ඔවුන් දෙදෙනාම එකම කාර්යාලයක සේවය කරති. ගජ මිතුරෝය. ආවෙ ගියේ එකටය. කෑවෙ බිව්වේද එකටය.
හිතවත්කම වැඩිවීමත් සමග යහළුවන් දෙදෙනා ඔවුනොවුන්ගේ ගෙවල්වලට ද යන්නට පුරුදුව සිටියෝය.
එක් යහළුවෙක් දකුණේය. දවසක් රාජකාරියෙන් පසු යහළුවා ද සමග පසුගිය දිනක තම නිවෙසට ගොඩවැදුණේ යහළුවා සමග කා බී විනෝද වීමටය.
ස්වාමිපුරුෂයාත්, ඔහුගේ යහළුවාත් උණුසුම් ලෙස පිළිගන්නට බිරිය අමතක නොකළාය. ගෙදරට ආ යහළුවාට හොඳට සැලකිය යුතුය. ඔහු කුස්සියට රිංගුවේය. අඩුපාඩු සෙව්වේය. යහළුවාට සලකන්නට තරම් සුදුසු තත්ත්වයක් මුළුතැන් ගෙයි නොවීය. දුක් මහන්සිවී හම්බකරන ලද මිල මුදල් ද රැගෙන ගෙයි හිමි යහළුවා පාරට බැස්සේ අවශ්‍ය කලමනා ගෙන එන්නට යහළුවා නිවසේ තනිකර දමාය. බිරිය ආගන්තුක සත්කාරය සඳහා නිවසේ ඒ මේ අත දුවමින් සිටියාය.
යහළුවාට සලකන්නට අවශ්‍ය සියලූ දෑ රැුගෙන නිවස හිමි යහළුවා ගෙදරට ගොඩවිය. පුදුමයකි. ඔහුට ඇස් අදහා ගත නොහැකි විය. තම යහළුවාටත්, තම බිරියටත් උන්හිටිතැන් අමතකවී තිබිණි. තම යහළුවාගේ උකුල උඩ වාඩිවී අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටින බිරිය දැක ඔහු යක්ෂාරූඪ විය.
බිරියට තම ස්වාමියාගෙන් ප‍්‍රහාරයක් එල්ල විය. තම හොඳම මිතුරා පැන දුවන්නට විය. සිද්ධිය පොලිසිය දක්වා දුරදිග ගියේය. තමාට බලහත්කාරකම් කරන්නට තම ස්වාමියාගේ මිතුරා සූදානම් වූ බව පැමිණිලි පොතේ සටහන් විය.
මනමාල යහළුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි.
මනමාල යහළුවා ප‍්‍රකාශ කළේ තම යහළුවාගේ බිරිය සමග කාලයක පටන් සම්බන්ධයක් තිබුණු බවත් තම යහළුවාට සිද්ධිය එළිවූයේ එදින බවත්ය. තමන් තම යහළුවාගේ බිරියට බලහත්කාරකම් නොකළ බවත් ඔහු එහිදී ප‍්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1. වන්දියක් සමග සැමියාට දික්කසාදය ලබා දිය යුතුයි. වන්දි මුදල් බිරිය සහ යහළුවා එකතුව ගෙවිය යුතුයි. 2. බොරු චෝදනා කර පොලිසිය නොමග යැවීම යටතේ එම කාන්තාවට නඩු පැවරිය යුතුයි. යහළුවාට සිදු වූ අපහාසයට වන්දි කාන්තාවගෙන් ලබාගත යුතුයි.(දී)
කෑවේ බිව්වෙත් එකටලුනේ. ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට. (දී)
පේනවා නේද කරගත්ත විනාසේ තරම.මිනිහගේ වරදකුත් නැත්තේම නැහැ.ගෙවල්වලට මිනිස්සු වැද්ද ගනිද්දී මිට වඩා පරික්සකාරී වෙන්න ඕනේ.විසේසයෙන් තරුණ දරුවන් ඉන්න ගෙවල්වල. (දී)
අනේ මන්දා.තුන්දෙනාම ප්‍රාථමික යුගයේ ජීවත්වෙන්නේ වගේ.(දී)
ඒ කියන්නේ පනින රිලවුන්ට ඉනිමං බැඳලා දීලා...අනේ මෙහෙමත් ගෑනු. (ස)
මෙන්න නියම අඹ යහළුවෙක් (ස)
යාලු කමක තරම ඔඩොක්කුවෙන් දැනේ. (නදී)
දෙකට ගනින්න බැරිව වගේ ලජ්ජා බයට ගෙයි මුල්ලේ හැදුනා වගේ ඉන්න සමහර බවලතියෝ ඔහොම්මම තමයි. තුට්ටුවකට විශ්වාස කරන්න බැහැ. යාලුවටයි මනුස්සයටයි දෙන්නටම ගැනුන්ගේ හැටි නම් අවබෝධ වෙන්න ඇති හොදට. (නදී)
ඕකත් ඉතින් අහන්න දෙයක්ද? දකුණේ කෙනෙක්ව ගෙට ගත්තයි කියන්නේ ඉතින් ඒ පවුලට අබ සරණයි කියන එක තමයි. (නදී)
එක් යහළුවෙක් දකුණේය.! (ස)
මිතුරා දකුණේ නම් බිරිදට විතරක් නෙමේ කනේ කරේ තියන රත්තරන් ටිකටත් මෙලහකටත් විදලා ඇති. (නදී)
දැන් සිටින බොහොමයක් අය රාග ගින්නෙන් දැවී දැවී ඉන්නේ. මෙවැනි වැරදි කරන්න පෙර සිතන්නේ නැහැ අහු උනොතින් පවුල් ජීවිතය අඩාල වෙනවා ලැජ්ජාවට පත්වන්න වෙනවා කියලා.(නදී)
අද කාලයේ ආගන්තුක සත්කාර කරන්න ඕනත් දෙවරක් හිතා මතා . කොහොමටත් යාළුවන් ආශ්‍රය කරන සීමාව දන්නැති උදවියට මේ වගේ දේවල් වෙන්න තියන ඉඩ කඩ අද කාලයේ වැඩියි. නිතරම ගෙවල් වලට පිටස්තර පිරිමි වද්දා ගන්න අයට හොඳ පාඩම් ! (අ)
ආගන්තුක සත්කාරය හොඳින් දන්නා බිරිඳක්.(අ)
නරියට කුකුල්ලු බලාගන්න දුන්න වගේ වැඩක්. (අ)
බිරිදයි යාළුවයි දෙන්නම දකුණේද? (අ)
මේක සිද්ධ වුන ප්‍රදේශය කිව්වානම් අනෝමාගේ සැකය දුරු වෙනවා. (අ)
කුම්බලා මාළු කැවානම් විඳපන් බළලෝ. (අ)
මෙහි සඳහන් සැමියා වැරදිලාවත් අපේ පාඨක සභාවේ කෙනෙකු නෙවෙයි නේද ? නිතර කඩේ යන සැමියන්ට මෙහෙම දේවල් වෙන්න ඉඩ තිබෙන නිසා ඇහුවේ (අ).
දැන් පේනවානේ. වෙලාවක් අවේලාවක් නොබලා කඩේ යන උදවියට වෙන අලකලංචිය (අ)
මේක මේ කඩේ ගිය ටිකට වුන දෙයක් නම් අපේ පාඨක සභාවේ එක්තරා මහතෙකුට වුන දෙයක් වෙන්නත් පුළුවන්. (අ)
මනුස්සයා දැක්ක නිසා තමයි බලහත්කාරකම. නැත්නම් ඉතින් කැමැත්තනේ. (ස)
තමන්ගේ වැඩක් කරගෙන නොඉඳ අනුන්ට කඩේ යන අයට වෙන්නේ ඔහොම තමයි. (ස)
අනෝමා, ඕකත් අහන්න දෙයක්ද? අනිවාර්යයෙන් එහෙම තමයි. (නි)
ඕක සාමාන්‍ය දෙයක්.බිරිඳ දෙන බත් එක පෙම්වතියත් එක්ක කන කාලයක් මේ (නි)
මොකද අනෝමා බයවෙලා? (නි)
ඕකනේ පැරණි කියමනක තියෙන්නේ, ඇඳුමක් , බයිසිකලයක්, තමන්ගේ බිරිඳව කවදාවත්ම කාටවත්ම දෙන්න එපා කියලා. (නි)
එයාව යාළුවාටම දීලා දාන්න.දෙන්නාටම දෙන්න පුළුවන් හොඳම දඬුවම (නි)
මොනවා වුණත් දකුණේ මිනිහා වැඩකාරයා (නි)
කඩේට ගියපු ටිකට මෙහෙම නම් දවසක් ගෙදර නොහිටියොත් මොනවා වෙයිද? (නදී)
අපේ ගමේ පවුලක පිටරට ගිය සැමියෙක් බිරිඳගේ ආරක්ෂාව පවරා ගියේ හොඳම මිතුරාට. කොච්චර හොඳට බලා ගත්ත ද කිව්වොත් ගෙදර එළවලු මාළු ටික ගෙනල්ල දුන්නෙත්, ලෙඩක් හැදුනාම දොස්තර ලඟට එක්ක ගියෙත් මිතුරා. පිටරට ඉඳලා සල්ලි එව්වාම අලුත් ගෙදර හදන වැඩ කරට ගත්තේ ත් මිතුරාමයි. හැබැයි සැමියාට තරු පෙනුනේ , පිටරට ඉඳන් එනවිට අලුත් ගෙදර එකම කාමරයේ බිරිඳ සමග පදිංචි වෙලා ඉන්න මිතුරා දැක්කාම තමා. (නදී)
දහයට ගනින්න බැරුව වගේ ඉන්න ලජ්ජා බයට ගෙයි මුල්ලේ හැදුන කියල පෙන්නන්න හදන සමහරා බවලතියෝ ඔහොම්මම තමයි. තබේකට විශ්වාස කරන්න බැහැ. පරණ මිනිස්සු කට කහනවට නෙමෙයිනේ කිව්වේ ගැණු කව්රුද වරදේ නොබැදෙන කියලා. මේ යාලුවෝ දෙන්න ගැණු ගැන විභාගෙ නම් ඉහලින්ම සමත් වෙන්න ඇති. (නදී)
මිනිසා තමා හදුනා ගත නොහැකි සතා (නදී)
ලංකා තිලක් ගේ පවුලේ බවලතුන් නම් හීනෙකින් වත් මෙහෙම නැතිව ඇති නේද ? (නදී)
සමහරුන් ගැහැණු බැඳෙන වරදවල් ගැන කතා කරන්නේ තමන්ගේ බිහිකළ අම්මටත් ඔය උපහාසය එල්ල වෙන බව මතක නැතිවද කොහෙද . (ස)
ලංකා තිලක් තමන්ගේ අම්මටවත් ගරු කරනවද කියලා අපි දැන ගන්න සතුටුයි. (ස)
ඒ මහතා ගේ කතාවෙන් හැඟෙන්නේ ලජ්ජා බය ඇති , වරදෙහි නොබැඳෙන කාන්තාවක් ඔහුගේ ගෙදරින් වත් සොයා ගන්න බැරි බවයි .නැතිනම් මෙහෙම තුන් ලෝකයේ ඉන්න ස්ත්‍රී සංහතියටම උපහාස කරන්න හේතුවක් නැහැනේ . (ස)
හැම ගැණීම එක වගේ නෑ කියල ඔයාට අමුතුවෙන් කියල දෙන්න ඕන නැනේ, වරදේ බැඳෙන ගෑනු උදවියත් ඉන්නවා. (ස)
දැන් ඔය කියන ගැහැණු වරදේ බැඳෙන්නේ පිටසක්වල ජීවින් එක්කද? (නදී)
වනචර කමත් මහමුදලිකමට වඩා ලොකුයිලු කියල තමා කියන්න වෙන්නේ (නදී)
එහෙ ම ගෑණු එ් මිනිහට දෙන්න තමා තිබුණේ. නිදහසේ ඉන්න. (ස)
තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ. (ස)
වරදෙහි නොබැඳි ලජ්ජා බය ඇති තිලකේ ...උඩ බල බලා කෙල ගසනව අපි දැක්කේ.... (ස)
දැන් ඔය ගෙට රිංගා ගත් මිතුරා පිරිමියෙක් නෙවෙයි කියලාද ලංකා තිලක් කියන්නේ ? (ස)
සමහරු කාන්තාවන්ගේ ලජ්ජා බය ගැන සොයන්නේ ලිඳ ළඟ කමලාවතී වගේ චීත්තයක් ඇඳගෙන ද කොහෙද ? (ස)
කාන්තාවන්ගේ ලජ්ජා බය ගැන සිතන කෙනා සභාවේ ඇඳගෙන ඉන්නේ කොට සායක් නේද ? (ස)
සාමාන්‍යයෙන් පමණට වඩා කාන්තාවන්ගේ ලජ්ජා බය ගැන සැලකිලිමත් වෙන්නේ , කිසිම විලි ලැජ්ජාවක් නැති පිරිමි. එහෙම එකම පිරිමියෙක් සභාවේත් ඉන්නවා. (නදී)
ලංකා තිලක් ඔබ සොයන විදියේ ලජ්ජා බය ඇති , අවිවාහක සුන්දර කාන්තාවක් අපේ අල්ලපු ගෙදර ඉන්නවා. අවුරුදු 80 ක පමණ වැදගතියක්. ආතරයිටිස් නිසා නිතර එලියට බහින්නේවත් නැහැ . කතා කරලා බලන්නද ? (නදී)
පරසිඳු පන් මල්ල ගෙන ලංකා තිලකේ යනවිට පය තබා කඩයට හනි හනිකේ. ලජ්ජා බියෙන් යුතු මුදලාලිගේ මැණිකේ. මල්ලේ හිලක් පෙන්වා ඇත අරුමැක්කේ. (නදී)
මමත් හිතන විදිහට මේ අලකලංචියට මැදි උනේ මේ සභාවේ බවලතෙක් ද ? (නදී)
වෙන්න බැහැ ශාන්ති. පෙනෙන හැටියට සභාවේ බවලතුන් කාටවත් කඩේ යන සැමියන් නැහැ වගේ. (නි)
කාන්ත පාර්ශවය අවි අමෝරන කොට මම හිතුවේ පිරිමි ටික මගේ පැත්තට ඉඳීවී කියල..බැලුවම ලජ්ජා බයට හැදුනු බවලතියෝ වෙලා තියෙන්නේ එයලානේ..(ස)
වැරදිකාරයන් දෙන්නාගෙන් එක් කෙනෙකුට විතරක් බනින්නේ ඇයි? (නි)
දහයට ගනින්න බැරි අය තමා සියයට ගණන් කරලා පනින්න තිබෙන කඩුලූ සියල්ල පැනලා දෙයක් වුණේ නැති ගානට ඉන්නේ. තිලක්ගේ කතාවේ ඇත්තක් තිබෙනවා. ඕනෑවට වඩා පතිවත රකින අයම තමා ඒවා බිඳින්නේත් (නි)
ලංකා තිලක්ගේ පැත්ත ගන්න පිරිමි කෙනෙක් හොයාගන්න එක ලැජ්ජා බය ඇති බවලතියක් හොයාගන්නවාටත් වඩා කොහොමටත් අමාරුයි. පුදුමය තිලක්තුමාට මේක නොතේරෙන එකනේ. (නි)
මෙතන ප්‍රතිචාර අනුව නරියාට කුකුල්ලු භාර දුන්නා වගේ කියන ප්‍රස්ථා පිරුල අපි වෙනස් කරමු. " බවලතුන්ට ලංකා තිලක් භාර දුන්නා වගේ " කියලා (නි)
දෙයියෝ සාක්කි තීරයටත් ලංකා තිලක් ටත් පින් සිදු වෙන්න ලේ පිරිසිදු වුනා ....හිනා වෙලා පණ ගියා. (දී)
ලංකා තිලක් හැමදාම නාගන්නවා.(දී)
කාලේක සිට පවත්වා ගෙන ආ අනියම් ඇසුර ස්වාමියාට අසුවු විට බලහත් කාර කමකට පෙරලා පිරිමින් දෙදේනාම මුලාවෙ දමන්න සැරසුන මෙම කාන්තාව ගැහැණු සන්හතියටම නිගාකර ඇත (දී)
ගණන් ගන්න එපා ලංකා තිලක් . අඩු ගණනේ ඔබේ හිසේ කෙස් ටික හරි බේරුනා නේ !(දී)
මදුශානි , අවසර ලත් තැනක වරදේ නොබැදෙන ගැහැණු කවුරුද ? (අ)
සාමාන්‍යයෙන් කාන්තාවෝ නපුන්සකයින්ට එරෙහිව අවි අමෝරා ගෙන යන්නේ නැහැ. එයාලගෙන් ගැහැණු අපට කරදරයක් නැති නිසා. (නදී)
ගැහැනුන්ගේ මායාවන් නිසා අහිංසක පිරිමියෙකුට උන ඉමහත් ඛේදවාචකයක්. (නදී)
පොදුවේ ගත්කල සියලුම කාන්තාවෝ වැරදි නැත. දෙවියන් හා සමකළ හැකි කාන්තාවෝද අපි අතර ඉදිති. එවැනි කාන්තාවක් ලබන්නත් ''පිං'' කරන්න ඔනී මේ මන් වගේ. (නදී)
කාන්තාවන්ට පිරිමියෙකු දැලේ දාගැනීම හරියට කජු කනවා වාගේ ලේසිලු....ඉස්සර තමා ''බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙන්න'' කියල බෝර්ඩ් ගැහුවේ. දැන් ගහන්නේ ''කාන්තාවන්ගෙන් ප්‍රවේසම් වෙන්න'' කියල. (නදී)
නිර්මලට ඒ කට්ටිය ගැන සැහෙන අත් දැකීම තියෙනවා වාගේ. ඔයත් මනමාලියන්ට අන්දනවා ඇති නේද? ඔහොම යන් ..ඔහොම යන්..අපිට නිර්මලාගෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වේවි වගේ..නිර්මලා කොයි පළාතේද? (දී)
කාන්තාවන්ට උපහාස කිරීමේ සීමාව නොදන්නා උදවියට තමා කළු පටි ශුරයෙකු නොවුයේ මන්ද කියා සිතුනාලු. (නදී)
බවලතුන්ට අනම් මනම් කියන්න ගිහින් පුවතේ දැක්වෙන සැමියාට වඩා අමාරුවේ වැටුන උදවිය සභාවේ ඇත. (නදී)
නිර්මල විතරයි දැනෙන ප්‍රතිචාරයක් දාල තියෙන්නේ. මන් හිතන්නේ මහත්තය ඒ ජාතියේ කෙනෙක්ද කොහෙද? ඔන්න යාලුවන්ට රිංගනවා නම් තැන. (නදී)
ගොඩක් ස්තුතියි ගැලී (නදී)
කවුද ලක්ෂපාන අහිංසක පිරිමියා ? අපේ ලංකා තිලක් උන්නැහේ ද ? (නදී)
කියන්නට ගොසින් විලි බිය ගැන වදනක් අපොයි තිලකේ ට සබයේ වෙච්ච දෙයක් (නදී)
නිර්මලාගේ ගෙදර කෙසේ වෙතත් ඔබේ ගෙදරට නම් කවුරු හරි රිංගලා වගේ තිලක්. (දී)
ලංකා තිලක් නම් කොහේ හරි නිවෙසකට රිංගන්න ගිහින් ලජ්ජා බය මතක් කරගෙන තිබෙන හැඩයි! (දී)
මේ පුවතින් දැක්වෙන සැමියා හෝ මිතුරා මේ සභාවේ කෙනෙක්ම වෙන්න ඕන. නිතර ලජ්ජා බය ගැන දොඩවන කෙනා ගැන තමා සැක ! (අ)
නිර්මලාගේ කතාවට ලංකා තිලක් වේලපහම තොප්පිය ගෙන. තිලක් අයිය රින්ගුවට නම් වැඩක් වෙන්නේ නැහැ. පව් මටත් තේරුණා එත් එක කියන්න මොකක්ද වගේ හින්ද කිව්වේ නැහැ. (අ)
අන්තිමේ බවලතුන්ගේ ලජ්ජා බය පරික්ෂා කරන්න කියලා අපේ ගෙවල් වලටත් ගොඩ වෙන්න ඉඩ තියනවා. රජයේ රස පරීක්ෂක වගේ - ලජ්ජා බය පරීක්ෂක තිලකේ මහත්මා ! (අ)
ලංකා තිලක් ගේ යාලුවෝ රිංගන්න අවට මම මොකටද බොරුවට කලබල වෙන්නේ. ඕනනම් ඉතින් හොඳට බලලා අපහු යන එකනේ කරන්නේ. ඉතින් මට මොකද. (දී)
ඇත්තම තමයි නිර්මලා මමත් අහල තියන විදිහට විලියට ඔච්චරම බිය එයාල තමයි. මොනවා උනත් එල කතාව. (දී)
ලංකා තිලක් ට නරකද ගෙවල් වලට රිංගන උදවිය අල්ලලා දෙන ව්‍යාපාරයක් පටන් ගත්තොත්. ඔබේ නිවසින්ම පටන් ගන්න පුළුවන්. ! (දී)
පිරිමි ගැහැණු දෙපාර්ශවයම එක හා සමානවම ඔය වගේ ශිල්ප දැක්වීමට හරිම හපන්. කොහොම වෙතත් මේ වගේ දුගඳ හමන අය අතර දෙවියන් වාගේ මිනිසුන් ඉන්නවා. පපුවට තට්ටුවක් දාලා බලන්න තමනුත් මොන විදිහෙද කියලා... (නි)
අනේ දෙවියනේ කොහේ හරි උඩක ඉදලා මේ බවලතා ඔඩොක්කුවට වැටෙන්න ඇති.පව් අනේ. (අ)
එහෙනම් මමත් කියන්නද දෙයක් ., ගොඩක් වැරදි කරන ලංකා තිලක් වගේ පිරිමි තමයි වැඩිපුරම ගැහැණුන්ගේ වැරදි හොයන්නේ දකින්නේ ''ඒත් '' කතාවේ එන ගැහැණු කෙනා හොද කෙනෙක් කියල කියන්න බැහැ, ගැහැණු කවුරුද වරදෙහි නොබැදෙන.., අයියෝ ලංකා තිලක් ගැහැණු වරදේ බැදෙන්නේ පිරිමින් එක්ක නේද ..? ඒ උනාට ඔයා සභාවේ නාන නෑමට නම් මට දුකයිත් එක්ක (අ)
ඇයි දැන් බන්දුලටත් මනමාලියෝ අන්දවන්න හිතිලාද අනිත් අයගෙන් ඒ ගැන අහන්නේ ? අනේ හොඳයි. බන්දුලට පුළුවන් ලංකා තිලක්ව නිරුපිකාව කරගෙන ඒ කටයුතු අරඹන්න .(අ)
මට නම් මේ සිද්දියේ කිසිම වරදක් පෙන්නේ නැහැ (අ)
මමත් දකුණේ යාළුවකුට පිටරටකදී අතරමන් වෙලා හිටපු නිසා ගොඩක් උදව් කලා,හින්න තැන කන්න රස්සාවල් දුන්න .අන්තිමට මගේ බිරිදට අහගන්න අව මගේ අතින්ම ලස්සන කනේ පාරකුත් දුන්නා.ඔව්හු ගුරුවරයක් .නමුත් ගුනමකුවෙක්.කිසිම යාලුවෙක් ගෙදර සාලයන් අතුලටගන්න එපා . (අ)
ලංකා තිලක් ට වැඩියම තියෙන්නේ එයාගේ ඔඩොක්කුවට කිසිම බවලතෙක් නොවැටුන දුක ද කොහෙද ? (දී)
මේක සමාජ ප්‍රශ්නයක් (දී)
මට පෙන්නේ බන්දුල පෙරේරා සහ ලංකා තිලක් කියන්නේ එකම පුද්ගලයෙක්. ඔහු ඵලකරන එකම අදහස ඉහත නම් දෙකෙන්ම ඵලකරලා ඔහුගේ අදහස ඔහුම අනුමත කරගන්න දගලනවා නේ.වටරැක හිමි අත්අඩංගුවට යන ලිපියේ මෙයාගේ අදහස් බලන්න. (දී)
මනුෂ්‍ය හැඟීම් අපිට නවත්තන්න බැහැ (දී)
ශ්රී ගැමුණු ඔබ හරි, බලන්න මේ දෙදෙනාම පාඨක කාන්තාවන් ට උපහාස කරන්නේ එකම විදියට. පිටරට උදවියට සමච්චල් කරන්නෙත් එකම ක්‍රමයට (දී)..
කාවවත් විශ්වාස කරන්න එපා (දී)
මිතුරා එක තප්පරයෙන් හතුරා වෙලා (දී)
අනේ මෙහෙමත් ගෑනු(දී)
මෙහි අදහස් ටික කියවලා හොඳට සතුටු උනා.ලංකාදීපයට හා පාඨකයන්ට ස්තුතියි .මෙහි සියලු අදහස් මම හතරවරක් බැලුවා.(ස)
ගැනු සේරම එකයි ... නම විතරයි වෙනස්... (දී)
කඩේට මම ගියා. නෝන ගෙදර තියා. මගෙ යාළුව මම එනතුරු, උන්දැ බලාගයි නිරතුරු. (ස)
හොදම දේ යාලුවෙක් උනත් අනවශ්‍ය විදියට පවුල් ජීවිතේට ලං කර නොගැනීමයි , මේ කාලේ හැටියට අන්තර්ජාලය , දුරකථන , වගේ විද්‍යුත් උපාංග නිසා , කාමය කියන දේ මිනිස්සුන්ට හොඩක් ලං වෙලා .. කොයි මොහොතේ උනත් ලැබෙන අවස්ථාවෙන් වැඩක් කරගන්න බලන්නේ සමහර අය .. හොඳම දේ හැම දෙයටම සීමා සහිත වීම .. ඈත අතීතයට ගියාම එදා පිරිමිනුත් ගැහැනුත් අද වගේම කාම ආශාවන් වලින් යුක්ත උනා . නමුත් එදා පිරිමියා මුලික කර ගත් ඔවුන් සමාජයට හුඟක් බයයි .. අද එහෙම නැහැ. ඔබත් ප්‍රවේශම් වන්න, අද එම පවුලට උන දේ හෙට ඔබේ ගෙදර විය හැක. (ස)
යාළුවෝ හොඳයි ඒත් ඕනවට වඩා එපා. (ස)
ඕවත් දේවල්ද අද කලේ වෙන වැඩ හැටියට?(දී)
මම නිරෝෂන් ගේ අදහසට සියට සියයක් ගරු කරනවා..!!(දී)
ශ්රී ගැමුණු අයියෝ ඔයා අදද දන්නේ, ඔය බන්දුල පෙරේරායි ලංකා තිලකුයි තව ගැහැණු නම් වලිනුත් ලියනවා කියලයි ආරංචි මාර්ග පවසන්නේ (දී)
මාර පිලි ගැනීමක් යාලුවට දීලනේ (දී)
ඕනෑවට වැඩිය ඕනෑම කෙනෙක් ව්ශ්වාස කරන්න හොදනැහැ (අ)
ගෙදර සලකන්න දෙයක් නෙති නිසා ගැනු කෙනා එහෙම සලකන්න ඇති (අ)
විකුම් මී හරකෙක් උන පලියට උම්බැ ගාන්නෙපා. බුරුවො මෙවා දකුනට වඩා තව තැන් වල වෙනව. අ)
ගැහැණු ඔක්කොම ඔහොම තමයි (දී)
කවුද දන්නෙ නැහැ නේද මේ? (නි)
මෙහෙමත් ගැහැණු! (නි)
දකුණ ගැන අවතක්සේරු කරන නෝනා මහත්වරුන්ට, දකුණට ඇවිල්ලා එහෙම දෙයක් වුණොත් ඇඳිවතත් නැතුව තමයි යන්න වෙන්නේ (නි)
දවසේ හොඳම ප්‍රතිචාරය සනීගේ ප්‍රතිචාරයයි (නි)
සැමියා සහ සොර සැමියා දෙදෙනාම රවටාගත්තා නම් වැඩේ හරිනේ!! (නි)
එක අතකින් මෙහෙම වූ එක හොඳයි. බිරියගේ තරමවත් දැනගත්තනේ (නි)
අනේ මෙහෙමත් ගැහැණු? පිරිමියා කඩේට ගිය ටිකට ඔහොම නම් ගෙදර නැති විට කොහොමට ඇද්ද? (නි)
ඔය එක සිද්ධියක් විතරයි. තව කොච්චර මේ වගේ දේවල් වෙනවා ඇද්ද? මිනිසුන්ට උන් හිටි තැන් අමතක වෙලා. ඔවුන් රාග ගින්නෙන් වෙලිලා. අහෝ! (නි)
මේ පුරුෂ පක්ෂය තම තමන්ගේ වැරදි හෙව්වොත් නරකද කාන්තා පක්ෂයට ඇඟිල්ල දික්කරන්න පළමුව? පිරිමියෙකුගේ උදව් නැතුව කොහොමද ගැහැනියක් වරදේ බැඳෙන්නේ? ගැහැනියක් වරදේ බැඳෙන හැම තැනකම එතැන පිරිමියෙකුත් ඉන්නවා! කතාවක් තියෙනවනේ තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය පෙනෙන්නේ නැහැ කියලා (නි)
ගැහැණු ජාතියටම අවනම්බුවක් (දී)
මෙහෙම ගැහැණු ජාති ජාතිවත් එපා (දී)
අනේ මෙහෙමත් ගැහැණු (දී)
මේක එක්තරා සිද්ධියක් විතරයි. ඒත් ඇයි මේ අදහස් දාන උදවිය තමන්ගෙ නොවන සිද්ධියකට, තමන් අඳුනන්නෙවත් නැති කෙනෙක් එක්ක කෝප වෙලා? ඒ කනෙන් අහල මේ කනෙන් පිට කරල, තමන්ට ගන්න පුළුවන් දෙයක් ගන්න තියෙනවනම් අරන් සද්ද නැතුව ඉන්න පුළුවන්නම් කොච්චර හොඳද.. .(දී)
නීලා කියන දෙය හරියටම හරි. කාන්තාවනි එක්වෙයව්! අප වෙත එල්ල වෙන කිසිම පදනමක් නැති මෙම චෝදනාවන්ට හරි පිළිතුරු දිය යුතුයි. පළමුවෙනි කාන්තා අගමැතිනිය බිහි කල රටේ ඉපදුන අපි පුරුෂයන් විසින් නගන මේ අහේතුක චෝදනා තව දුරටත් ඉවසමුද? (ස)
දකුණේ මිනිස්සු විතරද වැරදි කරන්නේ, මේක පුදුම වැඩක්නේ. මුළු ලෝකෙම මිනිස්සු වැරදි කරනවා. දකුණේ විතරක් නෙවෙයි. (ස)
දැන් කාලේ අමුතු දේවල් වෙන්නේ.(නදී)
එ්ක තමයි කියන්නේ තමන්ගේ ගෑනිටත් කඩේ යන්න එපා. ගෑනිව කඩේ යැව්ව නම් ඉවරයි නේ. (ස)
ඇය කවුද දන්නෙ නැහැ නේද ? (නදී)
මම කියන්නේ නම් මේව අපේ පිරිමින්ගේ වැරදි. (නදී)
ඕකට කියන්නේ ලැබිම කියලා (අ)
මට අමතක උනා අහගන්න. මේ ගෙදරට ගිහින් එන්න ආසයි (නදී)
ගැහැණු පිරිමි බේදයකින් තොරව අපි හැමෝම වැරදි කරනවා. ඒත් ගැහැණු පාර්ශවය කම් සැපට පිරිමින්ට වඩා ලොල් බවක් දක්වනවා.(නදී)
ඉතින් හොදයිනේ (දී)
අනේ පුෂ්පා ඔන්න ඔහේ කියන කෙනෙක්ට කියන්න දෙන්න. වැඩියෙන් වැරදි කරලා අනුන් පිට පටවන්න දක්ෂ පිරිමින් ලොව වසන තුරු ගැහැනුන් වරදේ බැදෙයි. පිරිමි හොද වුන දවසට ගැහැණුත් හොද වෙයි. (නදී)
මමත් ඔහොම වැඩ කරනවා ඕක මොකක්ද අහු වෙන්නේ නැත්නම් (දී)
කව්රු මොන තර්ක ගෙනාවත් ගැහැනියගෙන් ප්‍රතිචාරයක් නැතිනම් පිරිමියෙක්ට ඔය වැඩේ කරන්න බැහැ. එහෙම උනානම් එතන මරණයක් නියතයි. අපි දන්නේ නැහැ මේ කියන දේ අනුව ඒ කාන්තාව ඔඩොක්කුවේ හිටියද කියලා. එහෙම හිටියනම් අර පිරිමියා එම කාන්තාව බලෙන් රඳවා ගෙන නෙවියිනේ. හොඳ කාන්තාවෝ ඉන්නවා. මම කියන්නේ ගැහැනියගෙන් අනුබලයක් නැතිව මේවා වෙන්නේ නැහැ කියා. (නදී)
ඕවා සාමාන්‍ය (දී)
මට ලැජ්ජයි අනේ (දී)
ඒ ගැහැණු කෙනා වෙන කෙනෙක් ගාවට ගියේ ඒ මනුස්සයා හොද නැති නිසා වෙන්න ඇති අපිට මොකද ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න ඒ මිනිස්සු විසදා ගනියි (දී)
ඉතින් හොදයිනේ (දී)
මට නම් පේන්නෙ මෙතන අදහස් දක්වන ගෑණු වැඩි හරියක්ම තමන්ගෙ ස්වාමි පුරුෂයාගෙ යාලුවන්ගෙ ඔඩොක්කුවල ඉන්න අය වගෙයි. ඒකනෙ මේ රොත්ත බුරුත්ත පිටින් පිරිමින්ට බැන බැන ඉන්නෙ. (නදී)
දකුණට දකුණ ආදරෙයි. මහත්තයා වන්නියේ වෙන්න ඇති (නදී)
රූපා මිනිහා නැති වෙලාවේ ගැනි හොර මිනිහගේ උකුලට යන එක මම නම් අනුමත කරන්නේ නැහැ. (නදී)
දිසානායක මල්ලි දැන්වත් ඔයා අනුන්ගේ නම් වලින් ලියන එක නවත්වන්න. ඕවා පව් පිරෙන වැඩ. මේකට ඔයා මුකුත් ලියන්න එපා. ඉවසල ඉවසල බැරිම තැන මෙහෙම ලියන්නේ. ඔයාට හැර මේ සහාවේ කිසිම කෙනෙකුට වුවමනාවක් නැහැ මෙතන පොර කුකුල්ලු වෙන්න. ඔයා උගත් බුද්දිමත් කෙනෙක්නේ., මන් හිතනවා ගොඩක් ආදරෙන් දෙන මේ අවවාදේ පිළිගනීවි කියලා. ඔයාට තෙරුවන් සරණයි ! (නදී)
වැඩේ කැතයි නේද....එහෙම හෝදනැ නේද.... (දී)
යාලුවා ගැන නොදැනද හිතවත් උනේ (දී)
බිරිදත් යාළුවාටම දුන්නා නම් ඒ යාළුකම තව ගොඩාක් වැඩිවනවා (දී)
මම දන්නා හදුනන කෙනෙකුටත් මෙහෙම දෙයක් වෙලා අන්තිමට ගෑනි බාර ගන්න උනා., ලජ්ජාවත් එක්කම තමන්ට වඩා වයසින් වැඩිමල් ගැහැණිය කසාද බැද ගත්ත දැන් බබාලා තුන් දෙනෙක් ඉන්නවලු.,මේ මනුස්සයටත් කරන්නේ තිබුනේ ඒ වැඩේ තමයි.....!! (දී)
වැඩිදුර හිතුවෙ නැති උනාම වෙන දේවල් (දී)
ඔඩොක්කුවේ ඉන්න තරම් අසිෂ්ට උනාද (දී)
මොන හිතකින් හිටියද (දී)
පොඩි හිරිකිතක් දැනෙන්නේ නැද්ද (දී)
මා නිවසේ නැති අතරේ කවුරුන් හෝ පැමිණ තිබේ (දී)
ඒ කාන්තාව තමයි වැරදි (දී)
ඒ මනුස්සයාට මොනවා හිතෙන්න ඇතිද (දී)
මට උනා නම් මම දනියි කරන දේ (දී)
පව් ඒ අසරණ මිනිහා (දී)
මේවා හිතන්න තිබ්බේ කලින් (දී)
තමන්ට ආදේශ කරලා බලන්න මේ පුවත (දී)
දිකිරිවලට බළලුත් සක්කිලු. (දී)
මට අදහන්න බැහැ සමහර අය පළකරන එක් පැත්තකට පමණක් නැඹුරු වූ අදහස් ගැන. කාන්තාවන්ට දොස් පවරන උගත්තු පළමුවෙන්ම හිතා ගන්න ඕනි තමන්ගේ මෑණියනුත් ගැහැනියක් බව. දෙවැන්න, කොහොමද ගැහැණියෙක් වරදේ බැඳෙන්නේ පිරිමියෙක් එතන නැතුව? හොඳයි මෙතැනදී දෙපාර්ශවයම සම සමව වගකීම බාර ගත යුතු නේද? (දී)
පුෂ්පා කියන ඒවා ''යන්නේ කොහෙද මල්ලේ පොල්'' තමයි. බිරිඳක් සොර සැමියා සමඟ අසුවූ විට බිරිඳ කියයිද අනේ මම මෙයා ටිකක් නිදිකරවන්න හැදුවා කියලා? (නි)
චන්ද්‍රා වීරසිංහ, ඔබත් ඉන්නේ බොහොමයක් පිරිමින් ජීවත්වන 'මොන නොහොබිනා වැඩේ කළත් අපි සුදනෝ' කියන මනෝ ලෝකයේ වගෙයි මට පෙනෙන්නේ. ගැහැණියක් සහ මිනිසෙක් අතර හොර සම්බන්ධකමක් තිබෙනවා නම් දෙදෙනාම සමසමව එහි වගකීම බාරගත යුතුයි. (නි)
බන්දුල පෙරේරා/ලංකා තිලක් පැන පැන අදහස් දාන්න ගිහින් නිකන් ගැහැණු අයගෙන් කොර වෙනවා.පව් කියලත් හිතෙනවා අප්පා. (දී)
ගෙදර තියෙන්න එක පුටුවනම් ඔහොම තමා වාඩි වෙන්නේ ....(දී)
යාළුවා එතකොට කොහොමද ඉඳලා තියෙන්නේ? (නි)
පුද්ගලික ජීවිතය ඕනවට වඩා කිසිම යාලුවෙක් එක්ක බෙදා ගන්න හොඳ නැහැ මේ ලෝකේ ඉන්න කිසිම පිරිමියෙක් ගැහැණියෙක් සෝවාන් වෙලා නැහැ කොයි තරම් හොඳ කෙනෙක් උනත් කතාවෙන් අල්ලන්න පුළුවන් මිනිස්සු ඉන්නවා (දී)
සහතික ඇත්ත ඉන්දු එස් ගමගේ. හැබැයි කතාව දාලා අල්ලගන්න බැරි වුණොත් පන්න පන්නා පළිගන්න පිරිමිත් අප අතර ඉන්නවා. ඒ වගේ පිරිමින්ට කියන්න වචන තිබුනත් හොඳට ගැහැනුන්ට සළකන ආදරය කරන ගරු කරන පිරිමින්ට අසාධාරනයක් වෙන නිසා, ඉවසන්නම වෙනවා. (නි)
අනේ ඇත්තට මෙහෙමත් ගැහැණු! (නි)