IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සැමියා කෙල්ලන් එක්ක තේ දළු නෙළනවා දැක බිරිය කංකානම් වැඩේට ඇවිත්

(පොල්ගස්ඕවිට එස් වික්‍රමආරච්චි)
තම තේ ඉඩමේ දළු කැඩීමට පැමිණෙන කාන්තාවන්ගෙන් කොරෝනා රෝගය බෝවේයැයි සැක කළ ඉඩම් හිමියාගේ බිරිය ඔවුන් සමඟ දළු කැඩීම ප්‍රතික්ෂේප කළ බැවින් සැමියා දළු කැඩීමට තීරණය කිරීමත් සමඟ බිරිය කංකානම්වරිය වශයෙන් කටයුතු කිරීමට පටන් ගත් පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


අක්කර දෙකක පමණ වපසරියකින් යුත් තම තේ ඉඩමේ දළු කැඩීම තමන්ට තනිවම කළ නොහැකි නිසා ඈ ඒ සඳහා අසල්වැසි කාන්තාවන් දෙදෙනකුද සහභාගි කර ගෙන ඇත.


පසුගිය දිනවල පැවති තේ වගාවට හිතකර ⁣කාලගුණ තත්ත්වය   හේතුවෙන් තේ දළු අස්වැන්න වැඩි විය. එම නිසා දළු කඩා ගැනීමට තවත් එක් අයෙකු සොයා ගනිමුයැයි සැමියා කළ යෝජනාවට බිරිය ද එකඟ වූවාය. විවිධ රැකියා සඳහා ගම්බද තරුණියන් නගරය කරා සංක්‍රමණය වීම පසුගිය කාලයේ සිදුවුවද කොරෝනා රෝගය නිසා රැකියා අහිමි වූ තරුණියන් කීපදෙනෙකුම නැවත ගමට පැමිණ සිටි බැවින් සැමියා ගමේ සැරිසරා එවැනි තරුණියන් දෙදෙනෙකුම දළු කැඩීමට  සොයා ගත්තේය.


පසු දින දළු කැඩීමට එම තරුණියන් දෙදෙනා පැමිණ සිටිනු දැකීමෙන් කලබලයට පත් බිරිය රහසිගතව සැමියාට විවිධ ආඩපාලි කියමින් ඔවුන් සමඟ වැඩ කිරීමට තමාගේ ඇති අකමැත්ත ප්‍රකාශ කළාය.


කෙසේ වෙතත් පිට අය පමණක් වැඩට යැවීමෙන් හරියාකාරව එම වැඩය නොකෙරෙන බැවින් දළු කැඩීමට යාමට තීරණය කළ සැමියා “අනේ ඒ ළමයින්ට ඇති කොරෝනාවක් නෑ,  උන් ගමට ඇවිල්ලත් දැන් මාස දෙකක් විතර වෙනවා. ඔහේට බැරි නම් මං යනෝ දළු ටික කඩන්න ඒ ළමයිත් එක්ක”‍ කියා ඉඩමට ගියේය.


නිවසේ නතර වූ බිරිය උදේ තේද රැගෙන ඉඩමට ගියාය. සැමියා තරුණියන් සමඟ කරට කර සිටිමින් කතාබහ කරමින් වැඩෙහි යෙදී සිටිනු දැකීමෙන් ඇයගේ සිත ගත දෙකම සලිතවී ගියාය. කෙසේවෙතත් ඒ බවක් පිටට  නොපෙන්නූ ඇය ඉඩමේ වල් පැළ ගලවමින්ද වරෙක දර එකතු කරමින්ද ඉර හැරෙන තුරු ඉඩමේ ගත කරන්නට වුවාය.


දිවා කෑම වේලාවද පසුවෙමින් යද්දී ඇය අසලට පැමිණි සැමියා “මේ අපට කංකානමල ඕන නෑ, ගිහින් මොනව හරි රත්කරගෙන ආව නම් හොඳයි”‍ යනුවෙන් කී පසු සැමියාගේ අණට කීකරු වුවද පසුදින සිට ඈ අර තරුණියන් සමඟ දළු කැඩීමට යාමට තීරණය කළාලු‍.



අදහස් (0)

සැමියා කෙල්ලන් එක්ක තේ දළු නෙළනවා දැක බිරිය කංකානම් වැඩේට ඇවිත්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 467 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 911 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 870 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1157 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9496 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 883 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site