මිදුලට ආ හිඟන්නකුට මාරු සල්ලි දීමට කාමරයේ දමා තිබූ සැමියාගේ කලිසම් සාක්කුවට අත දැමූ බිරියකට එහි තිබී කාන්තා ලේන්සුවක එතූ රන් මාලයක් හසුවීමෙන් යකා වැහුණු පුවතක් අසන්නට ලැබුණේ අකුරැස්සට නුදුරු ප‍්‍රදේශයකිනි. ගුරුවරියක වූ ඇගේ සැමියා තරුණ විදුහල්පතිවරයෙකි. විවාහ වී තෙවසරක් ගත වුවද ඔවුනට දරුවකු නොවීය. පසුගිය සති අන්තයේ සැමියා කුඹුරට ගොස් සිටි මොහොතේ ගෙදරට ආ හිඟන්නකුට මුදලක් දීමට යාමේදී අතට හසුවූ මෙම ලේන්සුව සහ මාලය ගැන ඇයට සැකයක් ඇතිවූයේ පාසලේ වෙනත් සබඳතාවක් ගැන කලින් ඉව වැටී තිබුණු හෙයිනි. දැඩි කෝපයෙන් හිඟන්නා එලවා දැමූ ඇය සැමියා එනතුරු බලා සිටියේ හොඳ අඩව්වක් අල්ලන්නටය. එහෙත් මේ ගැන ඇසූ විට සැමියා සිනාසෙමින් කීවේ පාසලේ ඉහළ ශ්‍රේණියක සිසුවකු හා සිසුවියක අතර මේ බඩු හුවමාරු වී ඇති හෙයින් ඒ පිළිබඳ නඩුව විමසීමට ගිය තමා මේවා නඩු භාණ්ඩ ලෙස අත්අඩංගුවට ගත් බවත් අමතක වීමකින් ගෙදර ගෙනැවිත් ඇති බවත්ය. ”ඇත්ත නැත්ත පස්සෙ දැනගන්නම්කො” තමාටම කියාගත් ඇය ඉවත්ව ගියේ නම් සතුටෙන් නොවේලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ගුරුතුමිය හොඳට හොයල බලන්න .නැත්නම් ටික දවසකින් ඔයාවත් අමතක වෙයි..
මේ දවස්වල අපේ විදුහල්පති වරුන්ට මොනව වේගන එනවද මන්දා.........
ගහන්නයි වටින්නේ...
ගුරුවරයා, නඩුව බලවන්න වගේ හදල තියෙන්නේ.තැනට සුදුසු නුවන දාල තියෙන්නේ.
ලොග් පොතේ සටහනක් දාන්න ඇති නේද ගුරුතුමෝ‍්.....
ගෙදර නඩුව බරක් නිසා වෙන්න ඇති වෙන අයගේ නඩු බලන්න හදන්නේ.කෝකටත් කල්පනාවෙන්
මිස් බලාගෙන.අද ලේන්සුව ගෙනාවා.හෙට අයිතිකාරිවත් ගෙනෙයි.
එන්න එපා ඕන නැති කතා කියන්න...එයා තමයි මට අර කිතුලට ගිය අන්කල්ට සිද්ධවෙච්ච කතාව කියල දුන්නේත්......
උගතමනා ශීල්පය.....
මෙන්න හොරු
හිනා යනවා තමයි....ඒත් පව්....
ලාල් සමග මමත් එකගයි....