IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සූර්පිට ගෙදර ඇවිත් පූසත් එක්ක එකම පිඟානේ ‘ලන්ච් එක’ අරගෙන

ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කර සිටි පුද්ගලයකු කෑම කමින් සිටියදී ඔහුගේ කෑම පිඟානෙන් නිවසේ සිටි බළලෙකු කෑම කෑ පුවතක් වාරියපොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


ඒ අනුව සිද්ධිය මෙසේය.


සැමියා හා බිරිඳ පමණක් පදිංචිව සිටින එම නිවසේ දරුවන් විවාහ වී පිට පළාත්වලට පදිංචියට ගොස් ඇත. 


අප කතා නායකයා කලක සිට මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති අතර සෑම දිනකම දහවල් මොනයම් හෝ මත්පැන් වර්ගයක් පානය කර කෑම කෑම පුරුද්දක් කරගෙන ඇත.


මොහු එදිනත් මත්පැන් පානය කර තම නිවසට පැමිණ ඇත්තේ දහවල් 1.00 පමණය. එදින කෑමට බත් සහ කුකුල් මස් ව්‍යංජනයක් සමග තිබ්බටු මැල්ලුමක් සකසා පිඟානට බෙදා කෑම පිඟානත් සමග වතුර කොප්පයක් මේසය මත තැබූ ඔහුගේ බිරිඳ කෑම කන්න යැයි සැමියාට කියමින් එතැනින් නික්ම ගොස් ඇත.


ටික වේලාවකින් ආපසු පැමිණ බැලූ ඇයට දැකගත හැකිවී ඇත්තේ සැමියා පිඟානේ එක් පැත්තකින් කෑම කන විට පූසා අනෙක් පැත්තේ මස් කෑල්ල කන බවය.


දුටු දසුනින් ඉහවහ ගිය කේන්තියකින් බළලාට චිප් චිප් යැයි කෑ ගසන ගමන් සැමියාට බනින්නට වූයේ තමුසෙට පේන්නෙ නැද්ද පූසා පිඟාන අනික් පැත්තෙන් කෑම කනවා යැයි කියමිනි.


බිරිඳගේ බැන අඬගැසීම කනකට නොගත් සැමියා ඉතිං මොකද ඌත් කන්න එපායැ. මං අද ලන්ච් එක ගත්තෙ ඌත් එක්ක යැයි පවසා බිරිඳගේ කෑගැසිල්ලට බියේ ආපසු හැරී යන්නට ගිය පූසා අතින් අල්ලා නැවතත් පිඟාන ළඟින් තියාගෙන ඇත.


සැමියාගේ එම ක්‍රියාවෙන් අසීමිත කෝපයට පත් බිරිඳ ඔහොම ගියොත් පූසා තමුසෙගෙ ඔලුවත් කඩාගෙනයි නවතින්නේ කියමින් කෝපයෙන් එතනින් නික්ම ගොස් ඇත.
(බමුණකොටුව එම්.එම්.එන්. හේරත්)

 



අදහස් (0)

සූර්පිට ගෙදර ඇවිත් පූසත් එක්ක එකම පිඟානේ ‘ලන්ච් එක’ අරගෙන

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 518 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 947 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 885 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1165 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9509 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 886 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 541 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2076 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site