එම පවුලේ සිටියේ පියා, මව සහ දියණිය පමණි.
දිනක් මව දිවා ආහාරය පිළියෙළ කර සැමියාට සහ දියණියට අයත් පිඟන් වලට බෙදා තම පිඟානටද ආහාර බෙදා ගත්තාය. අනතුරුව ඇය ”ඇවිල්ලා කෑම කන්න” යැයි අඬ ගසමින් සාලයට ගියාය.
මුලින්ම පැමිණි පියා තම පිඟාන යැයි වරදවා සිය බිරිඳගේ බත් පිඟාන ගෙන එයට අත දැමුවා පමණි. හනිකට එතැනට පැමිණි බිරිඳ ” ඕක මගේ පිඟාන” යැයි පවසමින් ක්ෂණිකව තම පිඟාන උදුරා ගත්තාය.
පිඟානේ බත් සැමියා අතගා තිබෙනු දුටු බිරිඳ ”මේක මට එපා” යැයි කෝපයෙන් පැවසුවාය. එවිට දියණිය, ” එහෙනන් මෙන්න මගේ කෑම එක කන්නැයි” මවට පැවසූ විට ”එපා මට එපා. තව කෙනෙක් අත ගෑවාට පස්සෙ මට කන්න බැහැ. අප්පිරියයි.” යනුවෙන් කීවාය.
”බැඳපු අලූත නම් මගේ පිඟානේ කෑම එකෙන් බාගේ ඉල්ලලා කන එක්කෙනාට දැන් ඒවා අමතක වෙලා. අප්පිරියයිලූ. පහු පහු වෙද්දි කොහු කොහු වෙනවා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.” සැමියා හැඟීම්බරව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ලෝකෙටම පොදු ධර්මතාවක්. කලාතුරකින් තමයි එහෙම නොවෙන්නේ .(ම)
කෑම එක අල්ලපු මතකය කෑම කන කටක් පාසා මතක්වෙන නිසා එම කෑම එක අප්‍රියයි. මෝඩකමට බෙහෙත් නැහැනේ. (නි)
ශාරුක් ඛාන් ඉතුරු කරපු මස් කටු කෑලිත් ලෙවකයි අද කාලේ අපේ නෝනලා... (ම)
මනෝජ්, ඔයාගේ අදහස ගොඩක් වටිනා එකක් වගේම සහතික ඇත්තකි... (නි)
පවු අහිංසක සැමියා! (නි)
පුදුම ගැහැනියක් .., අපි නම් තරහ වෙන්නේ මහත්තයාගේ අතින් අනල බත් කටක් කැව්වේ නැත්නම්. (ස)
ඔය කෑම පිගාන හම්බ කරන්න එම සැමියා කොතෙක් දහදිය හෙලන්න ඇද්ද. මෙවැනි ගෑනුත් ඉන්නවානේ (බ)
වයසට යනකොට මේක බහුතරයක් කාන්තාවන්ට වැළදෙන සන්නි රෝගයක් , ස්වාමියව ඇලජික් වෙනවා . මොනවා උනත් පවු අහිංසක මනුස්සය , කනගාටුවට කරුණනම් දුවෙක් ළඟ අම්මගේ හැසිරීමයි. (ස)
සාමාන්‍යයෙන් තරුණ ගැහැණු ළමයි තමයි අප්‍රිය කරන්නේ. ළමයි පොඩි කාලේ, ඈත ඉඳලා කෝටුවකින්ද පිරිසුදුකළේ? (නි)
මේ ස්වාමියට කෑම පත ඇල්ලුවා කියල වර්ජනය කළ ගැහැණියට මටනම් කියන්න වචනක් ඇතිනම්? ඒ බත් පත පුරාවට ඒ ස්වාමියා එය උපයන්න හෙළුව දහදිය බිදු ටික තමයි නුබ බුදින්නේ...? (ම)
අඹු සැමි ආරාවුල් බත් හැලිය ඉදෙන කම් විතරයි කියා කීවාට,බෙදා ගත්ත බත් පිඟානට ඇයි ආරාවුල්...?සැමියෙක් මොන තරම් කැප කිරීමක් කරනවාද ඔය බත් පිඟාන මේසෙට ගෙන්වාගන්න.බැරි වෙන කාලෙකට මෙවන් කෙනෙකුගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද? (බ)
මට පේන්නේ මේ නෝනාට කන්න අනපු බත් පිඟානක් වෙන කොහේ හරි ගෙදරින් පිට තියෙනවා වගේ. (ස)
අනේ මෙහෙමත් ගෑණූ පහු පහු වෙන කොට කොහු කොහු වෙලා යනවා කියන්නේ මෙක තමයි. නමුත් බැඳුනු ආදරය මැරෙන කම් පවත්වා ගෙන යනවා නම් තමා පවුලක සාර්ථකත්වය රැදෙන්නේ (ම)
මගේ සීයයි, ආච්චි අම්මයි මැරෙනකම් එක පිගානේ බත් බෙදාගෙන එකටමයි කෑම කෑවේ. සීයා මැරුනාම තමයි ආච්චි අම්මා තනි පිගානක කෑම කෑවේ. මට වයස අවුරඅදු 37 යි. මගේ නෝනා මට අදටත් බත් කවනවා. එ් තුලින් දැනෙන සෙනෙහස, ආදරය අපිට ජීවත් වෙන්න ගොඩාක් වටිනවා. (බ)
මට නම් ඔය වගේ ප්‍රශ්න නෑ. මගේ බිරිඳ බත් ඔක්කොම කනවා. (ර)
පිටබැද්දර ජයාට කාන්තාවන්ට හැදෙන රෝගපීඩා ගැන මනා අත්දැකීම් ඇති බව පෙනෙනවා. (නි)
දැන් මෙතන දිගින් දිගට පළවුණ අදහස් වලට අනුව ලංකාවේ පිරිමි ටික ඔක්කොම මාර්ගඵලලාභින් වගේනේ. බවලතුන් ඔක්කොම නරකයි. පිරිමි හරි හොඳයි. (නි)
මේ වැඩේ මෙහෙම වුණාට හවසට බීගෙන ඇවිල්ලා බිරිඳ හදාදෙන බත් පිඟාන පොළේගහන පිරිමි ඉන්නෙත් මේ රටේම තමයි (නි)
පිටබැද්දර ජයා කට ඇරියොත් බවලතුන්ට බැණගත්ත ගමන්! (නි)
පිටබැද්දර ජයා, වැඩිය බවලතුන්ට දොස් කියන්න ගියොත් පුරුෂ පාර්ශවයේ අඩුපාඩු ඔක්කොම මෙතන කාන්තා පාර්ශවය කියවන්න පටන්ගනී. (නි)
ඒකනේ දැන් පිටබැද්දර ජයාට තේරෙන්නේ නැහැ නිතරම කාන්තාවන්ගේ වැරදි පමණක් පෙනෙන එක පිරිමින්ට වයසට යනකොට හැදෙන ලෙඩක් කියලා (නි)
දැන් මේ පැත්තක ඉඳගෙන මෙතන මොනවා පළවුණත් කතාවේ එක කොනක් අල්ලාගෙන බෙරිහන් දෙන බවලතියන් කිහිප දෙනෙක් ඉන්න බවයි පෙනීයන්නේ (නි)
අත ගත්තට පස්සෙ තමයි අත ගැන දැනගෙන තියෙන්නෙ. ඔච්චර අප්පිරිය බව දැනගෙන හිටියානම් අත ගන්න එකක් නැහැ. (ර)
ඒක තමයි මාත් බැලුවේ සමීර. මැදි වයස පහු කරපු සමහර බවලතියන්ට නහුතෙට තරහ ගිහිල්ලා වාගෙයි. කොනක් අල්ලාගෙන කියෝවනවා. (ර)
කන්න බැරිනම් නිකන් හිටපුදෙන්.(හේ)
මාර ස්ටොරිය ... ඒ වගේම මාර කොමෙන්ටු ටික ... මට නම් පෙන්නේ මේ කතාව ගොතපු ස්ටොරියක් වගේ ..කව්ද ඇත්තටම ...රචකයා(රේ)
හැමදාම එකම කොන අල්ලාගෙන බෙරිහන් දෙන්නේ පිටබැද්දර ජයා විතරයි. එයාගේ වැඩේම බවලතුන්ගේ වැරදි කියමින් නහයෙන් අඬන එක ! (නි)
මගේ අදහස හරියට කියවලා ඉන්න. මම කිවුවේ ඔක්කොම කාන්තාවෝ නෙමෙයි බහුතරයක් කියලා. ස්වාමියාට දේවත්වයෙන් සළකන පති පතිනියන් ඉන්න බව මේ තීරුවෙන්ම අපිට දැක බලාගන්න පුළුවන්, ඔවුන්ගේ අදහස් වලින්. එවන් කාන්තාවන්ට දෙවියොත් වඳිනවා (නි)
බලනකොට මට හිතෙන්නේ සැමියා තමයි වැරදි. ඉස්සර බිරිඳ සැමියාගේ බත් එකෙන් බාගයක් කෑවා. දැන් සැමියාට තියෙන්නේ බිරිඳගේ බත් එකෙන් බාගයක් ඉල්ලගෙන කන්න. එතකොට දෙපැත්තම සමානයි. දුවටත් එය ආදර්ශයක් වේවි. එහෙම නේද හොඳ? (නි)
මටත් හිතෙන්නේ ජෙහාන්ට හිතෙන දේම තමයි (බ)
මේ බිරිද එම සැමියා සමග ඉන්නේ කොහොමද දන්නෑ. මෙහෙම සැමියාට සලකනවා නම් (ම)
ජයා ඔය දේවත්වයෙන් සලකන අය මෙතන ඉන්නවා කියලා තියෙන්නේ, රූපවතීයි, චන්දියි ගැන වෙන්න ඕන. (ර)
ඔව් ඒක ඇත්ත. ගොඩක් ගැහැණුන්ට සැමියාව අප්‍රියයි. කෑම තිය සමහර අය මුහුණටම කියනවා ඔයාව මට දකින්නත් අප්‍රියයි කියලා. (නි)
හිමාශි, මටත් ඔය ටිකම හිතුනා. (නි)
දැන් මේ සමහර මහත්වරු නෝනලාගේ අඩු ලුහුඬු කම් දක්වලා තියෙන්නේ පුද්ගලික අත්දැකීමෙන්ම වෙන්න ඇති නේද ? (ම)
බිරිදක් නොවේ! ආදරයෙන් බැදුණු කෙනෙක් නම් මෙහෙම කරන්නේ නෑනේ තමන්ගේ සැමියාට තමන් කාලා බිලා ඉන්නේ ඒ මුදල්වලින් කයලා අමතක වෙලා (ම)
බොරු සොබනේ සමහරු එදා වෙලා නොකා ඉදල බැන්දාම මනුස්සයට පාර්ට් එක දල ඒ මනුස්සයව හුරගෙන කනවා. (ම)
ගැහැණියකව ඉපදුනාම කොච්චර ආඩපාලි අහන්න වෙනවාද.? මේ පුවතේ බවලතිට විතරක් නම් කමක් නැහැ. සමහරු තුන් ලෝකෙම ඉන්න ස්ත්‍රී පරාන වලට බැනපු ගමන්. මේඋදවියගේ ගෙවල් වල බවලතුන්ට දෙවියන්ගේම පිහිටයි. (ස)
ඉන්දික නම් අපිට හිතාගන්න බැරි තරම් බුද්ධිමතෙක්. හරිම පුදුම ගැඹුරු සිතුවිලියි ඔබට තියෙන්නේ. (ර)
එක ඇඳේ නිදන්න පුලුවන් නම් කෑම එක ඇල්ලුවාම මොකද පිස්සු (අ)
මේ අම්මා මොනවා වුණත් අනිත් දෙන්නාගෙම උදව්වක් නැතුවම, කෑම උයලා, පිගන් වලටත් බෙදලා තමයි කතාකරලා තියෙන්නෙ කන්න. අනික අද ඊයෙ බැඳපු දෙන්නෙක් නොවෙන හින්දා වෙනම කන පිඟානක් තියෙන්න ඇති ඒ තාත්තටත්. ඒ හින්දා අපි ඒ අම්මාගෙ ඒ මහන්සිය අගය කරමු. දැන් මට බනින්න එපා ඒ ගැහැණු උදවියගෙ වගකීම තමයි කියලා (නි)
සමහර වෙලාවට බඳිනකොට තිබුනේ නැති කුමක් හෝ තුවාල වැනි යමක් අතේ තිබුනාද දන්නේ නැහැනේ. දවසකට අපි මෙවැනි අයවලුන් කී දෙනෙක් මහමඟ දකිනවාද? එහෙම දේකින් මේ සැමියා පීඩාවින්දා නම් මම නම් මේ කාන්තාවට දොස් කියන්නේ නැහැ. මෙවැනි අවස්ථාවක ඔය පිටබැද්දර ජයා කියන පතිනියන්ගේ අදහසුත් දැනගන්නට කැමතියි. (නි)
ශාක්‍ය ,කෑම එක නම් මට ප්‍රශ්නයක් නැහැ. මේ කාන්තාව තමන්ගේ දුව ඉදිරිපිට මෙසේ හැසිරීම කොහොමටවත් අනුමත කරන්න බැහැ. හැබැයි රාත්‍රියේදී සැමියාගේ ගෙරවිල්ලට නම් මට එක ඇඳේ කොහොමටවත් නිදාගන්න බැහැ. ඒ වෙලාවට නම් මම කරන්නේ කොට්ටයත් අරගෙන ළමයිගේ කාමරයට යන එකයි. මම මේ කරදරය හැමදාම විඳිමින් වැඩටත් යනවා. (නි)
ජෙහාන්, මටත් එහෙම හිතෙනවා (නි)
මෙහෙමත් ගැහැණු. අනේ අපොයි! (නි)
තුෂාරි, ඔයා කියන ගෙරවිල්ල පිටබැද්දර ජයාගේ නහයෙන් ඇඬිල්ලට වැඩිය හොඳයි (නි)
මෙහෙම ගැහැණු වැහිවැහැලා. මේ අය තමයි පොඩ්ඩ බැරිවෙනකොට නඩත්තු ඉල්ලලා උසාවි යන්නේ. මෙයාලට සැමියා ඇල්ලුව බත් එක අප්‍රිය වුණාට දහදුක් විඳලා ගේන සල්ලි නමි අප්‍රිය නැහැ. (නි)
අනිවාර්යයෙන් 45 පැනපු අම්මණ්ඩියෙක්. දුවෙකුත් ඉස්සරහා හැසිරීම මෙහෙම නම් තනියම හිටියා නම් බත් එකෙන් සැමියට ගහලා මේ කෙනා. මේ වගේ අය නිසා තමයි අද දික්කසාද නඩත්තු නඩු වලින් උසාවි පිරිලා තියෙන්නේ. නමුත් 90% ක් වැරැද්ද පටවන්නේ ස්වාමි පුරුෂයන්ට. ගැහැණුන්ගේ වැරදි කාටවත් පේන්නෙ නැහැ. (නි)
තුෂාරි, මෙයාලෙ හැසිරීමේ හැටියට එහෙම තුවාලයක් තිබුනා නම් ඒක හොඳ වෙනතුරු ගෙදරට වද්දාගන්නෙ නැති ගැහැණියක් කියලා ඔයාට තේරෙන්නෙ නැද්ද? අනික තුවාලයක් තිබෙනවා නම් අතින් කන්නේ නැහැ. හැන්දකින්නේ කන්නේ. මේක මේ බවලතියගෙ තිබෙන නපුරුකම, නැහැදිච්චකම මිසක් වෙන මොකුත් නෙමෙයි. (නි)
45 විතර පනිනකොට සැමියාගේ සල්ලියි දේපොලයි විතරයි සමහර ගැහැණුන්ට අප්‍රිය නැත්තේ. සැමියාව, සැමියා අතතියපු බත්පත, සැමියාගේ නෑදෑයො, සැමියාගෙ අම්මා තාත්තා මේ ඔක්කොම අප්‍රියයි එයාලට. (නි)
මේ දේවල්වල දෙපැත්තක් තිබෙනවා කෝනාර. නෝනලා දෙතුන් දෙනෙක් නඩත්තු කරන්න සූදානම් පිරිමිත් වැහිවැහැලා. ඒ දේවල් බොරුයි කියන්න බැහැනේ. සමහරවිට ගෙදර නෝනාට එක පිඟානේ බත් කන්න එපා වෙන්න ඒකම හේතුවක් වෙන්න පුළුවන් (නි)
අජිත්, ටිකක් වැදගත් විදියට අවුරුදු 45 පැනපු අය ගැන හිතන්න (නි)
හරිම අශෝබනයි මේ සමහරු කාන්තාවන්ට අමතන හැටි. 45 පනින්න කලින් හොඳයි. ඊටපසුව තමයි නරක. මගේ සැමියා දෙවියෙක් මේ අදහස් ලියන මිනිසුන්ගේ ප්‍රතිචාර දැක්කාම. (නි)
දුල්මි, හැමෝම නෙමෙයි. අද ඉන්න සමහර අය ගැන විතරයි. මේ එක උදාහරණයක්. වැරදියට තේරුම්ගන්න එපා (නි)
අජිත්,ඔබ ගැන බොහොම කණගාටුයි.45 පසුකරන උදවිය ගැන ඔහොම කියලා උඩ බලාගෙන කෙළ ගහගන්න එපා. (නි)
අජිත් කියන එක හරියටම හරි (නි)
ලැජ්ජයි මෙවන් කාන්තාවන් ගැන (නි)
මේ කාන්තාව කිසිම ඉවසීමක් නැති, සමාජයක ජීවත්වෙන්න දන්නෙ නැති කෙනෙක්. මේ කළ වැඩේ ඒ සැමියටයි දියණියටයි මැරෙනතුරාවට අමතක වෙන්නෙ නැහැ. බත් එකක් අතට ගන්න හැම වෙලාවෙම මේ සිද්ධිය මතක්වෙයි. (නි)
සමහර පිරිමින්ටත් 45 පැනපු ගමන් තමන්ගේ නෝනාව ලස්සන මදිවෙනවා. පාරේ ගෙනියන්න අප්‍රිය වෙනවා. නැති වැරදි පේන්න පටන් ගන්නවා .දැන් මේ දේවල් සිද්ධවෙන්නේ නැහැ වගේ තමයි සමහරු කතා කරන්නේ. (නි)
මම මගේ පුතාට පළමුව ඉගැන්වූයේ කාන්තාවන්ට ගරුකරන්න. අඩුගණනේ වැදගත් සභාවක කතා කරනකොටවත්. නොයෙක් වැරදි ඇති බවලතුන් ඉන්නවා. (නි)
තමන්ගෙ තාත්තාව බලු කූඩුවට දාපු ගැහැණුත් ඉන්න රටේ සැමියාට මෙහෙම කරන එක මට නම් අරුමයක් නෙමෙයි (නි)
නෝනාට 45 පැනපු ගමන් වයස 20-25 බවලතියන් මතක් කරගන්න උදවියත් ලංකාවේ නැත්තේ නැහැ. ඒ නිසා මේ මහත්තරු නිකම් මාර්ගඵලලාභින් වගේ කතාකරන්න එපා. (නි)
සැමියා මාසේ පඩි අරගෙන ගෙනෙන සල්ලිත් මේ කාන්තාව අතින් අල්ලන්නෙ නැතුව ඇති (නි)
මම මගේ දරුවන්ට ඉගැන්නුවේ පිදියයුත්තන් පුදන්න මිස වයස, ස්ත්‍රීපුරුෂ භේදය, ආගම, තනතුර අනුව ගරු කරන්න නෙමෙයි. කොන්දේසි විරහිතව ගරුකරන්න කියලා මම දරුවන්ට ඉගැන්නුවේ තම දෙමාපියන්ට පමණයි. (නි)
” ඕක මගේ පිඟාන” යැයි පවසමින් ක්ෂණිකව තම පිඟාන උදුරා ගත්තාය. මම නම් සතෙකුටවත් මෙහෙම කරන්නේ නැහැ. මේ වගේ ගැහැණු අය පවුල් කන්නේ කොහොමද? එකිනෙකාට ආදරය නොකිරීම, හදවතේ තෙතමනයක් නැතිකම නිසා තමයි අද වෙනකොට පවුල් ප්‍රශ්න ඔඩුදුවලා තියෙන්නේ. ප්‍රචණ්ඩකාරී සැමියෙක් වුණා නම් අද වෙනකොට නතරවෙන්නේ ඉස්පිරිතාලේ (නි)
දරුවෙකු වරදක් කළවිට අප සමාජයේ බනින්නේ මව මතක්කර මිස පියා මතක්කර නෙමෙයි. ඒ ඇයි? පවුල, දරුවො හැදීමේ යහමඟට ගැනිමේ වැදගත් කාර්යභාරය අප සමාජය විසින් පවරා ඇත්තේ උතුම් මව් පදවිය දරන අපේ මව්වරුන්ට විම නිසායි. කණගාටුවෙන් වුවද කිවයුත්තේ දරුවෙකු වැදු පමණින් ඒ උතුම් මව් පදවිය ලබාගත නොහැකි බවයි. (නි)
පිරිමියෙකු කාන්තාවක් ඇමතීමේ විලාශයෙන් පෙන්නුම් කරන්නේ ඔහුගේ මව කාන්තාවන් ගැන තමාගේ පුතාට ඉගැන්වූ ආකාරයි. පොදුවේ බවලතුන්ට බඩුව, කෑල්ල , අම්මණ්ඩි ආදී වශයෙන් සමහරු අමතන්නේ තමන්ගේ මව හෝ සහෝදරියන් ගැනවත් නොසිතා බව කනගාටුවෙන් වුනත් කිව යුතුයි. කතු තුමනි කාරුණිකව පල කල මැනවි (රේ)
අජිත් වැනි උදවියගේ ගෙදර බවලතුන්ට කතා කරන්නේ කොහොමද දන්නේ නැහැ. ඒ ගෙදර කාන්තාවන්ට වයස 45 නම් පනින්න එපා දෙවියනේ. අපේ ගෙවල් වල පිරිමි දරුවන්ට ඉස්සෙල්ලාම උගන්වන්නේ පොදුවේ මොන වැරදි තිබුනත් කාන්තාවන්ට වැදගත් විදියට අමතන්න. (රේ)
මම මේ කල්පනා කරන්නේ ලංකාවේ පිරිමි කිසිම වැරැද්දක් නොකරන කොච්චර හොඳ උදවියද කියලා. කාන්තාවන් වයස්ගත වුණාමත් වැරදියි. පිරිමි එහෙමද? හැට පැන්නත් තරුණ, කවදාවත් වැරදි නොකරන කොට්ඨාශයක්. මගේ අසල්වැසි මැදිවියේ පිරිමියෙක් තමන්ගේ බිරිඳ සහ දරුවන් අතහැර කාර්යාලයේ තරුණ කාන්තාවක් වෙතට ගියේ ගිය මාසයේ. මට ඒ නිවසේ ගුණයහපත් බිරිඳ මතක්වෙනකොට අජිත් වැනි අය ගැන හරිම කණගාටුයි. (නි)
හරිම අශීලාචාර කාන්තාවක්. අශීලාචාරව හැසිරෙනකොටත් එය නොදැක්කා සේ සිටීම එවැනි ක්‍රියා තව තව කිරීමට උල්පන්දම්දීමකි. වැරැද්ද දුටු තැන හැදිය යුතුයි. වරද පෙන්නා දියයුතුයි. එසේ නොකර සිටීමෙන් ඒ අය සිතනුයේ තමා කළ දෙය නිවැරදි බවයි. “මොන වැරදි තිබුනත් කාන්තාවන්ට වැදගත් විදියට අමතන්න“ කියන දෙයට මම නම් එකඟ නැත. (නි)
අජිත්, මට නම් තවම 45 පැනලා නැහැ. ඒත් ඔබ ගැන බොහොම දේවල් අපි තේරුම් ගත්තා (නි)
පිරිමි කැමති කාන්තා ලාලිත්‍යයට, කරුණාවන්තකමට, ගුණගරුකකමට මිස බාහිර ලස්සනට පමණක් නෙමෙයි. තම බිරිඳ ලස්සනට සිටිනවාට කවුරුත් කැමති ඇති. නමුත් ලස්සන පමණක් ප්‍රමාණවත් නැත. සමහර එතරම් ලස්සන යැයි අප නොසිතන කාන්තාවන් ඉතා සාර්ථක විවාහ ජීවිත ගතකරනවා මම දැක තිබෙනවා. නමුත් ලස්සන කාන්තාවෝ කී දෙනෙක් අද උසාවි වල රස්තියාදු වෙනවද? (නි)
මම නම් ඔය ක්‍රියාවට කොහොමත් එකඟ නැහැ (නි)
අජිත් කියන කෙනා හැමදාම තිරිහන්වෙලා ඉන්න කෙනෙක්ද දන්නේ නැහැ. (නි)
පිටබැද්දර ජයා පැත්ත ගියත් ඇත්ත කියන කෙනෙක්. බොරු චාටු අපහාස නැහැ (නි)
මේ කාන්තාවගේ වයසේ නෙමෙයි ප්‍රශ්නය. කල ක්‍රියාවෙයි. හරිම අප්‍රසන්න ක්‍රියාවක් කරලා තියෙන්නේ. කාන්තාවක් කලත් පිරිමියෙක් කලත් වරද වරදමයි. මේ කාන්තාව ඉතාම ඉතාම වැරදියි. තමන්ට කන්න හම්බ කරලා ගෙනත් දෙන ස්වාමියට මෙහෙමනම් පිට අයට මෙයා කොහොම සලකනවා අද්ද? මේ වගේ අය සමාජයට පිලිලයක්(රේ)
වැරදි කොච්චර තිබුනත් පිරිමියාට ගරු නම්බු දිය යුතුයි කියලාද හසරැල් හිතන්නේ? පුදුම වැඩක් තමයි. මේ සමහර පිරිමි හිතන්නේ තමන් කිසිම වැරැද්දක් නැති කොට්ඨාශයක් කියලානේ (නි)
ඉස්සර නම් අඹුසැමි ගැටුම් බත ඉදෙනකම් විතරයි කියලා කිව්වේ. දැන් කාලෙ බත් බෙදාගෙන කනකොට තමයි පටන් ගන්නේ. (නි)
දේශාන් කියපු දේ හරි. මේ පුවත ගැන බුද්ධියෙන් යමක් ලියන එක පිරිමියෙක් හරි මේ සභාවේ ඉන්න එක ගැන සතුටුයි. වයස අල්ලාගෙන මෙතන බවලතුන්ට අපහාස කරන පිරිමි ගැන නම් කියලා වැඩක් නැහැ. (නි)
සමහර අදහස් දැක්කහම හිනාත් යනවා (නි)
අජිත් සහ ලාල් සදා තරුණ දෙන්නෙක්ද කොහෙද? මේ වගේ අයට 60 පැනපු දවසට වතුර ටිකක්හරි දෙන්න ඉන්නේ 45 පැනපු බවලත්තු නේද? මොකද වයස 16 පිටස්තර ලලනාවන් ඇවිල්ලා ඔබේ කැතකුණු අතගාවිද? (නි)
රුචිනි වැරදි කොච්චර තිබුනත් පිරිමියාට ගරු නම්බු දියයුතුයි කියලා හසරැල්ගෙ අදහසේ නැහැනේ. ඔයාගෙ හිතේ තියෙන ඒවා හසරැල් ලව්වා කියලා ලියන්න එපා. (නි)
තමන්ගේ බිරිඳට වයස 45 පහුවුණ ගමන් හරියන්නේ කටුගෙය කියලා හිතන පිරිමිත් අපි අතර ඉන්නවා වගේ. ලංකාවේ පවුල් ජීවිත වලට යන කලක්! (නි)
දැන් මේ කතාවෙ වැරදි සැමියා නෙමෙයිනේ. කන්න ගත් බත්පත කන්න නොදි සැමියාව අප්‍රිය කරලා තියෙන්නේ මේ කාන්තාවයි. සමස්ත පිරිමින් ගැනවත් සමස්ත ගැහැණුන් ගැනවත් නෙමෙයි මෙතන කතා කරන්නේ. මේ කාන්තාව වැරදියි. මේ පිරිමියා සහ මේ දියණිය හරි. ඒකයි සාරාංශය. (නි)
අම්මෝ! ඕෂදි මේ කතාවෙ ඉන්න කාන්තාව වගේ අය නම් දෙයි වතුර මෙන්න කියලා. මේ කතාවෙ කාන්තාව වගේ අය වයසට ගිය පිරිමියට කරන්නෙත් අර තමන්ගෙ තාත්තව බලු කූඩුවට දාපු කාන්තා රත්නය කළ වැඩේම තමයි. නොපතන් මෙහෙම කාන්තාවො නම් (නි)
රසිකා, ඔයත් අදහසක් ලියන්නකෝ. අනුන්ගේ අදහසේ විගණන කටයුතු කරන්නේ නැතුව. (නි)
ඕෂදි, ඔයාගෙ චූටි මොළේට හිතෙනවද කකා ඉන්න බත්පත උදුරගෙන ගිය මේ කාන්තාව සැමියා වයසට ගියාට පස්සෙ කැතකුණු අතගායි කියලා? මම මේ සැමියට දෙන අවවාදය නම් ඔබගේ සැඳෑ සමයේදි ලෙඩක් හැදුනොත් ඒ දේවල් කරගන්න පුවළුන් විදියට කීයක්හරි ඉතුරු කරගන්න කියන එක. ඔබේ බිරිඳ අද මේ වගේ නම් ඔබ වයසට ගියාම මීට එහා බව අමතක නොකරන්න. (නි)
ලසන්ත, මම කියන්නේ ඒ වගේ අදහස් තිබෙන පිරිමින්ට වතුර ටිකක් දෙන්න අන්තිමේ ගුණයහපත් කාන්තාවක්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ. කට ඇරලා තිබෙන්නේම සමස්ත බවලතුන්ට අපහාසයෙන්. (නි)
මෙවැනි කාන්තාවන්ගෙන් වයසට ගියාම සැළකිලි බලාපොරොත්තුවීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් වැනිය. (නි)
ඔයා හසරැල් මෙහෙම කිව්වා කියලා බොරුවක්නේ ලියලා තියෙන්නේ. ඔයා බොරු ඇස්පනාපිටම ලියා තිබෙනවා දැක්කහම මට නොලියා ඉන්න බැරිවුණා. ඒකයි මම මගේ අදහස මෙතැනට ලිව්වේ හසරැල් එහෙම දෙයක් ලියලා නැහැ කියලා. (නි)
යසන්ත, මම කතාකළේ මෙතන කාන්තාවන්ට අපහාසාත්මක ලෙස ඇමතූ පාඨකයන්ට මිස වෙන කාටවත් නෙමෙයි. මොළය කුඩා ඔබගේයි. (නි)
ඕෂදි, ගුණයහපත්කම කියන්නේ තමන්ට යමක් කළ අයට විතරක් සළකන එකට නෙමෙයි. ඇත්තටම ගුණයහපත් නම් එවැනි අය තම පවුලේ අයට, නෑදෑයන්ට සහ පොදුවේ මුළු සමාජයටම තමන්ට පුවළුන් විදියට සළකනවා. (නි)
මේ පුවතේ කාන්තාව වැරදි නමුත් පොදුවේ කාන්තාවට වයස 45 පසුකළවිට අපහාස කිරීම නුසුදුසුයි. මෙතන කාන්තාවන්ගේ අප්‍රසාදය ඒ සම්බන්ධයෙන් නම් සාධාරණයි. (නි)
වර්ෂා හරි. (නි)
ඕෂධී,ඔයා කොකු විසිකර කර යන්න එපා. මට පේන්නෙ ඔබත් ටිකක් ඇවිළෙනසුළු කෙනෙක් වගෙයි. හැබැයි අනේ කකාඉන්න බත්පත උදුරගෙන ගිය මේ කාන්තාව සැමියා වයසට ගියාට පස්සෙ නම් සළකන්නේ නැහැ. (නි)
" ඕක මගේ පිඟාන” යැයි පවසමින් ක්ෂණිකව තම පිඟාන උදුරා ගත්තාය." අනේ මෙහෙමත් අම්මලා! (නි)
සමස්ත පිරිමින් ගැනවත් සමස්ත ගැහැණුන් ගැනවත් නෙමෙයි මෙතන කතා කරන්නේ. මේ කාන්තාව වැරදියි. මේ පිරිමියා සහ මේ දියණිය හරි.(ම)
මේ තරුණ දුව, ගැන බලන්න ඇය බත් බෙදීමටවත් මවට උදව් කරලා නැහැ, මේ දරුවා දීග ගිය දවසක බතක් වත් උයන එකක් නැහැ.අද සමාජයේ ගොඩ දෙනෙක් කඩෙන්ම කන්න හුරුවෙලා තියෙන්නෙ මේ නිසා තමයි. (ම)
ගහේ කටු උල්කරන්න ඕනෑ නැහැ කියලා පැරණි කියමනක් තිබෙනවා. කිත්සිරි, මම නම් ඒ වරදත් දකින්නේ දුවගෙ නෙමෙයි මේ අම්මාගෙ. අම්මා තමයි දුවට පුරුදු කරන්න ඕනෑ තරුණ වෙනකොට ගෙදර වැඩපල කරන්න. තාත්තට තේ එකක් හදලා දෙන්න. කෑමක් බීමක් හදන්න වගේ දේවල්. මේ අම්මා තාත්තා කන්න ගත් බත් එකත් උදුරගෙන යන මානසිකත්වයේ කෙනෙක් නිසා දුවට හොඳ පුරුදු උගන්වන්න දන්නෙ නැහැ. කවදාහරි බැඳලා ගියාම ඒ බඳින කෙනොටත් මේ තාත්තට වුණ ආනිසංසෙම තමයි වෙන්නේ්. (නි)
ඕෂධීගේ කතාවේ යම් ඇත්තක් තිබෙනවා. යසන්ත ඔබත් නිකම් සම්ච්චලේට කතා කරලානේ. මොනවා වුණත් පිරිමියෙකුට හොඳ බිරියක් ලැබුනොත් වයසට යනකොට සැනසීමක් ලැබේවි. හැබැයි ඉතින් පොදුවේ ගැහැණු පහත් කර කතාකරන පිරිමින්ට නම් එවැනි වාසනාවක් ලැබෙන එකක් නැහැ. හොඳ අඹු සැමියන් ලැබෙන්න පෙර පිනක් සහ මේ ආත්මයේ තමන්ගේ යහපත්කමත් බලපානවා. (නි)
කිත්සිරි, මේ අම්මා දුවට උගන්වන්නෙ කොහොමද? අම්මා දන්නෙ නැහැ සාමකාමීම සැමියත් එක්ක ජීවත්වෙන්න. (නි)
කන්න ගත් බත් එකත් උදුරාගෙන යන තරමේ බිරිඳක් ලබපු මේ සැමියා පව් කඳක්. මේ ආත්මෙදි කරුමෙ ගෙවලා ඉවර කරගන්න. (නි)
ඕෂධීට ඕනෑ කොහොම හරි තමන් කියපු දෙය 100% ක් හරි කියලා ඒත්තු ගන්වන්න. ඕෂදි වගේ අයත් එක්ක එකට වැඩ කරන්න, පවුල් කන්නත් ලේසි නැහැ. තමන්ගෙ මතය විතරයි. අනික් හැමෝටම බනිනවා. මෙතනම කී දෙනෙක් එක්ක එල්ලුනාද? ටිකක් නිවෙන්න බලන්න ඕෂදි. (නි)
දැන්නම් මෙතන අප්‍රසන්න තැනක් වෙලා. අපේ මහත්වරුන්ට මොකද මේ සමස්ත බවලත් පාර්ශවය එක්කම තරහා ගිහින්. මීටකලින් මෙහෙම දෙයක් මෙතන වෙලා නැහැනේ. අපේ කොච්චර කාලයක් තිස්සේ සතුටින් අදහස් හුවමාරු කරගත්තාද? මොකුත් ලියන්නත් බයයි. (නි)
ෂා නියම මාතෘකාව! නැඟලා යනවා නේද? බොහොම ස්තුතියි ලංකාදීප! (නි)
මමත් සේරම අදහස් ටික කියෙව්වා .., මරේ මරු (ම)
කාන්තාවගේ සැමියා පිළිබඳ ගැන ආකල්පය වැරදි වගේම තවත් දෙන්නෙක් වැඩි වයස් කාන්තාවන් ගැන ඇමතු හැටිද වැරදියි. සැමියාට ආදරයක් නැති බිරිය සේම කාන්තාවන් යනු පහත් පෙලේ මනුස්ස කොට්ටාශයක් කියලා සිතන සැමියන්ටද හොඳ පවුල් ජිවිතයක් නැත. (බ)
මෙතන කාන්තාවගේ නම් ලොක් අඩුපාඩුවක් තිබෙනවා. එත් එහෙමයි කියලා වැඩි වයස් බවලතුන්ට නොමනා විදියට කතා කරන එක නම් මමත් අනුමත කරන්නේ නැහැ. අපේ පවුලටම දෙවැනි අම්මා වුණලොකුඅක්කට දැන් වයට 47යි. හැබැයි එයාට එහෙම කවුරුවත් ඔය වචනය දැම්මොත් මමත් නිකන් ඉන්න එකක් නැහැ . (අ)
ඔය වගේ හැසිරීම් වලට අර තුට්ටු දෙකේ ටෙලි නාටක වල ආභාෂයත් සම්බන්ධයි. (හේ)
මේ කාන්තාවගේ හැසිරීම නම් අනුමත කරන්න බැහැ. මේක වයසේ වැරැද්දක් නෙවෙයි පොත්තේ රතට හෝ දැවද්දේ බරට රැවටුන ප්‍රතිපලයක්. (හේ)
අම්මෝ! බත් පිඟානක් ගිය දුරක්..අපේ රටේ ආණ්ඩු පෙරලන්නෙත් ඕකම නිසා පුදුම වෙන්න දෙයක් නැහැ.(ම)
අම්මෝ ..!බත් පිඟානක් ගිය දුරක්..චිරාත් කාලයක් මේ රටේ ආණ්ඩු පවා පෙරලපු බත් පිඟානට තිබෙන බලයක්..මම මේ කල්පනා කළේ අපේ කට්ටියගේ රුවන් වැකි ටික අර කාන්තාව කියෙව්වොත් මොනවා හිතාවිද කියලා. (බ)
කාන්තාවන් කිසියම් වයස් සීමාවක් පහුවෙනකොට හැසිරීම් රටාවේ වෙනසක් සිදුවෙනවා.වැඩියෙන්ම මේක පෙන්වන්නේ සැමියාට.(හේ)
මේක මානසික ගැටළුවක්. (නි)
මේක මානසික රෝගයක් වියහැක (නි)
ගෙදරදි කන්න බැරිවුණාට පිට තැනකදී නම් කයි තලු මර මර (නි)
මම අවුරුදු 50 කිට්ටු කඝ කෙනෙක්. මගේ මහත්තයාට 60 පැනලා. එයාටත් අවුරුදු 20ක් තිස්සේ ඔය වගේ ලෙඩක් තිබෙනවා. මගේ අතක් වැදුනත් තරහයි, කසනවාලු. මම රැකියාව කරන්නේ මගේ කෑම මටම හොයාගන්න කියපු නිසා. එයාගේ අම්මාත් ඒ වගේ නපුරුයි. ඒ ගති එයාට පිහිටලා තියෙන්නේ. මටත් අනිත් ලේලියටත් නපුරුකම් කරනවා. අපේ සංස්කෘතිය හැටියට අපි ආවාට ගියාට පවුල් කඩන්නේ නැති නිසා මම ඉන්නවා. මේක මම මෙතන ලියන්නේ මේවගේ ගැහැණු පිරිමි දෙගොල්ලන්ම ලෝකයේ ඉන්න නිසා. අපි එක කොටසකට විතරක් බැනලා වැඩක් නැහැ. (නි)
අජිත්, පිරිමින්ට වයස යනකොට ප්‍රශ්න නැද්ද? අපේ පාරේ හැටත් පැනපු මහත්මයෙක් මංගල සේවයක් කරනවා. දැන් මාස ගානක ඉඳලා එයා තමන් ළඟ වැඩ කරන 35 පමණ ගැහැණියක් එතනම නවත්වාගෙන ඉන්නවා. තනිවම නෙමෙයි, ඇගේ පුතාත් සමඟ. ස්වාමියා පිටරටක රැකියාවකලු. ඉතින් ගැහැණුන්ට විතරක් බැනලා වැඩක් නැහැ. (නි)
ඇත්ත ඇති ආකාරයෙන් දැකීමට මෙම කාන්තාවට තව කෙතරම් දුර යා යුතුදැයි හිතෙනවිට මට ඇත්තටම ඇය ගැනත් කණගාටු හිතෙනවා. (ස)
පව් අසරණ මිනිස්සු. (ර)
රමණි, කොහෙද ඔය මංගල සේවය තියෙන්නේ. මට තාම 30ක් වත් නෑ. (ර)
මේක විහිළුවකට ගන්න ඕන කාරණයක් නොවෙයි. (ර)
අපිටත් වයසට යද්දී ඔහොම වේවිද? බයේ බෑ. අනේ පවු ඒ මනුස්සය. (ස)
සමන්තිකා ඔබේ සටහන කියවා අදහා ගන්නට බැරි උනා,අපේ සංස්කෘතිය කිය,කියා තමන්ගේ කෑම වේල තමාම උපයාගෙන කනවා නම් අපායක වැනි තැනක ජීවත් වෙනවා නම් එතන ආවාට ගියාට හෝ පවුල් ජීවිතයක් තිබෙන්නේ කෙසේද? සොයුරිය,ලෝකෙට පරකාසේ,ගෙදරට මරගාතේ කීවා මෙන් ජීවත් නොවී ඔබට බැරිවෙන කාලෙකට යන කල දසාවක් ගැන දැන්ම කළමනා කර ගැනීමට බලන්න. බැරිවෙන කාලයක් අප සෑම දෙනාටම එනවානේ. මලින් පිදිය යුතු පිරිමි පක්ෂයත් අප අතර සිටින බව සිහි වෙන්නේ මගේ ආදරණීය වල්ලබයා සිහිවෙන විටයි. (ස)
කෙසේනමුත් මේ කාන්තාව විහිලුවට ගැනීම හෝ දොස් පැවරීම නොකළ යුතු දෙයක්, මේක යම්කිසි මානසික තත්වයක් මේකට සුළු මානසික උපදේශයකින් සුවයක් ලබාගන්න පුළුවන්. මානසික වෛද්‍ය වරයෙක් හමුවීම වැදගත්. (ර)
මෙතන සමහර අම්මලා,තාත්තලා තම තමන්ගේ රෙදි හෝදගෙන පිරිසිදු වෙන්න හදනවා. තව සමහරු සමහරෙකුට තමන්ගේ කුණුත් එකතුකරනවා. තවත් කට්ටියක් සුදු පිරුවට පොරවාගෙන ඉන්න බව පෙන්වන්න හදනවා. තව ටිකදෙනෙක් තම ගින්දර පිටට දෙන්න හදනවා. සමහරු අනුන්ගේ කිල්ලෝටවල හුණු හොයනවා. හොඳ අවවාද අනුශාසනා නැතුවත් නොවේ. (නි)
මේක මට වුණානම් අපේ උන්දෑ මගෙන් බත් කන්නේ නැත. (නි)
මෙතන ඉන්නවා ලියලා තිබෙන කතාව හරියට තේරුම් ගන්නේ නැතුව ගැහැණුද පිරිමිද කියලා බලලා තමන් ගැහැණියක් නම් ඒ පැත්තට ලියන එක්කෙනෙක් දෙන්නෙක්. හරිම පටු විදියට තමයි හිතන්නේ. මේ අය තමා කැපුවත් කොළ/නිල් වෙන්නෙත්, ජාති ආගම් අනුව රණ්ඩු කරගන්නෙත්. (නි)
බමුණු ආරච්චි, ඔයා ඔහොම කොන්ද කෙළින් තියාගෙන ඉන්න නිසා තමයි ඔයාගේ නෝනා මේ වගේ දෙකේ තුනේ වැඩ ඔයාට නොකරන්නේ. එයත් මෙතන ලියන සමහර බවලත්තු හිතා ඉන්නවා වගේ ඕනෑදෙයක් කළාට අනේ කමක් නැහැ, ගැහැණියක්නේ කියලා හිටියොත් ඔයාටත් වෙන්නේ බත් එකෙන් ගුටිකන්න තමයි. (නි)
මෙහෙම දේවල් ගොඩක් තැන් වල සිද්ධ වෙනවා.(හේ)
ඉතින් අජිත් ඔබ ගැහැණු උදවියට පමණක් අපහාස කරලා වැඩක් නැහැ. (හේ)
නිම්මිගේ කතාව ඇත්ත. (හේ)
මේ කාන්තාව මානසික ආතතියෙන් පෙළෙනවා වෙන්න බැරිද ? (බ)
සමහරවිට මේ සැමියා ලොකු වැරැද්දක් කර ඇති. මේ බිරිඳ පවුලේ නම්බුව රැකගන්න ඕනෑ නිසා එක ගෙයි පවුල් කනවා ඇති. නමුත් සැමියා කළ වරදට දඬුවමක් ලෙස මෙහෙම කළාද කවුද දන්නේ? වැරදි කරන ගැහැණු වගේම පිරිමිත් ඉන්නවනේ මේ ලෝකේ (නි)
ඔය තරම්ම අවුලක් තිබෙනවා නම් පාට තුනක පිඟන් තියාගත්තා නම් ඉවරනේ, කාගෙවත් හිත රිදවන්නේ නැතුව. (නි)
ලංකාවේ දැන් ඉන්න කාන්තාවන්ගෙන් සියයට අනුවකටම මානසික රෝග තියන නිසා මෙවැනි දේවල් සිදුවීම බහුලව සිදුවෙනවා. ඒ බව අවබෝධ කරගෙන ජීවත් වන එක තමා වඩාත් සුදුසු . (බ)
මේ දේ පොඩි දෙයක්නේ.ගණන් ගන්න එපා.(හේ)
ගෙදරක වෙච්ච පොඩි දෙයක්. (හේ)
මේ සිද්ධිය වෙන්න ඇත්තේ මාසේ පඩිය අරගෙන දවස් 4-5 පස්සේ වෙන්න ඇති. (නි)