බුලත් විටක් නිසා බිරියගෙන් බැණුම් ඇසූ සැමියෙකු පිළිබඳ පුවතක් දෙල්වල ප‍්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
ඔහු කාර්යාලයක සේවය කරන්නෙකි. පුරුද්දක් වශයෙන් නිතර බුලත් විට හපයි. ඔහු උදෑසනම බුලත් විටක් මිලදීගෙන පොඞ්ඩක් කා කට සෝදා පිරිසිදු කරගෙන වැඩට යයි.
විටේ ඉතිරි ටික දවල් කැමෙන් පසු හා සවස වැඩ ඇරී ඉතිරිය කා දත් මැද කට පිරිසුදු කරගෙන ගෙදර යන්නේ ඔහු බුලත් විට කන බව බිරිය දැන ගතහොත් බැණුම් ඇසීමට සිදුවන නිසාය. ඔහුගේ බුලත්විට කෑමට ඈ තදින් විරුද්ධය. එහෙත් ඔහු සුපුරුදු පරිදි බිරිඳට හොරෙන් විට හැපීම සිදු කරයි.
දිනක් හවස වැඩ ඇරී ගෙදර ආ පසු තම බිරියත් සමඟ කතා කිරීමට යාමේදී අද කොහෙන්ද ජරා ගොඩක් කාලා ආවේ” යැයි බිරිය ඔහුගෙන් ඇසුවේ නහය වසාගෙනය. තරු විසි වූ ඔහුට මතක් වූයේ අද දිනයේ ගත් බුලත් විටේ තිබුණේ මඩ පුවක් බවය. කොතරම් දත් මැද කට පිරිසුදු කළත් මඩ පුවක් ගඳ නොගොස් ඇති බව ඔහුට වැටහිණි. පසුව බිරිඳට ඇත්ත කියා බුලත්විට කෑමත් නැවත්තුවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිරිදට හොරෙන් දේවල් කරන්න බැහැ කියන්නේ ඕකටනේ. මොකද කවදා හරි අතටම අහුවෙන නිසා.(ම)
බල්ලන්ට සහ නෝනලට ඇත්තේ අරුම-පුදුම ඉවකි (ම)
මොකක්ද බුලත් විටක් කෑවම තියෙන ප්‍රස්නේ. කට ගද ගහන එක නැතිව යනවානේ. මට නම් හිතෙන්නේ ඒ ස්ත්‍රිය කට ගඳ ගහනවට කැමති කෙනෙක් කියලයි. (නදී)
දුමින්ද තමන්ගේ මව හා සහෝදරියනුත් ගැහැණු බව අමතක උනාද ...? (නදී)
ඊට වඩා හොද නැද්ද ගෑනි මිනිහට ඇඳලා මිනිහා නපුංසකයෙක් උනානම්.(නදී)
පිරිමියෙක් වගේ ජිවත් වෙයන් මිනිහෝ. ඔය වගේ අයට කියන නමක් තියනවා (නදී)
මෙවන් නාසයක් ඇති බිරිඳක් සසර පුරා හමු නොවේවා (නදී)
නෝනට ගෙදර පොලීසිය කියන්නේ නිකන්ද ? (නදී)
දුමින්ද කාන්තාවන්ට කිසි ගෞරවයක් නැති පාටයි (නදී)
මටත් ඉදල හිටලා කරපු සිකරට් බිම නවත්තන සිදුවුනේ මගේ බිරිදගේ අසාමාන්‍ය සංවේදී නහය නිසයි. මම අද ඒ ගැන ඇත්තටම සන්තෝශ වෙනවා (නදී)
අජිත්,ඔයා ඒක තේරුම්ගත්ත එක ලොකු දෙයක් (නි)
මගෙ කට නම් කොහොමත් මඩ පුවක් ගඳයි ඒ නිසා අවුලක් නෑ (නදී)