කරන්දෙණිය එම්. සුසිල් පි්‍රයන්ත
මිතුරන්ට ඇසෙන සේ සැමියාට සෙත් කවි කිවූ කටින්ම වස්කම් කියූ අපූරු භාර්යාවක් පිළිබඳ පුවතක් ගාලු දිසාවේ නගරයකින් වාර්තා වේ.
කාර්යාලයේ මිතුරන් ඉදිරියේ ඇය සැමියාට අපූරු සෙනෙහසක් පෙන්නුවාය. ඩඩා, බබා, පුතාලාගේ තාත්තා, සුදු මහත්තයා යන නම්වලින් ඇය මිතුරන් ඉදිරියේ සෙත් කවි කීවාය.
මිතුරන් දුරකතන ඇමතුමක් දුන් විටදී ඩඩා මෙන්න ඔයාට යහළුවෙක් කතා කරනවා කවුද කියලා බලන්න කෝ, මෙන්න සුදු මහත්තයාට අසවල් යහළුවා කතා කරනවා යයි ද කියමින් ඇමතුමක් ආ විට ඇය සැමියා අමතන්නීය.
ඇය සිය සැමියාට කියන මේ සෙත් කවි කොතරම් අපූරුදැයි මිතුරෝ ද පැවසූහ. මේ නිසා සිය මිතුරාගේ භාර්යාවට ඔවුන් අතර තිබුණේ ලොකු ගෞරවයකි. ඇය මේ අයගේ හොඳ හිතවතියක්ද වූවාය.
දිනක් ඔහු කාර්යාලයේ රාජකාරි අංශයේ හදිසි රැස්වීමකට ගියේ සිය ජංගම දුරකතනය මිතුරන් අතට පත් කරවමිනි. ඒ රැස්වීම යන අතරතුර ජංගම දුරකතන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් නිසාය.
එකවරම ඔහුගේ නිවෙසින් දුරකතන ඇමතුමක් ලැබිණ. භාර්යවගේ නම වැටී තිබූ නිසා මිතුරෙකු එයට සම්බන්ධ වූයේ වෙනදාත් මේ නමින් එන දුරකතන ඇමතුම්වලට චකිතයක් නැතිව සම්බන්ධ වන නිසාය. එයට සම්බන්ධවූ සැණින්ම ‘අන්න තොගේ මහ එකා ජරාව හැමතැනම ගාගෙන ඒ මදිවට අර මරුවෝ දෙන්නත් මට වදදෙනවා. ඉන්න මළ දානෙකින් ඉක්මනටම ගෙදර එනවා ඕයි. මට නම් මේ වැඩේ කරන්න බැහැ. තමුසේ ඔහේ ඔපීස් එකේ ගැහැනුත් එක්ක ජෝගි දාගෙන ඇති’ යයි වස් කවි කියන්න පටන් ගත්තේ ඇමතුමට සම්බන්ධ කාර්යාලයීය මිතුරාට මොකුත්ම කියන්න ඉඩක් නොතියාමය. ලද ඉඩෙන් ඔහු ‘ආ මේ මෙයා නේ ද ඔය කතා කරන්නේ’ යයි ඇසූවිට ‘ඇයි තමුසෙ මගේ කටහඬවත් අඳුරන්නේ නැද්ද වාහේ’ යයි කීවේ කන පැළෙන ශබ්දෙන්ය.
‘ආ නංගි මම අසවලා. එයා හදිසි මීටිමකට ගියා ගෙදරින් හදිසි පණිවිඩයක් ආවොත් කියන්න කියලා’ යයි කියනවාත් සමගම දුරකතන ඇමතුම විසන්ධි වූවේ ඉබේටමය. සැමියාට මෙතෙක් කලක් සෙත් කවි කියා ඇත්තේ වස් කවි වහගෙන යන්න බව තේරුම් ගත් මිතුරෝ ‘අනේ අපේ භාර්යාවන් කොතරම් හොඳ දැයි’ කීහ.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සැමියාට සෙත් කවි කී කටින්ම වස්කවිත් කියලා