එක්තරා ගමක පවත්වාගෙන යන මරණාධාර සමිතියක සාමාජිකයෝ ප‍්‍රදේශයේ වැඩිහිටියන් සඳහා දානමය පිංකමක් සංවිධානය කළහ. එම දිවා ආහාර වේල සඳහා මස්, මාළු, කිරි, බිත්තරවලින්ද අඩුවක් නොවීය.
දානමය කටයුත්ත ආරම්භ වූ පසු සමිතියේ තරුණ පිරිස් යුහුසුළුව වැඩිහිටියන් සඳහා දානය බෙදමින් සිටියහ. මස් දීසිය අතට ගත් තරුණියක් පිළිවෙළින් එය බෙදාගෙන යමින් සිටියාය.
”ඔය මස් නේද...” එක් වැඩිහිටියෙක් තරුණියගෙන් විමසුවේය.
”ඔව් ඔව් සීයේ” එසේ කියමින් ඇය මස් කෑලි කිහිපයක් හැන්දට ගෙන බෙදන්න හැදුවාය.
”හා... හා... ඔය ජරාව මම කන්නෙ නැහැ. දැන්වත් ළමයිනේ ඔය මළ කුණු බුදින එක නවත්තපල්ල” මස් ප‍්‍රතික්ෂේප කළ ඔහු ඇයට උපදෙසක් ද දුන්නේ හෙමින් නම් නොවේ. ඉන් ලැජ්ජාවටද පත් ඇය හිමින් සීරුවේ එතැනින් ඉවත් වූවාය.
මද වේලාවක් ගත වෙද්දී සියල්ලෝම ආහාර ගනිමින් සිටියහ.
”ළමයිනේ මට හොදි පොඞ්ඩක් ගෙනත් දීපල්ලකො.” පෙර කී වැඩිහිටි පුද්ගලයා කියද්දී කිරිහොදි බඳුන අතට ගත් අයකු ඔහුට හොදි බෙදන්නට සූදානම් විය.
” ඕව නෙවෙයි ළමයො මස් හොදි ඩිංගක්.”
ඈ.... සීයෙ සීය මස් කන්නෙ නෑ කීවනේ...” ඔහු පුදුමයෙන් විමසුවේය.
”මස් කෑලි කන්නෙ නෑ තමයි ළමයෝ” ඒත් හොදි ඩිංගක් නම් මට නැතුවම බැහැ.”
ඔහු එසේ කියද්දී සැමගේ මුවගට සිනා පහළ වුවත් පිට කළේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුචිර,හාන්සි,සජි, ඔයාලා නිකන් මා ගැන කිසිවක් නොදැන මාව අපහාසයට ලක් කරන්න එපා.කව්දෝ මන්ද බුද්ධිකයෙක් මගේ නමින් මට මඩ ගහන්න විකෘති අදහස් ලියනවා. නිලූ නංගි, මා ඉන්නේ ලංකාවේ. මා වෙනුවෙන් ඔයාගේ වටිනා කාලයෙන් මිනිත්තුවක් වැයකර හඩක් නැඟුවාට මගේ මුළු හදින් ඔබට ස්තුති කරනවා.නිලූ නංගී හංසිකා අපි ගැන දන්නේ නැතුව ඇති. එයා මා ගැන නොදැන මට කරන අපහාස වලට අපි සමාව දෙමු.කතෘතුමා ඇතුළු සංස්කාරක මඩුල්ලටත් මගේ එසැණ මිතුරු මිතුරියන් සැමටම ළඟ එන සිංහල අලුත් අවුරුද්ද ඉතාමත් වාසනාවන්ත, සතුට ඉතිරෙන ජයෙන් ජය ගෙන දේවා..!! (නි)
මේ ලිපිය දැක්කම මට මතක් උන තවත් කතාවක්. සාංඝික දානයක් දෙන ප්‍රසිද්ධ තැනක කර පළල හැට්ටයක් ඇඳගත්ත දානේ බෙදන දායිකාවක් දානේ වලදන්න මිටි ආසනයක වාඩිවෙලා උන්න හාමුදුරුනමක් ලඟට ගිහින් පහත වෙලා හාමුදුරුවනේ බිත්තරයක් දාන්නද කියල ඇහුවලු. අපහසුවට පත් වෙච්ච හාමුදුරුවෝ අන්න අරෙහෙට ගිහින් බිත්තරේ දාන්න කියල තරහෙන් අහකට අත දික් කලාලු. කතාව දන්නා අය තැන කොහෙද කියලා දනිති. (දී)
අපේ අයට මේ වගේ කතාවක් දැක්කහම හරි සතුටුයි. සාධාරණීකරනය කරලා මස් කන්න පුලුවන් හින්දා. (නි)
කා වෙනුවෙන්වත් ආවැඩීම් නොකර තමන්ගේ හිතට දැනෙන ස්වයං විවේචන පළකරන්න අදහස් එවන අය උත්සාහ ගන්න. සැමට ජය! (නි)
මේ විහිලුව යල් පැනලා වගේ (ස)
ඇත්ත හංසිකා ඔයා නොදන්නා උනාට මීට පෙර මේ තීරුව වට්ටි අම්මලාගේ රජ දහනක් වෙලා තිබුනේ දැන් මෙතන පිරිසුදුඉ අරයත් අයින් උනානම් වටිනාකම කියන්න බැහැ (ස)
ඇයි සමන්තිටයි,හංසිටයි,ඇත්ත තිත්තයි නේද.ඔයාලගේ නමිනුත් ඔය වගේ අපහසු තාවයට පත් කරන අදහස් ඔයාලා නොදැන පල උනොත් මුනිවත රකින්නේ නැ නේද.සිංහල ජාතියට ජාතිය ආවඩන්න කාගෙන්වත් අවසර ඉල්ලන්නේ ඒ ඔයාලා වගේ අය.මන් එහෙම චරිතයක් නෙමේ කාගෙන්වත් අවසරයක් නොමැති අසදාරනෙට නැගී සිටිනවා ඕනෙම අවස්ථවක. එක මගේ සිංහල ගතිය.එක තවත් කෙනෙකුට වලක් වන්න බෑ.වෙනත් අය ගැන කුමන කතාද? අපේම අය අපිටම වල කපද්දී.එකට හොදම උත්තරය දැන් රටේ තත්වය.වෙනත් ජාතින් එකට එකා බැදී,අපේ ජාතිය එකට එකක් නැතිව විනාස වෙනවා. (ස)
තමන් දරන මතය ඉදිරිපත් කලාම ඇති අැයි මේ තව කෙනෙක් වෙනුවෙන් නහයෙන් අඩාගෙන කෑ ගහන්නේ ප්‍රශ්න ඇති වෙන්නේ. කාගේවත් අතකොලු වෙන්න එපා. (ස)
අපි කිව්වට බැහැනේ උපන් ගති නැති කරන්න. ජාතියේ අවාසනාව ඕක.මිනිස්කම ලැබූ පලියට හැමෝම මනුස්සයොත් නෙමෙයිනේ නේද?ඇත්තට ඕනෑ දෙයක් වෙන්න කැමතියි,නමුත් බොරුවට බොරු රූකඩයක් වෙන්නේ නැහැ අනිත් අය වගේ.මට ඇඬෙනවා මේ උතුරා යන මනුස්සකමට ඔයාලගේ.මනුස්සයෙක් ගැන අනුකම්පාවක් ඇති වෙන්නේ තවත් මනුස්සයෙකුට විතරනේ.සාධාරනයි ඔයාලට අනුකම්පාවක් ඇති නොවීම.මටයි වැරදුනේ. ඔයාලා හරි. (නි)
හංසිකා නිකන් දොඩවන්නේ නැතුව ඉන්න. පින් සිදුවෙයි.නිලූ කියන දේ හරි. ඇත්ත තේරුම් ගන්න බැරිනම් ප්‍රශ්න ඇති නොකර පාඩුවේ ඉන්න. (නි)
හංසි,ඔය චන්දි අක්කාගේ නමින් විකාර අදහස් ලියලා ඔයාම ඒවාට ප්‍රති උත්තරත් ලියනවා.එකෙන් පැහැදිලියි මන්ද මානසිකත්වයෙන් ඔයා පෙලෙන බව.එකේ ප්‍රතිපල ඔයාට ලැබෙයි.චන්දි අක්කාගේ වැදගත් අදහස් හා ඔයා ඔය ලියන විකාර සහ කෙනෙක් අපහසු තාවයකට පත් කරන අදහස් වල වෙනස ඉතාම පැහැදිලියි.අනික චන්දි කියන නමින් එයා දැන් ලියන්නේ නෑ ගැහැණියෙක් වෙලා තවත් ගැහැනියෙක්ව අපහාසයට පත් කිරීම ගැන හරිම කණගාටුයි.මෙලෙස ලිව්වේ කාට උනත් වෙන අසාදාරනය බලාගෙන නිහඩව ඉන්න බැරි නිසා.අපි හැමෝම ලාංකිකයෝ ලෝකේ කොහේ හිටියත් එක අමතක කරන්න බෑ. (දී)
සුදත් සොයුර, ස්තුතියි ඔයාට! ඔයා නොදන්නවා වුණාට ඔය මගේ නමින් ලියන කෙනයි, ඊට ගැළපෙන උත්තර දෙන්නෙයි එකම එක්කෙනෙක්. ඔය හැංගිලා පහර ගහන අය කවදා හරි හොඳ පරිප්පුවක් කාවි. අපි එතෙක් බලා සිටිමු.ඔබට වාසනාබර සිංහල අලුත් අවුරුද්දක් වේවා! (නි)
කෙනෙකුට අසාධාරනයක් සිදුවූ විට එම පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටින්නේ සැබැවින්ම මනුස්සකම සිතේ තිබෙන අය පමණි. සමහර අය ඉන්නවා කෙනෙකුට අපහාස කරන්න ඕනෑ වුණහම ඒ පුද්ගලයා දන්නවා කියනවා.රටකට අපහස කරන්න ඕනෑ වුණහම එම රටේ ඉන්නවා කියනවා.හිතේ හැටියට මඩ ගහනවා.මොන වෙලේ බැලුවත් ඊර්ෂ්‍යාවෙන් පුපුරනවා.මනුෂ්‍ය ආත්මයක් ලැබිලත් මනුෂ්‍යයෙක් වගේ ඉන්න බැරි හැටි. (නි)
ඇත්තෙන්ම මට උවමනාව තිබුණේ පළවෙන අදහස් කියවා ඒවාට පිළිතුරු සැපීම මිසක අපහාසයක් නොවේ .චන්දි සොයුරිය ඔයත් ගැහැණියක් මමත් ගැහැණියක්. උඩ බලාගෙන කෙල ගහගන්න තරම් අපිත් බොළඳ නැහැ .ඔබ තුමිය කවුද කොහෙද මම නොදන්නා අතර නුබත් මා නොදනී .ඒ නිසාවෙන්ම මෙවැනි චෝදනාවක් මාගේ නම භාවිතා කොට පළ කිරීම නොකළ යුත්තක් මන්ද වෙනත් අයකුගේ නමක් භාවිතා කොට අදහස් ලියන බවවත් මා නොදැන සිටි කාරණයක් .කොතනකෝ හෝ මටත් වැරදි තිබෙනවා .එසේ නම් සොයුරිය ඔබ මේ නාම වෙනස් කොට අදහස් පළ කරන්නේ නම් මේ ප්‍රශ්නය මේ තරම් දුරදිග නොයන බව මගේ හැගීමයි. මන්ද ඔබ නාමය වෙනස් කළ බව කිසිවකු නොදනී ඔබ එසැන පාඨකයකු පමණක් වන අතර පෞද්ගලික දැනහැදින ගැනීම් මේ තීරයේ නොවේ .ඒ නිසා නාමය වෙනස් කර අදහස් දමන්න ප්‍රශ්නය නිමවයි නොවේද? ඔබ යම් කාරණයක් පසුපස ලුහු බඳිනවා යනු අනවශ්‍ය ප්‍රශ්න ඔබ විසින්ම බලෙන් ඈදා ගැනීමක් නොවීද??? (ස)
අපට එකව්න්ට් එකක් හදල ලොග් වෙලා කමෙන්ට් දාන්න පුළුවන් වෙන දවසක් ලඟදීම ලැබේවා.. එතකොට කාටවත් වෙන අයගේ නම් වලින් කමෙන්ට් දාන්න බැරිවෙයි. (ස)
ගොඩක් කාලෙකින් අද තමයි පත්තරේ කියවන්න ඉඳ ගත්තේ. මාස9 ක දියණිය ඔපරේෂන් කරලා සති 3 ක් හොස්පිටල් සිටි නිසා...?හැමෝම අදහස් පළ කරනවා සතුටුයි. කා මරා නොගෙන එකිනෙකා අපේ නැතිවෙන මිනිස්කම් ගොඩ නගා ගන්න මෙවැනි පුංචි තැනකින්වත් අපි පටන් ගමු. සොයුර සොයුරියනේ ..?උතුම් මිනිස් කම් තරම් තවත් දෙයක් වේනම් ? අපි සතු ලොකුම වස්තුව නම් නිරෝගිකම පමණයි.? (ස)
මේකට මට කියන්න දෙයක් තියෙනවා. එක්කෝ ඕන නෑ. (ස)
මස් කන්න ඕනේ මස් කෑවට පව් නැහැ හරක් ඉන්නේ මිනිසුන්ගේ ප්‍රයෝජනයට තමයි (දී)
මුන්දෑ නම් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි වගේ. (නි)
පින් පව් කියන්නේ සිතේ ඇතිවන සිතිවිල්ලක් . කරනදේ හොඳනම් සිතට සහනයක් ලැබේ .සතකු මරණ කෙනෙකුට හෝ කිසියම් අයුරකින් සහයෝගය දෙනකොට ඇතිවන්නේ වරදක් විදියටයි .එවිට සිත අසහනයට පත්වේ . මේ සිතුවිලි නිසා මනසට ඇතිවන තත්ත්වය මත සිදුවීම පින හෝ පව යනුවෙන් හඳුන්වයි .(ස)
සීයා හරි මස් කන්නනේ හොද නැත්තේ හොදි කෑවට මක් වෙනවද (දී)
අපේ නැන්දම්මා කාලයකට පෙර දන්සැලකට ගොඩ වුණා. එදා තිබුනේ කරවල හොදි සහ කොස් මැල්ලුමක් සහ වට්ටක්ක උයලා. නැන්දම්මා අර ඔක්කොම බෙදනකම් ඉඳලා කරවල හොදි බෙදනකොට කිවුවා 'පුතේ, කෑලි කන්නේ නැහැ හොදි ඩිංගිත්තක් කමක් නැහැ' කියලා. අපේ සායම එදා ගියා මෙයාගේ කතාවට (නි)
හරියට සතාව හෝදලා වතුර බොනවා වගේ වැඩක්නේ! (නි)
පාණාතිපාතා කියල නිකන් ඉන්නේ නැතුව මස් කන එකත් නවතන්න හැකිනම් කොයිතරම් හොඳ දෙයක්ද අසරණ සතුන්ගේ ජීවිත ඒකෙන් බේරෙනවා. මරණයේදී මොනතරම් වේදනාවක් ඒ සතුන් විදිනවා ඇද්ද?. මම අවුරුදු හතරකට වඩා කාලයක ඉඳලා මස් කන එක සම්පුර්ණයෙන්ම නතර කරලා තියෙන්නේ. මස් වෙනුවට ප්‍රෝටීන් ලබාගත හැකි වෙනත් ආහාර ඕන තරම් තියෙනවා. (දිල්)
ඔය කොයි තරම් කියුවත් මිනිස්සුන්ගේ ආශාවල් විෂමයි (දී)
චන්දි සායම් ගාගෙන ඉන්නේ කියලා තේරුම්ගත් එකත් ලොකු දෙයක්. අවස්ථාවක් ලද සැනින් නැන්දම්මාවත්, සැමියාවත් විවේචනය කරන්න ලැබෙනවා නම් ඊට වඩා දෙයක් නැහැ වගේ ..... (නි)
අනේ ඇත්තද චන්දි? ඔයාලට යන්න අමුතුවෙන් සායමක් ඉතුරුවෙලා තියනවද? (නි)
මේක අර සේනාවේ අය දන්නේ නැද්ද? (නි)
ගොඩක් අය නිර්මාංශ කියන්නේ සෝබනයට. මනුස්ස ලෝකයේ උපත ලබන්න ගොඩාක් පින් කරලා ඒක ලැබුනම එයටත් සතුටු නැහැ. මිනිහා කිසිම දවසක ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ. කන දෙය නොව කරන හොඳ නරක තමයි අපේ ජීවිත හරියාකාරව අවසානය කරා ගෙනයන්නේ. (නි)
සීයාගේ කතාව හරි. අද බොහෝ දෙනෙක් නිර්මාන්සිකයි කියල රගපානව.මෙන්න මේ සිය වගේ. (දී)
අනේ මන්දා, චන්දි අක්කා ඇයි මෙච්චර සවුත්තු වෙන්නේ (දී)
මම නම් සමන්ති කියන දේට එකග නෑ (දී)
මට ඉස්සර හරක් මස් කන්න බැහැ. ගෑවුනත් ඇති ඇඟ පුරාම පලු දානව. කැම්පස් එකේ හොස්ටල් එකේ හරක් මස් තියෙන දාට මම කාල හමාරයි. කොළ මැල්ලුමයි ගෝවයි එක්ක විතරක් බත් කන්න අමාරුයි. ඉස්සෙල්ල මම මස් හොදි චුට්ටක් එක්ක කාල පුරුදුවුනා. ටික කාලයක් යනකොට කෑලිත් කන්න පුරුදු වුන. පලු දැමීම නතරවුනා. දැන් නම් හරක් මස් කුට්ටියක් වුනත් කන්න පුළුවන්. ඒත් කන්නෙ නැහැ. පින් පවු කෙසේ වෙතත් සත්ව මාංශ නොකා සිටීම ශරීරයට හොඳයි. (දී)
අනේ සියේ ....(දී)
මස්කන කෙනා ඒවා කාපුදෙන් ,නිකන් අනවශ්‍ය ප්‍රශ්න දාන්නේ නැතුව. (දී)
සමහරක් වයසක අය හිතන විදිය ඔය.ඔහොම අය ගොඩක් මේ සමාජයේ ඉන්නවා.දර්මය පිලිබද නිසි අවබෝදයක් නොමැති කම වෙන්නත් පුළුවන් මන් හිතන විදිහට. (දී)
මේක ඒ හැටි අමුතු නැහැ. මේක තමා ගොඩාක් වෙන්න (දී)
එතකොට මේ සීයාට පින පව දෙක වෙන් වෙන්නේ කොහොමද දන්නේ නැහැ (දී)