මුදල් කොල්ලකෑමේ අදහසෙන් වෙස්වලාගෙන සීයාගේ නිවෙසකට ඇතුළු වූ මුනුබුරකුගේ වෙස් මුහුණු ද ගැළවී කොල්ලය ද වැරදුනු පුවතක් දකුණෙන් වාර්තා වේ.
ඔහු මැදිවිය ද පසුකළ එහෙත් තනිකඩව දිවි ගෙවන පුද්ගලයෙකි. තේ, කුරුඳු, ගම්මිරිස් වගාවෙන් අතමිට ද බෙහෙවින් සරුය.
පරිස්සමට තැබූ දේ ඈලියාවට ගියාසේ ඔහුගේ මුදල් විටින් විට වංචාකරුවන්ට, කපටින්ට, සොරුන්ට අසුවී අහිමි වූ අවස්ථා ද එමටය.
දිනක් බැංකුවට ගොස් අත්‍යවශ්‍ය කටයුත්තකට රුපියල් දහ පහළොස් දහසක් රැගෙන ආවේය. එහෙත් එය ඔහුගේ ඥාති තරුණයකුගේ මීටරයට අසුවිය.
සීයා බිය ගන්වා මුදල් ටික පැහැර ගැනීම පිළිබඳ සිතක් ඔහුට පහළවිය.
ඔහු වෙස්වලාගෙන සීයා සිටි නිවෙසට ගියේය. ඔහුගේ සිරුරේ හැඩයෙන් මෙන් ම හැසිරීමෙන් ද සීයාට තරමක සැකයක් ඇතිවුණලූ.
ඔහුගේ කටහඬින් සීයාගේ සැකය තවත් තහවුරුවිය. ‘‘අනේ මගෙ කට, උඹ රංජි පුතා නේද? අනේ බොල උඹ හිතුවද මට අඳුරගන්න බැරිය කියලා.”
ඔහු පසුදින උදෑසන පැමිණ සීයාගෙන් සමාව ඉල්ලූවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සීයාට ආදරෙන් සලකල ලගින් උන්න නම් කැත නැතිව සියගේ හැම දේම අනාගතේ ලැබෙයි. දැන් හොඳනේ බාගන නාන්න තිබුන ලිඳ ඉහලම දැම්මා. (නදී)
කොතන බැලුවත් බොරුව,වංචාව,හොරකම තමයි රජ කරන්නේ.., කවදාද මගේ රට මේ තත්වයෙන් මිදෙන්නේ....? (අ)
අපේ කුමාරිට තමයි මෙතන යමක් කමක් තේරෙන්නේ (නි)
සියට මුනුබුරා අඳුරගන්න බැරි දවසක් ආවොත්? (අ)
හෙට අනිද්දා වෙනකොට මුන් අම්ම තාත්තවත් උස්සයි ! (අ)
පුදුමයි එකා අනතුරක් නොකළ එක ඒ මනුස්සයට.(අ)
සීයා ලෝබ නම් කමක් නැහැ හොරෙන් ගත්තත් (නදී)
සමන් මල්ලි, සීයා ලෝබයෙක් උනත් හොරකම හොද නැහැ නේද....? මම නම් කඩේකින් වැරදිලා වැඩිපුර සල්ලි ආවත් අපහු දෙනවා මොකද ඒ සල්ලි අඩු බව දැන ගත්තම ඒ මනුස්සයාගේ පපුව පිච්චේද්දී මට විදවන්න වෙයි කියල හිතෙනවා (නදී)
මුනුබුරේ ඒ සල්ලි අයිති සීයට. අනුන්ගේ දේවල් තමන්ගේ නෙවේ කියන එක මතක තියාගන්න. ඒ සල්ලි ඔබ ගත්තා උනත් ඔබට දනෙන්නේ සීයාගේ කියල නේද? (නදී)
ඔන්න අද කාලේ දරු මුණුබුරන්ගේ හැටි (අ)
අද කාලේ සමහරු සල්ලි හොයන්න ඔය නෑකම් බල බලා ඉන්නේ නැහැ. දෙවියන්ට පුදන පඬුරුත් හොරකම් කරන කාලයක්නේ මේ. (නි)