දකුණු පළාතේ ග‍්‍රාමීය ප‍්‍රදේශයක ජීවත් වූ ඔහු ප‍්‍රදේශයේ ප‍්‍රකට ගොවිමහතෙකි. පසුගියදා අස්වනු වැඩි වී වර්ගයක් ගැන ආරංචියක් ලැබ ප‍්‍රදේශයේ ගොවි ජනසේවා මධ්‍යස්ථානයට ගිය ඔහු බිත්තර වී බුසල් දෙකක් රැගෙන ආවේ වැඩි මිලටය. ගෙදරට ආ විගසම ගොවි කන්න රැස්වීමට යාම සඳහා වී ගෝනිය වී ගබඩාවේම දමා ආපසු ගියේ බිරියටවත් මේ ගැන නොකියාය. අගනුවර සිටින ලොකු පුතා මිතුරකුගේ උත්සවයකට සහභාගි වී ආපසු යන ගමන් ගෙට ගොඩවිය. ඒ මොහොතේම ආපසු යන බව කී නිසා හැමදාමත් කරන දේ සිහිවී ඇය පුතාගේ මෝටර් රථයට වී ගෝනියක් දැම්මෙව්වාය. සවස ගෙදර ආ සැමියාට බිරිය මේ තොරතුරු කීවෙන් ඔහු කලබලයේ වී ගබඩාවට ගොස් දී ඇත්තේ බිත්තර වී ගෝනිය බව දැන පුතාට කඩිනමින් දුරකථන ඇමතුමක් ගත්තේය. ”තාත්තේ මම එමින් ගමන්ම ඒක වී මෝලෙන් කොටාගෙන ආවා” ඔහු කීවෙන් පියාට දෙවියන් සිහිවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතාටනේ මොකද වෙන්නේ (දී)
ෂෙරීෆ්, ඔයාව මේ ලෝකයට බිහිකළේ කවුද? (නි)
වැඩි පාඩුවකත් නැහැ. (නි)
මුස්ලිම් කට්ටියට අම්මා කෙනෙක් ගේ හරි කිසිම ගෑනු කෙනෙක් ගේ හරි වටිනාකම තේරෙන්නේ නැහැ. ෂෙරිෆ් ගැන මම කියන්නේ. (නි)
කමක් නැහැ පුතානේ (දී)
අයියෝ සල්ලි, ම්ක්ම්ක් නැහැ පුතානේ (දී)
අම්මෙක් අප්පෙක් මෝඩ වගෙ පේන්නෙ කොහොම අයටද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. (නි)
ගැහැණු මොලේ හැදි මිටේ කියලා කතාවක් තියෙනවනේ (ස)
අම්මෙක් මෝඩ ගැහැණියක් වගෙ පේන්නෙ කාටද කියලා මම කියන්න ඕනි නෑනේ (ස)
මවකගේ වටිකානම තේරුම්ගත් සියල්ලන්ටම මගේ ප්‍රණාමය! (නි)
පුතෙකුට සලකන අම්මෙක් මෝඩ ගැහැණියක් වගෙ පේන්නෙ තවත් මෝඩයෙකුට පමණයි..ඒ අම්මට බැනුම් මැද්දෙ උනත් සතුටක් දැනෙන්න ඇති.. (ස)
ෂෙරීෆ් වෙත, අම්මා කෙනෙකුගේ අනූපමේය ආදරයට කරුණාවට එහෙම ගරහන්න එපා....! ඒ තාත්තා වී ගෝනිය ගැන දුක් වුණාට අම්මා ඒ ගැන සතුටු වෙනවා ඇති. එහෙමයි රත්තරං අම්මලාගේ ආදරය........! තෙරුවන් සරණයි....! (නි)
අතට ගත්ත දේ කටට දාගන්න පින නෑ (ස)
හහ්..හහ්..හා (ස)
ගැහැණු කොහොමත් මෝඩයි. කිසිදෙයක් හොයලා බලන්නේ නැහැ. (නි)
ඕවනම් මොනවද අප්පා, අද වෙන දේවල් වල හැටියට? (නි)
ඒ කියන්නේ පුතා වී ගෝනියම කැකුළු හාල් කොටලා. . .(ස)
ගෙදර බුදුන් අම්මා! අම්මා බුදුවේවා! (නි)
පුතා ඇවිත් තියෙන්නේ වී ගෙනියන්නමයි (ස)
තව වී ගෝනියක් ගේමුද තාත්තේ (ස)
හරි ශෝක්නෙ (දී)
කොහොමත් තාත්තගෙන් පස්සේ පුතාටනේ අම්මගේ සැලකීම් (ස)
පවුලේ අය අතරේ සම්බන්ධතාව අඩු නිසා තමයි මෙහෙම වෙන්නේ (ස)
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට.......(ස)
පව් අහිංසක අම්මයි තාත්තයි (ස)