ලෝකයේ පැරණිම වෘත්තියේ පහස ලාභයට ගැනීමට දෙවැනි වතාවටත් සූදානම් වූ තරුණයකු සුරූපිනියකගේ උගුලට හසුවී බඩ කට පුරා ගුටි සංග‍්‍රහයක් ලැබීමේ අපූරු පුවතක් බස්නාහිරින් වාර්තා වේ.
20 හැවිරිදි ඇය සුරූපිනියක් කීවොත් නිවැරදිය. වරක් දුටුවකු දෙවරක් ඇය දෙස බලන්නට තරමට ඇය ඉටි රූපයක් මෙනි.
ඇයගේ වෘත්තිය ලෝකයේ පැරණිම වෘත්තිය වුවත් එය ඉතා ඉහළ මිලකට අලෙවි කරන්නට ඇය සැදී පැහැදී සිටියේ ගැනුම්කරුවන්ගෙන් කිසිදු අඩුවක් නැති නිසාය.
මේ අතර මීට මාසයකට පමණ ඉහතදී මහරගම නගරයේදී ධනවත් තරුණයකු මුණගැසුණේ අහම්බෙනි. ඔහු මඩපාත ප‍්‍රදේශයේය.
දෙදෙනොගේ නෙත් එකිනෙක ගැටුණු සැණින් තරුණයාට තරුණිය කවුද යන්නත්, තරුණියට තරුණයා සොයන්නේ මොනවාද යන්නත් වටහා ගැනීමට හැකි වූයේ වසර කිහිපයක සිට රැුකියාවෙන් ලද පන්නරය නිසාවෙනි.
තරුණියගේ මුවින් ප‍්‍රථමයෙන් පිට වුණේ අය කරන මුදලය. එය තඹයකටවත් ගණන් නොගත් තරුණයා හිස වනා එයට අවනත වූයේ ගණන් ප‍්‍රශ්නයක් නැතැයි යන්න තරුණියට ඒත්තු ගන්වමිනි. තරුණයාගේ ඇරියුම මත පිළියන්දල මඩපාත නිවෙසට තරුණියට ආරාධනා කළේ දුටු පළමු දිනයේදීමය.
තරුණිය සුපුරුදු ලෙසට තමන්ගේ ආරක්‍ෂකයා සමග ත‍්‍රිරෝද රථයෙන් තරුණයා පැවසූ නිවෙස සොයා ගියේ කිසිදු අපහසුවකින් තොරව යන ගමනේදී තරුණයාගේ ජංගම දුරකථන හරහා නිවසට පැමිණෙන මාර්ගය පැවසූ නිසාය. එදින අඳුර වැටෙත්ම තරුණිය නිවෙසට පැමිණීම ගැන තරුණයා ද පසු වූයේ දැඩි සතුටකිනි.
කෙමෙන් කෙමෙන් රැය පහන් වෙත්ම තරුණයාගේ නිවසින් තරුණිය පිටවූයේ පොරොන්දු වූ පරිදි ගතමනාව තරුණයා විසින් නොදීම පිළිබඳ සිතෙහි කහටක් තියාගෙනය. ත‍්‍රීරෝද රථයට ආ සුරූපී තරුණිය ඕකා කවදා හරි මාව හොයාගෙන ආපු දවසට බලාගන්නම් යනුවෙන් මුමුනන්නට වූයේ ආරක්‍ෂකයාටද ඇසෙන නොඇසෙන ගණනටය.
කාලය දින සති මාස දෙකකට වඩා යාමට මත්තෙන් සුරූපිනියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණේ මඩපාත තරුණයාගෙනි. ඒ පෙර පරිදිම නිවෙසට පැමිණෙන ඇරියුමද සමගිනි.
තරුණයාගෙන් පළිගැනීමට හොඳම වේලාව මෙය යැයි සිතූ සුරූපිනිය තම ආරක්‍ෂක ත‍්‍රීරෝද රථ රියදුරාට මේ බව පවසා තවත් අයකු සූදානම් කර ගන්නා ලෙස පැවසුවේ යන ගමනේ තිබෙන තොරතුරු දන්වමිනි.
කිසිදු අපහසුවකින් තොරවම තරුණිය තරුණයාගේ නිවෙස කරා ගියේ ටිකක් ? බෝවූ පසුවය.
තරුණිය නිවෙස තුළට පිවිස ටික වේලාවක් ගත වෙද්දී තරුණයා නාන කාමරයට පිවිසියේ ඇඟ පත සෝදා පිරිසුදු වන්නටය.
ඔහුට එයින් එළියට පිවිසීමටවත් ඉඩක් ලැබුණේ නැත. නාඳුනන තරුණයන් දෙදෙනකු පැමිණ පහර පිට පහර දෙන්නට වූයේ කිසිදු කතා බහක් නැතිවමය. හොඳ හැටි තරුණයාට පහරදුන් තරුණයන් සුරූපී තරුණියද කැටුව නිවසින් පිට වූයේ කිසිදු දෙයක් නොවූ ආකාරයටය.
මේ අතර රාත‍්‍රී 12 ට පමණ පිළියන්දල පොලිසියේ දුරකථනයට ආ පණිවුඩයකින් කියවුණේ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් නිවසට පැමිණ පහරදී ලැප් ටොප් පරිගණකයක් අත්ඔරලෝසුවක් හා ජංගම දුරකථනයක් පැහැරගෙන ත‍්‍රීරෝද රථයෙන් පලාගිය බවත් පලාගිය ත‍්‍රීරෝද රථයේ කාන්තාවක් සිටි බවත්ය.
පැමිණිල්ල අනුව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සෝමරත්න විජයමුනි මහතාගේ මගපෙන්වීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක නන්දසිරි ගමගේ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් පහර කෑ තරුණයාගේ ජංගම දුරකථනයට එදින ලද දුරකථන ඇමතුම් සියල්ල පිළිබඳ එකින් එක අවධානයට ලක් කරමින් කළ පරීක්‍ෂාවලදී තරුණයාට පහරදීමට උපදෙස් දුන් සුරූපී තරුණියගේ ජංගම දුරකථන අංකය අනුව ඇය අත්අඩංගුවට ගෙන කළ ප‍්‍රශ්න කිරීමේදී පහරදීමට හේතුව හා පහරදීමට පැමිණි තරුණයන් පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට හැකි වී යැයි පොලිසිය කියයි.
ඒ අනුව සැකකාර සුරූපී තරුණිය හා සැකකාර තරුණයන් දෙදෙනා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කළ අතර සත්‍ය වසන් කර බොරු පැමිණිල්ලක් කළ තරුණයාට අවවාද කිරීමට පිළියන්දල පොලිසිය මගින් පියවර ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කුමාරිහාමි, නිල්මිණි.... කොහොමද ඔය තරම් දේවල් දන්නේ..? මටනම් හිරිකිතේ බැහැ." (ස)
ෂෙරිෆ්, ඔයා දමපු අදහස විතරයි මගේ සිත ගත්තේ. සමහර අය නිකම් ඉස්සෝ වගේ.. ''''ඉස්සත් ඔහොමයිලු''''''' (නි)
මේ කතාව ටික දුරක් කියවගෙන යද්දී දැනුනේ "වැඩිහිටියන්ට පමණයි" කතාවක් කියවනවා වගේ (නි)
ඔන්න ලංකාවේ ආශ්චර්යය. ලංකාවේ මිනිස්සුන්ට අභිමානයෙන් ඉන්න සලස්වනවා කියලා නේද කිවුවේ? මෙන්න ලංකාවේ ස්ත්‍රියගේ අභිමානය. අනේ මෙහෙම ලැජ්ජා නැති රටකනේ අපි ඉන්නේ කියලා හිතෙනකොටත් දුකයි. (නි)
ඇයි! ධම්මික ඔයාට කතාව කියවාගෙනයනකොට එහෙම දැනුනද? (ස)
අයියෝ, ගිය පාර පොඩ්ඩක් මදි වුණා. ඒකටත් අල්ලලා මේ පාර බේරන්නයි හිටියේ. කොහෙද ඉතින්, පොල් ගහකින් ගෙඩි වැටුනා වගේ තඩි බෑවානේ. (නි)
බුදුහාමුදුරුවෝ තුන් පාරක් වැඩිය දේශයේද මේවා වෙන්නේ? කෝ මේ බොදුබල සේනාව ? (නි)
සරත් මහත්තයා.. පැකේජ තියන තැනුත් තියනවා..කුමාරිහාමි ගෙන් හරි නිල්මිනිගෙන් අහන්න...(ස)
කුමාරිහාමි ඔයාද ඔය කියන තරුණිය කියලා මට නම් ටිකක් සැකයි සැකයි වගේ.මොකද ඔයා බලාගෙන හිටියා වගේනේ කියන්නේ (නි)
නිල්මිණි, සම්පුර්ණ ගණන කීයද කියලා මට කියනවද? (නි)
මේක ලෝකේ පරණම රැකියාව නිසා නියම විදිහට රැකියාව ආරක්ෂා කරගන්න. මෙහෙමවත් මෙම රැකියාව තවම පවතින එක ගැන අවබෝධයක් අනෙක් අයටත් ලබා දෙන්න (නි)
සද්ගුණවතුන් 11700 ක් බලලා මේ ප්‍රවෘත්තිය. බැණ බැණ ඒවාමයි බලන්නේ (නි)
මාලික, ඒ 11700 ට ඔබත් ඇතුලත්. ඔබ ජාඩි කාලා තිබෙනවද? (නි)
කාමේ සුමිච්චා චාරා වේරමනී සික්කාපදන් සමාදියාමි. (අ)
"වැඩිහිටියන්ට පමණයි" කතාවක් වගේ.(ස)
බමුණු මත දරන බමුණු රටේ ලෝකේ සිද්දවෙන දේවල් දන්නේ නැති නිසා දවසක ලොකු අමාරුවක වැටෙනවා. ඔයාට විතරක් නොවේ අපිටත් හිරිකිතයි. නමුත් හිරිකිත දේවල් ගැනත් අවබෝධයක් තියෙන්න ඕනෑනේ දරුවෝ ඉන්න මවක් විදියට. මගේ දරුවන් ගේ ඇතුලේ දාගෙන හදන්නේ නෑ. එනිසා මම ඔවුන් ගැන සෙවිල්ලෙන් ඉන්නේ. රාජසිංහ රජතුමා හා රාහුල හිමියන් කඩුවක මලකඩ ඇරපු කතාව ඔබ අසා තිබේද? (ස)
උපාලි,මම සද්ගුණවත් නැහැ. මම කියන්නේ බැන බැන ඒවම හොයන අය ගැන.අදුරේ පව් කර කර එළියේ සුදනෝ වෙන්න හදන ඔයාලා ගැන (නි)
මලික, මම නම් කිසිම විටක කාටවත් බැනලා නැහැ. බනින්නෙත් නැහැ. මේ මුළු සිද්ධියමත් ඒ වගේම බොහොමයක් ප්‍රතිචාරත් මට නම් විනෝදයක්. මෙවැනි සිද්ධියක් "දෙයියෝ සාක්කි" තීරයට දාන්නේ අපි අර කියන "සීරියස්" පුවත් හැටියට නොවෙයි. පාඨක අපට හාස්‍යාත්මක වින්දනයක් ලබාදීම සඳහායි. ඔබට පේනවද පාඨකයෝ වැඩි දෙනෙක් ඒ බව වටහාගෙනයි ප්‍රතිචාර දාලා තිබෙන්නේ කියලා."දෙයියෝ සාක්කි " තීරයට එනවිට සැහැල්ලු මනසකින් එන්න සහෝදරයා. (නි)
පොලිසියට ගියාට පස්සේ මොකද දන්නෙ නැහැ වුණේ? (නි)
පොඩි උදව්වක් කරනවද? විස්තර දන්නවා නම් මටත් එස්.එම්. එස් එකක් එවනවද.... (නි)
මම නම් හැබැයි හරියට ගෙවනවා. ඒ දුරකථන අංකය දෙන්නකෝ. (ස)
බමුණු වෙසින් ඉන්න අයගෙන් ප්‍රවේශම් වෙන්න (නි)
නිල්මිණි දෑසින් මා අමතනවා, ලදුනේ.. ලදුනේ.. සුමුදු මාල නෙලන ලදුනේ.. (නි)
හොද වැඩේ
අපේ කුමාරිහාමිත් හොද අත්දැකීම් බහුල කෙනෙක් වගෙයි පෙනෙන්නේ (නි)
මෙහෙමත් විකාර! (නි)
උපාලි, චන්දි, මේ නිල්මිණි වගේ රටේ ලෝකේ සිදුවන දේවල් ගැන අවබෝධයෙන් ඉන්න. නැත්නම් ඔබේ දරුවන් පවා ඔබේ කනෙන් රිංගා නොහොබිනා දේ වලට යොමු වේවි. ලෝකයේ හොඳ දේ වගේම නරක දේ ගැනත් අවබෝධයක් තියෙන්න ඕනෑ. දැන් කාලේ අම්මලා නවීන වෙලා තියෙන්නේ විලාසිතා වලින් විතරයි. දැනුම අවබෝධය ඉස්සර රෙදි හැට්ට ඇන්ද අම්මලාටත් වඩා පහළයි. (නි)
ඉතින් ඊට පස්සේ, පොලිසිය මේ සුරුපිනියට මොකද කළේ. (නි)
උපාලි!!!අර කියපු මහත්තය ඔයාමද කියල මට ටිකක් සැකයි සැකයි වගේ අනේ (දී)
මොන ගනුදෙනුවකට වුවත් ඉල්ලුව සේවය ලැබුණානම් පොරොන්දු වූ මුදල ගෙවිය යුතුයි. නමුත් මම දන්නා තරමින් ගණිකාවන් පරිබෝගිකයාට අවශ්‍ය ආකාරයට සතුටු කරන්නේ නෑ. ඔවුන්ට ඕනෑ ඔවුන්ට පහසු විදියට ඉක්මනින් වැඩේ ඉවර කරලා තව පාරිබෝගිකයෙක් හොයාගන්න. නමුත් සලෙලෙක් ගණිකාවක් වෙත යන්නේ ඔහුට අවශ්‍ය දේ ලබාගැනීමට මිස ගණිකාවට අවශ්‍ය දේ ලබාගෙන සල්ලි දෙන්න නොවේ. මේ තරුණයා ගැහැණිය සමග ගනුදෙනු කතා කරද්දී ඔහුට අවශ්‍ය දේ හරියට කියන්න නැතුව ඇති. ඔහු මුළු මුදලම නොදෙන්න ඇත්තේ ඒකයි. (නි)
කුමාරි හාමිත් දන්නා දේවල් ! (ස)
කුමාරිහාමි නංගි, ඔයා දන්නා දේවල් අනික් කට්ටිය දන්නේ නැති එකනේ පුදුමේ කියන්නේ. (ස)
මේකට හොද උත්තරයක් තියනවා. ඒත් මේකට දාන්න බැහැ (නි)
චන්දි, අපි ඕකට ආයෙත් වාද කරන්න ඕනෑ නැහැ (නි)
අනවශ්‍ය වැඩ කරන්න යනවාට හොද වැඩේ (දී)
ලංකාවේ එහෙම වුනත් පිලිපිනේ එහෙම වෙන්නේ නැහැ... අයියෝ සල්ලි... (නි)
එකට තමා, දෙන්න කතා කරගන්න ඕනේ, අරකට කීයද, මේකට කීයද, අරෙහෙම උනොත් කීයද,පැයටද, දවසටද, ආදි වශයෙන්.(ස)
අනේ කාලේ වනේ වාසේ කීවලු. නියමයි මේ සිද්දියට මිනිස්සු අදහස් දක්වලා තියෙන විදිය. (ස)
නිල්මිණිට හොඳ පළපුරුද්දක් තියනවා වගෙයි. හොඳයි හොඳයි (නි)
එක මැදිවියේ මහත්තයෙක් වාහනේ නවත්තලා සාප්පුව ඉදිරිපිට සිටි සුරුපිනියකගෙන් ඇහුවලු කීයද ගාන කියලා. පිළිතුර ලැබුන 'රුපියල් දාහයි'. මහත්තය අහනවා "ඒ ගාන නම් වැඩියි, මා අතේ තියෙන්නේ රුපියල් දෙසීයයි, මොකද කියන්නේ" කියලා. සුරුපිනිය කෝචොක් හිනාවක් දාලා අනික් පැත්ත බලාගත්තා. දවසක් මහත්තයා එයාගේ නෝනත් එක්ක ගමනක් යනකොට අර සුරුපිනිය ඉස්සහට හම්බවුනා. තරුණිය මහත්තයව පැත්තකට අඩගහගෙන ගිහින් කියනවා "මහත්තය කවුද ඒ ලදරම, පේනව නේද රුපියල් දෙසීයට හම්බවෙන්නෙ කොහොම අයද කියලා". මේ තරුණයත් අතේ තියන මුදලේ හැටියට කෙනෙක් හොයාගත්තා නම් ගුටි කන්න වෙන්නේ නැහැනේ. (නි)
කුමාරිහාමි අහිතක් හිතන්න එපා ඔබේ දැනුම අවතක්සේරු කලා නෙමෙයි. ඔබට මේ කාරණා ගැන විශිෂ්ඨ දැනුමක් තියෙන බව පැහැදිලියි. කොටින්ම මේ විෂය ගැන උපකාරක පන්තියක් දැම්මොත් මාස දෙකෙන් පොහොසත් වෙන්න පුළුවන්. (දී)
කුමාරිහාමි, නිල්මිණි...ඔයගොල්ලන්නම් මාරයි අප්පා...කොහොමද ඔය තරම් දේවල් දන්නේ..? මටනම් හිරිකිතේ බැහැ. (දී)
බැරි වැඩ නොකරන් කියන්නේ ඔන්න ඕකට (දී)
මම කියන්නේ මේ ක්‍රියාව නවත්තන්න බැහැ , ඒ නිසා නීති ගත කරන්න (දී)
සල්ලි තිබා කියලා මෙහෙම මෝඩ වැඩ කරනවද (දී)
මෙහමත් පිස්සෙක්? සල්ලි තිබේ නම් වෙන වැඩ නැද්ද කරන්න. (නි)
සැප වැඩි වෙනකොට සල්ලි වැඩියෙන් දෙන්න ඕනෑ තමයි. කුමාරිහාමි, නිල්මිණි ඔයාලත් දන්නවද මේවාල ගණන්? (නි)
කාටත් සාධාරණ විදියට මුදල් අයකරගන්නා ක්‍රමයක් හැදුවා නම් හරි (නි)
පාර අයිනේ පලතුරු කඩවල තියන ඇපල් පැපොල් වල වගේ මිල සදහන් කරලා තිබුනා නම් නියම මිල ලැබෙනවා සාප්පුවල තියන සපත්තු වලත් මිල සදහන් කරලා තියනවා. කැමති අයට සපත්තුව දාලා බලල කැමති නම් මිල ගෙවලා ගන්න පුළුවන්. කෙසේ නමුත් ගණිකාවට අපහාස නොකළ යුතුයි.ඇයද අනියමින් සමාජ සේවිකාවකි.ඇය නොසිටින්නට අපගේ සහෝදරියන්ට සහ දූ දරුවන්ට සල්ලාලයන්ගෙන් සිදුවන අපරාධ මීට වඩා ඉහළ යනු ඇත.ඇය සිතේ ගිනි නිවන හමුදා සෙබළියක් බදුය (නි)
මෙච්චර රටේ ප්‍රසන තියෙද්දී කතා කරන්න මොනවද මේ.කරන්නේ. අන්න ඔයාලා හැමෝම ලක්ස තුන ගානේ පිටරටට නයලු. (දී)
බුදු අම්මෝ මට නම් මේවා තේරෙන්නේ නැහැ මම රජ කුමාරයෙක් නෙමෙයි මම ගමේ කොල්ලෙක් (දී)
මේ කාන්තාවනට තියෙන්නේ ඔවුන් සපයන සේවාවන් හා මිලගණන් සදහන් කරමින් පැකේජයන් කීපයක් හදා ගන්න එකයි! ගනුදෙනුකාරය දන්නවා අතේ ඇති මුදලට හරියන පැකේජයක් තෝරා ගන්න! ගනිකාතුමියත් දන්නවා අදාළ පැකේජයට තමන් සපයන සේවාවන්! නිල්මිණි හරියටම හරි! (අ)