(පොල්ගස් ඕවිට එස්. වික‍්‍රමආරච්චි)
දෙන්න දෙමහල්ලන්ගේ ප‍්‍රතිවිරුද්ධ දේශපාලන හිතවත්කම් නිසා ප‍්‍රදේශයේ පවත්වනු ලබන වෙසක් දන්සලට ද එකිනෙකා පරයා දෙදෙනා විසින් අනුග‍්‍රහ දැක්වූ පුවතක් අගනුවරට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබේ.
දෙදෙනාම එකතුව සමගියෙන් පවත්වාගෙන ගිය කුඩා ව්‍යාපාරයකි. එකම වහලක් යට එකට පවත්වාගෙන ගියත් මෑතක සිට දෙදෙනා සිටින්නේ දේශපාලන වශයෙන් බල කඳවුරු දෙකකය. දේශපාලනය කතා කළොත් දෙදෙනා කැත්තට පොල්ල මෙනි. මෙයින් වඩාත් ඔරොප්පුවන්නේ ව්‍යාපාරික කාන්තාවයි. මේ දෙදෙනාගේ විරසකය මතින් වාසි සලසා ගන්නා. අයද නැතුවා නොවේ.
දෙදෙනාගේ මේ දේශපාලන පිල් බෙදීම නිසා තරුණ පිරිස ඔවුන් හඳුන්වන්නේ ”.........පිළ’’ සහ ”........ පිළ” වශයෙනි.
කෙසේ වෙතත් ව්‍යාපාරික කටයුතුවලින් ඉකුත් අවුරුදු සමයේද දෙදෙනාගේ අතමිට හොඳටම සරුවිය.
ඉකුත් දිනෙක ප‍්‍රදේශයේ වෙසක් දන්සලට ආධාර එකතු කිරීමට තරුණ පිරිසක් මෙම ව්‍යාපාරික ස්ථානයට ගියහ. ඔවුන් සමඟ දේශපාලනය ටිකක් කතාකළ ව්‍යාපරිකයා රු. 5000 ක් පරිත්‍යාග කළේය. තරුණ පිරිස එතැනින් නික්ම යනවිට පැමිණි ව්‍යාපාරික කාන්තාව ද ඔවුන් සමඟ වත්මන් දේශපාලනය ගැන කතා කළාය. ස්වාමියා රු. 5000 ක් දී ඇති බවද ඇය දැන ගත්තාය. වහා නිවසට ගොස් පැමිණි ඇය තරුණ පිරිස අත ඇයගෙන් ද රු. 7000 ක් තැබුවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දෙන්නත් (මමයි මගේ බිරිදයි) දේශපාලන වශයෙන් පක්ෂ දෙකක. පොඩි පොඩි දේශපාලන සංවාදත් ගෙදර යනවා. දෙන්නම අඩුවැඩි වශයෙන් දිනනවා පරදිනවා. ඒත් ඒක එතනින් ඉවරයි. වෙන තරඟ නම් නැහැ..... (නි)
මෙහි වරදක් ඇතැයි මා සිතන්නේ නැහැ. ස්වාමියා දුන් මුදලට අමතරව බිරිඳ මුදලක් දීම ඔවුන්ට ගැටළුවක් නොවනු ඇත (නි)
බෙදුනොත් ගෙදරට අවාසියි - පිටතට වාසියි (නි)
ගණන් ගන්න එපා අනේ! (නි)
ඒ දෙන්නගේ දේවල් අපි ගණන්නොගෙන ඉඳිමු (නි)
අනේ මේ දෙන්නා මහා ලොකු හපන්කමක් කරලා? (නි)
මගේ ගෙදර නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දෙන්නම එකම පක්ෂයකට ඡන්දෙ දෙන්නේ. හැබැයි කොයි පක්ෂය වැරදි කළත් අපි දෙන්නම එකම තීරණයක ඉන්නේ. වැරදි දේ වැරදියි කියනවා (නි)
ඔහොම රණ්ඩු වෙලා අයවැය පරතරය පියවාගන්නේ කොහොමද දන්නේ නැහැ (නි)
දෙන්නටම විදෙස් ආධාර නොඅඩුව ලැබෙනවා වගෙයි. ඒකනේ අත දිග ඇරලම දීලා තියෙන්නේ ! අනේ සාදු. (නි)
අපේ ගෙදර දේශපාලනය කතා කරන්නේ නෝනා විතරයි. මම හොටදාන්න යන්නේ නැහැ . නැත්නම් අන්තිමට ගෙදරින් ලැබෙන කෑම වේලත් වරදින පොටක්නේ ඕක. (නි)
අනේ මේ වෙසක් පුන් පොහෝ දිනයේවත් පහුගිය දේවල් අමතකකරලා සමාදානයෙන් දෙන්නාට ජීවත්වෙන්න බැරිද? (නි)
තරගෙට පින් රැස්කරගන්න දඟලන මෝඩයෝ. හම්බකරන මුදල් තරඟෙට වියදම් කරලා ඊටපස්සේ ආණ්ඩුවට බනිනවා. (නි)
නන්දන උබ පින් කියන වචනේ තේරුම වත් නොදන්නා එකෙක් (බ)