දකුණු පළාතේ එක්තරා රජයේ කාර්යාලයකදී අපූරු සිද්ධියක් සිදු විය. එදින ග‍්‍රාමනිලධාරීවරුන් සහභාගි වන රැස්වීමක් සඳහා සියලූම දෙනා පැමිණ සිටියහ. සියලූම ග‍්‍රාමනිලධාරී වරුන්ගේ රාජකාරි ගමන් මලූ තැබීමට එක මේසයක් සපයා තිබිණි.
රැුස්වීම අවසානයේ ග‍්‍රාම නිලධාරීවරුන් කළබලයෙන් පිටව ගියද එක් ග‍්‍රාමනිලධාරී මහතකුට තවත් රාජකාරි කටයුත්තක් කර ගැනීමට තිබූ බැවින් වෙනත් අංශයකට ගියේය. එම රාජකාරි කටයුත්ත කරගත් ග‍්‍රාම නිලධාරී මහතා ගෙදර යාමට සිතා තම කාර්යාල ගමන් මල්ල ගැනීමට ගියේය.
මේසය මත තිබුණේ එක් කාර්යාල බෑගයක් වුවද එය තමාගේ නොවන බව තේරුම් ගත් ග‍්‍රාම නිලධාරීවරයා බෑගය මාරු වී ඇතැයි සිතා එය විවෘත කොට බැලීය. එහෙත් එය අයිතිකරු සොයා ගැනීමට සළකුණක් නොවීය. කෙසේ වෙතත් තමන්ගේම හිතවත් රාළහාමි කෙනකුගේ බෑගයක් නිසා එය රැුගෙන ගෙදර ගියේය.
නිවෙසට ගොස් දන්නා සියලූම රාළහාමිලාගේ අංක වලට අමතා කාර්යාල බෑගය පිළිබඳව විමසීය. කිසිවකුගෙන් ඒ පිළිබඳ තොරතුරක් සොය ගැනීමට නොහැකි විය.
දින තුනකට පමණ පසු එක්තරා ග‍්‍රාමනිලධාරියකු පිළිබඳ සැක සිතී බෑගය සොයන ග‍්‍රාම නිලධාරියා ඔහු සොයා ගියේය.
ඒ යන විට ඔහුගෙන් ග‍්‍රාමසේවා සහතිකයක් ගැනීමට පැමිණි කාන්තාවකට සහතිකය නිකුත් කිරීමට ගෘහ මූලික ලැයිස්තුවේ ඇගේ නම සොයමින් සිටියේය.
‘රාළහාමි ඔය කාන්තාවගේ නම ඔය ලැයිස්තුවේ නෑ, ඔයා බල බල හිටියෙ මගේ ගෘහ මූලික ලැයිස්තුව..’’ යැයි පැවසීය.
අනේ මල්ලි තරහා වෙන්න එපා. ඊයේ මල්ලී කෝල් කරල බෑග් එක ගැන අහද්දී මට පොඞ්ඩක් වැඩිවෙලා හිටියේ. ඊයෙ ඉතිරි වෙලා තිබුණ නිසා අද උදේ හීන් ෂොට් එකක් දාලා හිටියේ.
ඉන් පසු දෙදෙනා බෑග් හුවමාරු කරගෙන රාජකාරි කටයුතු කරගෙන ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ලංකාවේ නැති නිසා මගේ ව්‍යාපාරය බදුදීලා තියෙන්නේ වෛද්‍යවරියකට (නි)
මෙවැනි රජයේ සේවකයෝ සේවයෙන් පහ කරන්න තාරුණ්‍යට ඉඩක් දෙන්න (දී)
බමුණු, .මම මගේ ෆාමසිය බදු දුන්නේ වෛද්‍යවරියකට, ඔයාටත් ඕනෑ නැති එකක් නැහැ. ඕපාදූප කන්තෝරුවක් (නි)
මට හිතෙන්නේ ඒක ඒ රැකියාවේ හැටි.ඉතින් එක අතකට ඒකත් අවශ්‍ය බව මගේ හැඟීමයි. මමත් හිටපු ගමන් ටිකක් ගන්නවා. ඉතින් මටත් ඒ වෙලාවට සමහර දේවල් අමතක වෙනවා. ඕවා ඔහොම තමයි ගණන් ගන්න එපා (නි)
රූපවතී නැන්දාගේ ව්‍යාපාරය වෛද්‍යවරියක් බදු ගත්තා නම් මොකක්ද එම ව්‍යාපාරය? මට නම් නොයෙකුත් අදහස් එනවා. (නි)
ඔයාලට කියන්න අපේ ග්‍රාම සේවක මහත්තයත් මේ වගේම සුර්පිට තමා ඉන්නේ. ඒත් එයා වැටෙන්න බිලා හිටියත් නියමෙට වැඩ (නි)
මොනවා කිවූවත් ඇත්ත තත්වේ ඕක තමා ... අපේ ගමේ ග්‍රාම නිලධාරිත් ඔහොම තමයි. (දී)
දෙකක් දාගත්තාම උතුර දකුණ මාරුවෙනවා. (නි)
ග්රාම නිලධාරියා රැස්වීමට ගිහින් තියෙන්නේ අරක්කු බීලාද? නැත්නම් ගෙදරදී බීලද? (නි)
රජයේ සේවකයෝනේ. ඕක ඔයතරම් ගණන් ගන්න දෙයක් නෙමෙයි.මාසේ පඩිය නොවරදවා එනවනේ අඩුවක් නොවී.අපි දුක් වෙලා කුමකටද ඒ ගැන.හොදම සුදුස්සන්ටනේ ඔය රැකියා දීලා තියෙන්නේ.ඒකනේ හරියටම රාජකාරිය කරන්නේ.මේ සේවය බලාපොරොත්තු වෙන අයට දෙවියන්ගේ පිහිට හැර වෙන කුමන පිහිටක්ද ..? (නි)
කන බොන එක තමා දේසපාලනය, රටේ සාමය සහජීවනයට හරියන්නේ.බලන්න මෙයා ඇත්තම කිවුවා. වුන දෙය ගැන සමා වෙලා ප්‍රශ්නයත් විසදුවා.එහෙත් රෑපවතී ගේ කතාවනම් හරිම දුක්බර එකක්. (නි)
මෙයා තමන්ගේ ගෙදර ඉඳන්නේ බීල තියෙන්නේ. ඔහොමද, සමහර කන්තෝරුවල? දවල් කෑමෙන් පස්සේ 2.30 ට 3.00 ට විතර මහත්තුරු ආපහු පුටුවලට එන්නේ වැනි වැනි. වැනෙන්නේ නැතුව කවුරුහරි එනවනම් ඒකෙ තේරුම එයා බීල නැහැ කියන එක නෙමෙයි. වෙරි හිදෙනකල් කැන්ටිමේ නිදාගෙන ඉඳල එනවා කියන එකයි ඒකෙ තේරුම. (අ)
රූපවතිගෙන් මටත් රස්සාවක් ඉල්ලා ගන්න බැරිද ?
රුපවති, අහන්නත් බැරි වුණා. දැන් කොහොමද ව්‍යාපාර කටයුතු හොදින් කෙරීගෙන යනවද? (නි)
රූපවතී, ඔබ කර ඇත්තෙ අගය කළ යුතු වැඩක්.එසේම කෙනෙකුගෙන් ලක් දෙරණ තුළ බලාපොරොත්තු තිබිය නොහැකි උතුම් කෙනෙක්.මේ කල සත් කාර්යයම ඇති ඔබගෙයි ව්‍යාපාරයෙයි ප්‍රගතියටත්. (ස)
වරුණ, ඔපිස් එකේ බැග් අරගෙන යන්නේ නැද්ද? තාම හැදුනේ නැද්ද? තාම පන්දම් අල්ලනවද? (නි)
හීනියට දාගත්තම ඔහොම වෙනවා තමයි, ඒක ඇත්ත තමයි. වැරදුනාම කිව්වේ ඔහොම තමයි. (නි)
2000 වසරේ යම් දිනක මගේ ව්‍යාපාරික ස්ථානයේ ලංකාවේ ,ගමන් මල්ලක් බැරිවී ගොස් තිබු බව මා දුටු හෙයින් ,එය මගේ නොවන බැවින් හිමිකරුවා සෙවීමටත් මොනවද මේ .?යන අදහසින් බැගය විවෘත කළ මට දැක ගත හැකිවූයේ ...අසල වෛද්‍යවරියගෙන් බෙහෙත් ගන්න ලියකියවිලි ,බැංකු පොත්, හැදුනුම් පත හා ලක්ෂ 2, 3,ක් වටිනා පරණ රත්රන් ආබරණ තොගයක් ,වෛද්‍යවරියට එය සැළකල මා හිමිකාරියම මගේ නිවසට ගෙන්වා ,ඇය සතු සියල්ල දීමෙන් පසු මගේ සිතේ ඇති වුනු ප්‍රශ්නය ,ඇයි මේ සියලු වස්තුව මේ අම්මා යන යන තැන ගෙනියන්නේ ?ඇසුවිට ,කීවේ හද කම්පා කරන දෙයකි ...එනම් අලුතින් ගත්තු රෙදි කෑල්ලක්වත් වැලේ වනා ගන්න බැහැ. අගේ පුතා කාට හරි විකුණා අරක්කු බොන බවත්,හමුදාවේ සිටි පුතා මිය ගිය බවත් ,අබ්බගාත එකම දියණිය වෙනුවෙන්,එම ආභරණ ටික ආරක්ෂා කරන බවත් ඇසීමෙන්...මගේ හදවතට දැනුනේ කියා ගන්න බැරි දුකක් ...!!! (ස)
අනේ මට මේකට හිනා යන්නේ නැහැනේ (නි)
ඔන්න ඔය වගේ ගිරාම සේවකයෙක් මග්ගොන පැත්තෙත් ඉන්නවා ඒ යකාව අල්ලගන්න ලේසියෙන් බෑ එක්කෝ කන පල්ලෙන්න උගුඩුව වගේ රා බීල .කිසිම දවසක කාර්යාලයට එන්නේ නැහැ මිනිස්සු ඇවිත් බැන බැන යනවා. ඔන්න අද රටේ ගිරාම සේවකලගේ තත්වය ? (අ)
ඔහොම අමතක වීම වෙන්න ෂොට් එකක් දාන්නම ඕනේ නැත. (අ)