තම මිතුරාට කළ විහිළු තමාට පත්තුවී තම බිරිඳගෙන් හොඳ සම්බුවක් ලැබුණු පුද්ගලයකු පිළිබඳව වාර්තාවේ.
සිද්ධිය මෙසේය. ඔවුන් පුද්ගලික ආයතනයක වැඩ කළ සේවකයන් පිරිසකි. ඔවුන් මිතුරන් වූ අතර දිනක් එක් මිතුරෙකුට විහිළුවක් කිරීමට ඔවුහු කතිකා කර ගත්හ. ඒ මිතුරාගේ බිරිඳ තරමක් සැර ගැහැණියකි. ඔවුන් කතිකා කර ගත් පිරිදි කාන්තා යට ඇඳුමක් මිතුරාගේ බෑගයට දමා ඇත. මෙය අහම්බෙන් දුටු මිතුරා වහා ඔවුන් පිටව ගිය පසු යට ඇඳුම බෑගයට දැමූ මිතුරාගේ බෑගයට දමා ඇත. හවස වැඩ ඇරී ගිය පසු යට ඇඳුම සහිත බෑගය ගෙන ගෙදර ගිය අනෙක් මිතුරා තම කාමරයට ගොස් ඇඳුම් මාරුකර බිරිඳට තේ එකක් ගෙන එන ලෙස පවසා තම බෑගය අස් කිරීමේ දී මිතුරාට දැමූ යට ඇඳුම තම බෑගයේ තිබෙන දුටු ඔහුට දොලෝ රත්විය. මේ අතර බිරිඳ කාමරයට තේ රැගෙන පැමිණි අතර වහා ඔහු යට ඇඳුම පිටිපස්සට කරගෙන සිටි අතර ‘‘අද හුඟක් මහන්සි වෙලා වගේ මෙන්න තේ එක’’ යයි පවසා සැමියට තේ එක දුන්න ද තේ එක නොගෙන සැමියා ඇඹරෙන දුටු බිරිඳ සැක සිතා සැමියගේ අත පරීක්‍ෂා කිරීමේදී පිටිපස සඟවා සිටි කාන්තා යට ඇඳුම හසුවී ඇත. ‘‘ආ ගොඩක් මහන්සිවෙලා තියෙන්නේ මේකටද මනුස්සයෝ’’ කියමින් පහර දීමට පටන්ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාර්යාලයේ එකේ ඉන්න කෙනෙක් තව කෙනෙක්ගේ බැග් එකට හිස් අරක්කු බෝතලයක් දාලා එයාගේ බිරිඳ දැකලා ලොකු අවුලක් වුණා.මේක කියපු ගමන් මට මතක් වුණේ එක. (ම)
යට ඇඳුම් එක්ක ඇස් රතුවෙන විහිළු හොඳ නැහැ (නි)
ගැහැණු යට ඇඳුම් සමඟ සෙල්ලම් නොකළ යුතු බව අමතක නොකරන්න (නි)
බමුණුආරච්චි, දරාගන්න පුලුවන්ද බලන්න කලින් මේක විහිළුවක් කියලා නෝනා දැනගන්න ඕනෑනේ. අනෙක කට ඇරලා සිදුවුණ දේ මේකයි කියන්නේ නැතුව මහිලාවක් වගේ ඇඹරෙන පිරිමිකමෙනුත් වැඩක් නැහැ තමයි. (නි)
ඔය වගේ විහිළුවක් දරාගන්න බැරි ගැහැණියකගෙන් මට නම් වැඩක් නැත (නි)
කාන්තාවන්ගේ වැරැද්දක් කියන්න බැරිවුණොත් අපේ එක පාඨක භවතෙකුට හිතට හරිම අමාරුයි (නි)
මේ පුවතේ පිරිමි පාර්ශවයේ සටකපට වැඩ පිටබැද්දර ජයාට පෙනෙන්නෙ නැහැ. පැනලා විවේචනය බවලතුන් ගැන! (නි)
නහයෙන් අඩ අඩ ඉන්න අය ඉතින් ගෑනු උදවියගේ වැරදිම තමයි හොයන්නේ.ගෑණු උදවිය නැත්නම් තේත් නෑ මෙගොල්ලන්ට.(ම)
මොනම දේකටවත් අත උස්සා සැමියෙකුට පහරදෙන කාන්තාවන්ගේ පහත් ක්‍රියාව අනුමත කරන්න බැහැ. ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා කර වැදගත් විදිහට විසඳාගන්නේ නැතුව ගහගන්න යන්නේ ඇයි? (නි)
මෙයා නම් චණ්ඩි රැජිනක් වගෙයි (නි)
සැමියාට තිබුනේ ඒ කාන්තා යට ඇඳුම එවෙලේ පුදුම කරවන්න ගෙනා තෑග්ගක් සේ තම බිරිඳට දෙන්නයි. එහෙම වුණා නම් ගුටිකන්න වෙන්න නැහැ (නි)
සිය බිරිඳගේ උපන් දිනය වෙනුවෙන් ඇයට තෑගි කිරීම සඳහා ගෙනා මෙම කාන්තා යට ඇඳුම, ඇයට " නිල වශයෙන් " තෑගි කිරීමට පෙර මේ බවලතා දැකපු නිසානේ මේ හුටපටය ඇතිවුණේ. (නි)
මේක අර එදා බටහිර එන්රික්ගේ සංගීත සංදර්ශනයේ ඉතිරි කොටස වෙන්න ඇති. අර තනපටය ගළවලා ඔහු දිහාට විසිකරද්දී ඒකේ අනිත් කෑල්ල වෙන්න ඇති යාළුවා ඇහිඳගෙන බෑගයේ දැම්මේ.... (නි)
කාන්තාවන්ගේ හැටි ඔහොම තමයි කිසි විමර්ශනයක් නැහැ (බ)
හොඳ වෙලාවට අපේ බවලතුන්ට ඔහොම විහිළු මිතුරියන්ට කරන්න නොහිතෙන්නේ. (නි)
මේවා ඇස් රතුවෙන විහිළු (නි)
සමහවිට ඕව පව්ල් කඩන විහිළු . විහිළු කරනවානම් කරන්න ඕන තමන්ගේ යහළුවට මිසක් යහළුවාගේ පව්ලට නෙමේ (රේ).
මිනිහා ගායකයෙක් වෙන්න ඇති. මිනිහා ගායනා කරපු බයිලා වලට වසඟ වෙලා කෙල්ල ඕක තෑගි කරන්න ඇති. කලබල වෙන්න එපා. ඕක ඇතුලේ වෙන මොකක් වත් තිබුනේ නැහැනේ! (බ)
දැන් නම් මිනිහට කියන්න තියෙන්නේ එන්රික්ස් ගේ සංගීත සංදර්ශනේ බලන්න ගියා කියලා.ගොඩේ ගොඩ...(බ)
මේවා ප්‍රයෝගික විහිළු කියවා බලා විනෝද වෙනවා හැර වෙන කිව යුතු දෙයක් නැත. බිරිද ඇත්ත දැනගත්තම එයාටත් සිනහ යාවි. (බ)
ඉතින්... තේ එක තනි අතින් ගන්න බැරිද ...? (ර)
මේවා විහිළු නෙමෙ. (ර)
හොඳ වැඩේ (නි)
හංගන්න ගිහිල්ලනේ වැඩේ වැරදිලා තියෙන්නේ. පෙර වැරදි නැත්නම් ඇත්ත තත්වය බිරිඳට කියන්න තිබුනා. (නි)
මේවා ඇස් රතුවෙන විහිළු. එච්චර හොඳ දේවල් නෙමෙයි (නි)
හොඳ වෙලාවට බවලතුන්ට ඔහොම විහිළු තමන්ගේ මිතුරියන්ට කරන්න හිතෙන්නේ නැහැ. එහෙම වුණොත් මුළු ලංකාවේම පිරිමි එළියේ රෙදි වනලා හමාරයි (නි)
අනුන්ට කල දේ තමන්ට. (ස)
මේක නම් විහිළුවක් වෙන්න පුලුවන්. නමුත් මෙවැනි මානසික රෝගයකුත් තිබෙනවා. එනිසා විහිළුවටවත් මෙවැනි දේ කිරීම අනුමත කළ නොහැකියි. (නි)