකට රුපියල් 6400ක් ගත් නිසා අනිත් බඩු ගැනද විශ්වාසයක් නැති නිසා ඒවාද අනවශ්‍ය බව පවසා පිටව ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජයතිස්ස වගේ අදහස් තිබෙන අය ඉන්නකම් රට හදන්න බැහැ. ජයතිස්සගේ කියමන හරියන තැන් තිබෙනවා. නමුත් මේක ඒ වගේ එකක් නෙමෙයි. ඔයවගේ වැරැදි දුටුතැන නිවැරැදි කළයුතුයි. (නි)
ගෝවා කතාවට වැඩිය වට්ටක්කා කතාව නියමයි. (නි)
ඕක පැහැදිලිවම අත්වැරදීමක්. (නි)
මේක හරිම සාමාන්‍ය සිද්ධියක්.. මට බොහෝවිට සිද්දවෙලා තියෙනවා... සමහර දාට මෑකරල් වලට බෝංචිවල මිල දානවා.. කිලෝ 0.91ට කිලෝ 91ක් දාලාල ඇති. මම නම් හැමදාම බිල බලලා තමයි එලියට එන්නේ.. වාසි වෙන වාරදිත් හරියට වෙනවා.. මේවායේ මුදල් අයකැමි විදියට ඉන්නෙ පොඩි ගැහැණු ලමයි.. එයාලට හරියට වරදිනවා.. ඒගොල්ලන්ට දොස් කියලා වැඩක් නැහැ.. අපි බලලා නිවැරදි කරගත්තාම හරි..!(නු)
මේක නම් ලොකු අත් වැරදීමක්. අපට පෙනෙන විදියට නොසැළකිල්ල සහ උද්දච්චකමට සමාවක් දෙන්න හොඳ නැහැ, මේකට සමාවක් දුන්නට. හැබැයි මේක ශ්‍රී ලංකාව. බලමු මොකද වෙන්නේ කියලා. (නි)
බිල දෙන විට කල්පනාවෙන් නොහිටියොත් ඔහොම වැඩ වෙනවා.. අපිට නොදැනේන මේ අය පොඩි පොඩි ගනන් ගන්නවා.. ලංකාවෙ ගොඩක් සුපිරිවෙළදසැල්වල මේක කරනවා..!(නු)
රැපියල් 3100ක් වෙනුවට මගෙනුත් 31000ක වැරදියට අයකරලා තිබුණ දෙහිවල කඩයකින්.. මම භාවිත කරපු කාඩ් එක අදාල ආයතනයට දීලා බිල් පෙන්නලා නැවත හදා ගත්තා..!(නු)
සුපිරි කිව්වට ඕවා ඇත්තටම සුපිරිද කියලා හිතන්න ඕන... බඩු ගන්න අය හොදට සැළකිලි මත් වෙන්න ඕන.. අද වෙළදාමේ හැම තැනම හොරකම්..,!(නු)
වැරදීමක් කියලා නැවත බලන්න කිව්වොත් එයාලා අපිට සද්දේ දානවා. සුපර් මාකට්වල හැටියක් ඒක (ස)
වැරදීමක් වෙන්න පුළුවන් බව ඇත්ත.එත් ඔයවගේ තැනකින් වැරද්දක් උනහම නිවැරදි කරන්නේ පාරිබෝගිකයටම ලොකුකම් දාලා. අපහු දුන්න 1මයි හොද (ස)
හරිම පුදුමයි හැම බිලක්ම හැමෝටම වරදින්නේ වෙළඳසැලේ වාසියටමයිනේ?(නු)
හොඳ වැඩේ. කඩේ තියන තැන හරියටම දම්මනම් හොඳයි. ඔය වගේ කඩ එක්.දෙකක් වැස්සුවම අනිත් අය හැදෙනවා (අ)
අරුණිගේ කතාව හරියට හරි. එයාලගෙන් ඇහුවාමත් හරි සද්දේ.ආපහු දුන්න එකමයි හොඳ. (ස)
මේ ගණුදෙනුකරුටත් සාමාන්‍ය දැනීමක් නැතිව වගේ.. ඒවගේ ලොකු වටිනාකමක් එන්න විදියක් නැහැ කියලා..!(නු)
පිලියන්දල පැත්තේ එකක්ද?(නු)
මේවාට තමයි කියන්නේ දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා කියලා. (නි)
මේ කියන පාරිභොගිකයා පඩි දවසනේ ටිකක් සප්පායම් වෙලා ඉන්න ඇති. නැත්නම් ඔය තරම් ලොකු වරදක් වෙලා තියෙන්නේ නැද්ද?(නු)
හොද වෙලාවට සුපිරි කඩයක් උනේ..(නු)
අනේ පවු! දැන් ඉතින් ඒ සේවිකාවගේ රස්සාවත් ඉවර ඇති. (නි)
ලොකු ගාණක් නිසා අහුවුණා. රුපියල් 100-200 කොච්චර අපි වැඩිපුර ගෙවනවා ඇද්ද? (නි)
කඩෙන් මොනවා ගන්නකොට හොදට හොයලා බලලා ගන්න ඕනේ (දී)
සුපර් මාර්කට් සුපර් ප්‍රයිස්... ඩෝන්ට් බයි අගේන්... (නි)
සුපිරි වෙළද සැලෙන් ඇයි එළවළු ගන්නේ, පොළට ගියා නමි රැපියල් තිස්පහකට කිලෝ එකක් ගන්න තිබුනා.(නදී)
නූගත් කමක පළ විපාක..!(නු)
වටිටක්කා කිලෝවක මිළ රුපියල් හැත්තැවයි ශත තිස්දෙකයි. මේවා බොරු කතා.(නදී)
කොහොමත් වැඩට ඉන්න ඔය කාන්තාවො කඩේ එයාලගේ කියලා හිතාගෙන පුදුම අහංකාරකමකින් ඉන්නේ. (නි)
ගමේ කඩෙන් බඩුගන්නේ නැතිව සුපිරි තැන්වලට ගිහින් බඩුගත්තම ඔහොම වෙනවා. දැන් ඉතින් ආපහු ගිනිහින් දීලා මාරුතරගන්න පුළුවන්ද?ගමේ කඩෙන් බඩු ගත්ත නම් මාරු කරගන්නවත් තිබුනා.(නදී)
මරු වැඩේ තමයි (දී)
ඔහොම අත්වැරදීම් කොහේ වුණත් වෙන්න පුලුවන්. (නි)
සුපිරි වෙලඳසැල් වලින් බඩු ගන්න යන කොයි කවුරුත් බිල එකින් එක චෙක් කරන්න අනිවාර්යයෙන්ම. පොඩි පොඩි ද්‍රව්‍ය ගාන වැඩි කරාම තේරෙන්නෙ නෑ.(ස)
හොද පාඩම් මේවා (දී)
පුදුම වැඩක්නේ (දී)
අපේ ගෙදර ලගත් සුපිරි වෙළඳ සැලක් තියනව. හැමදාම බිල් වරද්දනවා. (ස)
ඇත්ත වෙන්න පුළුවන්, අපිත් සැලකිලිමත් වෙන්න ඕනේ (දී)
හොඳ පාඩම් මේවා. මමත් අතපසු වීම් වලින් ගොඩක් දේ ඉගෙනගත්තා. දැන්නම් එලියට බහින්න කලින් බිල හොඳට චෙක් කරනවා (ස)
ඕව අපිට හොද පාඩම් (දී)
මෙය වැරදීමක්. සමාව දීම දේව ගතියක් බව මතක තබා ගන්න (දී )
අපිත් පරිස්සම විය යුතුයි (දී)
ගොඩක් වෙලාවට පාරිභෝගිකයා හරි , මෙයාලා අපිව ගොනාට අන්දනවා වෙලාවකට. සමහර පැකට් කල ද්‍රව්‍ය වල නිසි බරත් නෑ (ස)
මේකට නීතිමය පියවර ගත යුතුයි (දී)
අපිටත් වෙලා ඇති, දන්නේ නැති උනාට (දී)
ගෙවන මුදලට වටිනාකමක් තියෙන්න ඕන කියලා හිතෙන්න ඇති (ස)
බඩු ගන්න කොට හොදට බලල ගන්න (දී)
දෙන්නම 5හේ පන්තියටවත් ගිහින් නෑ කියලයි මට හිතෙන්නේ (ස)
කොහොමද එහෙම උනේ, අත් වැරදීමක් වෙන්න ඇති (දී)
100% පිළිගන්න පුළුවන් මේ කතාව (දී)
සුපිරි වෙළදසැල්වලින් බඩු ගන්නකොට බිල වරද්දන්න තියෙන ඉඩ හුගක් ඉහළයි.. ඒ නිසා බිල හදන කොට හොදට පරික්ෂාවෙන් බලගෙන ඉන්න.. අපි අවධානයෙන් ඉන්න බව දැක්කාම එයලාත් අවධානයෙන් වැඩේ කරනවා..!(නු)
කමල්, නියමිත බර නොමැති පැකට් කල භාණ්ඩ පිලිබඳව අදාල ස්ථාන වලට පැමිණිලි කරන්න (ස)
කියයි මිහිරි කතා නිතර රසට ගොතා (ස)
හරියට හරි එහෙම තමයි කරන්න ඕනි. නැත්නම් ලංකාව හදන්න බෑ (ස)
මටත් තියෙනවා මේ වගේ කතාවක් කියන්න. කියන්නද? (නි)
එකතු කිරීම සහ අඩුකිරීම කොම්පියුටර් එකට බාර දීලා ඔලුව ඇතුලේ මොලයක් නැහැ. පොඩ්ඩක් වැරදුණාම වැරදුණ බව දැනගන්න. බිල හය හත් දාහකින් වැඩි වුණහමත් ඔලුවක් නැද්ද වැරදුණ බව දැන ගන්න. (නි)
හොදම වැඩේ තමයි සුපිරි වෙළද සැල් වලින් බඩු ගන්නවට. (නි)
මේවා කාට කාටත් වෙන වැරදි. (නි)
සුපිරි කියන්නේ ඒ නිසා තමයි. අයියෝ සල්ලි! (නි)
මේවා අත්වැරදීම් ලෙස සුළු කොට තැකීම නම් නුවණට හුරු නැහැ. ඔය සුපිරි වෙළඳ සැල් වල වෙන හොඳම වංචාවක් තමයි පැකට් කළ භාණ්ඩ සාපේක්ෂව වැඩි මිළකටත් කිරා විකුණන බඩු ඉතා අඩු මිළකටත් මිළ සඳහන් කිරීම. අපි ලාබ නිසා කිරලා ගන්න එකෙන් බඩු ගන්නවා. හොඳට බලා නොසිටියොත් බිල දාන කොට දාන්නේ පැකට් වල මිළ. (නි)
මේක නම් සහතික ඇත්ත කතාවක්. (නි)