තමා බැලීමට සරොම් අඳින මනමාලයකු නම් කැටුව නොඑන ලෙස මනමාලියගෙන් නියමිත දින උදේ ලැබුණු නියෝගයකට සාර්ථක ලෙස මුහුණ දුන් මඟුල් කපුවකු පිළිබඳව පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
ඇය ප්‍රදේශයේ යමක් කමක් තිබුණු පවුලක තරුණියකි. මහා රුවැත්තියක නොවුණාට ප්‍රියමනාප රූ සපුවකින් යුක්ත වූවාය. එහෙත් තමාට ජන්මයෙන් ලැබුණු රූ සපුවට වඩා දෙතුන් ගුණයකින් තමන් රුවැත්තියෙකැයි සිතා මහත් උද්දාමයෙන් ඉහ වහා ගොස් සිටි ඇයට මවුපියන් විසින් ගෙනෙන ලද බොහොමයක් මංගල යෝජනා ප්‍රතික්ෂේප කළේ මනාලයාගේ විවිධ අඩුපාඩු කියමිනි.
ඇයගේ අසීමිත කොන්දේසි නිසා සහකරුවකු සොයා ගැනීම දිනෙන් දින කල් ගොස් විවාහයට නිසි කල වයසද ඉකුත් වෙමින් තිබිණි. කෙසේ වෙතත් මවුපියන්ගේ ඉල්ලීම අනුව කපුවකු විසින් සොයා ගනු ලැබූ පහළොස්වෙනි මනමාලයා ඇය බැලීමට පැමිණෙන දිනය උදා විය.
ඔහු හොඳ කඩවසම් පුද්ගලයෙකි. එතරම් උගත්කමක් නොතිබුණද දෙමාපියන්ගෙන් උරුමවූ ගොඩමඩ ඉඩකඩම් වගා දිගා කරගෙන වාසය කරන අහිංසක ගොවි පුත්‍රයෙකි. මනාලියගේ නිවෙසට යාම සඳහා අලුත්ම සරමකින් සහ කමිසයකින් සැරසුණු ඔහු උදෑසනම යෙදුණු සුබ නැකතින්, නිවසින් පිටත්වූයේ ගමනට පැයක් දෙකක් ගතවන බැවිනි. ඔහු සමඟ කපු මහතාත් පවුලේ හිතවතෙකු වූ ගමේ පාසලේ ගුරු මහතෙක් ගමනට එක් වූහ. තමා බැලීමට මෙවර පැමිණෙන මනමාලයා පිළිබඳව තම හිතවතියන් මාර්ගයෙන් තොරතුරු සොයා බැලුවද හරි තොරතුරක් කලින් නොලැබුණද ඇයට එදින උදේ ලැබුණු දුරකතන ඇමතුමකින් කියවුණේ මනමාලයා සරොම් කාරයකු බවය.
එය දැන ගැනීමෙන් ඇය බලවත්සේ නොසන්සුන් වූවාය. වහාම කපුවාට දුරකථන ඇමතුමක් ගෙන දොස් කීවේ මනමාලයා සරම්කාරයකු බව තමාට වසං කළේ ඇයිදැයි අසමිනි. එපමණක් නොව සරම්කාරයෙකු නම් තමා බැලීමට කැඳවාගන නොඑන ලෙසද ඇය කපුවාට නියෝග කළාය.
සැණෙකින් කපුවාට ගණදෙවි නුවණ පහළ විය. “මේ මොනව කියනවද නෝනා, අපේ මහත්තයා කලිසං අඳින්නෙ, නෝනට කවුරු හරි බොරුවක් කියල” යැයි කියමින් ඇය අස්වසා දුරකථනය විසන්ධි කළේය. උද්ගතව ඇති ප්‍රශ්නය පිළිබඳව මනාලයා සහ ගුරු මහතා සමඟ කතිකා කළ කපුවා මාර්ගය අයිනේ වූ නිවෙසක් අසල වාහනය නතර කරවාගෙන එම නිවැසියන්ගේ අවසරය ලබාගෙන තිදෙනා සමඟ ගොස් ඉස්කෝලෙ මහතාගේ කලිසම මනමාලයාට අන්දවා මනමාලයාගේ සරම ඉස්කෝලෙ මහත්මයාට ඇන්දවීය.
කලිසමේ ප්‍රමාණයේ සුළු සුළු වෙනස්කම් තිබූ නිසාත් ඔහුට කලිසම නුහුරු නුපුරුදු නිසාත් යම්කිසි අපහසුතාවක් ඇතිවුවද මනමාලියගේ නිවසේදී හැසිරිය යුතු ආකාරය පිළිබඳව කපු මහතාත් ගුරු මහතාත් යමින් ගමන් උපදෙස් ලබා දී තිබූ නිසා කවුරු කවුරුත් ජාමෙ බේරා ගත්තාලු
පොල්ගස්ඕවිට
එස්. වික්‍රමආරච්චි
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සරොංකාරයා එපා කී මනාලිට ‘කලිසං මනාලයෙක්’ මාරුකරලා