පිරිසිදු කිරීමේ ආයතනයක සේවය කරන කාන්තාවන් දෙදෙනෙකි. දිනක් එක් කාන්තාවක් අනෙක් කාන්තාව අමතා ”ගෙදර තීන්ත ගාන්නත් තියෙනවා. කාගෙන්හරි පොලියට රුපියල් දහදාහක් අරන් දෙන්න පුළුවන් දැයි” විමසුවාය. ”ගෙවල් පැත්තේ තැනක් තියෙනවා. මම බලන්නම්” අනෙක් කාන්තාව පැවසුවාය.”අනේ කොහොම හරි වැඬේ කරලා දෙන්න. පොලිය නොවරදවාම අපි පඩි දවසට ගෙවනවා” පළමු කාන්තාව කිවාය. නිවෙසට පැමිණ මුදල් ලබාදීමට පොරොන්දු වූ කාන්තාව ඇය හඳුනන පොලියට මුදල් දෙන තැනැත්තියක් හමුවුවාය.
”අක්කේ මට මුදල් හදිස්සියකට රුපියල් දහදාහක් ඕනේ” ඇයගේ ඉල්ලීම විය. ”ඔයා මාත් එක්ක ගනුදෙනු කරන නිසා සල්ලි දෙන්නම් සීයට දහයේ පොලියට” පැවසූ පොලී කාන්තාව රුපියල් දස දහසක් දුන්නාය. පසුදින සේවා ස්ථානයේ යෙයෙහළිය හමුවූ කාන්තාව ”බොහොම අමාරුවෙන් මම ”සියයට විස්සේ” පොලියට සල්ලි ටික ගත්තා”. යැයි පවසා රුපියල් දස දහස යෙහෙළිය අත තැබුවාය.
සෑම මාසයකම වැටුප් දිනයේදී සියයට විස්සේ පොලිය වශයෙන් රුපියල් දෙදහසක් ලැබිණි. පොලිය ගත් යෙහෙළිය පොලී කාන්තාව හමුවී සියයට දහයේ පොලිය වශයෙන් රුපියල් දහස බැගින් දී ඉතිරි රුපියල් දහස එකතු කළාය. මාස එකොළහක් ගතවූ පසු තමා එකතු කළ රුපියල් එකොළොස් දහස පොලී කාන්තාවට දී මුදල සහ පොලිය පියෙව්වාය.
මේ බව නොදන්නා මුදල් ණයට ගත් කාන්තාව පොලිය වශයෙන් සෑම මසකම රුපියල් දෙදහස බැගින් තම යෙහෙළියට ගෙවන බව කොළඹින් වාර්තාවේ.
(කි‍්‍රස්ටෝපර් සීපියන්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කවදාවත් ණයට දෙන්නේ නෑ. අතේ තියෙනවනම් තියෙන තරමට සම්පුර්ණයෙන්ම දෙනවා ආපසු ලැබෙන බලාපොරොත්තු නැතුව. ඉතින් මගේ හිතට වේදනා නෑ. නැවත නැවතත් ඔවුන්ට පිහිට වෙනවා. (ම)
ණයට සල්ලිත් දිලා අසැබි වචනයෙන් බැනුනම් පවා අහගත්තු කෙනෙක් මම. එක්තරා කාන්තාවකට නැතිබැරි තමට මම පොඩි ගානක් දුන්නා. මාස ගනනකට පසු ඇය හොඳින් ඇඳපැළද වත්සුනු තවරා යනු දැක මම මගෙන් ගත් ණය මතක් කලා. කළගුණ නොදත් ඇය කලේ මට බැන වැදීමයි. (ර)
මම නම් පුරුදුදක් ලෙස ණයට දෙන්නෙ නැහැ. දුන්නොත් දෙන්නේ ආපහු නොලැබුනත් කමක් නැති කරමේ සුළු මුදලක් විතරයි. අපේ අයව සල්ලි දිලා සතුටු කරන්න බැහැ. ණය ගන්න කොට ඉඹගෙන එන්නේ. ණය ඉල්ලන කොට මූණ බලන්නෙ නැහැ. (ර)
අපේ මහත්තයාගේ නංගිගේ මගුල් දවසේ මට අපේ අම්මා මම බඳින කොට තෑගි දුන්න රත්රන් වළලු 4 ඉල්ලා ගත්තා . මාසයකින් ආපහු ගෙනත් දෙනවා කියල. මේ අවරුදු 20 කට කලින්. මමත් පවුල් ජීවිතේ ගැන හිතල තුන් වෙනි මතක් කිරීමෙන් පසුව අදටත් ඒ ඒ ගැන ආපහු මතක් කරන්නේ නැහැ. අපේ මහත්තයාත් ඒ ගැන අදටත් කතාවක් නැහැ. ලඟදි ඔය නංගි දුව වැඩිවිය පැමිණිලා කියාගෙන අපේ ගෙදරට දුවගෙන ආවා. අපේ මහත්තයත් මට පැත්තකට අඬ ගහල කියනවා මාමා හැටියට මම මේ වෙලාවේ කෙල්ලට රත්රන් බඩුවක් වත් හදල නො දුන්නොත් හරි නැහැ නේද ? මම ඉතින් අවුරුදු 25ක පවුල් ජිවිතේ ගැන හිතල මුවින් නොබැන හිටියා. (ම)
අපේ අසල්වැසි කාන්තාවක් ඉන්නවා. ඇගේ සැමියා පිටරට සේවය කරන්නේ. ඇයට මාස් පතා සල්ලි එවනවා. සල්ලි ලැබිලාත් සති 2 ක් ගතවෙනකොට අපෙන් අතමාරු ඉල්ලනවා. මෙය හැම මාසෙම වාගෙ වෙන දෙයක්. හරිම කරදරයි. අවවාදයක් දෙන්නත් බැහැ වයස වැඩි නිසා.(ම)
මටත් ඔය වගේ දෙයක් වුණා. වසර 16කට උඩදී කෙනෙකුට විවාහ මංගල්‍යයට මුදල් නැහැ කියලා පළමුව රුපියල් 15000/- සහ රුපියල් 75000/- ඉල්ලාගත් මම එයාගේ බැංකු ගිණුමට තැන්පත් කළා. තැන්පතු පත්‍රයේ පිටපත සහ පොඩි කොළයක ඔහුගේ අතින් ලියලා අත්සන් කරලා දුන්න එකත් මා ළඟ තවම තියෙනවා. බිරිඳ සමග පිටරට පදිංචිවෙලා ඉන්නේ. මුදල් ඉල්ලුවහම මුල් කාලේ එක එක දේවල් කිවුවා. දැන් කිසිම විදියක කතාකරන්නේ නැහැ. මුදල් ගන්නකොට සහෝදරෙයක්වත් නොකරන උදව්වක් කළේ කියලා වැන්‍ඳේ නැති එක විතරයි. දැන් කාටවත් උදව් කරන්නේ නැහැ (නි)
කරන කලට පව් මිහිරිය මී සේ... විඳිනකලට දුක් දැඩිවෙයි ගිනිසේ... ඕවා ගෙවන්න වෙන්නේ පොළියත් එක්ක (නි)
මමත් ඔය වගේ සල්ලි දීල හොඳ පාඩම් ඉගෙනගන තියනවා. උසාවි ගානෙත් යන්න වුණා. පවුලේ තමාගේම සහෝදරයා හෝ සහෝදරීට හරි නොදී බැරිකමට දුන්නත් ඒක ආපසු ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් දෙන්න එපා. නිකන් දුන්නා කියලා හිතලා දෙන්න.එහම හිත හදාගන දුන්නහම තමාගේ සහෝදරකමවත් තියාගන්න පුළුවන්. (නි)
නරක නැහැ බිස්නස් එක (නි)
මහබැංකුවේ හුටපටයෙන් ඉගෙනගෙනද? (නි)
මමත් එකට වැඩකරන යාළුවෙකුට රුපියල් 10000ක් දුන්නා හදිස්සියකට. දැන් එයාට ඒක මතක නැහැ වගෙයි (නි)
අපේ මිතුරෙකු ඉන්නවා නුවර. එයාගේ බාලම නංගි කසාද බැන්දට පසුවවත් පවුල් බරෙන් ඒගොල්ලන්ව නිදහස් කරල නැහැ. එයාගේ මහත්තයා නෝනාගේ ගෙදර සහෝදර සහෝදරියන්ට මාසෙකට ගානක් දෙන නිසා රැකියාවක් නොකර නිකම් කල් මරනවා. බොරු අසනීප කියමින් ගෙදර ඉන්නවා. නංගි නිසා මිතුරා ඇතුළු පවුල්කාර සහෝදරයෝ අමාරුවෙන් සල්ලි දෙනවා. සහෝදරකම නිසා හරි මෙහෙම හැමදාම සල්ලි දෙන්න පුලුවන්ද ? (නදී)
අපේ නංගිත් ඒගොල්ලන්ගේ ගෙදර හදන කාලයේ මගෙන් ආපසු දෙන පොරොන්දුව පිට සල්ලි ගොඩක් ඉල්ලා ගත්තා. දැන් ගෙට ගෙවදිලා අවුරුදු 5 යි. අවුරුද්දකින් ආපසු මගේ සල්ලි දෙනවා කිව්වා. තවමත් දුන්නේ නැහැ. මහත්තයාගෙන් මට බැනුම් කෝටියයි. අපේ අම්මාත් කියනවා ඕක ඉල්ලන්න එපාලු. එයා පොඩි කාලේ ඉඳලාම නංගි බාලයා නිසා සැළකිල්ල නංගිට. මගේ අවුරුදු 19 දුවත් මට දොස් කියනවා. තාත්තා එපා කියද්දී පුංචිට සල්ලි දුන්නා කියලා. මට දැන් සහෝදරියන්ට උදව් කරන්න එපාවෙලා (නි)
අපේ අම්මා වගේමයිත අපේ අම්මට මාසේ වියදමට පනස්දාහක් දෙනවා. ඒත් හැමදාම නය. කරණ දෙයක් නැහැ සල්ලිවලට (නදී)
මගේ මිතුරියක් ඇගේ අඳුනන කෙනෙකුට බැංකු ණයකට ඇපයට අත්සන් කරලා. ණය කාරිය බැංකුවට ණය මුදල් ගෙවන එක පැහැර හැරිය නිසා දැන් මගේ මිතුරියගේ පසුපසින් බැංකු නිලධාරීන් පන්නනවා. . අර කාන්තාව දැන් ජපානයට පැනල ගිහින් (බ)
කාශ්‍යප , ප්‍රශ්නය තිබෙන්නේ පවුලේ අයට උදව් කරන්න ගියාම ඒගොල්ලන් අපේ අතේ ඇති, ඒ වෙලාවට දෙන්න පුළුවන් මුදලට සතුටු වෙන්නේ නැහැනේ. විශේෂයෙන් ගෑනු සහෝදරියන්ට දීලා කෙළවරක් නැහැ. ඒගොල්ලන් හිතන්නේ දෑවැද්ද කියන්නේ මහගෙවල් වල මිනිස්සු දවස ගානේ දෙන්න ඕන දෙයක් කියලා. (බ)
අපෝ ඔව්. සල්ලි වලින් නම් අපේ බහුතර මිනිස්සුන්ව තෘප්තිමත් කරනවා බොරු. විශේෂයෙන් ගැහැණු අයව. ඒක නිකන් ගඟට ඉනි කපනවා වගේ වැඩක්.(ම)
මම පිටරටක ඉන්න නිසා මගේ අම්මා හිටියේ නුවර ලොකු නංගිලාගේ ගෙදර. මම හැම මාසෙකම අම්මාට වියදමට මුදල් එවනකොට නංගිටත් කොටසක් දෙන්න කියනවා.අම්මා මම එවන මුදල් ටිකක් බැංකුවේ දාලා තියෙන්නේ අවසන් කටයුතු වලට කාටවත් කරදර නොකර ඉන්නට. එයාලා ලොකු ගානක් ඉල්ලගෙන පස්සේ දෙන්නම් කියලා. ගොඩක් කලකට පසුව ඉල්ලපුවම බැනලා ගෙදරින් පන්නාගෙන.දැන් අම්මා ඉන්නේ අම්මාගේ සහ්හොදරී ළඟ.අම්මාගේ මුදල් හොරකම් කරලා හැම පෝයටම මල් වට්ටියක් අරගෙන දළදා වඳින්න යනවා. පුදුම කළකිරීමක් දැනෙන්නේ හිතට.දැන් මාත් එක්කත් කතා කරන්නේ නැහැ.අම්මාගේ වැරදි කිය කියා ලෝකය වටේට යනවලු. (නි)
කුමාරි,ඔයාගෙම කතාව තමයි මටත් කියන්න වෙලා තියෙන්නේ (නි)
අපෝ.,සල්ලි ගැන නම් කියන විටත් ඇසට කදුළු එනවා. මම මගේ ලොකු පුතා නමට බැංකුවේ රුපියල් ලක්ෂයක් දැම්ම, දාල කිව පුතේ මම මැරුණු දවසට පෙට්ටිය ගන්න මේ සල්ලි තියා ගන්න කිසිම දේකට මේ සල්ලි ගන්න එපා කියලා, මගේ ලොකු ලේලි ටිකක් තණ්හාවයි. කොහොම හරි මගේ පුතා පොතේ සල්ලි අරන් නැහැ. ඒ සල්ලි ඇප කරලා රුපියල් හැත්තාදාහක බැංකු ණයක් අරන් මටත් හොරෙන් මේ සැරේ ලංකාවට ගිය වෙලාවේ දැන ගන්න ලැබුන බැංකුවට ගිහින් සොයා බලද්දී සිද්ධිය ඇත්ත ගෙදර ඇවිත් ලේලිගෙන් ඇහුවයි කියල ලේලි පුතාට බොරුත් එක්ක කේලම් කියල පුතා මගේ ගෙයි බඩුත් පොඩි කරලා දරුවයි ගෑනියි අරන් ගෙදරින් ගියා එයාගේ හදන ගෙයි වැඩ ඉවරත් නෑ දැන් කුලියට ගෙයක් අරන් ඉන්නවලු බැංකුවට සල්ලි දාල නැති නිසා අර ලක්ෂෙත් නෑ. පිට අයත් එක්ක කියල පොඩි දරුවත් එක්ක එයා එලියට දැම්ම කියල. මම දැන් හැමදාම කදුලින් ඉන්නේ සල්ලිත් නෑ පුතත් නෑ දැන් මම නැවත රට ඇවිත් ඉන්නේ මම වෙනුවෙන් ඉතිරි කර ගන්න දැන් මාස දෙකක් පුතාගෙන් මිස් කෝල් එකක්වත් නෑ මම අම්ම නිසාත්, වැරද්දක් නොකර නිසාත් මමත් කෝල් කලේ නෑ (බ)
මේ මහා බැංකු අධිපති මහේන්ද්‍රන්ගේ ක්‍රමය, අගමැතිත් අනුමත කරනවා (නදී)
ඉනෝකා, තරහ වෙන්න එපා. නුවර පවුල් වල හැමදාම අමාරුවේ වැටෙන්නේ පවුලේ හිත හොඳ කෙනා. විශේෂයෙන් නුවර නංගිලා , තමන්ගේ අයියලා අක්කලාට කිසිම කෙළෙහිගුණයක් නැහැ. මගේ යාලුවෙකුගේ නුවර ගෙදර එයාගේ නංගි බලෙන්ම පදිංචිවෙලා. තාත්තත් නැති පවුල ගොඩගත්තේ මගේ මිතුරා. දැන් අනෙක් සහෝදරයන් එක්කත් මගේ මිතුරාව කොටවලා. එයා හැමදාම හොඳ බබා. නංගිගේ මිනිහා රස්සාවක් කරන්නෙත් නැහැ. හැමෝටම කියලා අතට පයට වැඩ ටිකත් කරවාගෙන හැමෝගෙන්ම සල්ලි ඇදගෙන ජීවත්වෙනවා. (නි)
මගේ සහෝදරීත් උපාධි ගන්නකම් ඉගෙනගෙන, මඟුලත් ජයට අම්මලාට කියලා කරවගෙන, දේපොළත් දෑවැද්දට අරගෙන බැන්දා. ඊට පස්සේ අම්මා,තාත්තගෙන් ළමයි බලවාගැනිම ඇතුළු වැඩ ටික අරගෙන දැන් ළමයි ලොකුයි, දෙමව්පියෝ වයසයි. දැන් බොරු වැරදි වලට කැත වචනයෙන් වයසක දෙමව්පියන්ට බනිනවා. දැන් අපිට දෙමව්පියෝ බාරදිලා බැන බැන පව් රැස් කරගන්නවා ගෙනියන්න. අපිට අපේ දෙමව්පියෝ වැඩි නැහැ. නමුත් කරපු කැත වැඩ නිසා කලකිරිමෙන් ඉන්නේ. (නදී)
මම ඉන්නේ බොහොම සරලව හදාගත් ගෙදරක. ඒ නිසා මට මගේ පඩිය ඇති සැපට දරුවොත් එක්ක ජීවත්වෙන්න. මගෙන් යාළුවෙක් ලක්ෂ 5 ක් ඉල්ලනවා ණයට. එයාට තට්ටු 3 ක් ගෙයක් හදාගන්න. යාළුවා හිතන්නෙ මට සල්ලි තියෙනවා කියලා. මිනිස්සු සරලව ජීවත්වෙනවා නම් ඇත්තටම හොඳට ඉන්න පුළුවන්. රටේ තියෙන ඔක්කොම නාටක කරන්න ගියාම තමයි නොකානොබී ණයවෙන්න වෙන්නේ. (නි)
මේක මේ එක එක පැත්තක අයට විතරක් සීමාකරන්න හැදුවට ඔය වගේ කතා අපේ රටේ හැම පැත්තෙම තියෙනවා. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මම ඉන්නෙ කොළඹ. මට අල්ලපු ගෙදර උන්දැත් උදේ ඉඳන් රෑ වෙනකම් එයාගෙම වයසක අම්මාට කෑගහනවා මගේ කණට ඇහෙනවා. (නි)
කපටින්ගෙන් වංචාකාරයන්ගෙන් රට පිරිලා. ගැහැනු අයත් දැන් දැන් වැඩිපුර ෆීල්ඩ් එකට බැහැලා ඇති බවයි පෙනෙන්නේ. (නදී)
මේ විස්තරේ අන්තිම ඡේදය නැත්නම් මොනතරම් හොඳ වැඩක්ද මේ කාන්තාව කරලා තියෙන්නේ? මම හිතුවේ මාස 11 ගිය තැන අර කාන්තාව ණය මුදල ගෙවලා දැම්මා කියලා. අන්තිම ඡේදය හිතට ආ සතුට කණගාටුවට පෙරලුවා (නි)
දැන් මේ හැමෝම කියන කතා බැලුවම පුදුම කපටි අම්මණ්ඩිලානේ අපේ මේ සිරි ලංකාවේ වැඩ්පුරම ඉන්නේ. (නි)
මෙහෙමත් කපටි මිනිස්සු මේ මිහිතලයේ ඉන්නවනේ නේද ? මෙයා කවදාවත් නොමැරෙන කෙනෙක් කියල හිතාගෙන ජිවත් වෙන මනුස්සයෙක් (නදී)
මටත් ඔය හා සමානම දෙයක් සිදු වුණා. 1998 වර්ෂයේ මම අන්ත අසරණ වෙලා හිටියේ අන්තිමට මට රු.10.000ක් 100 ට 15 පොලියට හොයල දුන්න මගේම කෙනෙක්. මම ඒකෙන් රට ගියා. මම පොලියත් සමග ණය ගෙවුවා. පසුව දැන ගන්නා ලැබුනා ඒ කෙනා පවුලේ කට්ටිය වන්දනාවේ එක්ක ගියාලු. ඒ 10% ට අරන්15% ගානේ මගෙන් ගත් සල්ලි වලට. මටනම් දුක හිතුන නැහැ. එහෙම හරි හොයල දුන් නිසානේ මම රට ගියේ. මේ වෙන කවුරුත් නෙමේ මගේම අයිය. පස්සේ අම්ම කිවේ. (බ)
අය්යෝ අනුකම්පාවක් හිතෙන්නෙම නැද්ද අර දුප්පත් මනුස්සයව මේ ණය බරින් නිදහස් කරන්න? අනේ මම කොච්චර මිනිස්සුන්ට පිහිට වෙලා තියෙනවද? (ස)
සමහර ආගම් පොළී ගැනීම අකැප ක්‍රියාවක් සේ සළකනවා. ඉතින් ඔවුන් කරන්නේ මුදල භාණ්ඩයක් සේ සළකා එය විකුණා ලාබ ඉපැයීමයි. කොහොමද එයාලගේ ටිකිරි මොළේ? (නි)
කලකට පෙර දෙහිවල සිටි මානිස් නම් පොලි මුදලාලි කෙනෙක්ගෙන් රුපියල් 25 ක් සියට 10 පොලියට කරෝලිස් කියල කන්තෝරුවක සුළු සේවකයෙක් ගත්තා. හැබැයි මානිස් මුදලාලි මුළු මුදල ඉල්ලුවේ නැහැ .හැමදාම අවුරුදු 10 පමණ පොලිය විතරයි ගත්තේ.මුළු මුදල දෙන්න කවදාවත්ම බැහැ .පසුව යාළුවො එකතුවෙලා මුදලාලි පන්න ගත්තා (බ)
සහනයක් වශයෙන් සමහරු 5%ක් 100ක් ගන්නවා තමයි. ඒත් සමහරු ඉන්නවා පොළී ගෙවලා අවසන්වෙනතුරු පෙන්ෂන් කාර්ඩ් එකත් තියාගන්නවා. ඒත් ගිනි පොළීකාරයෝ හුඟ දෙනෙක් හැදෙන ලෙඩ වලට බෙහෙත්වත් ගන්න බැරුව විඳවනවා. නැත්නම් හිර ගෙවල්වල කූරු ගණන් කරනවා (නි)
හැබැයි ඒකත් ලාබ ලබන හොඳ ව්‍යාපාරයක් (නි)
මිනිස්සු කොච්චර නම් අමුනුෂ්‍යයින් වෙලාද? දැනට කන බොන දේවල් වහවෙන්නේ නැති වේවි.ඒත් මරණ මංචකයේදී කළ හැම වැඩක්ම මතක් වේවි (නි)
කුමාරි, සල්ලි දේපළ සම්බන්ධයෙන් විශ්වාස කරන්න බැරි තමන්ගේ මිනිසුන්ව තමයි. මගේ පිට පළාතක හදපු ගෙදර කොළඹ රැකියාවට ආවහම, මගේ බැඳපු බාලම නංගිට එයාගේ පවුලත් එක්ක ඉන්න දුන්නා. එයාගේ මනුස්සයාට හරියට රැකියාවකුත් නැති නිසා කුලී ගෙවල් වලට ගෙවන්න සල්ලි නැතිකම වගේම අපේ සහෝදරකම සළකළා. දැන් එයා ගෙදරින් යන්නේ නැහැ. මගේ දුව ළඟදි කසාද බඳිනවා. ඒ දරුවාට දෑවැද්දට දෙන්න හිතාගෙන ඉන්න ගෙදර දැන් මගේ නංගි බලෙන්ම ඉන්නවා. තාත්තත් නැතුව මම පවුලේ වැඩිමලා ලෙස ඔය කට්ටියම ඇහේ තියාගෙන හැදුවේ . දැන් කළ හොඳ පස්සෙන් එනවා. (නි)
කලකට පෙර මගේ මිතුරියක් ඇගේ විවාහයට කියල සෑහෙන මුදලක් මගෙන් ඉල්ලා ගත්තා. මමත් ඒ මුදල් ඇයට දුන්නේ දුක් මහන්සියෙන් හදා ගත්තු බැංකුවේ ස්ථිර තැන්පතුව ආපසු අරන්. මගේ මිතුරිය ජයට මගුල් කාල සුමානයකින් කාටවත් නොකියා සැමියාත් එක්ක පිටරට පදිංචියට ගිහින්. මගුලට කියලා මාත් ඇතුළු තව කාර්යාලයේ දෙන්නෙක්ගෙන් ඉල්ලා ගත්තු සල්ලි එහෙමමයි. ඒ මීට අවුරුදු 10 කට කලින්. විශ්වාස කරන්න මා දැන් පදිංචිව සිටින රටේදීම වෙනත් නගරයකදී මට ඈව මුනටම මුණ ගැහුනා. ඔබ අසවලා නේද කියල ඇහුවාම ඔයාට වැරදීමක් කියල ගියා. බලන කොට මේ කපටි කාන්තාව තමන්ගේ ලංකාවේ නමත් වෙනස් කරල මේ රටේ ඉන්නේ. සල්ලි සම්බන්ධයෙන් මම කිසිම කෙනෙක් ඊට පසුව විශ්වාස කරන්නේ නැහැ. (නදී)
අපෝ මම දන්න මැදිවියේ ගැහැනියක් ඉන්නවා අපේ පළාතේ හැම තැනින්ම ණය ගන්නවා ගෙවන්නෙ නැහැ. ගෙවන කාලෙ වෙනකොට කුනුහරුපෙන් බැනලා තරහා වෙනවා. ණය ගෙවන්නෙ නැහැ. මාත් අඳෝනාව අහලා පොඩි ගානක් දුන්නා. දැන් මගෙ මූණ බලන්නෙත් නැහැ.(නදී)
මම නම් අහුවෙලා තියෙන නිසා කන්න නැතුව මැරෙන්න යනවා කිවුවත් සල්ලි නම් දෙන්නේ නැහැ. කන්න නැහැ, සැමියෙක් නැහැ කියලා මගේන් සල්ලි ගත් මැදිවියේ කාන්තාවක් මට මුණගැහුනා ඊට පහුවදා සැලෝන් එකකදි. සුදුවෙන්න පේෂල් එකක් කරගන්න ඇවිත්. ගෑණිව කලු වුණා මාව දැක්කම. (නි)
මම දන්න පෙරපාසල් ගුරුවරියක් ඉන්නවා. එහි හැමදාම මොකක්හරි උත්සවයක්. කන්න බොන්න සේරම අම්මලා අරන් යන්න ඕනෑ. දරුවෙකුගේ උපන්දින එයා ලොකුවට බෝඩ් එකේ ලියනවා. එතකොට අම්මලා කේක් අනිවාර්යෙන්ම මුළු පංතියටම ගෙනියන්න ඕනෑ. වැඩිපුර ඒවා අර ගුරුවරිය ගෙදර අරන් යනවා.
මුදල් හොයලා දීපු කාන්තාව කලින් වැඩ කරන්න ඇත්තේ ෆිනෑන්ස් කම්පැනියක වෙන්න ඇති (නදී)
වංචා ඉතාම නරක දෙයක්. එය තමන්ගේ හෘද සාක්ෂියට මැරෙනෙ තුරාම වද දෙනවා නියතයි.(ම)
ණයට දිමෙන් මුදලත් මිතුරාත් දෙකම නැතිවේ කියලා පුරාණයේ කිව්වෙ කට කහනවට නෙමෙයිනේ.(ම)
මගේ යාලුවෙකුත් රට ගිහින් ඇවිත් ඔය වැඩේම කළා. මිනිහා දැන් මතුගම හොඳ සල්ලි කාරයෙක්. (ම)
මගෙනුත් අසල්වැසි තරුණියක් විවාහ උත්සවයට කියල අතමාරුවක් ඉල්ලා ගත්තා. ටිකක් ලොකු ගානක්. මම පුටු සෙට් එකක් ගන්න අමාරුවෙන් ඉතිරි කළ සල්ලි. මාස තුනෙන් ආපසු දෙනවා කිව්වා. දැන් දරුවන් තුන් දෙනෙකුත් ඉන්නවා. ගත්තු ණය මතක නැහැ . මතක් කලාම පවුල් බර ගැන කියනවා.මම හිතා ගත්තා පෙරේත දානයක් දුන්නා කියලා. (ම)
ගන්නොරුව පැත්තේ කාර්යාලයක වැඩ කරන කාන්තාවක් ඉන්නවා. සැමියා එක්ක එකතු වෙලා පිටරට ඉන්න සහෝදරයාගේ ගෙදර හොර ඔප්පුවක් හදලා උකස් කරන්න ගිහින් බැංකුවේ නිලධාරීන්ට අසු වුනා. (ම)
මගේ පුංචි පුතාගේ පංතියේ ටීචර් එයාගේ උපන්දිනේ දරුවන්ට මතක් කරනවා. ටිචර්ට තෑගි දෙන දරුවන්ට වැඩි සැලකිලි. (ම)
ඇයි මේ ඊයෙ පෙරේදා ලංකාදිපෙම පලවුනේ නඩු කියන්න කියලා පන්සල් වලින් ආධාර එකතු කරපු බවලතෙක් ගැනත්. මුළු රටම වංචාවෙන් වැහිලා තියෙන්නේ. තමන්ගේ මිනිහගේ පොකට් එකත් සුද්ද කරන ගෑණූත් අපේ තාම ලංකාවේ ඉන්නවා. (බ)
දැන් තියන පෙර පාසල් බොහොමයක තත්ත්වය එදා වගේ තමයි. ටීචර්ස්ලාල හම්බු කරන එක තමයි කරන්නේ. හැම තිස්සෙම මොනවා හරි උත්සව. අවුරුදු 4-5 ළමයි අව්වේ තියාගෙන ස්පෝර්ට්ස් මීට් පවා තියනවා සල්ලි හොයන්න. දරුවාව කොන්වෙයි කියල දෙමව්පියෝ කොහොම හරි සල්ලි හොයල අරිනවා.ඒවයින් ටීචර්ස්ල හොඳට හම්බු කර ගන්නවා. පෞද්ගලිකව ගන්න සල්ලි වලට කරන්න දෙයක් නැතිව හතු පිපෙනවා වාගේ බිහිවෙන මේ වගේ සල්ලි ගරන පෙර පාසල් වලට මොනවා හරි ක්‍රමවේදයක්, තත්ත්වයක් ඇතිකිරීම ලංකාවේ කාලින අවශ්‍යතාවයක්. (බ)
උපාධි ගහපු රජයේ උසස් රැකියාවක් කරන කාන්තාවක් ඉන්නවා. තමන්ගේ අම්මට කන්න කටක් දෙන්නෙ නැහැ ඇස් මායිමේ හිටියත්. හැපබැයි පෝය දවසට පන්සල් 4 ට වත් යනවා දාන මාන, ගිලන්පස දෙන්න, බණ අහන්න කියලා. (බ)
නැතිබැරි කම කියලා අතමාරුවක් ඉල්ලා ගන්න එකයි, නැවත දෙන්නම් කියලා මුදල් අරන් නොදී ඉන්න එකයි දෙකක්. ඔහොම වංචා කරන එවුන්ට කවදාවත් හරියන්නෙ නැහැ. හරිගියා වගේ පෙනුනට හදවත් ඇතුලේ ගිනි පත්තු වෙනවා. (බ)
ප්‍රමිතියක් නැති පෙරපාසැල් වහලා දාලා ප්‍රාථමික අධ්‍යාපනය රජය බාරගත්තේ නැත්නම් රට විනාසයි. මූලික අධ්‍යාපනය හරි වැදගත්. (ම)
මෙතනම කී දෙනෙක් තමන්ට කළ වංචාවල් ගැන කියනවද? ඔය වංචා කළ අයට මේ සාපෙම ඇති. ඔය වංචා කාරයින්ට ලබන ආත්මෙත් අතේ සතේ නැතුව තමයි උපදින්නේ. ඒක තමයි ලෝක සත්‍යයය. (බ)