(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සියනෑවේ යුවළකි. කුඩා දියණිය සමග වෙන්නප්පුව ප‍්‍රදේශයේ මිතුරකුගේ නිවසේ සාදයකට ගියේ මිතුරාගේ බලවත් ආරාධනය ප‍්‍රතික්‍ෂේප කළ නොහැකි වූ නිසාවෙනි. සැමියා වෑන් රිය පදවා ගෙන ගියත් සාදය අවසන් වනවිට ඔහුට රිය පැදවීමට අපහසු විය. සිරිත් පරිද මෙවන් අවස්ථාවලදී බිරිය සුක්කානම අතට ගැනීම පුරුද්දකි. ඒ අනුව අලූයම දෙකට පමණ ඇය ක‍්‍රියාත්මක වූවාය.
මග තොට හරියට නොදත් ඇය මිතුරාගේ නිවසේ සිට ප‍්‍රධාන පාරට පැමිණ හරවන්නේ වමටද දකුණටදැයි සැමියාගෙන් විමසුවේ වැඩි හොඳටය. වමට හරවන්න, වමට හරවන්න සැමියා බිරියට උපදෙස් දුන්නේය. බමන මතින් පසුවෙන සැමියා ඉදිරි අසුනේ තද නින්දේය.
දියණිය පසුපස අසුනේ නිදි දෙව් දුව වැළඳගෙනය. බිරිය සැමියාගේ උපදෙස් පරිදි වමට හැරවූ රිය ඉදිරියට ධාවනය කරන්නට වූවාය. පැයක් හමාරක් ගතවිය. අඳුරේ වුවත් පාර දෙපස ඇයට වෙනසක් දැනිණි. සැමියා කී මග නිවැරදි විය යුතු නිසා ඇය ඒ ගැන නොවිමසාම ගමන් කළාය.
ඇය කලබලවූයේ තමන් පුත්තලම නගරය සමීපයට පැමිණ ඇති බව දැන්වීම් පුවරුවක් මගින් දැකීමෙනි. ඒවනවිට පාන්දර පහත් පසුවී තිබිණි. ඇය සැමියා අවදි කර මේ ගැන කීවාය.
බිරියගේ වදන් සමග ඔහුගේ මත දුරුවිය. දෑස් පිසදා බලද්දී ඇය නිවැරදි බව තේරුම් ගියේය. වරද සිදුවී හමාරය. කළ හැකි දෙයක් නැත. රිය ආපසු හරවන්නට සැමියා බිරියට උපදෙස් දුන්නේය.
ළඟම තිබූ ඉන්ධන හලකින් ඉන්ධන පුරවාගත් සැමියා රිය අතට ගත්තේ තමන්ගේ බීමත්කම නිසා සිදුවූ වරද හරිගස්සන්නටය. නිවෙස බලා එනතුරුම බිරියගේ දෙස් දෙවොල් අසමින් සැමියා රිය පැදවූයේ වදනක්වත් නොදොඩාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පෙනෙන විදියට නම් මහත්තයාට හොරෙන් නෝනාත් අඩියක් ගහලා ඇති හැඩයි! (නි)
ඕක ඔච්චර බනින්න දෙයක්ද ? (නදී)
සාදය තිබුණු ගෙදර කෙනාවත් පාර කිව්වේ නැද්ද එන්න හදනකොට? එයාට වැදිලා ඇති ඔක්කටම කලින් (නි)
රුපවති අක්කේ,කෙළින් ඉන්නත් බැරුව, මොන වාහන එළවිලිද? (නි)
මේ නෝනාට ලයිසන් තියෙනවද කියල බලන්න (ස)
මම මේ සැමියාට හිස නමන්නේ වෙන මොනවටවත් නෙවි බිලා වාහනේ නොපැද්දට (ස)
වසලයො ටික ඔක්කොම ඩෝප්කාරයගෙ පැත්තේ (නදී)
බලාගෙන ගියාම වරද බිරියගේලු. බොන කට්ටිය මිනිහාගේ පැත්තේ. (නි)
හලාවත බෝඩ් දැක්කේ නැද්ද දන්නේ නැහැ. පුත්තලමට ගොඩක් කලින්නේ හලාවත එන්නේ. (නි)
මේ කියන බිරිය අකුරු කියවන්න බැරි කෙනෙක් වෙන්න ඇති. ඔය කියන පාරේ බොහොම පිළිවෙලට ඒ ඒ නගර වල නාම පුවරු සඳහන් කරලා තිබෙනවා (නි)
ඉඳල හිටලා ජීවිතයේදී මේ විදියේ සිද්ධි වෙනකොට පොඩි ගතියකුත් තියනවා (නි)
වරද බීපු එක නෙවෙයි, බිරිඳ පාර දන්නෙ නැති එක. වම දකුණ මතක නම් මනුස්සය වාහනේ එලවනව නේ. ඕක නියම ගෑනු ගතිය, වරද කොතනට හරි දමන්න කියවනවා. (ස)
සුමේධ, ඔයා හාමිනේ එක්ක අද තරහ වුණාද? ඇයි බවලතුන්ට දොස් කියන්නේ? (නි)
මොකද සමහරු අද නෝනලා ට බැන ගත්ත ගමන්.? පරණ සිද්ධියක්වත් මතක් වෙලාද ?(දිල්)
බොන රටවිරුවන් නෝනාගේ රියදුරුකමෙන් ප්‍රයෝජන ගැනීමත්, නෝනලා වාහනේ යතුර ඇඟිල්ලේ කරකවමින් ෂොපින් යාමත් සාමාන්‍ය දේවල්ය. (අ)
සුමේධට මේ නෝනාගේ තව වැරදි පෙනේවි අතරමඟදී හොරු ටිකක් මොන ක්‍රමයකින් හරි වාහනය නවත්වා ගත්තා නම් . දරු පවුල අමතක වෙලා ඩෝප් දාගෙන නිදාගත් මහත්තයට තවත් ආවඩන්න සුමේධ (නි).
පද්මිණි, මවගේ දිරිය නම් හොඳයි. වම් අත පැත්තේ කණු වල ඉලක්කම් දිහා බැලුව නම් පුත්තලමට ම යන්න වෙන්නේ නෑ. බිරිඳ ඔය වැඩේ ලොකු කමට කරන නිසා තමයි සැමියා කණ සාක්කුවේ දා ගන්නේ. මව හිත වගේ ම මොලෙ ත් පාවිච්චි කළා නම් සැමිය ගෙ බීම අඩු කරගන්න තිබුණා. (ස)
සුක්කානම කරකවන්න දන ගත්තට මදි. යන්නේ කොහෙද කියල දැනගන්න අකුලන සිතියමක් වාහනේ තියාගන්නෙක ඇඟට ගුණයි. හැම ආගමකම කියල තියෙන්නේ මත්වීමට සහ ප්‍රමාදයට හේතුවෙන පරිද්දෙන් සුරාව සහ මත් ද්‍රව්‍ය ගන්න එපා කියල. අපේ ඇත්තෝ එක මඳ පමණට කියල හදා ගත්තට මඳ පමනට ගත්තහමත් සිහිවිකල් වෙන බව අමතක කරන්න හොඳ නැහැ. හොඳ වෙලාවට පොලිසියෙන් නැවැත්තුවෙ නැත්තේ. එහෙම වුනානම් දික්කසාදයෙන් කෙලවර වෙන්නත් තිබුණ. (ස)
මටත් ඔහොම වෙලා තියෙනවා. පාඩුව මට තමයි (නදී)
මේ මහත්තයට තවත් පාඩමක් ඉගනගන්න තිබුණා.පොලිස් මාමලා වාහනය නතර කළා නම් හෝ අනතුරක් වුනානම්.(දිල්)
සුමේධ, බලන්න කොපමණ දිරිය මවක්ද? පාන්දර 2 ට බිමත් සමියාවත්, දරුවවත් ආරක්ෂා කරගෙන වාහනය අතට ගැනීම. මේවයින් වත් පාඩම් ඉගෙන ගන්නේ නැති හැටි (දිල්)
මෙව්ව කතාද ? මේව රටේ සිද්ධ වෙන සාමාන්‍ය දේවල්නෙ. (ස)