(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ අගනුවර පිහිටි ප‍්‍රධාන පෙළේ මංගල්‍ය උත්සව ශාලාවකි. පසුගියදා එහි විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වූයේ නගරයෙන් බැහැර වූ පවුල් දෙකක සහභාගත්වයෙනි. උත්සවයට ප‍්‍රදේශයේ ප‍්‍රභූන් රැසක්ද එක්ව සිටියහ.
රසමසමුළුවලින් පිරුණු උත්සවයේ මධුවිතද නොඅඩුව තිබුණි. දිවා භෝජන සංග‍්‍රහයට පසුව එක් වූ මධුවිතද තොලගා සිටි අයකු කෑම කා අවසානයේ ඉඳුල් කොළ දැමීමට වට පිට බලන විට අසල වූ මැටි කළයක් දැක ඉඳුල් සියල්ල ඊට දැමීය. තම සගයෝද එය අනුගමනය කළහ.
ඉඳුල් හා අපද්‍රව්‍ය දැමීමට තිබූ භාජනය කලින් පිරී තිබූ නිසා එය ඉවත්කොට තවෙකක් රැගෙන ආ සේවකයාට තරු පෙනුණේ උත්සව ශාලාවේ අලංකාරයට තබා තිබූ මැටි කළය ඉඳුල් සහ අපද්‍රව්‍ය පොලිතින් ආදිය දමා ඇති ආකාරය දුටුහෙයිනි.
සේවකයා මේ පිළිබඳව ‘‘අපහාසාත්මක’’ ප‍්‍රකාශයක් කිරීම නිසා ගැටුමක් ඇතිවීමට ගියත් කීප දෙනකු සහභාගි වී එය සමථයට පත් කළාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතාමතා කළදෙයක් නොවේ. මිස්ටර් මධුවිතලාගේ වැඩ ඕවා (නි)
බඳුන ඉවත් කරන්න පෙර වෙන බඳුනක් තියන්න ඕනෑ. සේවකයාගේ හෝ හෝටලයේ වරද. (නි)
ඉතින් මේ ප්‍රධාන පෙළේ උත්සව ශාලාවේ මොකද්ද මේ අමුත්තන්ට ඉඳුල් කොළ බැහැර කරන්න වෙන කෑම සපයන ක්‍රමය? එතන තියෙන්නේ පිඟන් නෙමෙයිද? අනෙක ප්‍රධාන උත්සව ශාලා වල අමුත්තන් කෑම කා අවසානයේ වේටර්වරු පැමිණ ඉඳුල් පිඟන් ආදිය ගෙනයනවා. (නි)
අපද්‍රව්‍ය දැමීමට තිබූ භාජනය නැති නිසා ඉතින් මේකේ වරදක් කියන්නත් අමාරුයි (නි)
දමන්න භාජනයක් නැතිවුණාම කොළේ කන්නද? තැන තැන නොදමා කලයට දැම්ම එක හොඳයි. (නි)
මගුල් ගෙවල්වල පිගන් හෝදන සිරිතක් තියනවද? (නදී)
මේවා පත්තරේ දාන්න ඕන දේවල් නෙමෙයි (දිල්)
සමහරු මගුල් ගෙවල් වල ගිහින් බොනපාට් එක දාලා, ගොරියක්ට මග පාදාගෙන එතන අවුලක් ඇතිකරන්නම හිතාගෙන යන කට්ටියත් ඉන්නවා. මොනවා වෙතත් ගෝරියක් නැතිව මංගල උත්සවය නිමවූ එක හොදයි. (ර)
අමුත්තන්ගේ ඉඳුල් කෑම පිගන් වේටර් වරුන් ඇවිත් ගෙනියන ක්‍රමයක් මේ ප්‍රධාන හෝටලයේ නැහැ කියන එක ටිකක් විශ්වාස කරන අමාරුයි. (ර)
මේවත් විහිළුද? (ර)
අනේ මන්ද මටත් පොඩ්ඩක් හිනා ගියා ඉතින් (නදී)