වලව මටියාවතේ සංවර්ධනය වෙමින් පවත්නා ගම්මානයක පදිංචි ඇය රූමත්ය. අවිවාහකය. ස්වයංරැකියාවක නියුතු ඇය එමගින් සාමාන්‍ය ආදායමක් ලබන්නීය. මවුපියෝ මඟුල් කපුවකු මගින් ඇයට මංගල යෝජනාවක් ගෙනාහ. ඒ අනුව කඩවසම් තරුණයෙක් ඉකුත් දිනක ඇය බැලීමට ඇගේ නිවසට පැමිණියේය. දිවා භෝජනයෙන් පසු මංගල යෝජනාව පිළිබඳ සාකච්ඡාව ආරම්භ විය. තරුණයාගේ පාර්ශවයෙන් පැමිණි පිරිස අතරේ සිටි මැදිවියේ අයෙක් මේ කතාබහ කරගෙන යන අතරේ මැදට පැන්නේය. දෑසම රතුව තිබු ඔහුට එක ඉරියව්වකින් තත්පර කීපයක්වත් සිටගෙන සිටීමට නොහැකිව වැනෙන්නට විය. ඔහු ගොත ගසමින් කතාව ආරම්භ කළේය. ඕගොල්ලන්ට මේ පහළ වෙන්න යන්නේ නිධානයක්ය කියල හිතන්න. මේ ඉලන්දාරියා වෙන කවුරුවත් නෙවෙයි. මගේ ලොකු නංගිගේ බාල ඉලන්දාරියා. මෙයාගේ තාත්තා මැරුණේ වයස අවුරුදු හතලිස් දෙකේදී. මෙයාගේ ලොකු අයිය මැරෙනකොට වයස අවුරුදු තිස් හයයි. අනිත් පුතා නැතිවෙන කොටත් අවුරුදු තිස් පහකට වඩා නෑ. මම හරිද ලොකු නංගී... ඔය තුන් දෙනාම නැතිවුනේ එකම ලෙඩෙන් පපුවේ අමාරුව හැදිලා. දැන් මේ තියෙන සියලූම දේපළ අයිති මේ පුතාට දැන් මේ ළමයගෙ වයස කීයද? තරුණියගේ නිවසේ සිටි කටකාර කාන්තාවක ඇසුවාය. දැන් මෙයාට අවුරුදු තිහක් විතර වෙනවා. කතා කරමින් සිටි මැදිවියේ තැනැත්තා කීවේය. ආ... එහෙනම් මෙයාටත් තව අවුරුදු පහ හයක් කල් තියෙනවා. කාන්තාව ගත් කටටම කීවාය. ඒ මංගල්‍ය එතනින්ම අහවර වුනාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි (දී)
මගුල සිද්ධ වුණානම් නිධානයක් ගත්තා වගෙ තමයි. (නි)
මෙන්න මේ හින්දයි මත්පැන් තහනම් කළේ (නි)
මට මතක නැහැනේ. (නි)
මගුල්ගෙදර ගියා මතකයි,යලුවොත් එක්ක බිව්වා මතකයි,හොදට කෑවා මතකයි...ඊට පස්සෙ මොනවත් මතක නැ.....(නු)
කොල්ලා බේරිලා ඒ කෝච්චියෙන්.. (ස)
අපේ රටේ හැටි බලද්දී මේ කතාව නම් ඇත්තක් වගෙයි. (නි)
ඇන්ටි මෝඩ වුණා. මගුල ඉක්මන් කරන් තිබුණේ. හැමෝගම ඉරණම එකවාගො නැහා (අ)
බීමේ බලේ (දී)
බැදලා අවුරුදු 6 ක් යනකම් මනමාලි පරිස්සම් වෙලා හිටියොත් ගොඩම තමයි...(ස)
මනමාලයගේ පවුලේ අය කවුද කියලා දන්නවා අපිනම් ............ (ස)
අපරාදෙ ඒක කරන්නනේ තිබුනේ. අර ඇන්ටි වැඩේ කාලානේ...(ස)
කපුවා කපෝති..........(ස)
නිහමයි ඉන්න මිනිස්සුන්ට.. (ස)
විවාහය කියන්නෙ උතුම් දෙයක් මෙන්ම දීර්ඝකාලීන බෝගයකි. එය මත්පැන් පානය කළ අය සමග කථා කළොත් එහි උතුම් බවත් නැතිවෙනවා. වෙරි හිදුනහම කියයි මම එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා, නැත්නම් කියයි මට මත්පැන් පානය කරනවා විතරයි මතකයි ඉන්පසු මොකුත්ම මතක නෑ කියලා. එම තරුණියට අයෙක් සොයා අහවරවූ කටයුත්ත නැවත ආරම්භ කරමු....(ස)
ඒ වගේ පවුලකින් දිග දෙන්න ගෑනු ළමයෙක් ඉන්නවනම් මට කියන්න...මම කර ගහනවා....(ස)
ගැණු ළමයාගේ පිනට අංකල් බීල හිටියේ... නැත්නම් ජීවිතය අමාරුවේ...(වි)