උණවටුන - ඩී.ජී. සුගතපාල
ගාල්ල දිස්ත්‍රික්කයේ ගම්මානයක පදිංචිකරුවකු වන ඔහු රැකියාව කළේ අගනුවරය. සෑම සති අන්තයේම බිරිය සහ දරු දෙදෙනා බැලීමට නිවෙසට එන ඔහු පැණිරස කෑමක් ගෙන එන්නට අමතක කරන්නේ නැත. ඒ බිරිය පැණි රස කෑමවලට ආසා නිසාය. සැමියා පැමිණි වහාම ඔහුගේ ගමන් මල්ල අවුස්සා ගෙනෙන ලද පැණි රස කෑම සෙවීම ද බිරියගේ සිරිතය.
පසුගිය දිනවල වැඩ පොළේ තිබු කාර්යය බහුලත්වය නිසා ඔහුට මසක පමණ කාලයක් නිවෙසට ඒමට නොහැකි විය. නිවාඩු ලද වහාම ඔහු නිවෙසට පැමිණියේය. ඔහු එන බව දැනගත් බිරිය සහ දරුවෝ මහත් සොම්නසට පත්වූහ.
කොළඹ සිට බසයෙන් පැමිණි ඔහු හන්දියෙන් බැස ත්‍රි රෝද රථයක නැගී ගෙදර ගියේය. ඔහු එනතුරු බිරිය සහ දරුවන් සිටියේ උළුවස්ස උඩය.
ගත වූ මාසය සැමියාටත් බිරියටත් දරුවන්ටත් කල්පයක් තරම් විය. නිවෙසට පැමිණෙන විටම අත සෝදා ගැනීමට බිරිය සියලු කටයුතු සූදානම් කර තිබිණි. කොළඹ සිට පැමිණෙන නිසා විශේෂයෙන් ඇය ඒ ගැන සැලකිලිමත් වූවාය. දෑත් සෝදාගෙන නිවෙසට පැමිණීමෙන් පසු සියල්ලෝම එකිනෙකා බදා ගනිමින් සතුටු වූහ.
ඔහුට පළමුවෙන්ම අවශ්‍ය වූයේ ඇඟ සෝදා ගැනීමටය. එනිසා ඔහු නාන කාමරයට වැදුණේය. මේ අතර බිරිය ඔහුගේ ගමන් මල්ල අවුස්සන්ට විය. එහි එක සාක්කුවක තිබී ඇයට හමුවුයේ පැණි රස කෑමක් නොව ඇය කිසි දිනෙක බලාපොරොත්තු නොවු දෙයකි. එහි තිබුණේ කාන්තාවකගේ තන පටියකි. එය අතට ගත් ඇයට ඉවසුම් නැතිවිය.
ඒ සමගම යාබද නිවෙසේ පදිංචි ඥාති සොහොයුරිය ආවාය.“අක්කේ අයියා ආවද?” ඥාති සොහොයුරිය ඇසුවාය. “ආව තමයි. ඇයි නංගි මොකද?” බිරියගේ කට හඬේ තිබුණේ ශෝකය හා කෝපය මුසු ස්වරයකි.
“අක්කේ අයිය එදා ඉල්ලගෙන ගිය බෑග් එකේ මගේ බ්‍රා එකක් ඇති බලන්න. ඒක තියෙනව ද කියලා. මම ටවුමට ගිය වෙලාවේ ඕක ගත්තේ. ඒක එළියට ගන්න මතක නැතුව තමයි අයියට බෑග් එක දීල තියෙන්නේ. ඥාති සොහොයුරියගේ කීම සැබෑවක් බව ඇයට වැට හුණේ එවිටය.
ඔහුගේ ගමන් මල්ල අබලන්වීම නිසා එදා කොළඹ යද්දී යාබද නිවසේ ඥාති සොහොයුරියගේ ගමන් මල්ල ඉල්ලාගෙන ගිය බව ඇයට මතක් විය.
“හා තිබුණ තමයි” ඇය කීවාය. ඒ සමගම ඇඟ පිස දමමින් සැමියා එනු දුටු ඇයගේ සැකය හා කෝපය පහව ගොස් මුවට නැගුණේ සිනාවකි. “මාර වැඬේ තමයි. ඕක දැකල වැඩ පොළේ යාළුවොත් මට හිනා වුණා” ඔහු සිනාසෙමින් කීවේය.
“මේ තව පොඩ්ඩෙන් මාර වැඩේ තමයි වෙන්නේ” කියමින් ඇය සැමියාට උණු තේ එකක් ගෙනැවිත් දුන්නාය. පවුල් ආරවුලක් වැළකි ගියේ නූලෙනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සැමියාගේ බෑගයෙන් අමුතු කෑමක් අහුවෙලා