ශ්රී ලංගම බස් කොන්දොස්තරවරයකු වූ තම සැමියාගේ අනියම් පෙම අතටම අල්ලා ගැනීමට සමත් වූ කාන්තාවක් පිළිබඳව කුරුණෑගලින් වාර්තා වේ. දෙදරු පියකු වූ කොන්දොස්තර සැමියා තම බිරිය ද සමග ප‍්‍රීතියෙන් පවුල් ජීවිතයක් ගෙන ගිය අයෙකි. නමුත් එම පවුලේ සමගියට කණ කොකා හැඬුවේ සැමියා සේවය කරන බසයේ දිනපතාම ගමන් කළ තරුණියක සමග අනියම් සබඳතාවක් ඇති කර ගැනීම නිසාය.
සැමියා බසයේ සේවය කරමින් සිටින අතරේදී එම බසයේම ගමන් කරන තරුණියක් සමග පෙම්බස් දොඩමින් ගමන් කරන බව බිරියට දිනපතාම තොරතුරු ලැබෙන්නට විය. කුමන ආකාරයේ තොරතුරු ලැබුණද මෙය අතටම අල්ලාගෙන ඇත්ත නැත්ත දැන ගත යුතු යැයි සිතූ බිරිඳ ඒ සඳහා අපූරු උපක‍්‍රමයක් යෙදුවාය. මුහුණද ඇතුළුව සම්පූර්ණ සිරුරම ආවරණය වන ආකාරයේ කාන්තා ඇඳුමක් තම හිතවත් කාන්තාවකගෙන් ලබාගත් ඇය ඉන් සැරසී සැමියා සේවය කරන බසයට ගොඩවූයේ ලෝගුව තුළ පොලූ කැබැල්ලක් ද සඟවා ගෙනය.
මේ සිටින්නේ තම බිරිය යැයි නොදත් සැමියා ඇයට ද ටිකට් පතක් ලබාදී බසයේ ඉස්සරහට යන ලෙස පැවසූවේ තරමක් සැරපරුෂවය. එසේ කී සැමියා ඉන් පසුව බසයේ පිටුපස අසුනක අසුන්ගෙන සිටි තම පෙම්වතිය වෙත ගොස් පෙම්බස් දොඩමින් උකුළු මුකුළු කරන්නට විය. මේ බව දුටු බිරියට යක්ෂාරූඩ වී උන්හිටි තැනද අමතක විය. ඇඳුමේ හිස් ආවරණය ගලවා දැමූ ඇය සඟවාගන සිටි පොල්ලෙන් තම සැමියාටත් ඔහුගේ අනියම් පෙම්වතියටත් පහර දෙන්නට වූයේ ‘‘මේකා බැඳලා දරුවොත් ඉන්න තාත්තා කෙනෙක්. දැන් කොල්ලා වගේ බස් එකේ පෙම් කෙළිනවා” යනුවෙන් කෑ ගසමින්ය.
පහරකෑමට ලක්වූ පෙම්වතිය බසයෙන් බැස පලා යන්නට වූ අතර කොන්දොස්තරවරයාගේ බිරියද ඇය පසුපස හඹා යන්නට වූයේ සිදු වූ දේ වටහාගත නොහැකිව කොන්දොස්තර සැමියා පුදුමයෙන් මෙන් බලා සිටියදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර වැඩක්වත් හරියට කරන්න දන්නේ නැති හැටි (නි)
ඒක මේක කොහොම වෙතත් ඹය ඇදුම නම් අපේ රටට ගැලපේන්නේ නෑ(අ)
නියම දක්ෂ බිරිඳක් (නි)
එහෙමයි කියලා අහලා තියෙනවා සරත්, නමුත් දැකලා නැහැ. මේ රටේ ඒ ඇඳුම අඳින්නේ නැහැනේ (නි)
අපේ රටේ ඉන්නේම යල්පැනපු පරණ ක්‍රම වලට හිතන මිනිස්සු. (නි)
ඔය ඇඳුමෙන් ගොඩක් වැඩ කරනවා නේද චන්දි අක්කේ. (නි)
වැදුනලු නියමෙට ඉතින් දැක්කද දුවපු දිවිල්ල... (ර)
චන්දි හරි. මෙච්චර කාලෙකට ඔය ඇඳුම ගැන ඇහුනෙම නරක දේවල්. ඇත්තටම පොඩි ළමයින් බය වෙලත් තිබුනා. ඔන්න ඒකෙනුත් හොඳ දෙයක් වුණා. (අ)
අපේ කාර්යාලේ වැඩ කරපු මහත්මියක් රියදුරෙක් එක්ක සබදතාවක් පැවැත්තුවා..බලනකොට එයා තමයි බස් එක පටන් ගන්න තැනින්ම ගොඩ වෙන්නේ.පසුව අපි අවවාද කරලා නැවැත්තුවා..(අ)
ඒ වැඩෙත් නරකම නැහැ (නි)
අනේ ඔය කවුරුහරි පිළියන්දල පැත්තටත් එන්න පොල්ලක් අරගෙන. ඒ පැත්තේ මංගල සේවා කාරයෙක් අනුන්ට කේන්දර බලලා විවාහ වෙන්න කියන ගමන් තමනුත් පෙම්වතියක් සෙට් කරගෙන. වැඩේ කියන්නේ දෙන්නාම වෙන අයත් සමඟ විවාහවෙලා ඉන්නේ. (නි)
මගේ අම්මෝ රූපවතියේ, සැර වැඩි නැද්ද? (නි)
අයියෝ ! අල්ලගන්න පුළුවන් උනේ බස් එකේ ගියහින්දා නේද ? (ර)
ජනහිත බස් එකේ ගිය නිසාම නොවේ, කවදාහරි ඕවා අහුවෙනවා. තමන් කරන තරමක් වැරදි වැඩ කරලා ගෙදර ගිහින් බිරින්ඳෑගේ හරි වැරදි හොයන ගොඩක් මහත්තුරු මේ වගේ කොතනකදී හරි අනාගන්නවා (නි)
මෙහෙමත් ගැහැණු? හැමදාම බස් එකේ නිකම් යන්න අර කොන්දොස්තරව රව්ට්ටලා නේද? රුපවති සොහොයුරියට නොතේරුනාට කාරණාව ඒකයි. (නි)
අනේ, අහිංසක ජෝඩුව! මල් කඩන්න ගත්තා විතරක් වෙන්න ඇති. (නි)
එහෙනම් ඒ ඇඳුමෙනුත් වැඩක් ගත්තනේ. හ්ම් හ්ම් හොඳයි හොඳයි (නි)
හිනා වෙන්න හොඳ කතාවක්. ඒත් කවුරුවත් ආදර්ශයට නම් ගන්න එපා. ගෙවල් ඇතුළේ විසඳාගන්න තියෙන ප්‍රශ්න මහ පාරවල් වලට ගෙනගියාම ඒවායින් ලැජ්ජාවට පත්වෙන්නෙ අහිංසක දරුවන්. (නි)
හිනාව නවත්තා ගන්න බැරුව ගියා මට. (ර)
වසන්ත රත්නායක, ඒ මොකෝ අනේ? ඔයාටත් මෙහෙම සිද්ධියක් උනාද ? (ර)
හොද වැඩේ මාත් ලගක හිටියානම් බස් එකේ යකඩ පොල්ලක්වත් ගලවලා දෙනවා ඒ අක්කට උදව්වට. (ර)
ස්වාමියාට ආදරේ බිරිඳක්. (ර)
කොහොමත් කුරුණෑගල ගෑහැණු වසයි. විශේෂයෙන් වාරියපොළ. (ර)