IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සැමියාගේ කාන්තා දින උළෙලෙන් උපාසක කතකගේත් සායම ගිහින්

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
ලෝක කාන්තා දිනය යෙදී තිබුණු පෙරේදා 8 වැනිදා කාන්තාවකගෙන් තම සැමියාට වීරත්වය ප්‍රකාශ කිරීමක් හා කාන්තාවන් දෙදෙනකු කෙස් වලු පටලවා ගැනීමේ පුවතක් ගල්නෑව මහවැලි කලාපයෙන් වාර්තාවේ.


සිද්ධිය මෙසේය.


බිරිය හා සැමියා රාජ්‍ය ආයතනයක සේවය කරන යුවළකි.


දරු මල්ලන් රැකියාවල නියැලී සිටින නිසා යුවළ පමණක් නිවසේ සිට රැකියා සඳහා පිටත්ව ගොස් යළි සවස් යාමයේ නිවහන කරා පැමිණෙති.


නිවාඩු දිනයක බිරිය ගෙවත්තේ වැඩ කරමින් සිටිය දී  රෝගිතාවකට පත් වූවාය.


 මේ නිසා ඇය රෝහල් ගත කළාය. ඇය රෝහලේ සිටියදී සැමියා එහි පැමිණ බිරියට උදේ කෑම පාර්සලය ලබා දී ඉන් නික්ම ගියේ ලෝක කාන්තා දිනය අද බැවින් ප්‍රදේශයේ පැවැත්වෙන උත්සව කිහිපයකට සහභාගි වන බව පවසමින්ය.


රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් ඇයගේ ටිකට් කැපුවේ නොසිතූ පරිදිය.


ඒ අනුව උත්සවයට ගිය සැමියාට කරදර නොකර ඇය කුලී ත්‍රිරෝද රථයකින් නිවෙසට පැමිණියාය.


ඇය නිවෙසේ රැඳී සිටින අතරවාරයේ සැමියා ඉන්නා ස්ථානයක් පිළිබඳව තොරතුරක් ලැබුණේ ඇයගේ සමීපතම හිතවතියකගෙනි.


ලැබුණ තොරතුරු මත ඇය හෙමින් සීරුවේම සිය නිවෙසට ආසන්නයේ වූ නිවහනක් සොයා ගියාය.


එහි මිදුලේ පිටුපසට වෙන්නට ඔහුගේ යතුරුපැදිය නවතා තිබෙන අයුරු දැක සිද්ධිය සක්සුදක් සේ ඇය වටහා ගත්තාය. යතුරුපැදිය ඇති සීමාවේ දර මඩුවක් අසල ඇය සැඟවී සැමියාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තාය.


“අනේ මං ගෙදර ආවා. ඔයා කාන්තා දිනයේ උත්සවයට ගිය නිසා මං ඔයාට කරදර කළේ නෑ. කුලියට ත්‍රීවීල් එකකින් ගෙදර ආවා. ඔයා උත්සවය සමරලා හෙමින් එන්න කියා” යැයි පවසා ඇය සම්බන්ධතාව විසන්ධි කළාය.
ටික වේලාවක් එහි රැඳී සිටි ඔහු පිටුපස දොරෙන් දුවගෙන ගොස් යතුරුපැදියට ගොඩවෙන අවස්ථාවේ දී දර මඩුවේ සැඟවී සිටි බිරිය ‘මේකද ලෝක කාන්තා දින උත්සවය’ කියා සැමියාට කනේ පහරක් ගැසුවාය.
වෙච්ච දේ අදහා ගන්නට බැරි වූ සැමියා කන අත ගාමින් යතුරුපැදිය පණගන්වා එතැනින් පලා ගියේ බිරිය එහි සිටියදීම ය..


ඉන් අනතුරුව නිවෙසේ සිටි අනියම් කාන්තාව හා විවාහක බිරිය කෙස් වලු පටලවා ගත්හ. සිද්ධිය අවට අයට ඇසී ඔවුන් ද එය නැරඹීමට පැමිණීම නිසා එම නිවෙසේ අනියම් ඇසුර පැවැත් වූ කාන්තාවගේ නිර්මලත්වය ද අවට පිරිස් දැන ගත්හ. මේ නිසා ලෝක කාන්තා දින සැමරුමට සමගාමීව ඇයටත් දැන් පාරේ බැහැලා යාමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බවට ද තොරතුරු අනාවරණය වෙයි.



අදහස් (0)

සැමියාගේ කාන්තා දින උළෙලෙන් උපාසක කතකගේත් සායම ගිහින්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 213 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 809 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 803 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1145 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9467 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 877 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2046 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site