IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සැමියාගෙන් දරුවන්ට වූ වැරැද්දට බිරිඳට වැඳ සමාව අරන්

දිනක වැටුපෙන් පමණක් තම දරු පවුල ගැටගසා ගන්නා පෙදරේරුවකු වූ මැදිවියේ පුද්ගලයකු රාත්‍රී  හතර දෙනකුට කෑමට රෝස් පාන් එකක් පමණක් රැගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් නිසා සැමියා බිරිඳට වැඳ සමාව ගැනීමේ පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ.

සිද්ධිය මෙසේය

දක්ෂ පෙදරේරුවකු වූ ඔහු දිනකට අයකළ ගාස්තුව රුපියල් 3000 සිට 4000 වැඩි කළේය. ඒ මේ දිනවල බඩු මිල ඉහළ ගිය බැවිනි. සෑම දිනකම ඔහු ඇඟේ පතේ අමාරුවට මත්පැන් සඳහා ඉන් 2000 ක් වෙන් කළ අතර ඉතිරියෙන් රාත්‍රී දරු පැටවුන්ට කෑම රැ‍‍ගෙන දරුවන්ගේ පාසල් කටයුතු සඳහා ද කීයක් හෝ බිරිඳගේ අතට දීමට අමතක නොකළේය. එහෙත් කිසි දින ඔහුට ලැබෙන වැටුප ගැන බිරිඳට කීවේ ද නැත.

කෙසේ වුවද ඔහු රාත්‍රි ආහාරයට රයිස් වැනි දරුවන් හා බිරිඳ කැමති යමක් රැ‍ගෙන එන බැවින් බිරිඳ හා දරුවන් මග බලා සිටියේ මහත් ආසාවෙනි.

කෙසේ වුවද පසුගිය දිනෙක වැඩ කළ නිවසේ මුදල් ප්‍රශ්නයක් වී ඔහුට ලැබුණේ වැටුපෙන් භාගයකි. ඉතිරිය පසු දා ගෙවන බවට ගෙහිමියා පොරොන්දු වූයෙන්  ඔහු බරපතළ ගැටලු‍වකට මුහුණ දුන්නේය.

ඔහු එක්කෝ ගල් අරක්කු බාගය කැප කළ යුතුය.  එසේ නැත්නම් දරුවන්ට නිවසට රැගෙන යන ආහාර ටික හා දරුවන් වෙනුවෙන් පාසල් වියදමට දෙන මුදල් කැප කළ යුතුය. ඔහු දෙවරක් නොසිතා පළමු කරුණ ඉටු කර ගැනීමට සුපුරුදු තැනට ගියේ සප්පායම අඩු කර  ඉන් කිසියම් මුදලක් ඉතිරි කර ගැනීමේ අටියෙනි.

එහෙත් සිදු වූයේ ඔහු නොසිතූ දෙයකි. ඔහුට පදම එන විට නිවස අමතක විය. බිල ගෙවූ පසු අත ඉතිරි වූයේ සොච්චමකි. ඉන් රාත්‍රී දරුවන් වෙනුවෙන් මිලදී ගත හැකි වූයේ රෝස්පාන් එකක් පමණි. වෙනත් කළ හැකි දෙයක් නොවූයෙන් ඔහු එය මිලදීගෙන වැනි වැනී නිවසට පැමිණි පසු දරුවන් දෙදෙනා හා බිරිඳ වහා දිව ගොස් බෑගය රැගෙන බලන විට රාත්‍රී ආහාරයට තිබුණේ රෝස් පාන් එකක් පමණි. දරුවෝ බඩගින්නේ හඬන්නට වූහ.

මේ ගැන දෙදෙනා රණ්ඩු සරුවල් වී බිරිඳ දරු දෙදෙනා ද සමඟ අල්ලපු නිවසට ගොස් හැඬු කඳුලින් සිද්ධිය පවසා නවාතැන් පැතුවාය. එය ඉටු වුවද දරුවන් බඩගින්නේ හඬන්නට වූ බැවින් නිවසේ තිබූ බත් දංකුඩ ටිකක් පොල් සමග දරුවන්ට ලබා දුන්නේ ඔවුන් ද යමක් කමක් තිබුණ ද මේ වන විට ආර්ථික පීඩනයෙන් බැට කා  අමාරු අඩියක සිටි බැවිනි.

මේ සිද්ධියෙන් සැමියාගේ වෙරි සිඳිණි. ඔහු බිරිඳ හා දරුවන් දෙදෙනා සොයා ගොස් සිදු වූ සිද්ධිය පැවසුව ද නැවත  නිවසට යාම බිරිඳ තරයේ ප්‍රතික්ෂේප කළාය. කළ හැකි දෙයක් නොවූයෙන් ඔහු බිරිඳට වැඳ සමාව ගෙන දරුවන් සමග නිවසට  පැමිණෙන ලෙස ඉල්ලා සිටිනු දුටු එම නිවසේ අය ද ඇයට නැවත නිවසට යන ලෙස කීහ.

ඉන් සිද්ධිය සමථයට පත් වූ බැවින් හුලු‍ අත්තක ආධාරයෙන් මහ රෑ නැවත නිවසට පැමිණියේ මේ ගැන කිසිවකුට නොපවසන ලෙස ඉල්ලීමක් ද කරමිනි. කෙසේ වුවද   පසුවදා කනින් කොනින් මේ ආරංචිය පැතිර ගියේය. මෙය දැනගත් ඇතැමුන් මොහු දුටු විට බිරිඳට වඳින ගාතාව අසන විට හොඳ දෙකක් කියා මාරු වෙනවාලු‍.

රජ්ගම විශේෂ-ධර්මදාස සිරිවර්ධන



අදහස් (0)

සැමියාගෙන් දරුවන්ට වූ වැරැද්දට බිරිඳට වැඳ සමාව අරන්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 755 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 766 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1136 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9452 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 873 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 334 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2030 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site