එදා රටේ නගරබද තැනින් තැන සර්කස් දර්ශන ප‍්‍රදර්ශනය කිරීම විලාසිතාවක් බවට පත්ව තිබුණි. මේ නගරයට ද සර්කස් කණ්ඩායමක් පැමිණ නගරයේ ඉඩකඩ ඇති පිට්ටනියක මඩු කූඩාරම් ගසා ප‍්‍රදේශය පුරා මේ බැව් ප‍්‍රචාරය කෙරිණි. අඩි අසූවක් උඩ සිට ගිනි තබාගෙන ළිඳට පැනීම, මාරක ළිඳේ සයිකල් ධාවනය, කැරකෙන ඔන්චිල්ලා පැදීම, කම්බිය මත සයිකල් පැදීම, කම්බියේ යෑම, සිංහයා හා වළසා සමග පොරබැදීම හා විකට ජවනිකා ආදී දහසකුත් එකක් විචිත‍්‍රාංග මෙම සර්කස් කණ්ඩායම සතු විය. දහවල් තිස්සේ වෙහෙස මහන්සියෙන් තම රැකියාවන් කරන කොයි කවුරුනුත් තම අඹුදරුවන් ද සමග රාතී‍්‍ර කාලයේ මෙම සර්කස් දර්ශන නැරඹීම සඳහා සුළු මුදලක් වැය කිරීමට අදි මදි නොකරන ලද්දේ හුඟ කලෙකින් මෙවැනි විනෝදයක් නොලැබුණ බැවිනි. මේ අතරතුර එක් දිනක සර්කස් කණ්ඩායමට එදිනම අලූතෙන් එක්වූ ගැටවරයකුට වළස්ලෝගුව ඇඟලාගෙන වළහා ලෙස රංගනයේ යෙදීමට සර්කස් කණ්ඩායමේ ප‍්‍රධානියාගෙන් හදිසි අණක් ලැබුණි. දිනපතා වළහා ලෙස රංගනයේ යෙදෙන මාටින් අයියා එදින රාති‍්‍රයේ හිටිහැටියේ අසනීප වූ නිසා එම රංගනයට වෙන අයකු සිටියේ නැත. එහෙත් බොරු සිංහයින් හා වළසුන් ගැන මෙලෝහසරක් නොදන්නා ගැටවරයාට දෙළෝ රත් වූයේ කූඩුවේ සිටින්නේ ඇත්තම සිංහයෙක් යයි සිතුන නිසාය. එහෙත් දැන් කුමක් කළ යුතුද? තම ස්වාමියාගේ අණ පිළිපැදීම හැර වෙනත් විකල්පයක් නැත. මේ වෙන විට නරඹන්නෝ ”සිංහ වළස් පොරය” නැරඹීමට කෑකෝ ගසමින් විසිල් ගසමින් පී‍්‍රති ප‍්‍රමෝදයෙන් බලා සිටිති. මේ නිසා දෙවියන් බුදුන් සිහි කරගත් ගැටවරයා වළස් ලෝගුවට බැස හෙමින් සීරුවේ ඉමහත් බියකින් හා චකිතයකින් සිංහයා සිටි ඉසව්ව කරා පියමැන්නේ ”වෙන දෙයක් වුණාදෙන්” යයි තම ජීවිත ආශාව ද තුරන් කරගෙනය. ගෙරවිලි හඬ සමග ආ සිහින් කෙඳිරිලි හඬකින් සිංහයා පැවසුවේ ”ඈ බං මාටියෝ උඹට මේ හැටි ඉක්මනට සනීප වුණා”දැයි කියමිනි. ගැටවරයාගේ සිත තුළ මෙතෙක් පැවැතියා වූ මරණ බිය පහව ගියේ සිංහ ලෝගුව තුළත් ඉන්නේ තමන්ගේම සගයකු බව හැඟුණු බැවිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලට හිනා.වලහා බය වෙලා.සිංහයා නිදියලා
මීට වඩා හානායන ඒවා රටේ කොයිතරම් තියනවද ?
මේව සුරංගනා කතා වගේ..
මීට වඩා හරවත් දේ දැම්මොත් හොදයි නේද ?
අයියෝ,අපිට එපා කරන්නද හදන්නේ?
පොඩි උන්ට බත් කවනකොට කියන්න නම් හොදයි ..මොකද පොඩි එකා උනත් මේක ලියපු එකා ගැන දුක හිතිලා.. බත් ටික කේන්තියටම කයි
කරෝලිස් මල්ලි ඕක දවල්ද වුනේ?
අනේ හිනා යන කතාවක් කියන්නකෝ
මේවා සුරංගනා කතා
මීට වඩා දෙයක් තිබුණෙම නැද්ද අනේ
@කරොලිදස් ... ලොක්කා .වලස්සු උනත් පිරිමින්ට හදි කොරන්නෑ ..නිකම් කෝලම් කතා නොකිය ඉදින්කෝ .
අපි ඔය කතාව අහල තිබ්බෙ එක්දහස් නවසිය බර ගණන්වල ඉස්කෝලෙ පහේ පන්තියෙ ඉන්නකොට
මීට නරකද අපේ නූතන ගැමුණු කුමාරයාගේ කතාවක් දැම්ම නම්
ඇත්තම කියන්නකෝ අනේ මේක උනේ කෝට්ටේ පාර්ලිමේන්තුවෙද ?
කරෝලිස්, ඔයාට හදිකරන්න හදපු වලහගෙන් කැලේ ඉන්න අනිත් වලස්සුන්ට හරිම කරදර ඇති නේද?
අම්මපා කියහං මල්ලියේ
හහ්... හහ්.. හහ්... හා.....
මේක දෙයියෝ සාක්කිද? නැත්නම් අපිව තරහ ගස්සන සාක්කිද?
දෙයියෝ සාක්කි මොකද වෙනස්වුනේ..? මේකනම් පරණ සීන් එකක්...
ජනපති කාර්යභාරයට ලාංකිකයෝ 91%ක් සතුටින්
ඇමැති කෙහෙළිය හෙට එයි
කට්ටිය එවන කමෙන්ට්ස් කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ ඒවනේ...
හා .... හා...... අනේ මට තම හිනාව නතර කරගන්න බැ....... බඩ පැලෙන්න වගේ අප්පා........
බොලව් මට මේවගේ දෙයක් වුණේ වනන්තරේදි...වළහෙක් ඇවිදින් හදිකරන්න හදද්දි මම මළා වගේ බිම වැටිල හිටිය .වළහ ළඟට ඇවිත් අනේ මූට නිදාගන්න පැදුරක්වත් නෑ කියල යන්න ගියානේ බොලේ අම්මපා.....මේ අමූලික ඇත්ත.....
ඔබලා අප අතරද විස්‌වාසය පලුදු වේගෙන එනවා වාගේ,
මොනවද අනේ මේ විකාර?
ඇයි දැන් දාන්න දේවල් නැතුවද බොරු කතා දාන්නෙ
අයියෝ සල්ලි.......ඊ.....
හා හා කළබල වෙන්න එපා...
අයියෝ ..ඔය කතාව මම අහලා තියෙනවා අවුරුදු 30කට විතර ඉස්සරලා.
හිනාවෙලා පණ යනව අප්පා..
විකාර
අනේ තව විහිළුවක් කරනවද? හිනාව නවත්ත ගන්න බෑනේ
අයියෝ,අපිට පත්තරෙත් එපා කරන්නද හදන්නේ?