මත්පැන් පානය කොට හොඳ පදමට සූර්වූ පුද්ගලයකු ගේ ඉදිරිපිට තැඹිලි ගස කපා තැඹිලි බිවූ රසවත් පුවතකි මේ. සිද්ධිය මෙසේය. ඔහු කුලී වැඩ කර ජීවිකාව ගෙන යන අයෙකි. මේ දවසේ ඔහුගේ බිරිය හා දරු දෙදෙනා දින තුනක චාරිකාවකට ගොස් සිටි නිසා නිවසේ සිටියේ ඔහු පමණි.
උදෑසනම අවදි වී උදය ආහාරය පිළියෙල කර මිදුල අතුගාමින් සිටියදී නවීන පන්නයේ මෝටර් රථයකින් පැමිණියේ දිගු කලක් විදේශ ගතව සිටි ඔහුගේ මිතුරෙකි. පෙට්ටියක අසුරන ලද රට වර්ගයේ මත්පැන් බෝතලයක් ඔහු අත තැබූ එම මිතුරා නිවසටවත් ගොඩ නොවී පිටව ගියේ අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා කොළඹ යාමට ඇති බවත් නැවත දිනයක එන බවත් පවසමිනි.
මත්පැන්වලට දැඩි ගිජු බවක් දක්වන මෙම පුද්ගලයා එම රට බීම බෝතලය කඩා බීමට පටන් ගත්තේ හිස් බඩටමය. පැය දෙකක් පමණ ගත වන විට බෝතලයෙන් තුන් කාලක් පමණ හිස් වූ අතර ඔහුද හිටියේ හොඳ පදමට සූර්වීය. ගමේ නිෂ්පාදන කරන කසිප්පු බීමට පුරුදුව සිටි ඔහුට මේ රට වර්ගයේ බීම බී එතරම් පුරුද්දක් නොතිබුණ අතර හදිසියේම බඬේ දැවිල්ලක් හට ගැනිණ.
තැඹිලි ගෙඩියක් බීමට වුවමනාව ඇති වූ ඔහු නිවෙස ඉදිරිපිට තැඹිලි ගසට නැගීමට කීප වරක් උත්සාහ කළද අධික වෙරිමත නිසා උත්සාහය අසාර්ථක විය. කෝපයට පත් මේ පුද්ගලයා වහා නිවස තුළට ගොස් පොරව රැුගෙන තැඹිලි ගස කපා එය බිම හෙළා තැඹිලි ගෙඩි දෙක තුනක්ම එක හුස්මට පානය කළේ මහත්වූ ප‍්‍රීතියකිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පදමට සූර් වෙලා හිටියත් මොලේ තියෙන කෙනෙක්. බීමතින් ගස් නැගල, බිමවැටිලා අතපය කඩා ගන්නේ මොකොටද කියලා මෙයාට හිතෙන්න ඇති. එ්කයි ඔහොම කළේ. මෙයා ඉස්සර හිටපු " මහදැනමුත්තගේ " පරම්පරාවෙන් එන කෙනෙක් වෙන්න බැරිද ? (බ)
නෝනා ආවාම හම්බෙන වැඩක්නේ කරලා තියෙන්නේ. (බ)
හොඳටම වෙරි නම් තැඹිලි ගහ කැපුවේ කොහොමද ? (ම)
සුපිරි පොරක් නේ මෙයා නම් (ම)
මිනිහට කවුරුහරි ජ්‍යෙතිෂ්‍යකාරයෙක් දොරකොඩට තැඹිලි ගස තිබීම අපල දායකයි කියන්න ඇති (බ)
යහළුවා රටබීම බීලා හිස් පෙට්ටියට කසිප්පු බෝතලයක් දාලා දෙන්න ඇති. අපිට වුණත් නුහුරු වෙනස් කෑමක් සමහරවිට අගුණවෙන අවස්ථා තිබෙනවා. (නි)
නන්දලාල් ප්‍රංශය වැනි කෙනෙක් වන්නට ඕනෑ මොහුත්. ඔහුත් මේ වාගේ සමාන දේවල් ප්‍රංශයේ කරනවා කියලා බොහෝ දෙනා කියනවා (නි)
ඔය කවුරු කොහොම කිවුවත් මට කියන්න තියෙන්නේ මේ මොළේ ලංකාවටම එකයි. තව මේ වගේ මොළ දෙකක් තුනක් තිබුනා නම් ලංකාවම ඉවරයි. (නි)
පුදුම මිනිහෙක්නේ! (නි)
අපරාදේ තැඹිලි ගහ (නි)
ලංකාවේ මුදල් ඇමැතිකමට සුදුසු පුද්ගලයෙක්. (ම)
එහෙනම් මෙයා ඇට්ටි හැලෙන්න අරවා බිලා තියෙන්නේ, නුපුරුදු රට බිම බිව්වම මොලේ ඔල්මාද වෙනවලු සමහරුන්ට. (ර)
වෙලාවට යාළුවා පිටවෙලගියේ....නැත නම් යාලුවට තැඹිලි කඩන්න ගිහින් මිනිහ අතපය කඩාගන්නවා...කොහොම වුණත් රුසියන් බණ්ඩාට වඩා හොඳ යාලුවෙක්. එයාගේ යාළුවො ඉන්නවනම් පොඩ්ඩක් ඉදිරිය ගැන හිතන්න වේවි.... (අ)
කවට අන්දරේ කෙනෙක් වගෙයි (නි)
කිවුවත් වගේ මෙයාව දේශපාලනයට ගෙනල්ලා ඇමතිකමක් දෙමු (නි)
නියම කළු සිංහලයෙක් . හිතුවොත් බැරි නෑ අනික කාටවත් කරදරයක් කරල නෑ (අ)