(කලවාන - උපේන්ද්‍ර ප‍්‍රියංකර ජාතුංගම)
පොළෙන් ගෙනා බඩු බෑගයේ කාන්තා යට ඇඳුම් හමුවී තම බිරියගෙන් ගුටි කෑ සැමියකු පිළිබඳ පුවතක් කලවාන ආසන්න ප‍්‍රදේශයකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු සතිපොළ පැවැත්වෙන සෙනසුරාදා දිනයේදී පොළට ගොස් බඩු රැගෙන තම බිරිය කලකසිට ඉල්ලමින් සිටි පාවහන් දෙකද රැගෙන කළු කවරයක දමා ගෙදර යාමට පිටත් වී ඇත.
අතර මගදී බුලත් විටක් ගැනීමට කඩයකට ගොඩවී ඇති අතර බෑග් එක බිම තබා විට කෑමෙන් පසුව බෑග් දෙක පැටලී දළු කඩා වැඩ අවසන් වී ගෙදර යන කාන්තාවකගේ බෑගය ඔහු විසින් ගෙදර රැගෙන ගොස් ඇත.
ගෙදර යන අතරේ තම බිරිය පුදුම කරවන්නට සිතා ඇය ආස කරන සෙරෙප්පු දෙක පසුව දෙන්නයි සිතා දර මඩුවේ සඟවා ගෙට ගොඩ වී තිබේ. තම සැමියා යමක් සඟවනු දුටු බිරිය දර මඩුවට ගොස් මල්ල පරීක්‍ෂාකර බැලීමේදී කාන්තා යට ඇඳුම් හා සබන් කැබැල්ලක්, තුවායක් දුටු ඇය යකා ආරූඪ වී බෑගයද රැගෙන සැමියා ළඟට ගොස්
”අද කොහේද ගියේ” යැයි අසා සිටි අතර තම බිරිය සෙරෙප්පු දෙක දැක සතුටු වී සල්ලි කොහොන්ද අසනවා යැයි සිතා ”කොහේ ගියාම මොකෝ ඇතුළේ තියන දේ දැක්කම සතුටු නැද්ද” යැයි ඇසුවේ බිරිය දෙස ආදර බැල්මක් හෙලමිනි. වැරදි වැඬේ කරලා ඒවා මට පෙන්නන්නත් ගෙනවා නේද? යයි පවසමින් අසල තිබූ දර පොල්ලක් රැගෙන සැමියාට පහර දී ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය කතුන්ට වඩා හොඳයි වගේ (නි)
හැඳි මිටේ ගානට තිබෙන මොළය ගැන හිතලා කටයුතු කරන්න පිරිමි දැනගන්න ඕනෑ (නි)
අනේ අහිංසක මනුස්සයා අන්තිමට ගුටි කන්නත් වුනා.(හේ)
මේ මනුස්සයා ෂොට් එකකුත් දාලයි ඉන්න ඇත්තේ. සෙරෙප්පු ජෝඩුවකුයි අනෙත් දේවල් පුරවපු මල්ලකුත් අතර වෙනස තේරෙනව ඕන කෙනෙකුට සිහියෙන් ඉන්නවා නම් (බුලත් විටක්=ෂොට් එකක්) (නදී)
මේක නම් අත්වැරැද්දක් වෙන්න බැහැ (නි)
බිරිඳ සාධාරණයි (නි)
බැග් එක මාරු උනා වගේ තව පස්සට මොනවා මාරු වෙයිද දන්නේ නැහැ.? (ර)
ගැහැණු කොහොමත් ඔහොම තමයිලු. හොදක් කරත් පොඩ්ඩක් වැරදුනොත් ඉවරයි. (ර)
ඉදලා හිටලා මහත්තයා පොලු පාරක් කෑවට කමක් නැහැ ....නැත්නම් හැමදාම කන්නේ හාමිනේගෙන්නේ .... (ම)
අයියෝ සල්ලි! මේ නම් පෙර කළ කර්ම ඵලදීමක් (නි)
ආ! අපේ සහෝදර පාඨකයන් දැන් මෙහෙම බවලත් අපිට කියනවා. බැරිවෙලාවත් අපිට වැරදිලා අපි පිරිමි යට ඇඳුම් පාර්සලයක් ගෙදර ගෙනවා නම් තමයි බලන්න ඕනෑ. කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව, කෙළින්ම අපිව කුදලාගෙන ගිහින් මහ ගෙවල් වලට ආපසු බාරදෙයි. (නි)
ගැහැණු කොහොමත් වැඩිය හොයන්නේ බලන්නේ නැහැනේ (නි)
සැමියා ඔහොම බේරුනා. එහෙත් අර දළු කඩන කාන්තාව? (නි)
හොඳ පාඩමක්.මීටපස්සේ මම නම් ලොතරැයියක් ගන්නවත් අතේ තියෙන බෑග් එක නම් බිමින් තියන්නේ නැහැ (නි)
ඕක ඉතින් ගැහැණුන්ගේ ගතියක්නෙ. හැමදේටම ඉක්මන්වෙනවා. බිරිඳ ටිකක් ඉවසලා වැඩකළා නම් ඇත්ත දැනගන්න තිබුනනේ. අනේ පව් අහිංසක සැමියා වැඩි ආදරේ පෙන්නන්න ගිහින් පොලු පහරත් කෑවා. (නි)
මට නිකමට හිතෙන්නේ මේ අලකලංචිය වුණේ අපේ පිවිතුරු යහපාල උන්නැහේටද කියලා. මොකද එයාට නිතර පාඨක සභාවේදී උතුර දකුණ මාරුවෙන නිසා. (නි)
අනේ පවු අහිංසක සැමියා! (නි)