(කරන්දෙණිය එම්. සුසිල් පි‍්‍රයන්ත)
ආදරය පෙන්වීමට ඇතැම් භාර්යාවන් කරන කියන දේ නිසා අමාරුවේ වැටෙන ස්වාමි පුරුෂයෝද වෙති. බිරියක කළ දෙයක් නිසා අමාරුවක වැටුණු ස්වාමි පුරුෂයකු පිළිබඳ පුවතක් දකුණේ නගරයකින් වාර්තාවේ.
ඔහු ජීවත්වූයේ ගමේය. නගරයේ වාණිජ බැංකුවක සේවය කරන ඔහු මුලින් ජීවත් වූ ගමේ නිවෙස පිහිටා තිබුණේ ගහ කොළවලින් වටවුණු ගඟක් ආසන්නයේය. මේ නිසාම ඔහු නිවෙසට ටිකක් දුරින් පිහිටි වැසිකිළියට රාතී‍්‍ර කාලයට යාමට බියවුයේය. රාති‍්‍ර කාලයට වැසිකිළියට නොයන ඔහු තම අවශ්‍යතා නිවස තුළදීම ඉටුකර ගත්තේය. ඒ සඳහා ඔහු ලොකු ටින් එකක් පාවිච්චි කළේය.
තමා සේවය කරන වාණිජ බැංකු වෙත ලැබුණු ණය මුදලකින් නගරයේ ඉඩමක් මිලදී ගත් ඔහු නාන කාමරයක්ද සහිතව අලූත් නිවසක් ඉදි කළේය. එම නිවෙසේ පදිංචියට යෑම සඳහා පැරැණි නිවෙසේ බඩු පටවාගෙන යාමට ඔහුගේ කාර්යාලයේ මිතුරන් මෙන්ම ගමේ යහළුවෝද පැමිණෙති. ඒ සියලූදෙනාම පැරැුණි ගෙයි තිබූ බඩු මුට්ටු සියල්ලම ලොරියට පැටවූහ. අංග සම්පූර්ණ අලූත් නිවසක් තමා ඇතුළු දරුවන්ට තනාදුන් ඔහු පිළිබඳව ඔහුගේ භාර්යාව සිටියේ ඔහුට ලොකු ආදරයකිනිි. බඩු පටවා අවසාන වූ අවස්ථාවක ඔහුට ආදරයට විහිළුවක් කිරීමට සිතූ භාර්යාව ‘‘පොඞ්ඩක් ඉන්න තවත් අවශ්‍යම බඩුවක් තියෙනවා ගෙනියන්න’’ කියමින් නිවෙස ළඟ කෙසෙල් පඳුර යට සඟවා තිබූ ලොකු ටින් එකක් රැගෙන ආවාය.
‘‘මොකක්ද මේ ලොකු ටින් එක’’ යයි එතන සිටි සියලූ දෙනාම ඇසූහ.
ඇය සිනා මුසු මුහුණින් ඒ තම සැමියාගේ රාතී‍්‍ර ජංගම වැසිකිළිය බව කීවේ හැමෝගේම සිනා හඬ මැද්දේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රේෂන් ඔයාගේ කටේ මසුරන් දාන්න වටිනවා. මමත් එකග වෙන්නේ නෑ මෙනකගේ අදහස් වලට. (නදී)
චන්ද්‍රා වීරසිංහ, ඔයා හරියටම හරි. කරන්දෙණිය තියෙන්නේ ඇල්පිටිය පැත්තේ. දකුණට අයිති ගම් පළාතක්.''හිස් ටින් එකක් වාගෙයි අපේ ජිවිතේ '' (නි)
පිරිමි බයයි. (ර)
හිහ්.. හිහ්.. හී... (ර)
ගැහැණුකෙනා බය නැතුව රෑට එලියට යනවා ඇති මනුස්සය ටින් එකට බස්සල.(අ)
පුවත කෙසේ වුවද අවසානයේ හෙතෙම නව නිවසේ සුව පහසුව " හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී " ගයමින් සැහැල්ලු වූ වග ආරංචි විය. (නදී)
කරන්දෙණිය කියන්නේ ඇල්පිටිය පැත්තේ මම හිතන හැටියට. ඉතින් ඒ ප්‍රදේශය දකුණු පළාත නෙමෙයිද? (නි)
මෙයාට කියන්න නමක් මතක් වෙන්නේ නැහැ. (ර)
ඔය වගේ මෝඩ ගැණු ඉන්නවා. ජීවිතේ සඟවා ගත උතු මොනවද එළිකළ යුතු මොනවද තෝර ගන්ට බැරි උදවිය. (නදී)
තමන්ට ආදරය කරන සැමියා අනිත් අය ඉදිරියේ ඔය වාගේ සමච්චලයට පත්කිරීමෙන් බිරිඳ කළේ අන්තිම කැත වැඩක්. (නි)
ඒ වුණාට බිරිය කළ දේ වැරදියි (නි)
කොහොම උනත් බිරිදගේ කෙරුවාව නම් ලැජ්ජයි. වාර්තාකරු කියනවා දකුණේ නගරයකින්ලු මේක වාර්තා වෙන්නේ. ඒ උනාට මේක ලියන තැනැත්තා කරන්දෙණියේ කෙනෙක්. ඉතින් මේ කතාවෙන් තවත් අසහනයට පත් වෙන්නේ මේ ස්වාමි පුරුෂයා නේද. වැඩිය හොඳ නැද්ද වාර්තාකරුගේ නම ගම ප්‍රසිද්ධ නොකරන එක. (ර)
බැංකු වල සාමාන්‍යයෙන් සේවය කරන්නේ හොඳ පෞරුෂත්වයක් සහිත උදවිය. මම මේ කියන්නේ විශේෂයෙන් පුද්ගලික බැංකු ගැන. මෙහෙම රෑට එළියට යන්න බය කෙනෙක් බැංකුවක කොහොම වැඩ කරනවද දන්නේ නැහැ. වැඩ කරන අතරේ මහ දවල් මුදල් පෝළිමේ කට්ටිය වැඩිවෙලා වෙලාව ගතවීම ගැන ගනුදෙනුකරුවෙක් දොස් කිව්වොත් මෙයාට මොනවා වෙයිද? (නි)
මම හිතන්නේ සැමියා වෙනුවෙන් බිරිඳගේ තිබෙන කැපවීම ගැන. මෙය සිනහවට කාරණයක් නොවෙයි. සැමියාගේ උවමන එපාකම් සියල්ල සොයාබල ඉටුකරන බිරිඳක්. හැබැයි එකම ටින් එක හැමදාම පවිච්චිකරනෙක හරි නැහැ .(බ)
මේනක, ඔයාට හොදටම විශ්වාසද පුද්ගලික බැංකු වල සාමාන්‍යයෙන් සේවය කරන්නේ හොඳ පෞරුෂත්වයක් සහිත උදවිය බව. නමුත් ඇත්ත තත්වය දන්නෝ දනිති. ඔයාගේ හිත රිදුනා නම් මට සමාවෙන්න. නමුත් ඇත්ත පිටින් පේනවට වැඩිය ගොඩක් වෙනස්. (නදී)
ඕව මොනාද. සමහර මහත්තුරු ඉන්නේ රතු කට්ට පනින්න ගහල ගේ ඇතුලෙම ඔය කටයුතු කරන. (නදී)
රෑට එළියට යන්න බය නෙවෙයි. කම්මැලි කම.(හේ)
අනේ පවු දැන් මනුස්සයාට ගෙදර ඉන්න එපා වෙයි.(හේ)
මෙහෙමත් බිරින්දෑවරු.(හේ)
අනේ පවු මහත්තයා.(හේ)
ඇයට එම සුන්දර, ආදර විහිළුව කරන්න තිබුනේ රහසි ගතවයි.., තම ස්වාමියාට ඔහුගේ යහළුවන් ඉදිරියේ කළ මෙම විහිළුව ඔහුට කළ අපහාසයක් නොවේද..?(හේ)
මෙයා වැඩේ කෑවනේ.(හේ)
අනුන් ඉදිරියේ තමන්ගේ සැමියා සමච්චලයට ලක් කළ නොහික්මුණ කළගුණ නොදත් ගැහැණියෙක්.(හේ)
කවුද දන්නේ ඒ පැත්තේ ග්‍රීස් යක්කු ඉන්නවද කියලා? කවුරුත් ඉතින් මනුස්සයොනේ (හේ)