(තිහගොඩ - උපසේන ලියනගම)
තම සැමියාගේ ”අත් ගුණය” ගැන වර්ණනා කරන්නට ගොස් වැඩ වරද්දා ගත් බිරියක් ගැන පසුගියදා අසන්නට ලැබුණේ ගාල්ලට නුදුරු උප නගරයකිනි.
තම අසල්වැසි එහා ගෙදර යෙහෙළියට මෙහා ගෙදර යෙහෙළිය තම කොන්දෙ අමාරුව ගැන කී විට ඇය තමා භාවිත කරන බාම් වර්ගයක් ගැන කියා ඒවා ගෑමට කීවත් දින කීපයක් ඒවා භාවිත කළ යෙහෙළිය කීවේ ඉන් කිසිම ගුණයක් නැති බවය.
‘‘අනේ මන්දා මම නම් එක සැරයක් ගෑවම කොන්දේ අමාරුව කොහෙන් ගියාද නෑ. හැබැයි අපේ මහත්තයා තමයි ගාන්නෙ. එයාගෙ අත් ගුණේද මන්දා” කී ඇය සැමියාගේ අත් ගුණය ගැන දිගින් දිගටම වර්ණනා කළෙන් මෙහා ගෙදර යෙහෙළියට ඊර්ෂ්‍යාවක් ද ඇතිවිය.
මේ නිසාම ඇය මගහැර හිටියත් පසුගියදා එහා ගෙදර යෙහෙළිය ඇය හමුවට විත් යළිත් කොන්දෙ අමාරුව ගැන ඇසුවාය.
‘‘ඔයා කියපු කතාව ඇත්ත අනේ. ඔයාගෙ මහත්තය බාම් ඩිංගක් ගාල කොන්ද අත ගෑව විතරයි. අමාරුව කොහෙන් ගියාද නෑ.” ඇය කිවේ බොරුවක් වුවත් එහා ගෙදර යෙහෙළිය මඳක් කල්පනා කරමින් සිට ආපසු ගෙදර ගියේ මඳ තැතිගැන්මකිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදේම හිනා ගිය ඇත්තටම. මගෙත් කොන්දේ අමාරුවක් තියනවා. (අ)
අනේ මෙහෙම කරුණාවක්.... අනේ මෙහෙම වරුණාවක්.... (නි)
ගෙදර ගිහින් මහත්තයට හොඳට දෙහි කපන්න ඇති මේ විදිහට,"මගේ කොන්දේ බාම් ගානවා වගේ දැන් අනිත් ගෑණුන්ගේත් බාම් ගාන්න පටන් ගත්තා නේද" කියලා. (නි)
ඔය මොන බාම් වලත් තියෙන්නේ එකම තෙල් වර්ග කීපයක් සුදුපාට ග්‍රීස් වලට දාල කියල හැමෝම දන්නවා . හැබැයි ශ්‍රව්‍ය ද්‍රශ්‍ය මාර්ගයකින් කිව්වොත් එක අපි ගන්නවා . බාම් වලින් අමාරුව හොඳ වෙන්නේ නැහැ . (අ)
සමන්ති, බාම් කෙසේ වෙතත් අත්ගුණය ගැනයි මෙතන කතා වෙන්නේ. මගෙත් අත්ගුණය හොඳයි කියලා බිරිඳ කියනවා.(හේ)
තාම මේ ගැටළුව ගැන හිතනවා ඇති.(හේ)
අත් ගුණේ නෙමෙයි ස්වාමි පුරුෂයා ගුටි නොකා බේරුණ එක ලොකු දෙයක්.(හේ)
අනේ නෝනට ඔය අත් ගුනේ තිබුනා නම් .(හේ)
ඔන්න බලන්න එකෙත් හැටි. ඒ මනුස්සය තමන්ගේ සැමියාව වර්ණනා කරපු එක ගැනවත් කාගෙවත් පැහැදීමක් නැති හැටි. (අ)
ඕකට තමා කියන්නේ සැමියා බිරිඳගේ දෙවියාය කියා. දෙවියන් හටත් පරිබව කරන කොටසක් ඉන්නවා (නදී)
කම්මුල්පාරට ගාන්න බාම් ජාති තියේද?(නදී)
අමාරුව කොන්දේ නිසා හොඳයි. වෙන තැනක උනා නම් (නදී)
තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන අසල් වැසි කන්තාවොත් එක්ක කියන්න ගියාම ඒ අයත් කිට්ටු වෙයි. (නදී)
ඒ ගැහැණු කෙනා කොන්දට අත තියාගෙන දනවෝ දනවෝ කියලා දුවද්දී වෙන්න ඇති බාම් ගාපු මනුස්සයාගේ නෝනා හමුවෙලා තියෙන්නේ. (නි)
මේ රටේ දැන් ඉන්න ගැහැණුන්ට හොඳ පාඩමක් මෙමඟින් ඉගෙනගන්න පුළුවන් (නි)
මටත් හරි හිනා අනේ!!! (නි)