(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
නිවෙස්ගතව කොරෝනා රෝග ප්‍රතිකාර ලබන සිය මව, පියා ඇතුළු සහෝදර සහෝදරියන්ට අවශ්‍ය බඩු මුට්ටු රැගෙන යාමට සිය භාර්‍යාව ලබාදුන් මුදලින් කොටසක් මාටියා ගසා භාර්යාවගේ අතටම හසුවී අලිජංජාලයකට මුහුණ දීමට සිදුවූ අපූරූ බෑණා කෙනකු පිළිබඳ අපූරු පුවතක් දකුණේ බල මාළුවලට ප්‍රසිද්ධ නගරයකින් වාර්තා වේ.
භාර්යාවගේ වැටුපෙන් ජීවත් වීමට ඔහුට සිදු වූයේ කොරානා ව්‍යසනය මේ රට වෙලාගත්දා සිටමය. ඒ ඔහු සේවය කළ හෝටලය වැසීමත් සමගමය. ඒ එක්කම ඉදහිට අඩියක් පුඩියක් ගැසීමට අවශ්‍ය මුදල් ද ඉල්ලා ගැනීමට ඔහුට සිදුවූයේ ද භාර්යාවගෙනි.. කන බොන අයකු නිසා ඔහුට මත්පැන් පොදක්, දුම්වැටියක් තොලගා නොසිටීමට ද බැරිවී තිබිණ. ඒ නිසාම රැකියාව නැතිව සිටි ඔහු කාගේ හෝ මරාලයක් කඩාපාත් කොටගෙන සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමට ද පුරුදුව සිටියේ ද කාලයක සිටය.. භාර්යාව ඒ ගැන දනිතත් ඇය එය නවතාලීමට නොගියේය. නැත්නම් ඒ සඳහා අවශ්‍ය මුදල් ද තමාටම දීමට සිදුවන නිසාය.
කොරෝනා වැළදී භාර්යාවගේ මව, පියා ඇතුළු පවුලේ කිහිපදෙනකුම නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර තිබුණේ මේ අතරවාරයේදීය. මේ අයට අවශ්‍ය බඩු මුට්ටු ටිකක් ඔවුන්ගේ නිවෙසට ගෙනත් දීමට ඇය ඉදිරිපත් වූයේ ඔවුනගේ ආර්ථික මට්ටම දන්නා හෙයිනි.. මේ සඳහා ඇය බඩු තුණ්ඩුවක් සකසා කොරෝනා නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකොට සිටින තමාගේ මවට පියාට බඩු රැගෙන යෑමට ඇය සැමියා හට මුදල් ද දුන්නාය.
බෝනොවන රෝගවලින් පෙළීම නිසාත් රට වසා තිබීම නිසාත් එමෙන්ම ජනතාව ගැවසෙන තැන්වලට යාමට ඇති අකමැත්ත නිසාත් ඇය මේ කාර්යය සිය සැමියාට පැවරුවේ ඊට වෙනත් විකල්පයක් නොවූ නිසාය.
තමාට පැවරූ රාජකාරිය හරියටම ඉටු කළා යැයි කියමින් ඔහු භාර්යාවට කීවේ ඇයගේ හොඳ හිත දිනා ගැනීමටය. ඒ ගැන දුරකතන මාර්ගයෙන් විමසීමේදී ද ඇයට සිය මවගෙන් දැන ගන්නට ලැබුණේ සිය බෑණා නිවෙසට අවශ්‍ය කරන අඩුම කුඩුම ගෙනත් දුන් බවය. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඇය සැනසිලි සුසුමක් හෙළමින් සිය ළය සැහැල්ලු කර ගත්තාය.
එදා දහවල මිදුලට හොඳට අව්ව වැටී තිබූ නිසාත් රට වැසීම නිසා නිවාඩුවක් ලැබී තිබූ නිසාත් ඇය සිය නිවෙසේ කාමරවල තිබූ ඇඳන්වල මෙට්ට. කොට්ට, ඇද, ඇතිරිලි අව්වේ වේලා දැමීමට පටන් ගත්තාය. සැමියාගේ ඇඳ අස්පස් කිරීමට යාමේ දී ඔහුගේ මෙට්ටය යටින් මත්පැන් බෝතලයක් හා දුම්වැටි පැකැට්ටුවක් එළියට ආවේ මේවා ගන්න ඇත්තේ කොහොම ද යන්න භාර්යාවට අවබෝධයට එමිනි.
ඒ සමගම මාරාවේශ වූ ඇය වෙනදා නැතත් එදා පමණක් මුඛ ආවරණය දමා තිබූ ඔහුගේ මුඛ ආවරණය ගලවා දැමූවේ මේවා ගන්නට සල්ලි කෙහෙන්දැයි අසමින් නිහඬව සිටින ඔහුට කතා කරන ලෙස ඉල්ලමිනි. ඒ සමගම තවත් හොරයක් අසුවුණේ ඔහුගේ මුවෙන් මත්පැන් ගදක් වහනයවීමත් සමගමය.
තමාගේම සැමියා මවට පියාට බඩු රැගෙන යාමට දුන් මුදලින් රුපියල් දෙතුන් දහසක් මාටියා ගසා ඇති බව ඇයට තේරුණේ ඔහු මුනිවත රැකීමත් සමගය. ඒ සමගම ඔහුගේ මේ අපූරු මාටියා ගැහිල්ල ගැන ඇය දෙස් දෙවොල් තැබූවේ අසල්වාසීන්ට දැනුම්වත් වෙන අයුරිණි. නැන්දම්මා සහ මාමණ්ඩියට ගෙන ගිය බඩුවලින් ගැසූ මාටියා පාරේ මුදල් සතියක් ඇතුළත කෙසේ හෝ දෙන්නේ යැයි පොරොන්දුව මත ඔහු භාර්‍යාවගෙන් බේරුණත් මෙය ඇසුණු අයගෙන් නම් තවමත් ඔහුට බේරීමක් නැතිලු.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සැමියාගේ මාටියා ගැහිල්ල ඇඳ අස්කරද්දී මාට්ටුවෙලා