(උණවටුන ඞී. ජී. සුගතපාල)
රාති‍්‍ර කාලයේ නිවසකට රිංගා එම නිවසේ කාන්තාව සමග සිටි වෙළෙඳ නියෝජිතයකු නිවෙස් හිමියාගේ පහර කෑමට ලක්ව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ සිද්ධියක් පෝද්දල ප‍්‍රදේශයෙන් වාර්තාවේ.
පොලිසියට ලැබී ඇති පැමිණිල්ල අනුව සිද්ධිය මෙසේය.
මෙම නිවසේ හිටියෙ පෙදරේරුවෙකි. ඔහු නුවර ප‍්‍රදේශයේ රැුකියාව කළ අතර නිවසේ සිටියේ දියණිය පුතා සහ බිරියය. සැමියා උපයන මුදල පවුලේ නඩත්තුවට ප‍්‍රමාණවත් නොවූ නිසා බිරිය නිවස ඉදිරිපිට වෙළෙඳසලක් පටන් ගත්තාය.
එයට සැමියාගේද අකමැත්තක් නොවීය. ටික දිනක් යනවිට වෙළෙඳසලට බඩු ගෙනෙන වෙළෙඳ නියෝජිතයකු සමග අනියම් සම්බන්ධයක් ඇතිකරගත් ඇය එය රහසක් ලෙස තබා ගැනීමට උත්සාහ කළාය. එහෙත් වෙළෙඳ නියෝජිතයාගේ නිතර නිතර පැමිණීම ගමේ අයට නම් රහසක් නොවීය. සැමියාගේ කනටද මේ ආරංචිය ගියේය.
පසුගිය දිනක රාති‍්‍ර දහයයි තිහට පමණ කිසිවකුට නොදන්වා නිවසට ආ ඔහු දොරවසා තිබූ නිසා දොරට තට්ටු කළේය. දොර විවෘත නොවීය. හදිසි අවස්ථාවකදී නිවසට ඇතුළුවන අයුරු දැනසිටි ඔහු ඒ අනුව නිවසට ඇතුළු විය.
සැකය නිවැරැුදිය. වෙළෙඳ නියෝජිතයා තම බිරියගේ සායක් ඇඳගෙන පැන යාමට උත්සාහ ගත් නමුත් එයට ඉඩක් නොලැබිණ. ඔහු කෑගැසූ හඬට ගමේ මිනිස්සුද නිවෙසට රොක්වූහ. වෙළෙඳ නියෝජිතයා කොටුවිය.
පසුව පොලිසිය පැමිණ සායට උඩින් සරමක්ද අන්දවා හොර මනමාලයා කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබුවේ ඒ වනවිට ඔහු තුවාල ලබා සිටි නිසාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කවුරුත් තම තමන්ගේ නෝනලා මහත්තුරු පරිස්සම් කර ගන්න ඕන කාලයක් මේක. (නදී)
සිද්දියෙන් පස්සේ දෙන්නා කොහොම ජීවත් වෙයිද දන්නේ නෑ (නදී)
ගංගා, එන්නකෝ ගංගා.... මම බලාගෙන ඉන්නේ (නි)
"සළෙලුන් දැක ලියන් සගවෙනුයේ මීයන් දුටු කල බළලුන් සැඟවෙන සේයා. ඒ ගොදුර තමන් වෙත පැමිණෙන තෙක් පමණි" (නි)
තාවකාලික සුවය සොයා ගිය අයට හැමදාම දුකම පමණකි. (නි)
පොත්ත රතු නම් , පිට ඔපය තියනවා නම් අපේ පිරිමිත් මෙලෝ සිහියක් නැතුව රැවටෙනවා. ගෙදර ගෙනාවට පස්සේ තමයි රඟේ තේරෙන්නේ. (නි)
තමන්ට හිතවත් නෝනා කෙනෙක් ලැබෙන්නේ පෙර පිනෙන්ම තමයි. අපි දන්නා එක්තරා විවාහක කාන්තාවක් සැමියා ගමේ ඉන්න අතරේ රැකියාවට කියලා කොළඹ ඇවිල්ලා අක්කාගේ ගෙදර නැවතුනා. ඔය අතරේ අපේ කාර්යාලයෙන් එක්තරා හෝටලයකට කාර්ය මණ්ඩලයේ වාර්ෂික චාරිකාව ගියා. මම දැක්කා අර කාන්තාව අක්කාගේ සැමියා සමඟ ඇවිල්ලා පිහිනුම් තටාකයේ හැසිරෙන හැටි. මාව දැකලා එයා ගිලුනේ නැති ටික විතරයි. මොනවා වුණත් පවුල් දෙකක් කැඩෙන නිසා අදටත් මම නිහඬයි. (නි)
මෙතන පිළිවෙලකට සංවාදයක් යද්දී ඒක කඩන්නයි සමහරු හදන්නේ. (නි)
මිනිහාට විතරද තුවාල වෙන්න ගහලා තියෙන්නේ? කාන්තාව තමයි පළමු වරදකාරිය (නි)
සමහර කාන්තාවන් අනියම් සම්බන්ධකම් වලට යොමුවෙන්නේ පවුලේම හිතවතුන් නෑදෑයන් සමඟින්. මමත් සමාජයේ දැකලා තිබෙනවා . ඔය විවාහක අක්කලාගේ ගෙවල් වල නොයෙකුත් හේතු නිසා ලැගුම් ගන්න බොහොමයක් බවලතුන් නවතින්නේ අක්කාගේ සැමියා එක්ක හිතවත් වෙලා. අන්තිමට මේ තමන්ගේ සහෝදරියගේ සැමියා නේද කියලාවත් ඒ අයට මතක නැහැ. (නි)
මට තේරෙන හැටියට පිරිමියා වැරදිකරයා විදියට දකින අයත් ඒ වගේම අය වෙන්න ඇති (නි)
එතකොට නෝනා ඒ වෙලාවේ ඇඳගෙන හිටියේ "අරයාගේ " කලිසම වෙන්න ඇති. (නදී)
නිවනින් ඈත් වූ මිසුන් මේ ලෝකයට පිළිලයක් වී ඇත.සැමගේ සිත් නිවනම අරමුණු වේවා. එවිට ලෝකය වඩාත් යහපත් වනු ඇත (අ).
ගංගා ඔයත් ඒ ජාතියේම කෙනෙක් වගෙයි පෙන්නේ. (අ)
අතීතයේ "මව බලා දුව ගනින් " කිව්වේ කට කහනවට නෙවෙයි. මවක් විනීතව යහපත්ව්ජීවත් වේ නම් එවැනි මවගේම දුව විවාහයට සුදුසුයි කියලා පැරැන්නෝ කියන්නේ මව ආදර්ශයට ගෙන දුවත් හැදෙන නිසා. හැබැයි ඉතින් මේ කාලෙට නම් ඕක හරියාවිද මන්දා ! (අ)
මේ අයට කියල දෙන්න ඕන නිබබුතා නූන සානාරී (අ)
මට නම් කියන්න තියෙන්නේ ලජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකු උන මිනිසුන් මෙවැනි තත්වෙට පත්වෙනවා (නදී)
ගංගා එන්නකෝ. හදිසියක් වුණොත් ශේප් කරලා අරින්නම් (නි)
සිසිර, ඉක්මණින් අංගොඩ ගොස් දොස්තර කෙනෙක් හමුවෙන්න (නි)
ගංගා ගැහැනියක්ද, පිරිමියෙක්ද? (නි)
හිමි ගෙයි නැති සඳ ගැහැණු කවරේද වරදේ නොබැඳෙන (නි)
සමහරුන්ට මේ වගේ දේවල් හරිම රසවත් විදියට බලන්න මානසික තෘප්තියක් තියෙන්නේ. (නි)
තහනම් ගහේ ගෙඩි කන්න ගිහින් මදැයි වෙච්ච හරිය(දිල්)
අපරාදේ හැට්ටයකුත් අන්දවන්න බැරි වුණේ. එහෙම එකක් අහල පහලක වත් තියෙන්න නැතිව ඇති. (අ)
අද කාලයේ හරි හමන් නෝනා කෙනෙක් ලබන්නත් පින් කරලා තියෙන්න ඕන. (අ)
මේ හාමිනේව ආයෙත් භාර ගන්න නම් වටිනා කෙනෙක් නෙවෙයි. (අ)
මෙවැනි අමන වැඩ නැවත නොකරන්න සායත් නැතිවයි පොලීසියට ගෙනියන්න තිබුණේ. (අ)
මේ දෙන්නම තුන්වෙනි පන්සිල් පදය ආරක්ෂා කරලා නැහැ. දෙන්නම වැරදි කාරයෝ. (අ)
ඉතා හොඳයි අදාළ සාක්කිත් තියනවා නේ (දිල්)
මොනවද මේ විහින් කරගන්න කරදර (දිල්)
පවුල් බිදිලා විසිරිලා අහිංසක දරුවන් පවා අනාත වෙන්නේ මෙවැනි අය නිසයි. දෙදෙනාටම සුදුසු දඩුවම් දෙන්න ඕන.(අ)
අනියම්සැප තාවකාලිකය,අහුවුනොත් සැමදා දුකය.(අ)
නියම බිරිඳ (අ)
හපොයි! (නි)
මෙයාල අර ජාත්‍යන්තර පාසලේ 4 වන පන්තියේ පාඩම් කරලා නැහැ වගේ. (අ)
සැමියාගේ වරද මම දකින්නේ.පව් අහිංසක ගෑනී. (අ)
සැමියාගේ වරද මම දකින්නේ.පව් අහිංසක ගැනී. (අ)
ඔය ජාතියේ වැඩ ඉන්න තැන කරන්නවත් කරන තැන ඉන්නවත් එපා කියලා තියෙන්නේ කට කහනවට නෙමෙයි. (නදී)
අනේ ගංගා ඔයත් ගැහැණියක් නේද? ළමයි කන්නේ මොනවාද ? (නදී)
ගංගා දැන් ගෑනි වැරදි නැහැ නේද? නිකම් ගොන් කතා කියන්න එපා (නදී)
බෙන්තර ගගෙන් එහා හොඳ හොඳ දේවල් වෙනවා නේද ? (නදී)
හරිනම් ගෑණිව තමයි සාය ගලවලා පොලිසි ගිනියන්න තිබ්බේ (නදී)
ගංගා ඇයි ගෑනි පව් කිව්වේ ? ඔයත් ඒ වගේ ගෑනියෙක්ද ? ලැජ්ජ නැද්ද එහෙම කියන්නේ (නදී)
මෙතන සමහර වෙලාවක පුවතට අදාළ සංවාදය කඩන්න පිස්සු ලියන කට්ටිය ඉන්නවා. එක්කෝ පිටරට සිට ලියන ලාංකිකයන්ට උපහාස ලියලා. නැති නම් වෙනත් පිස්සු ලියලා පාඨක අදහස් වෙනතක යවන්න හදනවා. ගංගා නමින් ලියන කෙනා කලෙත් ඒකමයි. (නදී)