බීමත්ව රිය පැදවූ පුද්ගලයාට ඇප දෙන්න පොලිස් ආරක්ෂාව පිට පොලිසියට ආ පුද්ගලයකුගේ කතාවක් මීගහතැන්න පොලීසියෙන් ඇසුණි. ඔහු මණ්ඩලයක බස් රථයේ රියැදුරෙකි. රාත‍්‍රී අවසාන ගමන් වාරයෙන් පසු බස් රථය නැවතුමට ගාල් කොට මිතුරන් කිහිපදෙනකු සමඟ මධුවිතින්ද සප්පායම් වී නිවස බලා යමින් සිටියේය. හෝල්ට්! අතර මඟදී පොලිසියේ දෙදෙනක් යතුරු පැදිය නැවැත් වූහ. මත්පැන් පානය කොට මාර්ගයේ යතුරු පැදියක් පැදයාමේ වරදට ඔහුට නතර වීමට සිදු වූයේ පොලීසියේය. හෙට උදේ උසාවි දානවා දන්න කෙනෙක් ඉන්නවානම් කතා කරලා ඇප දෙන්න ගෙන්න ගත්තනම් හොඳයි. පොලිසියෙන් අණ ලැබිණි........ අනේ මහත්තයෝ මේ වෙලාවේ කවුද ගෙන්න ගන්නේ.......අනික මම.....මම හෙට උදේ ටර්න් එකට බසය අරන් යන්නත් තියෙනවා. මම වරද පිළිගන්නම් මට යන්න දෙන්න ඔහු වෙරි මරගාතේ පින්සෙන්ඩු විය. තමුන් කරපු වරද පිළිගත්තත් නැතත් අපි අපේ නීතිය හරියට කරනවා. ඒ නිසා කරුණා කරලා කවුරු හරි ඉන්නවානම් කෝල් එකක් දීලා ගෙන්න ගන්නවානම් හොඳයි......... උසස් නිලධාරියෙක් පොලිසියේ වගකීම සහ රාජකාරිය ඔහුට මෙනෙහි කළේය. මොහොතක් ගතවිය. පොලිසියේ අවසරය ඇතිව මිතුරෙකුට ඇමතුමක් ගත්තේය. අනේ මචං මාර කේස් එක මම පොලීසියේ හන්දියේදී බයිසිකලේ නැවැත්තුවානේ. හෙට උසාවි දානවාලූ උඹට පුළුවන්නම් ඇවිත් මොනවා හරි කරපන් ! උඹට සලකනවානේ ඕන කෙනෙක්........පොඞ්ඩක් ඇවිත් කතාකරලා ෂේප් එකක් දාලා දියං. හරි ම් ම්.......හරි.........හරි එහෙනම් ඉක්මනට වරෙන් හරි හරි මචං....... සිනාවක් මුවේ තබාගෙන දුරකථනය විසන්ධි කළේය. මොහොතක් ගතවිය. කළු පැහැති මෝටර් රථයක් පොලිසිය ඉදිරිපිට නතර විය. ජනෙල් කූරු අතරින් ඒ දුටු ඔහුට සිනාහවක් පහළ විය. එය මිතුරාගේ වාහනයයි. නමුත් එයින් බැස්සේ පොලිස් භටයෙකි. තමා ගලවා ගැනීමට එන මිතුරාද එහි විය. මාරයිනේ මේකා පොලිස් ගාඞ් පිටින්නේ මා බලන්න ඇවිත් තියෙන්නේ ඔහු තනිවම සිතීය. ම්.......ම් වාඩිවෙලා ඉන්නවා මෙතනින් වෙරි බහිනකං බීලා වාහන පදවා මිනිස්සු මරන්න හදනවා. තමාට ඇපදී ගලවා ගැනීමට පැමිණි මිතුරා ද බීමතින් රිය පදවා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහුට තේරුම් ගියේ එවිටය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීලා අහු උනේ ලුම්බිණිගෙ කවුරුවත්ද?? .(ස)
ඇයි නිපුණ ඔයාට තරහා ගියේ??? ඔයා දකුණෙද ?? (ස)
ෂාෆික්, මීලහතැන්න තියෙන්නෙ කොතැනද කියලා මැප් එකෙන් බලලා බෙහෙත් ටිකක් ගන්න. (නි)
මීගහතැන්නත් දකුණෙද ? (ස)
පනාගොඩ , වෙන්නප්පුවේ අයත් එක්ක මෙච්චර තරහා බිරිඳගේ හුටස්පරයක් හින්දලු. ඇත්ත දන්නෝ දනිති. (නි)
මධ්‍යසාර මද පමණින් මදක් ගත්තට වැරැද්දක් නැහැ පොලිසියේ හාමුදුරුවනේ. (නි)
දැන් මත්පැන් ලංකාවේ අත්‍යවශ්‍ය දෙයක් වෙලා ඉවරයි. කිසිම විශේෂ අවස්ථාවක් මත්පැන් නැතුව සමරන්නේ නැහැ නේද? (නි)
අද නම් දෙයියෝ සාක්කි නියමයි. (නි)
හරිම සුහදශීලී, නීතිය අකුරටම ඉටුකරන මේ පොලිසිය ලංකාවෙ එකක්ද? (නි)
වරදවල් දෙකයි
මෙහෙම වැඩකරන මිනිස්සු ඉන්න රටක් වෙන කොහේවත් තියෙනවද මන්දා? (නි)
අසෝකා හරි. බලාගෙන යනකොට යකා ඔය කියන තරම් කළු නෑ වගේ. (නි)
මෙවැනි දේවල් ඉතාලියේ වෙන්නප්පුවේ කට්ටිය අතර සුලභව දකින්න තියෙනවා. (නි)
බීලා අහුවුණාම නීතිය ක්‍රියාත්මක කරනවා ඇරෙන්න වෙන කෙනෙක් මොනවටද ඉදිරිපත් කරන්නේ? (නි)
මදැයි....දැන් සාක්කි දෙන්නේ පොලීසියෙන් .(ස)
ලුම්බිණි, හැම නීතියම බලපාන්නෙ නීතිය කඩපු අයට තමයි. නීතියට පාරෙ යනව නම් 'අරයට මෙහෙමයි මෙයාට මෙහෙමයි' කිය කිය ඔහොම ලතවෙන්න වෙන්නෙ නෑනෙ..(ස)
මිතුරු කම
මෙතනදී අපි පොලීසියෙ අවංකභාවයට ස්තුතිවන්ත විය යුතුයි. නැත්නම් මුලින් අල්ලපු කෙනාගෙන් ගාණක් කඩාගෙන තමන්ගෙ සාක්කුවට දාගෙන නිදහස්කරන අය ඕනෙතරම් ඕවයෙ ඉන්නවා..(ස)
ඔහොම දේවලුත් ජීවිතේට වෙන්න ඕනි. එතකොටනේ රසවත් .(ස)
හැම නීතියම බලපාන්නේ අපි වගේ අයට. වෙන අය කාර් වල ගිහින් මිනිස්සු යට කලත් තවත් මිනිහෙක් ඉදිරිපත් කරලා බේරෙනවා. .(ස)
කමක් නෑ .(ස)
දැන් ඔය දෙන්නවා බේරගන්න කවුද එන්නේ (ස)
අපි දෙන්නා..........එක් වීලා සහයෝගෙන් වැඩේ දෙන්නේ (ස)
මසුරන් කතා පොජ්ජ්.... මීගහතැන්න තියෙන්නෙත් දකුණෙ ද? (ස)
කාලෙකින් අහපු හොඳම කතාව......! හිනා වෙල පන යනවා!(ස)
තනියම බීපු එකනෙ වැරුද්ද. එයාලටත් හවුල් කර ගත්තානන් සේරම එලියේ. (ස)
එතකොට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නේ පොඩි මිනිස්සුන්ට විතරමද? (නි)
කාලෙකින් හොඳ දෙයක් කිව්වා (ස)
හා හා කාලෙකින් හොද දෙයියෝ සාක්කියක්...(ස)
මිනිස්සු මේ තරම් දුදනද
මොකද්ඩ් මේ වැඩේට කියන්නේ පිස්සුද මෝඩ කමද