IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


සැමියාගේ ‘හීන් අඩියට’ වැට බඳින්න ගිය බ්රිඳ අමාරුවක

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත) 
හීන් අඩියකට පුරුදුවී සිටින සැමියා ඉන් මුදාගැනීමට තමා ඕනෑම කැපවීමක් කරන්න ලැහැස්ති යයි පැවසූ භාර්යාවකට සැමියා ඉල්ලූ කැපවීම කර ගන්නට නොහැකිව ඇය අලි අමාරුවක වැටුණු පුවතක් රූකඩවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. 


හේ හිත හොඳ තරුණ ව්‍යාපාරිකයෙකි. ඒ නිසාම ඔහුට හතර වටේම මිතුරෝ සිටියහ. මිතුරන් සමග දවසක් හැර දවසක් හෝ දවස් දෙක තුනකට වරක් ඔහු හීන් අඩියක් ගැසුවේය. මේ හීන් අඩිය නිසා සිය සැමියා රෝගී වේ යයි බිය උපදවා ගත් ඔහුගේ භාර්යාව ඔහු ඉන් මුදාගැනීමට උත්සාහ කළාය. ඒ වරක් දෙවරක් නොව කිහිපවරකි. 


ඉකුත් දිනෙක දෙදෙනා නිවාඩු පාඩුවේ ඉන්නා අවස්ථාවක ඇය ඔහු අමතා කීවේ ඔය යාළුවොත් එක්ක අඩි පුඩි ගහන එක නතර කරනවා නම් තමා ඒ වෙනුවෙන් ඕනෑම කැපවීමක් කරන බවය. 


සිය භාර්යාවගේ මේ වදන් ඇසූ ඔහු අනේ ඔයා මට තියෙන ආදරේටනේ මම බොන එක නතර කරන්න හදන්නේ. මගේ සෞඛ්‍ය ආරක්ෂා කරන්නනේ ඔහොම කරන්නේ, මටත් ඕනෑ මේකෙන් ගැලවෙන්න තමයි. එහෙනම් ඔයා මම කියන කැපවීම කළොත් මම අද ඉඳලාම ඒකෙන් වැළකෙනවා යයි කීවේය. 


මගේ හොඳ මහත්තයා යැයි කී ඇය වටපිට බලා ඔහුගේ හිස සිඹගත්තේ මහත්වූ ආදරයකින් හා ඔයා දැන් කියන්න මම ඒ වෙනුවෙන් කරන්න ඕන මොන කැපවීමද කියලා යයි ඇය තොඳොල් බසින් ඔහුට කීවාය. 


‘නෝනා මගේ බීම නවත්වන්න හදන්නේ ඇඟට හොඳ නැති නිසානේ. ඔයා රෑ හතේ ඉඳන් රෑ දහය වෙනකම් රූපවාහිනිය ඉස්සරහ ඉඳගෙන ඇහැ පියන්නේ නැතුව හින්දි බලන්න වහ වැටෙන එක මනසට හොඳ නැහැ. ඒ නාට්‍යවලින් මනස ලෙඩ වෙනවා. ඒ වෙලාවෙ අපි දෙන්නා නිදහසේ සැටියට වෙලා කතා කර කර ඉමු යයි ඔහු යෝජනා කළේය. ඒ කැපවීම කරනවා නම් මම මගේ බීමත් නතර කරනවා යැයි ඔහු වැඩිදුරටත් කීවේය. 


හින්දි නාට්‍යවලට ඇබ්බැහි වෙලා සිටි ඇයට ඒ කැපවීම කිරීමට නොහැකි නිසාම ඔහු වෙනදාමෙන් සිය මිතුරන් සමග හීන් අඩිය දාන අතර ඔහුගේ භාර්යාවද වෙනදා මෙන් රාත්‍රී හතේ සිට රාත්‍රී දහය දක්වා හින්දි නාට්‍ය නරඹමින් සිටින්නීය. හීන් අඩිය දාන්න එපා යයි කියමින් භාර්යාව කළ කරදර කිරීමද එදා සිට නතර වූයේ දෙන්නාම ඇබ්බැහි වූ ක්‍රියාදාමයන් දෙකම දෙන්නාටම නතර කර ගැනීමට නොහැකි බව පසක් කරමිනි.



අදහස් (0)

සැමියාගේ ‘හීන් අඩියට’ වැට බඳින්න ගිය බ්රිඳ අමාරුවක

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන
2025 අප්‍රේල් මස 23 215 1

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.


ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 413 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 589 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 617 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 703 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 689 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 634 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 321 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 471 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site