දවසේ වැඩ අවසන් කළ කරණවෑමියා අඩියක් ගැසීය. එය මදිවිය. තවත් අඩියක් ගැසීය. එය ද මදිවිය. ඊළඟ අඩිය ද ගැසීය. කෑලි කැපෙන කළුවර හැම පැත්තෙන්ම මතුවිය. ඔහු ගෙදර බලා ගියේය. ”ගුණවතී..... ගුණවතී.... මං ආවා දොර අරින්න.....” බල්ලෙක් බුරන්නට විය. ඒ ශබ්දයට තවත් බල්ලෝ බුරන්නට වූ. කරණවෑමියා දිව්වේය. බල්ලෝ ඔහු හඹා ගියහ. හති දමා දිවූ කරණවෑමියා කරුවලේම පාර අයිනේ වළකට වැටුණේය. බල්ලෝ වළ වටේට වී බුරන්නට වූහ.
බල්ලන්ගේ ශබ්දයට ගමේ පිරිසක් එහි ආහ.
මුලින්ම බිරූ බල්ලා හිමි ගැමියාත් ආවේය. සියලූ දෙනා ඔහු ගොඩට ගත්හ. බල්ලා අයිතිකරු හඳුනා ගත්තේය. ඔහුට කාරණය ද තේරුණේය.
කරණවෑමියා වෙරි මරගාතේ ගොස් ඇත්තේ ඔහුගේ ගෙදරට නොවේ. තට්ටු කළෙත් ඔහුගේ ගෙදරට නොවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටා මාමාගේ කතාවට මම හිනාවෙලා කඳුලුත් ආවා. කාලෙකට පස්සේ මෙතරම් හිනා වුණේ. පහන්ගේ කතාවත් ලස්සනට ගොතලා.ඔයාලගේ නිර්මාණාත්මක හැකියාව හරිම ඉහළයි. (නි)
රෑ "බට්ට පනින්න" ...මගේ අම්මෝ මේ රුප නෝනා දන්නා සෙල්ලම්?(නදී)
දිසානායක මාමේ, නිකම් බොරු කියන්න එපා. ඔයා කොහෙද මේ දවස් දෙකේ අදහස් ලිව්වේ. අනික අපේ සංස්කාරක මණ්ඩලේ විතරයි වාද බේදවලින් තොරව හිතට එකගව වැඩ කරන්නේ. මම සමහර දාට රෑ වැඩ කරද්දී පාන්දර 1 ට 2 ටත් මම ලීවම මෙන්න බොලේ නිදි නැතිව අපි වෙනුවෙන් ඇහැරගෙන වැඩ, මගේ ප්‍රතිචාරය එවෙලේම ආපි මට. ඉතින් ඔයා කොහේදෝ රෑ "බට්ට පනින්න" ගිහින් කොන්ද කඩාගෙන. අපේ කතෘ තුමාට හෙම බනිනවා නෙමේ.(නදී)
සරත් මල්ලි, මම තරහා නැහැ. ඕනෙම නම් ඉතින් හෙට අපි කැන්ටිමට ආවාම මගේ කෝපි එකට ඔයා සල්ලි ගෙවන්න කෝ.(නදී)
කටා මාමා, ඔයා නම් ෂුවර් මදි. ඔයාගේ මී මුත්තන්ට ගරහන්න එපා. මටනම් පෙනෙන විදියට ඔයා, අපිට වින කරන පිට සක්වල ජීවියෙක්මයි.(නදී)
දිසානායක මාමේ, මම ඊයේ පෙරේදා ටික දවසෙම කල් , ගෙව්වේ හිතට හරිම හෝන්දු මාන්දු,,නැතිව , මට හැමවෙලේම මතක් උනේ ..අර "ටොම් ඇන්ඩ් ජෙරී " එකේ ටෝම්ට වතුර පෙවිල ජෙරී ඇව්ත් බඩ පාගන්නේ..? එතකොට කටෙන් සේරම වතුර ටික..එලියට ආවේ. මටත් ඔයාගේ බඩ පාගල යන්න ඇත්නම් කියල හිතුනා. ඔයාට ටෝයිලට් වතුර පෙවිලා කියලා ආරංචි උනාම.(නදී)
ඉතින් ,කටා මාමේ ඔයත් මේකට අදහස් දාලනේ !!!ඒ කියන්නේ ඔයත් වදුරු, වැදිරියන්ගෙන්., පැවත එන කෙනෙක් නේද....? (දී)
ඇයි කටා මාමාගේ ලග්නය "වානර" ද? (අ)
පව් අනේ! (නි)
සිත පහන් කරන පුරාණ තව කතාවක් මතක් වුණා. දඩයම් සොයා ගිය ගම් වැද්දෙක් නොදැනිම වනයේ මංමුලාවී නොදන්නා ඉසව්වකදී දඩාස් ගාලා ගැඹුරු ජලය පිරි අගාධයකට වැටිණි.කරුමෙට වලේ තඩි නයෙක් ගෙබි කකුලක් කටේ තියාගෙන රස බලනවා. දෙන්නම ගොඩ එනු බොරු. දින කිහිපයක් දිවි රැක දුන් වතුරට පින්. වනසරනා අත්තෙන් අත්තට පනිමින් සිටි තනි වදුරු මොටා දුටි වල තුල ජීවිතය යදින අය. සෙල්ලම හෙටට කල්දමා අඹරා නුපුරුදු වුවත් ළිදට දැමු තැනූ වැල් කඹයෙන් ගොඩ ඇදුනි මිනිසා. මහන්සියට නොදැනිම මිනිස් උකුලේ විඩා සංසිදුවා ගන්නට ඇසි පියවූ සැනින් සිනිදුව මිතුරු වදුරු සිරස බිමින් තබා සවි නැති දෙඅතින් ඔසවා කළුගලක් පත බෑ නමුදු පිහිට වූ වානරයා ලේ පෙර පෙරා ගස මුදුනටම ඇදී ඇදී පලායන්නට සමත් විය, නමුදු ගම් ඉසව් ඉම තෙක් පාර කියා දුන් බින්දු බින්දු රූරා වැටෙන ලේ සළකුනු පසු පස ගාට ගාටා ආ කෙලෙහිගුණ නොදත් නපුරු දුදනාට පින්සර වදුරු කුමරු පිහිටවිය(නි)
මේ දාලා තියෙන ඇතැම් අදහස් බැලූවිට මනුස්ස වර්ගයා පැවත එන්නේ වදුරු වැදිරියන්ගෙන් බව තව දුරටත් තහවුරු වෙනවා (නි)
"පොඩ්ඩක් නම මොඩ් නැතුවට-පොඩ්ඩක් හම කළු වුණාට" 'රූපක්කගේ වටිනාකම කියලා වෙඩක් නැහැ, අනේ කියලා වැඩක් නැහැ, කියලා නිම කරන්න බැහැ" (නි)
රූපවතී අක්කේ, නමින් වැඩක් නැහැ තමයි. හිත රිදුනා නම් සමාවෙයන් මගේ සුදු අක්කේ! (නි)
ඔන්න දවසක් රූපවතිගේ කොලුවා කොලුවාගේ තාත්තාගෙන් නැත්තම් රූපවතිගේ සැමියාගෙන් අහනවලු මෙහෙම.. තාත්තේ, තාත්තගේ ලග්නේ මොකක්ද? රූපවතීගේ සැමියා මෙහෙම කිවුවලු. මට ලග්න දෙකක් තියෙනවා පුතේ.ඒ මොකද තාත්තේ?තාත්ත මෙහෙම කිවුවලු. උබලගේ අම්මා බදින්න ඉස්සෙල්ලා මගේ ලග්නේ සිංහ, දැන් මගේ ලග්නේ වෘෂභ.. (නි)
කෑවනම් බීවනම් රෑවෙනකොට වකුටුවෙලා නිදාගන්න, ඔන්න ආයේ හෙමනම් රෑ තිස්සේ ගැහැණු ළමයිගේ කොණ්ඩ කපන්න ගෙවල් ගානේ හෙම යනවා නෙමේ ....? අපිට තව ගොක් කොළ අදින වැඩ කරන්න එපා ....? (අ)
දාපු අදහස් සංස්කාරක මණ්ඩලය ගිලලා කෝ නැත්තන් දාපු ඒවා.(නදී)
පහන් ඔබගේ කතාව හොදයි. එක එක්කෙනාට මඩ ගහ ගන්නේ නැතුව ඒ වගේ හිනා වෙන්න දෙයක් වත් ලියන්න.(නදී)
අයියෝ, මේ නිවුස් එකට අදහස් දාල තියෙනවා බොහොම මදි. කෝ අපේ කට්ටිය? අරුණි,දිසා,නිල්මිණි,ඉන්දු ,කෝ ඔයගොල්ලා. දාන්න දාන්න බලන්න කට්ටියගේ අදහස්.(නදී)
සේනානායක මාමේ,ලංකාවට ආවාම කියලා දෙන්නම්...අපේ තිසල්ගෙන් ඉල්ලා ගන්න අපේ ගෙදරට එන පාර (නි)
චන්දිට ඕනෑම නම් මම ඇත්තම කියන්නම්. මම ඇත්තටම ඉස්සර ලංකාදීප පත්තරේ බෙදුව. අපේ තාත්ත ඒජන්ත කෙනෙක්. දිසාපති හාමුදුරුවෝ නම් නෙවෙයි ..ලංකාදීප දිසාපති (ඒජන්ත ) ඒ පුංචි ගමේ. මම ලංකාදීපේ බෙදුව ..කියෙව්වා..ලිව්වා...පත්තරේ බෙදන ගමන් ලස්සන කෙල්ලන්ට ලියුමුත් බෙදුව.ඒ නිසා ලියල තිබුණු උත්තරේ හරියටම හරි. (දී)
සුර් බහින්න ඇති නේද? (දී)
කටා මාමාගේ ලග්නය මොකක්ද කියලා මට නම් හිතාගන්න පුළුවන් (නි)
පහන් මල්ලි, ඔයාගේ ඊ මේල් එක ආයි පල කරන්න, ලිය ගත්තා නැති වෙලා.(නදී)
ඔය වගේ මනුස්යෙක් අපේ පැත්තේ හිටියා.හැමදාම බිලා පාරදිගේ බලන්ට බැන, බැන,තමා ගෙදර යන්නේ.කවුරුත් දන්නවා බල්ලෝ බුරන කොට ඒ මනුස්සයා බව.දවසක් ඔය වගේ බිලා එනකොට ගෙදර කට්ටියම නින්ද ගිහින්ලු.මිනිහා වැනි වැනි කෑම මේසේ ලගට ගිහින් රැට කන්න තියන රොටියයි කට්ට සම්බෝලෙයි අරන් හිට ගෙනම කලා පිඟාන පිඟන් රාක්කේ නමලා නිදා ගත්තලු.උදේ ගෑණු කෙනා ඇහැරිලා කෑම මෙසේ ලඟට ගිහින් මිනිහට බයිනවලු බොන්න නම් දන්නවා කලා පිඟානවත් හෝදන්න බෑ කියලා.ඊට පස්සේ මිනිහා ඇවිත් ගෑණු කෙනාට කිව්වලු මං කාපු පිඟාන හෝදලා පිඟන් රාක්කේ නැමුව තමුසේ බොරුවට කෑගහනවා ....!! ගෑණු කෙනා ගිහින් බලද්දී රොටියක්ලු තිබුනේ.මිනිහා කට්ට සම්බෝලේ කලා රොටිය හෝදලා තියලා.මිනිහා කිසිවක් නොකිය ආපසු හැරුනලු.(පහන් ඔබත් තුති) (ස)
හේරත් මල්ලියේ දැන් කියපන්කො මට.......,තාමත් ඔයා වලකට හෝ .., ලදකට .....,වැටිලා නොමැති බව පෙනෙනවා මට ........, වලේ නොවැටී අයිනෙන් යන්නකෝ ඉදිරියට ......, (ස)
කොල්ලෝ පනින්න දන්නේ බට්ටෝ නෙවෙයි කොටු.(නදී)
සතියකට දවසක් ටියුෂන් පන්තියක් දාල බට්ටෝ පනින්න උගන්නන්න බැරිද රුපවති නැන්දේ? කටා මාමා දත් මැද මැද ඉන්නවලු?(නදී)
කොහෙද පාසලකටවත් ගිහින් තියන එකක්යැයි...? (නි)
වළක්වන්නට බැහැ අනේ....ළිඳක් හෝ ළඳක් වන්නට පුළුවන්....කල්පනාවෙන්.මේ කෝකේ වැටුනත් ගැලවීමක් නැහැ (නි)
කට මාමේ, ඔයාගේ කතාවස්තුවට ගොඩක් ස්තුතියි. මගේ සිතත් පුරාණ දහම් පණිවිඩයකට ඇදී ගියා (නි)
මට කියන්න දැන් පාරේ බැහැල යන්න පුලුවන්ද තමන්ට, තමන්ගේ දරුවෙකුට, තමන්ගේ භාර්යාවට . ලැජ්ජයි මනුස්සයෝ (දී)
වැඩිපුර බිවුවොත් ඉතින් වලටම් තමයි යන්න වෙන්නේ
රුපවති මම බට්ටෝ පනින්න දන්නේ නැහැ (දී)
රූපවතී අක්ක අපිත් පොඩි කලේ බට්ටෝනම් පැනල තියෙනවා! එත් දවල්. අපි දන්නේ නැහැ කොහොමද රෑට බට්ටෝ පනින්නේ කියල! (දී)
සුර් පිට කියලා කියුවට බිවුවහම සිහි තියෙනවා (දී)
එක කරන වෑමියෙක් හිටියලු මේ වගේම බේබද්දෙක්ලු. දවසක් මිනිහ වැඩ ඇරිලා යනකොට මළ ගෙයක් දැක්කලු. දන්නවනේ ලංකාවේ මළගෙවල් වල සුරාවෙනුත් සංග්‍රහ කරනවනේ. ඉතින් මිනිහ ගේ ඇතුලට ගිහිල්ල දේහයට ආචාර කරලා ඇවිල්ල වාඩි උනාලු. දැන් වාඩිවෙලා ඉන්නවලු අර වැඩේට කිසිකෙනෙකුගෙන් ආරධානාවක් නැහැල්ලු. බැරිම තැන කරනවැමිය ගෙදර කෙනෙකුගෙන් ඇහුවලු තේ ,කොපි මොකවත් නැද්ද කියලා. ගෙදර කෙනා කිව්වලු අනේ මේ දැන් තමයි සීනි තේකොල ටිකක් ගේන්න යන්න හදන්නේ කියලා. ඒ පාර ඇහුවලු බුලත් විටක් වත් නැද්ද කියලා. ගෙදර කෙනා කිව්වලු අනේ තාම මුකුත්ම සුදානම් කරගන්න බැරි උනා කිව්වලු. ඉතින් මේ කරනවැමිය ටිකක් වෙලා ඉදල ගෙදරයන්ඩ ගත්තලු . දැන් ඔහොම යනකොට ඊට ටිකක් දුරින් තියනවාලු තව මළගෙයක් ,අපේ මනුස්සය මරණෙට ආචාර කරලා එලියට එනකොටම කෙනෙක් අතින් අල්ලලා කතාකළලු මොනවා හරි කරනවද කියල ,මිනිහත් ඉතින් හොදට ගසුවලු ,ඊටපස්සේ කෑම කන්න කතාකළලු. කාල ඉවරවෙනකොට ඇම්බුන් ඇවරිය ඇල්ලුවලු ,ඊටපස්සේ බුලත් හෙප්පුව අරන් විටකුත් ඒද ගත්ත ලු. දැන් මිනිහ ගෙදර යන්ඩ එලි බැස්සලු. ඔන්න එතකොට මතක් උනාලු කලින් මළගේ දැන් මිනිහ ඒ පැත්තට හැරිලා මළගේ ගාවට ආවලු. මෙන්න පාරේ ඉදන් කෑ ගහනවලු "'ඕව මලගේවල්ද ඕයි ,අන්න මළගෙවල් ,මළගෙවල් ගන්ඩ බැරිනම් නිකා ඉන්නවා'' කියලා.(නදී)
රූපවතී අක්කේ මෙම අදහස් කියවනවිට අක්කගේ රූපය මම හිතාගෙන ඉන්නේ වයස 50 විතර පෙනුමක් තියෙන නිකන් පිල්ලේ නෝනගේ වගේ රුවක්! මම හරිද?(නදී)
බන්දුල අයියත් බලනකොට එක්තරා පත්තරයක් තමයි. මෙයාට හොරෙන් මොකුත්ම කරන්න බැහැ.(නදී)
හැම දාම වෙනත් ගෙවල් වලට යනවා ඇති අද තමයි අහුවෙන්න ඇත්තේ.(නදී)
ඔය වගේ බීපු මිනිහෙක් පතලකට වැටිලා මහා රෑක. හොද වෙලාවට හරහට දාලා තියෙන බාල්ක පොල්ලක එල්ලිලා පසුදා පාන්දර වෙනතුරු වෙරි හිදෙනකම් ඉදලා පතල් හාරන්නන්ටත් මැණික් මුතු මාල පළදින්නන්ටත් සම සමව බැණ, බැණ. ඉදලා එළිය වැටීගෙන එනකොට අඩිය බැලින්නම් අගල් පහක් හයක් නැතිලු. යසට අඩිය ගහලා ඉන්න පුළුවන්ලු. (නි)
ස්තුතියි ජගත්. ලංකාදීපත් ජගත් කියපු කතාව නිහතමානීව පළකරලා (නි)
රුපවතී ගෙදර වටේට වලවල් හාරන කොට මම හිතුව රෑට කොටු පනින එවුන්ට දෙවියන්ගේම පිහිටයි කියලා.(නදී)
පහන් මඩුගල්ල ගේ කතාව කාලානුරුප ලස්සන කතාවක්. ලංකාදීප කතාවට වඩා ඒක ලස්සනයි.(නදී)
වරුණ, කෝ ඉතින් මෝඩ කතා නැද්ද? අපට හරි කම්මැලියි. (නි)
රූපවති අක්කේ, ඔයාට වයස කීයද? (නි)
චන්දි..නංගි, සරතුයි දිසානායක මල්ලියි දෙන්නමලු එකට පදම් උනේ ඊයේ රෑ. ගෙදර මාරුවෙලා නෙමෙයි අනේ ගිහින් තියෙන්නේ ජනේලෙන් එබිලා ගේ අතුල බලන්නලු. ඒ ගෙදර හිටිය බලු නැට්ට ඇහැරිලා දෙන්න දෙපැත්තකට දුවලා. දිසානායක වැටිලා තියෙන්නේ ටොයිලට් වලකටලු. හොදටම එකේ වතුර පෙවිළලු හොදටම අසාද්‍යයි. නහයින් කටින් ටොයිලට් වතුර එනවලු. සරත් මල්ලි ඇවිත් කියල ගියා. ඔන්න සමහරවිට හවස ගෙදර එයි.(නදී)
එතකොට අර තට්ටු කරන්නාට දොර ඇරේ කියන කතාව බොරු වෙනවා නේද?(නදී)
ෂුවර් එකටම මේක වෙලා තියෙන්න රූපවතී අක්කට! පව් අසරණී (නි)
මිනිහ වෙරි වෙලා හරි ගුණවතිගේ ගෙදරට ගිහින් තියෙන්නේ වෙනද පුරුද්දට! මෙයා රූපවති අක්කගේ ,අක්ක හෝ නංගිම වෙන්න ඕනේ! නම් 2ක් එක වගෙයි.(නදී)
දොර ඇරියා නම් තමයි ප්‍රශ්නය.(නදී)
සිහි විකල් වෙන විෂ කසිප්පු වෙන්න ඇති බොන්න ඇත්තේ. පව් මෝඩ මිනිහා.(නදී)
වෙරි මට හොදටම වෙරි කෙලින් ඉන්න බෑ. මොනවද පෙව්වේ කෝ පාර පේන්නේ නැහැ. දැන් හරියට කට්ටියට මාරු වෙනවා නේද ? මාරු වෙලා ගැහැණු බයික් වලට නගිනවා. මිනිස්සු අල්ලපු ගෙදරට දොරට ගහනවා. අපේ වරුණ අද වැඩට ඇවිත්ද සරත්.(නදී)
ඉතින් ඕකටනේ බොන්නේ. හොදින්ම තමන්ගේ ගෙදර යන්න ඕන නම් නොබීම යන්න තිබුන නේ. කට්ටියට මේකවත් තේරෙන්නේ නෙද්ද ඇත්තට ?(නදී)
චන්දි නංගි, හේරත් කියන්නේ අර සරත් ලගේ ගෙට උඩහා මුර වත්තේ කෙලවරේ තට්ටු දෙකේ ගෙදරට හැමදා පත්තරේ ගෙනෙන කොලුවනේ.(නදී)
මේ හේරත් කියන්නේ කව්ද? (නි)
අපේ දෙමාපියෝ අපිට ඒ කාලේ හොද අර්ථවත් නම් දීල තියනවා. අර්ථවත් සිංහල රජ කාලේ කුමාරිකාවන්ගේ නම්. අද වගේ ඔය දිව උල්ක්වෙන, විපරිත කියාගන්න බැරි නම් එදා තිබුණ් නැහැ. අනික හොද අර්ථවත් නමක් තමයි දෙමාපියන් අපිට දුන්නේ. අපේ නම වගේම හදවතත් ගොඩක් මිනිස්කම් වලින් පිරිලා තියනවා ඒ ටික ඇති සැනසෙන්න. මගේ නමට මම ගොඩක් ආදරෙයි. සරත් මල්ලි කොහොමටත් ලංකාවේ ඉන්න ගොඩක් දෙනා. වට පිට සර්වන්ගේ දිහා බලල ඇදන් ඉන්න ඇදුම ආබරණ දිහා බලල , දේපල වත්කම් ,චරිතේ මනින සමාජයක ඉදන් අපේ නමෙන් වයස තක්සේරු කිරීමත්...ශ්‍රී ලාංකීය බුද්දි මට්ටමේ එක්තරා නුඋගත් මිනුම් දන්ඩක් හැටියට මා දකින යථාර්තයයි ඒ.(නදී)
අනේ සරත්, මගේ නම මොකක්ද කියා ඇහුවා නම් මම නම කියනවනේ. හැබැයි ඔයා මට දීපු නම නම් වැරදියි. නමෙන් කොහොමද අනේ වයස කියන්නේ?ඇරත් ,ඔයා දන්නවද අපි ඇත්ත නම පාවිච්චි කරනවද නැද්ද කියලා. හැබැයි පුතෝ ඔයාගේ '' ගේම'' නම් වැරදුනා නේද? රූපවති අක්කේ, සරත් හැදුවේ මගේ නම දැනගන්න (නි)
ෂාහ් ...කාටද ආඩම්බර...තුන් කට්ටුවම එළියේ....(නදී) .
චන්දි නංගි, තවමත් අපේ කොටු පනින දිසානායක මල්ලි හොස්පිටල් එකේ වගේ. ගෙදර දොරවලුත් වහලා, තවමත් නහයෙන් කටින් ටෝයිලට් වතුර එනවා ඇති. කොහොම උනත් සරත් මල්ලි කරේ නරක වැඩක් දෙන්නම එකට කොටු පනින්න ගිහින් ,යාළුවා ලැට් වලට වැටෙනකම් ඉදල පැනලා දිව්වා. ලැට් වලට තල්ලු කෙරුවද කියන්නත් බැහැ. දිසා නායක එක්ක පොඩි තරහකුත් තිබුනා.(නදී)
අනේ රූපවතී ,නන්දාවතී, චන්දි නැන්දේ.දැන්ද තිරිහන් වෙන්න හදන්නේ. අපේ නැන්දගේත් නම රූපවතී වයස 65යි. ඔය නම් තිබුන කාලය අනුව අපිට හිතාගන්න පුළුවනි ඔයාලගේ වයස. චන්දිත් ෂුවර් එකටම චන්ද්‍රවතී වෙන්න ඕනේ. නිකන් 18-20 කෑලි වෙන්න හදන්න එපා.(නදී)
නියමයි!(නදී)
ආ!! ඒක තමයි ඊයේ රෑ දිසා නායක ගෙදර ආවේ නැත්තේ .., මන් බලන් ඉදල ඉදල බැරි තැන දොර වහල දාල මමත් නිදා ගත්ත ''අයි වදේ ''බොනවා කියල මෙහෙමත් බිමක් තියෙනවද......?(නදී)
කොල්ලනේ, මම ඇද බෑවේ පුරාණ කතාවක් මිස ස්වයං නිර්මාණයක් නොවේ. එහි කියවෙන පණිවිඩය නම්, යම් අකරතැබ්බකට ලක් වූ විට සිතින් මවාගත් පූර්ව නිගමන මත සැකමුසු බිය ඇතිකර නොගතයුතු බවයි. ආපසු හැරි විමසා බැලීමෙන් හෝ කාලයට ඉඩ දී සිටීමෙන් සැබෑ ස්වරූපය වැටහීයයි. (නි)
චන්දි නංගි, ඔය සරත්ලා වයසට ගිහින් නිසා අපි වගේ කෙල්ලන්ට දිසාලා ,නාමල්ලා ,හේරත්ලා ,වරුනලා ඊරිසියයි (නි)
බොන එකෙත් සීමාවක් නැහැනේ (දී)
කතා මාම ස්තුතියි හිනස්සුවට සම සමව බන වැදුන කියන්නේ එලිවෙනකල්ම ජාතිය අමතන්න ඇති .(අ)
පහන් මඩුගල්ලේ ගේ කතා නියමයි .මීට කලිනුත් හොද කතා ලියල තිබුන . (දී)
පහන් මඩුගල්ලේගේ කතාව නියමයි (නි)
අයියෝ සරත්, ඇයි අනේ හරියටම 50 ක් හිතුවේ?මොකද ඔයාට 55 නිසාද? (නි)