තම සැමියාත් දරුවනුත් දමා යතුරුපැදිය පමණක් රැගෙන පොලිසියෙන් එළියට බැස ගිය කාන්තාවක් පිළිබඳව දඹුල්ල ප‍්‍රදේශයෙන් වාර්තා විණි.
මේ දිනවල කාන්තාවන් අතර වඩා ජනප‍්‍රියවී ඇත්තේ ස්කූටර් වර්ගයේ යතුරුපැදියයි. මෙම යතුරුපැදිය නිසා පවුල් ආරවුල් පිළිබඳ පැමිණිලි විශාල වශයෙන් ලැබෙන බවත් එම යතුරුපැදිය ”ඩිවෝස් බයිසිකල්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන බව පොලිසිය කියයි.
එවැනි බයිසිකලයක් පදින්නට එපා යැයි දඹුල්ලට නුදුරු ප‍්‍රදේශයක අඹුසැමි යුවළක් අතර ඇතිවූ ආරවුල පොලිසියට පැමිණිල්ලක් ලෙස ලැබී ඇත.
සැමියා පොලිසියට කියා ඇත්තේ බිරියගේ සහෝදරියක් විසින් මිලට ගෙන බිරියට දී ඇති මෙම යතුරුපැදිය නිසා තම බිරිය පිළිබඳ ඇති විශ්වාසය පලූදු වී නිවසේ ක‍්‍රියාකාරකම්, පවුලේ සමගිය හීනවී ඇති බවයි. එම නිසා යතුරුපැදිය තම නැගණියට දී දරුවන් දෙදෙනා සමග බිරියට නිවසට එන ලෙස සැමියා පොලිසියේදී ඉල්ලා ඇත.
පොලිසිය දෙදෙනාට කරුණු අවබෝධ කැර දුන්නද බිරිය ඊට අවනත නොවූවාය. ඇය කීවේ තමන්ට දරුවන් දෙදෙනාට හා සැමියාට වඩා යතුරුපැදිය අවශ්‍ය බවයි. පසුව ඇය දරුවන් හා සැමියාද දමා යතුරුපැදිය සමඟ නැවත මහ ගෙදරට පිටත්ව යන්නට යනබවය.
එහි සිටි පොලිස් නිලධාරීන් මෙන්ම වෙනත් පැමිණිලි සඳහා පැමිණ සිටි අයද මේ දෙස වඩා උනන්දුවෙන් බලා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට තමිල් නාඩු බයිස්කෝප් එකක් වගේ. (නදී)
තෙල් ගහන්න සල්ලි නැති වෙනකොට එයා ලග තියනවා සල්ලි හොයන මැසිම. එ් නිසා බය නැතිව ඇති (නදී)
අනේ මෙහෙමත් ගැහැනු.(හේ)
මෙතන ප්‍රශ්නය වාහනයක් ගැන නෙවෙයි . පවුල් ජීවිතයේදී අඹු සැමියන්ගේ අනවබෝධය !. අද කාලයේ සැමියාට ගෙදර හැම වැඩකටම දුවන්න බැරි නිසා බිරිය , ස්කුටර් හෝ රිය පැදවීමට දැනගෙන සිටීම පහසුවක්. නමුත් චාන්දනී කීවත් වගේ හැම දෙයකටම මහ ගෙවල් වල මිනිස්සුන් ගාවා ගන්න ගියොත් එතන නම් ප්‍රශ්නයක්. (අ)
කොච්චර ලොකු උදව්වක් ද මේ කරන්නේ. අනේ අපිට මේ වගේ ගෑණු හිටියනම්. (අ)
සම්පුර්ණ ආවරණ හිස්වැසුම දාගත්තම ඕනෑම හොර ගමනක් යන්න පුළුවන් (නි)
මෙතන මට පෙනෙන හැටියට මිනිහා මී හරකෙක්. ස්කූටර් භාවිත කළා කියල ගෑනියෙක් නරක ගෑනියෙක් වෙන්නේ නැහැ. එ්ක මනින්න ඕනි අනිත් දේවල් වලින්. ඉන්දියාවේ යම් පමනක මුදලක් හැකියාව ඇති හැම පවුලක හැම කෙල්ලෙක්ම වයස අවුරුදු 12 දී ස්කූටර් භාවිතා කරන්න පටන් ගන්නවා. කොලේජ් යන්නේ, වැඩට යන්නේ එ්කෙන්. අැයි අපේ රටේ මිනිස්සු මේ තරම් මෝඩ? (නදී)
තව ටික දවසකින් මේ රටට මොනවා වෙයිද මේ වගේ අය ඉන්න කොට.(හේ)
දැන් බයිසිකලයක් පැද්ද කියලා පවුල් අවුල් වෙන්නේ කොහොමද ?(හේ)
මේ වගේ තව කී දෙනෙක් ඉන්නවාද දන්නේ නෑ.(හේ)
මම මිට කලිනුත් මේ ගැන ලිව්වා. ඔය ඩිවෝස් සයිකල් ගැන. මේ වර්ගයේ සයිකල් පොලිසියෙන් නවතා පරික්ෂාකොට එම පොලිස් නිලදාරියගේ දුරකථන අංකය දෙනවා. එතනින් තමයි වැඩේ පටන් ගන්නේ එ්කේ දෙපත්තක්ම තියෙනවා. පොලිසියෙන් දුරකථන අංකය දුන්නත් ඇයි කාන්තාවෝ පෙරලා ඇමතුම් දෙන්නේ. ගොඩක් තැන්වල පුරුෂයා ගෙදර නැති වෙලාවට සහ රට නම් තමයි එහෙම වෙන්නේ. මනුස්සයා දරු පවුල වෙනුවෙන් පිටරට දුක් විඳිනවා ගැණු ඒ සල්ලි වලින් විනෝද වෙනවා. ඒක නිසා එ්ක පොලිසියට 100% වැරැද්ද දමන්නත් බැහැ තමයි. (නදී)
මට හරි අාඩම්බරයි මගේ අම්මා ගැන. මම පුංචි කාලේ කොපමන අාදරයෙන්ද මා රැකබලාගත්තේ? මගේ අම්මා මතු මගේම අම්මා වේවා! (නි)
අද ලංකාවේ පවුල් ජීවිත ගොඩාක් ..මේ හා සමානයි ..?(හේ)
සැමියාගේ ඉල්ලීම සාධාරණයි. බිරිය සවන්දීම එයාගෙ යුතුකමක් (නි)
අපේ උන්දැටත් මේ වර්ගයෙන් බයිසිකලයක් අරන් දෙන්න ඕනේ. (නදී)
ඕක තමයි ගෑණුන්ට ඔය වගේ දේවල් හම්බුනාම අර කාගේද කරේ රන් බැන්දා වගේ වෙනවා. පව් අහිංසක මිනිහයි ළමයි ටිකයි (නදී)
අපේ ගැනී ඔහොම යන්නේ නැහැ නොව අම්මපා. ගියොත් මම එදාම වෙන ගෑනියෙක් ගේනවා.(නදී)
එක්කෝ ඒ නංගිට තිබුනේ අක්කට බයික් එක අරන් දීල මහා ගෙදර යවල එයාට ඇවිත් අක්කගේ ගෙදර පදිංචි වෙන්න අර දරුවොයි මස්සිනයි බලාගන්න. (නදී)
දැන් ඉතින් සැමියාට තියෙන්නේ නංගිව අරගෙන ගෙදරට යන එක. හොඳ චාන්ස් එකක්. ඊට පස්සේ අක්කට පුළුවන් බයිසිකලේ එක්ක පවුල් කන්න. (නදී)
සමහර අවස්ථාවලදී නෑදෑයන් විවාහක අයගේ පවුල් ජීවිත වලට සීමාව ඉක්මවා එබිකම් කිරීම නිසා නැති ප්‍රශ්න ඇති වෙනවා. විවාහ වුණාට පසුව තමන්ගේ වැඩි අවධානය සැමියා සහ දරුවන්ට මිසක් සීමාව ඉක්මවා මහගෙවල් වල උදවිය සන්තෝෂ කරන්න ගියාම මේවා සිද්ධ වෙනවා. දැන් නංගිව තමයි බයිසිකලයේ ගෙනියන්න වෙන්නේ.(හේ)
මේ කථාව ෆිල්ම් එකක් වගේ.(හේ්)
තම ස්වාමී පුරුෂයාට වඩා මොර්ටර් සයිකල් එක වටිනා බිරින්දෑවරු.(හේ)
සැමියත් දරුවනුත් එපා. බයිසිකලය ඕනේ එම අයට වඩා වැදගත් වැඩ ඕකෙන් කර ගන්න තියෙන නිසානේ.(හේ)
මෙවැනි ගැහැනුන් සමඟ ජීවත් වෙනවාට වඩා, කෙසේ හෝ දරු දෙදෙනා හදාගෙන ජීවත්වීම වඩා හොදයි.(හේ)
ස්වාමියා ගෘහයේ පෝෂකයා වියයුතුයි. , එසේ නොමැතිනම් මූල්‍ය පාලනය තමන් සතු වියයුතුයි. එසේද නොමැතිනම් මෙවන් ප්‍රතිපලය සාධාරනයි.(අ)
කරගත්ත මෝඩකම තේරෙන්නේ තව ටිකක් කල්යනකොට.බයික් එකේ නඩත්තුවට ලයිසන්,ඉන්සුරන්ස් කරන්න පෙට්‍රල් වලට මුදල් නැතිවෙනකොට බයික් එක එපාවෙලා නැවත මහත්තය ලඟට ඒවි. (අ)
ඇත්තටම මේ ස්කූටර් නිසා ගොඩක් ප්‍රශ්ණ ඇතිවෙලා තියනවා. සමහර ගැහැණු අය මේවායෙ යන්නෙ හරි ඉහලින්. (අ)
සංවේදී කතාවක්,ඔය ස්කුටර්වල බඳ හදල තියෙන්නේ ප්ලාස්ටික් වලින් සුළු අනතුරකින් වුවද කැඩෙන්න,හීරෙන්න පුළුවන්. (අ)
බුද්ධියත් හැදියාවත්, අපේ සදාචාරයනුත් සමගයි අපි නවීන ලෝකෙට යන්න ඕන. එහි හොද නරක දෙකේ ඇති වාසි ,අවාසි .විපාක .ගැන නොසිතා උඩගු කම කර ගහගෙන රැල්ලේ දුවන කොට ..හැම දේම විනාශයි ..දැන් අමාරුවෙන් ගොඩගත් තම පවුල් ජීවිතේ දරු පැටවූ ..? මිනිසුනේ තමන්ට හැමදාම ඔය ලස්සන, තරුණ කම ,වැඩපල කරගන්න පුළුවන් ශක්තිය, දවසක නැතිවෙනවා ..එදාට සැනසෙන්න තමන්ට තියෙන්නේ ගුණයහපත් පවුල් ජීවිතේ වයසට ගිය ..දෙමා මහල්ලු තමන් පමණයි ..හිසට සෙවනයි..! ඒටිකත් නැතිකරන් දුවලා ..ආපහු යන්න ..නම් තැනක් නැහැ ..අසුචී නරකාදියම පමණයි.එදාට බෙල්ලේ වැළම තමයි ...?දුක් විදගෙන කැපවීම් කරගෙන අමාරුවෙන් තම දරු පවුල රැක ගනිල්ලා..? අපේ දෙමාපියෝ බුදුවෙනවා කල මෙහෙයට අපි වෙනුවෙන්..!!!! (අ)
අද කලේ ගෑනු අයාලේ යන්න හරිම අාසයි. ඉස්සර කලේ ගැහැනියෙක් ගාව තිබුන හැදිච්ච කම දැන් ගෑනු ගාව නැහැ. ඕවට අද කලේ නීතියත් බලපනවා. ගෑනු මොන වැරදි කලත් පොලිසියෙන් ගන්නේ ගැහැනුන්ගේ පැත්ත (නදී)