(තිහගොඩ උපසේන ලියනගම)
තම වගාව ඌරන්ගෙන් බේරාගැනීම සඳහා රාත‍්‍රී පැල් රැුකීමට ගිය ගොවි මහතකු තම ඇඳිවතත් අහිමිව මහ ? නිවෙසට දිව ඒමේ අපූරු සිදුවීමක් පසුගියදා දකුණු ග‍්‍රාමීය ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි.
ප‍්‍රදේශයේ මේ වන විට පවතින වල් ඌරු උවදුර නිසා රතික්‍ද්ක්‍දා පත්තුකරමින් උන් පලවා හැරීමට ගිය ඔහු පෙර දින පැලේ සඟවා තිබූ මත් බෝතලයෙන් මඳක් පානය කොට බිරිය දුන් බත් පාර්සලයද අනුභව කොට පැලේ දිගාවූවත් තද සීතල හා මදුරු උවදුර මහා වදයක් විය.
පසෙකින් මහා ගිනිගොඩක් අවුලූවා ඒ අසල දිගාවූ ඔහුට මඳ සුුවයක් ලැබිණ. මොහොතකින් ඔහුට අහැරුණේ ප‍්‍රදේශය මහා ගිනි ජාලාවක් බවට පත්ව තම ඇඳි වතද ගිනි ගත් බව දැනුන හෙයිනි. දෙවියන් සිහිවූ ඔහු ඇඳි වත කඩා දමා පරණ කමිසයකින් විලි වසාගෙන ගෙදරට දිව ගියත් මහ ? ගෙදර අය අවදිකර ගැනීමට නම් සෑහෙන වේලාවක් ගත වුණාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැකපු ඌරන්ටත් හිනායන්න ඇති නේද? (නි)
කොච්චර නම් ආසද මේ වගේ පැල් රකින්න තියෙනවා නම්... එළිවෙනතුරු වුණත් අවදියෙන් ඉන්න පුලුවන් මට නම්. ඒත් ඉතින් වල් ඌරා කියනකොට කටට කෙළ උනන එක නම් වළක්වන්න බැහැ. (නි)
මෙය සිහනවට කාරණාවක් නොවේ. එය තමයි නියම ගොවියකුගේ ඇත්ත. ටිකක් බිවුවේ නිදිමරන්න ඕනෑ නිසා. නින්ද ගියේ මහන්සියට. ගින්න ඇඟට ආවා නම් මොකද වෙන්නේ? තවත් ජීවිතයක් ! (නි)
අපට අාහාර වේලක් හදන්න ඒ මිනිසා කොතරම් මහන්සි වෙනවද කියල හිතන්න. එ්ත් ඔහුට විපතක් උනාම හිනාවෙන එක හොඳ ලකුණක් නෙමෙයි. (නදී)
ඇඳිවතට නිසා කමක් නැහැ (නි)
සිරිපාලගේ ආසාව තව කෙනෙක්ගේ රැකියාව. සිරිපාලගේ කටට කෙළඋනන කෑම තව කෙනෙක්ගේ කෑම විනාශ කරන හතුරා. අනේ සිරිපාල! (නි)
අපි කන බත් වේල පිගානට එන්නේ ඕවට හිනාවෙන ලොකු මහත්තුරු යැයි කියල හිතන් ඉන්න ඔහේලගෙ සල්ලි බලේටම නෙමේ. මේ වගේ පැල් රකින අහිංසක ගොවි මහතුන්ගේ අපමණ දහදියෙන් බව අමතක කරන්න එපා. ඕං කිවා (නදී)
සුරාව සහ විනාශය යනු එකම කාසියක දෙපැත්ත (බ)