(රත්ගම විශේෂ. - ධර්මදාස සිරිවර්ධන)
සමෘද්ධිලාභීන් වෙනුවෙන් දෙන රුපියල් 5000 ක මුදල මාස දෙකකින් ලබා නොගත් නිවෙසකට එම මුදල් බාරදීම සඳහා ගිය සමෘද්ධි නිලධාරියකුට සිදුවූ අපූරු සිද්ධියක් පිළිබඳව දකුණේ ලොකු දණ්ඩක් ඇති ප්‍රදේශයකින් වාර්තාවේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
තම බල ප්‍රදේශයේ සමෘද්ධි ලාභිනියක් ඉතා අමාරුවෙන් ජීවිකාව කරගෙන යන බවත් ගෘහමූලිකයා අංශබාග රෝගයෙන් එක්තැන් වී සිටින බවත් දන්නා සමෘද්ධි නිලධාරියා ඇය සඳහා වෙන්වූ දෙමසක දීමනා මුදල වන රුපියල් 10,000 ද රැගෙන උදෙන්ම එම නිෙවසට ගියේ අදාළ මුදල් රැගෙන සතුටු වන අයුරු දැක ගැනීමේ රිසියෙනි.
එහෙත් සිදුවූයේ ඔහු සිහිනයකින්වත් නොසිතූ දෙයකි. මුදල් ටික ඔහු ඇය අතට දුන් විට ඇය පැවසුවේ අනේ, මහත්තයෝ, අපිට ඔය කුණ්ඩවාල එපා. අපිට දරුවො හොඳට සලකනවා කියාය.
ඒ ගැන පුදුමයට පත් වූ නිලධාරියා පැවසුවේ සමෘද්ධි සංගමය මගින් දුප්පත් පවුලකට නිවෙසක් ඉදිකරන බැවින් මෙම මුදල් ලබාගෙන ඒ සඳහා ගඩොල් ලබා දෙන ලෙසයි. ඇය පැවසුවේ එයද කළ නොහැකි බවත් අවශ්‍ය නම් ගඩොල් තමාට රැගෙන දිය හැකි බවත්ය.
මුදල් ද රැගෙන ආපසු පැමිණි සමෘද්ධි නිලධාරියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ අදාළ නිලධාරීන්ට සිද්ධිය පැවසූ අතර සියලුම දෙනා පැවසුවේ මෙවැනි අය ගැන මාධ්‍යය මගින් රටම දැනුම්වත් කර අගැයීමක් ලබා දිය යුතු බවයි.
පසුව රූපවාහිනියේ මාධ්‍යවේදියකු ද සමග එම නිවසට ගිය සමෘද්ධි නිලධාරියා ඇයගෙන් මුදල් ලබා නොගැනීම පිළිබඳ ප්‍රකාශයක් ඉල්ලා සිටියේය. එවිට ඇය පැවසුවේ ප්‍රසිද්ධිය බලාගෙන ඔය සල්ලි නොගෙන හිටිය නෙවෙයි මහත්තයෝ කියාය.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සමෘද්ධි ආධාර 5000 දෙන්න ගිය නියාමකට කත ගෙම්බර්දාලා
sana Thursday, 28 May 2020 06:01 AM
ඇයි මේ අවංකබවට ගෙම්බර් දාලා කියලා කියන්නේ? මේ ලියුම්කරු කියන්නේ වංචනිකව වැඳ වැටිලා ගන්න කියලද?
චමින්දFriday, 29 May 2020 12:54 AM
මෙවැනි ආත්ම අභිමානයක් ඇතිව සිටින කෙනෙකුගේ අදහස් දැක්වීම ගෙම්බර් දැමීමක් සේ වාර්තා කිරීම හරිම කැතයි. මේ සඳහන් මහත්මිය මෙහෙම කිව්වාට සමහරක් කෝටිපතියනුත් ඔය කියන දීමනාව ගත්තා.