නිවෙසක දුම්ගැසූ රබර් ෂීට් සොරකමකට පැමිණි සොරුන් සොරකම වැරදී ගෙහිමියාට සල්ලි දී පැනයාමේ අපූරු සිද්ධියක් කිරිඇල්ලෙන් වාර්තා වෙයි.
එය සිදුව ඇත්තේ මෙසේය. පරණ පොලිස් ස්ථානයට ආසන්නයේ ඇති නිවෙසක විකිධෑමට සූදානම්කර තිබුණ දුම්ගැසූ රබර් ෂීට් කිලෝ 20ක් පමණ තිබී ඇත. ගෙහිමියා නිදන්නේ ඊට යාබද කාමරයේය. අලූයම 3.00ට පමණ ඇසුන ශබ්දයක් නිසා ගෙහිමියා අවදිවී විදුලි පන්දම දල්වා බලන විට රබර් ෂීට් තිබුණ කාමරයට ඇතුළුවිය හැකි ආවරණයක් නැති කුඩා කවුළුව අසල සිට පුද්ගලයෝ දෙදෙනෙක් අඩ අඳුරේම පැන ගියහ. රබර් ෂීට් සොරාගැනීමට ඔවුනට හැකිවී නැත.
සොරු පැනගිය දිසාව සෝදිසි කිරීමේදී සොරකම සඳහා පැමිණ රැුඳී සිටි ස්ථානය දැකගත හැකිවිය. බුලත් විට හා එහිවූ කඩදාසි කැබලි ඊට සාධක විය. ගෙහිමියා තවත් සෝදිසි කරන විට රුපියල් දෙදහසේ නෝට්ටුවක් ද එහි තිබී හමුවිය. සොරකමේ පැමිණි සොරුන්, සොරකම වැරදී අතේ තිබුණ මුදලූත් අහිමිකරගෙන පැනගොස් තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාව තමයි. (නි)
හොරු ගැන දුකත් හිතනවා ගෙදර අඩුපාඩුවකටවත් ආවද ? (ස)
පට්ට හොරු තමන්ගේ වස්තුව පුදර හිස් අතින්ම යති......(අ)
නියම හොරු නේද? (ස)
ආයේ හොරකමේ නොයන්න හොද පාඩමක් වේවි.(නදී)
ඔහොම තමයි වෙන්න ඕනි. (ස)
මෙහෙමත් මිනිස්සු.(නදී)
වැඩි වැඩියෙන් හොයන්න ගිහින් අතේ තිබුණු දේත් නැති වුණා.අනුන්ට ගින්දර දෙන්න ගියාට තමාටම පත්තු වෙලා නොදැනම. (නි)
මොනවා වුණත් සාධාරණ හොරු (නි)
මම හිතන්නේ ගෙදර හිමියාගේ වෙලාව හොඳයි.පුදුමේ කියන්නේ හොරකමේ ආ මිනිහා සල්ලිත් දාලා ගිය එකනේ! (නි)
ඔවු. පරණ ණයකාරයෙක් තමයි කුමාරි (නි)
පරණ ණය කාරයෙක් ණයක් ගෙවලා ගිහින්. (නි)
සමහරවිට මේක හොර 2000 නෝට්ටුවක් වෙන්න ඇති. (ස)
දෙයියෝ සාක්කි හොරාට වෙච්ච දෙයක්. (ස)
මීට පස්සේ ඔය හොරු ටික හොරකම් කරන්න යන එකක් නෑ මං හිතන්නෙ. (ස)
දෙන දෙයියෝ ගෙටම ඇවිත් දෙනවා කියන්නේ ඕවට තමා. (ස)
හරියට දන්නේ කොහොමද ඒ සල්ලි හොරුන්ගේ කියලා.(නදී)